මවු කුස හොත් දිනයේ සිට වියපත් වී අවසන් හුස්‌ම පොද වා තලයට මුහු කරනා දිනය දක්‌වා ම ජීවත් වීමට අවැසි හුස්‌ම පොද ලබා දෙන්නේ සොබාදහමයි. සොබාදහමෙන් ලබා දෙන ජීවී සුසුම් බිඳ ඔක්‌සිජන් ලෙසින් මිනිස් සිරුරට ලබාගෙන කාබන්ඩයොක්‌සයිඩ් ලෙසින් පරිසරයට මුදා හළ පසු ඒ වායුව යළිත් අවශෝෂණය කරගන්නා ගස් කොළන් විසින් පෙරළා වායුගෝලයට ඔක්‌සිජන් පිට කෙරෙන්නේ කෙතරම් නම් මෙහෙවරක් ලෝ තලයේ පැවැත්ම උදෙසා නිහඬව ම නමුත් සක්‍රිය ව ඉටු කරමින් ද?
ජීවයේ උපත සිදු වූ දා සිට මේ දක්‌වා ම අඛණ්‌ඩ ව සිදු වන එකී ක්‍රියාවලියේ අඩු වැඩි වීම මිහිතලයේ සුරක්ෂිත වූ යහපැවැත්මට කෙතරම් නම් බලපෑමක් සිදු කරන්නේ ද යන්න, සමස්‌ත ලෝ වැසියන්ගේ ම අවධානය යොමු කළ යුතු කරුණක් බවට පත් ව ඇත. එදිනෙදා අසන්නට හා දකින්නට ලැබෙන අවාසනාවන්ත වූ සොබාවික විපත්තීන් බොහොමයකට ම මුල් වූ කාරණය වන්නේ සොබාදහම විෂයේ ලා සිදු වන මිනිස් අනිසි ක්‍රියාකාරකම් බව ද මෙහි ලා සිහි කටයුතු ය.
සොබාදහම සංරéණය කිරීමේ විෂයේ ලා මිනිසාගේ සහභාගීත්වය ලබාගැනීමටත්, ඒ පිළිබඳ ව මිනිස් මනසට අවබෝධ කරවීමටත්, මිනිසුන් ලෙස සොබාදහම සංරéණය කිරීමේ ලා විවිධ වූ ක්‍රියාකාරකම් සිදු කිරීමටත් වාර්ෂික ව ඒ ඒ මාසයන්ට අදාළ ව වැදගත් වූ පාරිසරික සංරéණ දින නම් කිරීම ජාත්‍යන්තර වශයෙන් සිදු වේ. ඒ 'සොබාදහම සංරéණය කරමු' යන පණිවිඩය සංකේතවත් කරමින් එක් දිනයක් තුළ ලෝ පුරා ප්‍රජාව ඒකරාශී කරගන්නා අටියෙන් ය. එවැනි වූ පාරිසරික සංරéණ සංකල්ප ලෝ පුරා ගෙන යන දිනවලින් කිහිපයක් ලෙස පෙබරවාරි 02 - ලෝක තෙත්බිම් දිනය, මාර්තු 03 - ලෝක වනජීවී දිනය, මාර්තු 22 - ලෝක ජල දිනය, මැයි 03 - අන්තර්ජාතික පක්ෂි සංක්‍රමණික දිනය, ජූනි 05 - ලෝක පරිසර දිනය, ජූනි 17 - කාන්තාරීකරණය වැළැක්‌වීමේ ජගත් දිනය, අගෝස්‌තු 12 - ලෝක අලි දිනය, ඔක්‌තෝබර් 04 - ලෝක සත්ත්ව දිනය උදාහරණ ලෙස දැක්‌විය හැකි ය. සොබාවික පරිසර සංරéණ විෂයේ ලා පුරෝගාමී මෙහෙවරක නිරත ව සිටින වගකිව යුතු රාජ්‍ය ආයතන එවැනි දිනයන්ට සමගාමී ව විවිධ වැඩසටහන් දියත් කරයි. රටක් ලෙස මෙවැනි දිනයන් ආදාළ රාජ්‍ය අනුග්‍රහය මත සමරන අතරේ, රටේ පුරවැසියන් ලෙස ඒ සඳහා ස්‌වකීය දායකත්වය ලබා දීමට පෙලඹීම ඔබ සතු යුතුකමක් බව සඳහන් කළ යුතු ම ය.
