අදින් වසර 275 කට පෙර ප්‍රංශයේදී කරත්තයෙන් ඇරඹුණු ගිලන් රථ සේවය By කතෘ මණ්ඩලය // 2019 සැප් 21 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - 104 ගිලන් රථ නළා හඬ ඇසුණු පමණින් ශිෂ්ට සමාජය මහ මඟ ඉඩ හදාදෙති. ඒ ජීවිතයක වටිනාකමට ගරු කිරීමක් ලෙස ය. ගිලන් රථය ද ආසන්නම ප්‍රතිකාර ඒකකය වෙත හැකි ඉක්මනින් ළඟාවීමට උත්සහ දරන්නේ කලට වේලාවට ප්‍රතිකාර ලබාදී රෝගියාගේ ජීවිතය බේරාගැනීමටය. නූතන ගිලන් රථවල පහසුකම් බොහෝය. දියුණු රටවල ශල්‍යකර්ම කිරීමේ පහසුකම් පවා ගිලන් රථ තුළ සපයා දී ඇත. අතිශය හදිසි අවස්ථාවල ගුවන් ගිලන් රථ සේවයන් ද අද බොහෝ රටවල ප්‍රයෝජනයට ගැනේ. මෙම ගිලන් රථවල ආරම්භය සොයා බැලූ කල, එය වසර 275 වැනි දුරකට යයි මුලින්ම මෙය බිහිවූයේ ගිලන් කරත්ත සේවයක් ලෙස ප්‍රංශයේ ය. දහඅට වැනි සියවස වෙන විට යුරෝපයේ රටවල් අතර මෙන් ම වෙනත් රටවල ද අභ්‍යන්තරයේ ද යුද්ධ එමට විය. මෙම සටන්වලින් බොහෝ දෙනෙකු මියගියහ. මෙම මරණවලට ප්‍රධාන හේතුව වූයේ සටනේ දී ලද බරපතළ තුවාල නොව, එම තුවාලවලට නිසි කලට ප්‍රතිකාර නොලැබීම ය. තුවාලකරුවන් යුදපිටියෙන් ඉවත් කරගැනීම සඳහා සටන නිම වෙනතුරු බලා සිටිය යුතු විය. සටන ද
වල් අලින්ට හිඟාකන්න පුරුදු කරන මිනිස්සු By කතෘ මණ්ඩලය // 2019 සැප් 21 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - 1001 විදෙස් සංචාරකයින් මාර්ගය අයිනේ සිටින වන අලින් දෙස බලා සිටින අයුරු සංචාරකයින් විසින් වන අලින්ට ආහාර ලබාදෙන අයුරු “දඬු වැටට කොට අදින අලි ඇත්තු නසලා පෙරහරට දළ දිගට අලි ඇත්තු සොයන” අරුම පුදුම රටක අලි ගැන කතා බොහොමයකි. මේ කතාවත් අලි ගැන කියැවෙන අලි ප්‍රශ්නයකි. ඉර උදාවත් එක්ක උඩවලව - තණමල්විල ප්‍රධාන මාර්ගයේ විදුලි වැට ආසන්නයට එන අලි ආයේ සවස 6ට පමණ කැලෑ වදිති. මිනිසුන්ටත් වඩා වනජීවී වාහන හොඳින් හඳුනන අලි වනජීවී වාහන එද්දී ඒවා මඟහැර වනාන්තරයට මාරු වෙන්නට කියා දිය යුතු නැත. ඊට පස්සේ ටික වේලාවකින් විදුලි වැට ආසන්නයට එති. හෙමින් හෙමින් පාර අයිනේ ඇති කඩ ළඟ නවතින්නේ දවස ගෙවා ගැනීමට බොහෝ බලාපොරොත්තු ඇතිව විය හැකිය. කඩහිමියන් අලි බලන්න එන සංචාරකයන්ව පොලඹවන්නේ අලින්ට කෑම දීමටයි. ඒ මන්ද යත් එයින් අලි පවුලත් දරු පවුලත් රැකෙන නිසාය. උඩවලව වනෝද්‍යාන සීමාවේ ඇත්තේ අලින්ට පලතුරු දෙන්නම අටවා ගත් වෙළෙඳ සල්ය. එම කඩවල විකිණීමට ඇති පලතුරුවල මිල ගණන් වෙනත