Skip to main content

වකුගඩු පිළිකා වර්ග 10යි - ඒවා හැදෙන්නේ මේ වගේ අයටයි

weda1ප‍්‍රශ්නය - වකුගඩු පිළිකාවක රෝග ලක්‍ෂණ මොනවාද?
 
 වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - අධික මහන්සිය, ශරීරයේ බර අඩුවීම, නිරන්තරයෙන් හට ගන්නා කොන්දේ වේදනාව, කොන්දේ පහළ කොටසේ ඇතිවන ගෙඩියක් හෝ මාංශමය වර්ධනයක්. මුත‍්‍රා සමඟ රුධිරය පහවීම, රක්ත හීනතාව සහ සිරුරෙහි රතු රුධිරාණු අඩුවීම, නිතර නිතර උණ හටගැනීම තමයි මෙහි මූලික රෝග ලක්‍ෂණ. මේ ලක්‍ෂණවලින් කිහිපයක්ම සෙසු පිළිකාවන්ටත් පොදුයි.
 
 ප‍්‍රශ්නය - වකුගඩුවල හටගන්නා පිළිකා නොවන කෝෂ්ඨ ගැන ඔබ සඳහන් කළා. ඒවායින් හානියක් වෙන්නේ නැද්ද?
 
 වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - හානියක් නොවනවා නොවෙයි. මෙවැනි සමහර කෝෂ්ඨ මගින් වකුගඩු ක‍්‍රියාකාරීත්වය අඩාල වනවා.
 
 ප‍්‍රශ්නය - මෙය වේදනාකාරීද?
 
 වෛද්‍ය වික‍්‍රමාරච්චි - සමහර වකුගඩු කෝෂ්ඨවලට ප‍්‍රතිකාර කළ යුතු නැහැ. ඒ වගේම ඒවා වේදනාකාරීත් නැහැ. සමහර වකුගඩු කෝෂ්ඨ ක‍්‍රමයෙන් විශාල වී වේදනාව ඇති කරන මට්ටමට එනවා. එවිට ඒවා ආසාදනය වී රෝගියාට උණ ගැනී, උදරයේ උඩ කොටස වේදනා ගෙන දෙන්නට පටන් ගන්නවා.
 
weda2 ප‍්‍රශ්නය - වකුගඩු පිළිකා මගින් රෝගියා මියයනවද?
 
 වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - මුල් අවධියේදි වකුගඩු පිළිකාව මාරාන්තික නැහැ. එහෙත් පිළිකාව මුහුකුරා ගොස් තිබුණොත් තත්ත්වය නරක අතට හැරෙනවා. හුඟක් වෙලාවට වකුගඩු පිළිකාවක් හඳුනාගැනීමට ලැබෙන්නේ එය මුහුකුරා ගිහින් සමහර විට සිරුරේ ඇතැම් ප‍්‍රදේශවලට පැතිර ගියාටත් පසුවයි. අන්න එතැනදී ප‍්‍රශ්නයක් හටගන්නවා.
 
 ප‍්‍රශ්නය - වකුගඩු රෝග හටගන්නේ කවර වයස් සීමාවල පසුවන අයටද?
 
 වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - සාමාන්‍යයෙන් වකුගඩු පිළිකා හටගන්නේ වයස අවුරුදු 64 ඉක්ම වූ අයටයි. අවුරුදු 45 ට අඩු අයට මෙය හට ගැනීම ඉතාම දුර්ලභයි.
 
 මෙහිදී වකුගඩුව ගැන නැවත වතාවක් මතක් කර දිය යුතුයි. වකුගඩු යුගලයේ ප‍්‍රමාණයේ මිට මෙල වූ සාමාන්‍ය ප‍්‍රමාණයේ අතක් හා සමානයි. රතු පැහැයට හුරු දුඹුරු පැහැයකින් යුතු මේ ඉන්ද්‍රි ය ඉතාම පහළින් කොඳු ඇට පෙළ දෙපස පිහිටා තිබෙනවා. වකුගඩු පිළිකාවකදී පාලනයෙන් තොරව වර්ධනය වීමට පටන් ගන්නා වකුගඩු ෙසෙල පසුව අර්බුද නමැති ගෙඩි වර්ගය බවට පත්වෙනවා. රුධිරයේ තිබෙන අතිරික්ත ජලය, අපිරිසිදු කොටස්, ප‍්‍රමාණය ඉක්මවා ගිය ඛනිජ වර්ග පෙරා පිරිසිදු රුධිරය ශරීරයට එකතු කිරීම තමයි වකුගඩුවල කාර්යය. ශරීරයට අත්‍යවශ්‍ය හෝමෝන නිෂ්පාදනයට මෙන්ම රතු රුධිරාණු නිෂ්පාදනයටත්
 
 වකුගඩු දායක වෙනවා. අපට වකුගඩු දෙකක් තිබුණට මනුෂ්‍ය ශරීරයේ පැවැත්මට එක වකුගඩුවකිනුත් කොටසක් තිබුණාම ප‍්‍රමාණවත්. වකුගඩු නරක් වෙනවා කියන්නේ ඒ කුඩා කොටසක් ඉතිරි කොටස් සියල්ලත් විනාශ වූ විටයි.
 