වනජීවී සංරéණ දෙපාර්තමේන්තුව තම විෂය පථය හා සෘජු ව ම බැඳුණා වූ පාරිසරික සැමරුම් සඳහා එක් වෙමින් ස්‌වකීය සක්‍රිය දායකත්වය ලබා දෙමින් විවිධ වැඩසටහන්, වැඩමුළු ආදිය සංවිධානය කිරීම සිදු කරයි. වනජීවී සංරéණ දෙපාර්තමේන්තුව ශ්‍රී ලාංකේය වනජීවී සංරéණය උදෙසා කැප වූ වසර 70කට ආසන්න වූ කාලසීමාව තුළ ජාත්‍යන්තරය හා සම්බන්ධ වෙමින් වනජීවී සංරéණය උදෙසා නිහඬව ම සිදු කරනා මෙහෙය සැබැවින් ම ප්‍රශංසනීය වේ.
අද දවසේ විදුසර විශේෂ විමසුම ඔස්‌සේ මෙසේ දිගහැරෙන්නේ ලෝක වනජීවී දිනය තේමා කරගෙන ප්‍රකාශයට පත් වූ සුවිශේෂී සත්ත්වයන් පස් දෙනකු පිළිබඳ වැදගත් කරුණු කිහිපයකි. එම විස්‌තරය වැදගත් වන්නේ ශ්‍රී ලංකාවේ වාසය කරන ජීවීන් අතරින් වඳ වීමේ තර්ජනයට මුහුණ පා සිටින ජීවී විශේෂ ලෙසින් මේ ජීවී විශේෂ පහ හඳුනාගෙන ඇති බැවින් ය. මේ පිළිබඳ ව රටේ ජනතාවගේ අවධානය යොමු කිරීමේ කාර්යය ආරම්භ වූයේ 2016 වසරේ මාර්තු 03 වැනි දිනට යෙදුණු ලෝක වනජීවී දිනයට සමගාමී ව ය. එම වසරේ වනජීවී දින තේමාව 'වනජීවීන්ගේ ජීවිතය අපේ අතේ' යනුවෙන් නම් කිරීමට යෙදුණු පසුබිමක් තුළ මේ ජීවීන් සංරéණය කෙරෙහි ප්‍රජාවගේ අවධානය යොමු කරවාගනිමින් අවට පරිසරයේ නිවැසි සතුන් සේ කල් යවනා මේ සත්ත්වයන්ගේ ඇති පාරිසරික මෙහෙය ගැන දැඩි ලෙස අවධානය යොමු කළ යුතු ව ඇත. විවිධ වූ අනිසි මිනිස් ක්‍රියාකාරකම් නිසාවෙන් ශ්‍රී ලංකාව තුළ ජීවත් වන ජීවී විශේෂ බොහොමයක් තර්ජනයට මුහුණ දෙමින් සිටිනා පසුබිමක නියත ලෙස ම තර්ජනයට පත් ව ඇති බවට හඳුනාගෙන ඇති සත්ත්ව විශේෂ 05 වන රතු උණහපුළුවා (Red Slender Loris), කළු වඳුරා (Purple Face Leaf Monkey), කබැල්ලෑවා (Pangolin), අශෝක පෙතියා (Ashoka Pethiya) සහ ගේ කුරුල්ලා (House Sparrow) ගැන හඳුනාගැනීම, ඔවුන් සංරéණයේ ලා මූලික ව ම අවැසි පසුබිම සකස් කරගැනීමට ඉවහල් වේ. මේ ඒ සඳහා තබන පළමු පියවරයි.
රතු උණහපුළුවා
* ඉංග්‍රීසී නම - Red Slender Loris
* විද්‍යාත්මක නම - Loris tardigradus
* අයත් කුලය - LORISIDAE
ශ්‍රී ලංකාව තුළ වාර්තා වන වානර පවුලට අයත් නිශාචර ගතිපැවතුම් සහිත සත්ත්ව විශේෂය ලෙස උණහපුළුවන් හැඳින්විය හැකි ය. දිනයේ උදැසන සහ දහවල් සමයේ අලස ලෙස නිදියගැනීම ජන්ම පුරුද්දක් කරගත් උණහපුළුවා රාත්‍රී කාලයේ දී සක්‍රිය බවට පත් වේ. එවිට අලස බව පරයා සැඟවගත් කඩිසර ගති ස්‌වභාවය ඉස්‌මතු කරගනිමින් රාත්‍රිය පුරාවට වනපෙත් තුළ සංචාරය කරන මේ සත්ත්වයන් දක්ෂ දඩයක්‌කාරයන් සේ ප්‍රකට ය. මොවුන් අතීතයේ දී අපේ රට පුරා සුලබ ව හමු වුවත් වර්තමානය වන විට දී දුර්ලභ සත්ත්ව කොටසක් බවට පත් වී ඇත්තේ ද මිනිසාගේ ම වරදිනි. ශ්‍රී ලංකා රතු උණහපුළුවා සහ අළු උණහපුළුවා ලෙස හඳුනාගැනීමේ පහසුව සඳහා නාම ගන්වා ඇති අප රට තුළ වාසය කරන උණහපුළුවන් පැහැදිලි ලෙස ඔවුන් ජීවත් වන තෙත් සහ වියළි කලාපය තුළ දී විද්‍යාත්මක ව උප විශේෂ හතරක් ලෙසට වර්ග කර දැක්‌විය හැකි ය.
ශ්‍රී ලංකා රතු උණහපුළු විශේෂයට අයත් උප විශේෂ දෙක වන්නේ Loris tardigradus tardigradus සහ Loris tardigradusnycticeboides ය. එසේ ම අළු උණහපුළු විශේෂයට අයත් උප විශේෂ දෙක වන්නේ ඛදරසි කහාeනනැරස්‌බමි බදරාසජමි සහ ඛදරසි කහාeනනැරස්‌බමි ටර්බාසි ය. අප රට තුළ වාර්තා වන උණහපුළුවන් විශේෂ 02 අතරින් තෙත් කලාපය තුළ වාසය කරන රතු උණහපුළුවා ආවේණික වේ. එසේ ම වැඩි ලෙස තර්ජිත තත්ත්වයට පත් ව සිටින්නේ ද මේ උණහපුළු විශේෂයට අයත් සාමාජිකයන් ය.
රතු උණහපුළුවාගේ උප විශේෂ දෙකෙන් Loris tardigradus nycticeboides වාර්තා වන්නේ මුහුදු මට්‌ටමේ සිට මීටර් 1,600 - 2,100 උසකින් පිහිටි කඳුකර පෙදෙස් ආශ්‍රිත ව ය. ඔහුගේ පෘෂ්ඨීය පෙදෙස තද දුඹුරු සහ උදරීය පෙදෙස ළා දුඹුරු පැහැති වේ. පහතරට තෙත් සදාහරිත වනාන්තර, මධ්‍ය කඳුකර වනාන්තර, මීටර් 1,400 දක්‌වා උසැති තෙත්, මිශ්‍ර සදාහරිත වනාන්තර ඇසුරේ වාර්තා වන්නේ පෘෂ්ඨීය පෙදෙස රතට හුරු දුඹුරු සහ උදරීය පෙදෙස ළා කහ පැහැයක් ගන්නා Loris tardigradus tardigradus ය.
උණහපුළුවාගේ ආහාර අතරට කුඩා කෘමීන්, කුඩා ප්‍රමාණයේ කොඳු ඇට පෙළ සහිත සත්ත්වයන්, කුරුලු බිත්තර, පලතුරු, මල් ආදි දේ අයත් වේ. දිවා කාලයේ දී ගස් අතු පතරේ අඳුරු තැනකට වැදී සැඟව නිදයි. රාත්‍රි කාලයේ දී ක්‍රියාශීලී ය. උණහපුළුවාගේ ඇස්, බකමූණු ඇස් මෙන් ම වටකුරු ය. දීප්තිමත් ය, විශාල ය. පැරැණි සිංහල ගැමියන්ගේ මිථ්‍යා විශ්වාසයන්ට අනුව උණහපුළුවාගේ කඳුළු එකතු කර, මතුරා කෙම් ක්‍රමයකට අනුව බෙහෙත් තනා, ඒ බෙහෙත තමන්ගේ ඇස්‌වල ආලේප කරගැනීමෙන් පෙනීමේ තීව්‍රතාවක් ඇති වෙතැයි මතයක් ද ගොඩනැඟී තිබේ. මෙවැනි මිථ්‍යාවන් පසුපස දිව යන මිනිසුන් අහිංසක සත්ත්ව ජීවිත වෙත සිදු කරන අයුතු බලපෑම සැබැවින් ම ශෝචනීය වූ ඉරණමක් වෙත සත්ත්ව ජීවිත තල්ලු කර දමයි. අවසන දුර්ලභ සතුන් මිහිමතින් තුරන් ව යන්නේ කාටත් හොර රහසේ ම ය.