 ප‍්‍රශ්නය - වකුගඩු පිළිකා වර්ග කීයක් තිබෙනවාද?
 
 වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - Renal Cell Carcද්‍යnoma තමයි ඉතාම වැඩි වශයෙන් පැතිර තිබෙන වකුගඩු පිළිකා වර්ගය. මාරාන්තික වකුගඩු පිළිකාවෙන් 90% ක්ම අයත් වන්නේ මෙයටයි. මේ පිළිකාව තවත් උප කොටස් පහකට බෙදිය හැකියි. ඒ ගැන විස්තර කිරීම වෛද්‍ය ශිෂ්‍යන්ට මිස පාඨකයන්ට ප‍්‍රයෝජනවත් නැත.
 
 ප‍්‍රශ්නය - වකුගඩු පිළිකාව හැදෙන්නේ කවර හේතු නිසාද?
 
 වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - එයට වඩා හොඳයි ඔබ මගෙන් අහනවා නම් වකුගඩු රෝග හටගන්නේ කොයි වගේ අයටද කියලා.
 
 1. දුම්වැටි උරණ අයට මේ රෝගය වැළඳෙනවා.
 
 2. ගැහැනුන්ට වඩා පිරිමින්ට මෙය වැළඳීමේ ප‍්‍රවණතාව වැඩි වී සාමාන්‍ය වශයෙන් ගත් කල හතරදෙනකුට මේ වකුගඩු පිළිකාව හැදෙනවා නම් එයින් තුනක්ම පිරිමි.
 
 3. අවුරුදු 50 - 70 වයස් සීමාව අතර සිටින අයට මෙය වැළඳෙනවා.
 
 4. අධික තෙල් සහිත ආහාර ගන්නා අයට වකුගඩු පිළිකාව හැදෙන බව සොයාගෙන තිබෙනවා. එමෙන්ම ස්ථුලභාවයෙන් වැඩි අයටත් මෙය වැළඳෙනවා.
 
 5. අධික රුධිර පීඩනය තිබෙන පිරිමින්ට වකුගඩු පිළිකා සෑදීමේ ප‍්‍රවණතාව වැඩි වේ.
 
 6. පමණ ඉක්මවා නිර්වින්දන පෙති සහ වේදනා නාශක පෙති ගන්නා අයට වකුගඩු පිළිකාව වැළඳීමට ඉඩ තිබෙනවා.
 
 7. රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වන අයට වකුගඩු පිළිකාව වැළඳීමේ ප‍්‍රවණතාව ඉතාම ඉහළයි. විශේෂයෙන් කැඞ්මියම් ලෝහයට නිරාවරණය වන අයට මේ අනතුර තදින්ම තිබෙනවා. බැටරි නිෂ්පාදනය, තීන්ත නිෂ්පාදනය, වෙල්ඩිං කර්මාන්තයට අවශ්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ නිරත වන අයටත් මේ අවදානම තිබෙනවා. එසේ නිරාවරණය වන අය දුම්පානය කරනවා නම් තත්ත්වය තවත් භයානකයි.
 
 8. ව්‍යායාම නොකර, අලස වෙමින්, නිකරුනේ සිටින අයටත් මේ රෝගය වැළෙඳෙනවා.
 
 9. ජානමය උරුමයක් ලෙසත් මේ රෝගය හටගන්නවා.
 
 10. Von Hippen lindau  යනුවෙන් හැඳින්වෙන රෝග තත්ත්වයක් තිබෙන අයට නිතරම ගෙඩි, වණ, පිළිකා අර්බුද ඇතිවෙනවා. ඔවුන්ටත් වකුගඩු පිළිකාව හට ගැනීමේ අවදානම ඉතාම වැඩියි.
 

Comments

Popular posts from this blog

7 Riveting Facts about the Kandos Man – Upali Wijewardene

Source:  abpic.co.uk  Written by – Ranuli at Omebiz Philip Upali Wijewardene, better known as Upali Wijewardene was one of the most flamboyant and prominent businessman with an empire that not only dominated the Sri Lankan business landscape but also went global. He was Sri Lanka’s first homegrown tycoon and the founder and Chairman of Upali Group, Sri Lanka’s first multi-national business. Upali Wijewardene kick-started his career as a management trainee at Lever Brothers (now known as  Unilever ) where he managed to lock down the job simply based on his basic dining etiquette. However, due to a disagreement with the Chairman of the company, Upali left his job at Lever Brothers. Following the death of his uncle, the Late Senator Sarath Chandradasa, Upali took over  Kandos  with the substantial shares that were allocated to him. The company struggled with the lack of sales, Upali modernized the production process boosting their sales off the charts. Kando...

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළ...

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...