උණහපුළුවා වඳ වීමේ තර්ජනයට මුහුණ පා සිටිනා ක්ෂිරපායි සත්ත්වයෙකි. එබැවින් අප රට තුළ වාසය කරන දුර්ලභ සත්ත්ව විශේෂයක් සේ නම් කළ හැකි ය. එනිසාවෙන් වනජීවී සංරéණ දෙපාර්තමේන්තුව, වනසත්ත්ව හා වෘéලතා ආරéක ආඥ පනත මඟින් උණහපුළුවා දැඩි ලෙස ආරක්ෂිත සත්ත්වයකු ලෙස නම් කිරීමට පියවර ගෙන ඇත. එබැවින් උණහපුළුවකු සුරතලයට හෝ ළඟ තබාගැනීම, ප්‍රදර්ශනය කිරීම, විකිණීම, මැරීම, ශරීර කොටසක් හෝ ළඟ තබාගෙන සිටීම ආදි කුමන කාර්යයක හෝ නියෑළීම දඬුවම් ලැබිය හැකි වරදක් බව තරයේ ම සිහි තබාගත යුතු ය.
කබල්ලෑවා
* ඉංග්‍රීසී නම - Pangolin
* විද්‍යාත්මක නම - Manis crassicaudata
* අයත් කුලය - MANIDAE
සිරුරේ වැඩි පාර්ශ්වයක් විශාල කොරොස් ශල්ක ආවරණයකින් වැසි පවතී. එම ශල්ක ආවරණයේ ඇති කහ පාටට හුරු දුඹුරු පාට හේතුවෙන් මේ සත්ත්වයන් වර්ණවත්ව දැක ගත හැකි ය. හිසේ ඉහළ කොටසේ සිට කදේ උඩු පැත්ත හරහා ගාත්වල පිට පැත්ත ද ආවරණය කරමින් වල්ගය කෙළවර දක්‌වා ම විසිරී ඇත. ආවරණයන් රහිත හිසේ යටි පදෙස අනතුරක් දැනුණු වහා ම ආවරණය කරගනුයේ බෝලයක් හා සමැව වකුටු වෙමිනි. එවිට ශක්‌තිමත් කොරොස් ශල්ක ආවරණය ආරක්ෂිත පළිහක් මෙන් ක්‍රියා කරමින් කබල්ලෑවා වෙනත් සත්ත්වයන් ගෙන් සිදු විය හැකි අනතුරුවලින් ආරක්ෂා කරයි. කෘමි භéක ක්ෂිරපායි සත්ත්ව විශේෂයක් වන කබල්ලෑවා වේයන් සහ වේයන්ගේ බිත්තර 'උරා බීමට' වැඩි රුචි බවක් දක්‌වයි. සිරුරට සාපේéව කුඩා හිස බටයක් සේ පිහිටීමත්, මුවින් පිටතට අඩියක් පමණ දිගු කළ හැකි දිවත් ඒ සඳහා ම වූ ශාරීරික අනුවර්තනයන් වේ. හිසේ සහ බෙල්ලෙහි දෙපසට වන්නට පිහිටා ඇති ග්‍රන්ථි මඟින් ඇලෙනසුලු ශ්‍රාවයක් නිකුත් වන්නේ ද වේයන් වැනි කෘමි සතුන් දිව උපයෝගි කරගෙන ගොදුරු කරගැනීමේ පහසුව සඳහා ය. ගැහැනු සත්ත්වයා වරෙක දී එක් පැටවකු බිහි කරයි. පැටවුන් මුල් අවධියේ මවගේ කිරි උරා බොමින් වර්ධනය වන අතර රාත්‍රි කාලයේ දී ආහාර සොයා කරනා සංචාරයන් සඳහා මවගේ වල්ගයේ එල්ලී සහභාගි වේ. එවැනි ගමන් අතරතුර දී බාහිර සත්ත්වයකු ගෙන් අනතුරක් සිදු වීමට ආසන්න බව හැ`ගුණු සැණින් කබල්ලෑ මව වහා තම වල්ගය හා බෙල්ල නවාගනිමින් කොරොස් ශල්ක ආවරණය තුළට වදින අතරේ වල්ගයේ එල්ලී සිටි පැටවා මවගේ බෙල්ලේ පිහිටා ඇති පැසක් වැනි පිහිටීම තුළට වැ දී ආරක්ෂාව සලසාගනී. කැළෑබද ගම්මාන ඇසුරේ ඉඳහිට වාර්තා වන අතර එවැනි අවස්‌ථාවන්හි දී බොහෝ විට මිනිස් අතවරයන්ට ලක් වේ. ඇතැමෙක් කබල්ලෑවුන් මරා මස් ආහාරයට ගනිති. කබල්ලෑ පොතුවල යම් වාජීකරණ ඔසු ගුණයක් ඇතැයි සිතා බෙහෙත් වර්ග තැනීමේ දී සංයෝග ලෙස යොදාගැනෙයි. නිශාචර ගති පැවතුම් සහිත කබල්ලෑවන් ඉතා දුර්ලභ සත්ත්ව ඛාණ්‌ඩයක් බව සඳහන් කළ හැකි ය. වන සත්ත්ව හා වෘéලතා ආරéක ආඥ පනතට අනුව කබල්ලෑවා දැඩි ලෙස ආරක්ෂිත ක්ෂිරපායි සත්ත්වයකු ලෙස ලැයිස්‌තුගත කර ඇත.
ගේ කුරුල්ලා
* ඉංග්‍රීසී නම - House Sparrow
* විද්‍යාත්මක නම - Passer domesticus
* අයත් කුලය - PASSERIDAE
ලොව පුරා ගේ කුරුල්ලාගේ ව්‍යාප්තිය සලකා බැලීමේ දී යුරෝපය, ආසියාව, උතුරු අප්‍රිකාව, ඇමෙරිකාව, ඕස්‌ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව ආශ්‍රිත ව වාර්තා වන කුරුල්ලකු සේ ප්‍රකට ය. ප්‍රධාන වශයෙන් ධාන්‍යමය ආහාර මත යෑපෙන මේ පක්ෂින් කුඩා කෘමි විශේෂයන් බුක්‌ති වි`දිනු ද නිරීéණය කළ හැකි ය. කෘෂි බෝග වගාවන් සඳහා යොදාගන්නා කෘෂි රසායන සහ කෘමි රසායන භාවිතය හේතුවෙන් ගේ කුරුල්ලන්ගේ ආහාර රටාවට බාධා එල්ල වන්නේ ඔවුන්ගේ ප්‍රධාන ආහාර වන ධාන්‍ය මත යෑපීමේ පුරුද්ද නිසාවෙනි. මේ තත්ත්වය කුරුල්ලන්ගේ යහපැවැත්මට ද තර්ජනයකි.
කුරුල්ලා සහ කිරිල්ලිය වෙන් කර හඳුනාගැනීම පහසු ය. හිසේ අළු පැහැති කිරුළක් බඳු ව වර්ණ ගැන්වී ඇති කුරුල්ලා පැහැපත් වත්, කිරිල්ලිය පැහැයෙහි අඩුවකිනුත් නිරීéණය කළ හැකි ය. වසර පුරා අභිජනනය කිරීමේ හැකියාව ඇති මේ කුඩා විහ`ගුන් කැදැල්ල තැනීමේ අමුද්‍රව්‍ය ලෙස යොදාගන්නේ වියළි තණකොළ ය. කැදැල්ල බිත්තියක කුහරයක, එල්ලා ඇති මුට්‌ටියක, පෙට්‌ටියක, ප`දුරක හෝ ගසක වුව ද තැනීමට පෙලඹේ. වරෙක දී බිත්තර 04 - 05ත් අතර සංඛ්‍යාවක් දමයි. පැටවුන් බිත්තරයෙන් ඉපිද පරිණත වන තෙක් අවැසි රැකවරණය මා පිය දෙපාර්ශ්වයෙන් ම ලැබෙයි. එහි ලා වැඩි දායකත්වයක් ලබා දෙන්නේ පිරිමි පක්ෂියා ය. කිරිල්ලිය දෙවැනි බිජු ලෑම සඳහා අවැසි ශක්‌තිය ප්‍රතිපූර්ණය වෙනුවෙන් මේ කාලය භාවිතයට ගනියි.
කලකට පෙර ශ්‍රී ලංකාව පුරා නගරබදව වාසය කළ පුළුල් ව්‍යාප්තියක් සහිත කඩිසර කුඩා විහ`ගකු සේ ප්‍රකට වූ ගේ කුරුල්ලා වර්තමානය වන විට දී ගම්බද ගෙවතු ඇසුරේ දුර්ලභ ව්‍යාප්තියක් පෙන්වමින් සිටියි. මේ පක්ෂින්ගේ පැවැත්මට තර්ජනයක් වන ආකාරයේ අනිසි වූ මිනිස් ක්‍රියාකාරකම් ගේ කුරුල්ලන්ගේ ව්‍යාප්තිය හීන වීමට බොහෝ සේ හේතු වී ඇත.
අශෝක පෙතියා /
රන් මානිස්‌සා
* ඉංග්‍රීසී නම - Asoka Barb
* විද්‍යාත්මක නම -Systomus asoka
* අයත් කුලය - CYPRINIDAE
අපේ රට තුළ පමණක් ජීවත් වන අලංකාර මිරිදිය මත්ස්‍යයෙකි. සිරුර පුරා දිව යන රන්වන් රිදී පැහැය සහ වල්ගයේ වරල් කෙළවර රත්පැහැය නිසාවෙන් මේ මත්ස්‍යයාට සුන්දරත්වයක් එක් වී ඇත. මේ මත්ස්‍යයන් කිතුල්ගල ගිරන්කිතන් ඔයෙන් සහ දැරණියගල ප්‍රදේශයේ ජලාශ්‍රිත ස්‌ථාන කිහිපයකින් පමණක් වාර්තා වේ. එබඳු ස්‌ථාන ආශ්‍රිත ව සෙමෙන් ගලා බසින මීටර් 02 - 03ක් පමණ ගැඹුරකින් යුක්‌ත සීතල ජලයේ වාසයට කුඩා මසුන් ප්‍රියතාවක් දක්‌වන අතර පරිණත වූ මසුන් ගැවසෙන්නේ ගැඹුරු කළු ගල් සහිත ස්‌ථාන ඇසුරේ ය. ඒ අතරේ පරිණත වූ ගැහැනු මසුන් සහ තරමක් වැඩුණු මසුන් ගං ඉවුරු අද්දර ජලජ ශාක අතරේ රැළ සැදී පිහිනනු නිරීéණය කළ හැකි ය.
මේ මසුන්ගේ වාස භූමි වෙත එල්ල වන බලපෑම් අතරට කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතය, වැලි සහ මැණික් ගැරීම, ගංගා පිටාර ගලා රොන් මඩ තැන්පත් වීම, වන විනාශය නිසා පස සෝදා පාලුවට ලක් වෙමින් ජල ප්‍රභවයන් වෙත රොන් මඩ ගලා ඒම, ගංගා අද්දර ආගන්තුක ශාක ව්‍යාප්ත වීම, ගංගා හරස් කරමින් අමුණු සහ වේලි ඉදි කිරීම සහ විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සඳහා යොදාගැනීම ද ඇතුළත් ය. වර්තමානය වන විට දී දැඩි ලෙස වඳ වී යැමේ තර්ජනයට මුහුණ දී සිටිනා මත්ස්‍ය විශේෂයකි. වනසත්ත්ව හා වෘéලතා ආරéක ආඥ පනතට අනුව අශෝක පෙතියා දැඩි ලෙස ආරක්ෂිත මත්ස්‍යයකු ලෙස ලැයිස්‌තුගත කර ඇත.
බටහිර දම් මුහුණැති කළු වඳුරා
* ඉංග්‍රීසි නම - Western Purple - FacedLangur
* විද්‍යාත්මක නම -Spithecus vetules nestor
* අයත් කුලය - CERCOPITHECIDAE
ශ්‍රී ලංකාවට ආවේණික ව`දුරු විශේෂයකි. පොදුවේ ගත් කල වඳ වීමේ තර්ජනයට මුහුණ පා සිටිනා සත්ත්ව විශේෂයක් ලෙසින් ද කළු ව`දුරා හැදින්විය හැකි ය. පුෂ්ටිමත් දේහධාරී මේ සත්ත්වයන් කළු වර්ණයේ සිට අළුවන් දුඹුරු වර්ණය අතරේ වූ පැහැ අවධීන් ගෙන් නිරීéණය කළ හැකි ය. රැළ සැදී වාසයට ප්‍රිය ය. රංචුවේ නායකත්වය වැඩුණු පිරිමි සත්ත්වයෙක් දරයි. එම රැළේ වැ`දිරියන්ගේ අයිතිය සහ අනාගත ව`දුරු පරම්පරාවේ ජාන අයිතිය මේ නායක ව`දුරා සතු වේ. සෙසු පිරිමි ව`දුරන්ට ඒ සඳහා අයිතියක් හිමි නො වන්නේ නායකත්වයට අභියෝගයක් එල්ල නො වන තුරු පමණි. උස් හ`ඩින් කෑගසමින් ඔවුනොවුන් අතර විවිධ අදහස් හුවමාරු කරගනිති. ඒ අතර සතුරකුගේ ආගමනය ගැන රංචුවේ සෙස්‌සන්ට හැ`ගවීම, විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය කරගැනීම, වාසස්‌ථාන සෙසු ව`දුරු කණ්‌ඩායම්වලින් ආරක්ෂා කරගැනීම සහ තම රැළට අයත් වසම ගැන සැළ කර සිටීම ආදි වූ කාර්යයන් සඳහා ගැඹුරු හ`ඩින් ගස් මුදුන් මත හිඳ කෑගසයි. ප්‍රධාන ලෙසින් ම ශාක පත්‍ර මත යෑපෙන මොවුන් පලතුරු, මල්, ඇට වර්ග සහ කුඩා කෘමි සතුන් ද ආහාර කොටගනියි. ශාක පත්‍ර ප්‍රධාන ආහාරය වන බැවින් ඒවා කුස තුළ දී දිරවීමේ කාර්යය පහසු කරනු වස් ආහාර මාර්ගයේ ජීර්ණයට හිතකර වූ බැක්‌ටීරියා වර්ගයක් වාසය කරයි.
රුක්‌වාසී මේ සත්ත්වයා ගසක ලැග සිටින විට දී වලිගය පොළොවට ආනත වන ආකාරයට තබාගනී. වලිගයේ දිග ප්‍රමාණ ශ්‍රී ලංකාව තුළ වාර්තා වන කළු ව`දුරාගේ උප විශේෂයන්ට අනුව වෙනස් වීම ද මේ සත්ත්වයන්ගේ කැපී පෙනෙන ලéණයකි.
ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන උප විශේෂ 04ක් නිරීéණය කළ හැකි ය. ඒ, කළු ග`ගට දකුණින් වූ තෙත් කලාපයේ වාර්තා වන Semnopithecus vetulusvetulus, කළු ග`ගට උතුරින් වූ පහතරට බස්‌නාහිර කලාපයේ වාර්තා වන Semnopithecus vetulus nestor, උතුරුමැද පළාත හා ඒ ආශ්‍රිත ව වාර්තා වන Semnopithecus vetulus philbricki සහ මුහුදු මට්‌ටමේ සිට මීටර් 1200 ත් 2200ත් අතරේ වාසය කරන Semnopithecus vetulus monticola අමතරව උප විශේෂයක් ලෙස නම් කළ යුතු බවට යෝජනා මට්‌ටමේ පසු වන දෙනියාය සහ ලංකාගම ඇසුරේ වාර්තා වන Semnopithecusvetulus harti උප විශේෂයත් ශ්‍රී ලංකාව තුළ වාසය කරයි. මේ උප විශේෂ අතරින් බටහිර දම් මුහුණැති කළු වදුරා වාසය කරන නාගරික පාරිසරික තත්ත්වය නිසාවෙන් තර්ජනයට ලක් වූ ජීවී විශේෂයක් ලෙසින් නම් කර ඇත.
ශ්‍රී ලංකාවේ බටහිර පහතරට ප්‍රදේශයේ පමණක් වාර්තා වන Semnopithecus vetulus nestor උප විශේෂයට අයත් සත්ත්වයන්ගේ මුහුණු දම් පැහැයට හුරු කළු පැහැයකි. කන්වල ඉහළ කොටස නිරාවරණය වන පරිදි මුහුණ වටා දිගු සුදු රැවුලක් පිහිටා ඇත. සිරුර කළු - අළු මුසු ව වර්ණ ගැන්වී ඇත. රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ බටහිර පාර්ශ්වය, කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ එක් පාර්ශ්වයක, කුරූණෑගල දිස්‌ත්‍රික්‌කයේ දකුණු මායිම, කොළඹ සහ ගම්පහ දිස්‌ත්‍රික්‌ක තුළ ව්‍යාප්ත ව සිටියි. ලබුගම, කලටුවාව, ඉංගිරිය, මීතිරිගල ප්‍රකට ගැවසුම් බිම් වේ. ශාකමය ආහාර මත යෑපීමට ප්‍රිය ය. ඒ කෙතෙක් ද යත් ශාකමය ආහාර විශේෂ 140කට ආසන්න ප්‍රමාණයක විහිදී යන ආකාරයේ ආහාර පුරුදු සහිත ය. කණ්‌ඩායම් ලෙස හැසිරේ. වැඩිහිටි පිරිමි සත්ත්වයකු, වැඩිහිටි ගැහැනු සත්ත්වයන් සහ පැටවුන් ගෙන් මේ කණ්‌ඩායම සමන්විත ය. රැළක සාමාජිකයන් 03 - 21 අතර සංඛ්‍යාවක් සිටිය හැකි ය. ආයු කාලය වසර 25කට ආසන්න වේ. පැවැත්ම සඳහා එල්ල වන බාධාවන් අතරට වාසස්‌ථාන අහිමි වීම, වාසස්‌ථාන අතර වන තීරු ඛණ්‌ඩණය වීම, ගෙවතු ඇසුරේ දී වායු රයිµල් පහරදීම්වලට ලක් වීම, මස් පිණිස දඩයම් කිරීම, විදුලි සැර වැදීම්, සුනඛ පහර දීම් ඇතුළත් ය.
ඉහත සඳහන් කළ සියලු සත්ත්ව විශේෂ මේ වන විට තර්ජනයට ලක් වූ ජීවී විශේෂයන් බවට පත් ව සිටින්නේ ඔවුන් ඉතා ම දුර්ලභ සත්ත්ව විශේෂයන් බවට පත් ව ඇති නිසාවෙනි. මන්ද යත් දුර්ලභ වූ තරමට එහි යම් විශේෂත්ත්වයක් ඇතැයි ඇතැම්හු උපකල්පනය කරති. එබැවින් අසීමිත වූ අගයක් අනවශ්‍ය පරිද්දෙන් උලුප්පමින් මිනිස් සිත එවැනි විෂයන් සම්බන්ධයෙන් ආකර්ෂණය කරගැනීමට උත්සාහ කරති.
දුර්ලභ වූ තරමට එහි අගය මුදලින් ලංසු තැබෙයි. මේ තත්ත්වය සතකු, ගහක්, පැළෑටියක් පිළිබඳව නම් ඉනික්‌බිති සිදු වන්නේ ශාක හා සත්ත්ව සංහාරයකි. අවසන එකී ශාකය හෝ සත්ත්වයා හෝ සොබාදහමින් තුරන් ව යන පසුබිමක් නිසගයෙන් ම නිර්මාණය වේ.
මේ ලිපිය සඳහා වස්‌තු විෂය වූ සත්ත්ව විශේෂ පහ අදින් වසර 25 - 30කට පමණ ඉහත දී නිදහස් පාරිසරික වටපිටාවක් තුළ සොබාහුරුතාවෙන් නිරීéණය කිරීමේ හැකියාව තිබූ බව සිහිපත් කළ යුතු ව ඇත. ඊට හොඳ ම නිදසුන වන්නේ ගේ කුරුල්ලා ය. වර්තමානය වන විට නාගරික පාරිසරික වටපිටාවන් ගෙන් තුරන් ව ගිය පක්ෂියකු ලෙස මේ සත්ත්වයා නම් කළ ද එහි සදොස් බවක් නැත. ඒ තරමට ම සුලබ නිවැසි විශේෂයක් ලෙසින් ජීවත් වූ මේ පක්ෂියා මේ වන විට දී අප රට තුළින් තුරන් ව යන තත්ත්වයට මුහුණ දී සිටියි. එය කණගාටුදායක තත්ත්වයකි. බොහෝ පෙදෙස් ඇසුරේ මේ සත්ත්වයන්ගේ පැවැත්මට ඇති තර්ජන හඳුනාගනිමින්, ඒ සඳහා පිළියම් යොදමින්, ඔවුනට සිරිලක් භූමිය තුළ නිදහසේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරලමින් අප රට සතු සොබාදහමේ සුවදායි අනාගතය උදෙසා සංරéණ ක්‍රියාවලිය අණ€ඩව පවත්වාගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතු ව ඇත.
Comments
Post a Comment