Skip to main content

වකුගඩු පිළිකා වර්ග 10යි - ඒවා හැදෙන්නේ මේ වගේ අයටයි

weda1ප‍්‍රශ්නය - වකුගඩු පිළිකාවක රෝග ලක්‍ෂණ මොනවාද?
 
 වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - අධික මහන්සිය, ශරීරයේ බර අඩුවීම, නිරන්තරයෙන් හට ගන්නා කොන්දේ වේදනාව, කොන්දේ පහළ කොටසේ ඇතිවන ගෙඩියක් හෝ මාංශමය වර්ධනයක්. මුත‍්‍රා සමඟ රුධිරය පහවීම, රක්ත හීනතාව සහ සිරුරෙහි රතු රුධිරාණු අඩුවීම, නිතර නිතර උණ හටගැනීම තමයි මෙහි මූලික රෝග ලක්‍ෂණ. මේ ලක්‍ෂණවලින් කිහිපයක්ම සෙසු පිළිකාවන්ටත් පොදුයි.
 
 ප‍්‍රශ්නය - වකුගඩුවල හටගන්නා පිළිකා නොවන කෝෂ්ඨ ගැන ඔබ සඳහන් කළා. ඒවායින් හානියක් වෙන්නේ නැද්ද?
 
 වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - හානියක් නොවනවා නොවෙයි. මෙවැනි සමහර කෝෂ්ඨ මගින් වකුගඩු ක‍්‍රියාකාරීත්වය අඩාල වනවා.
 
 ප‍්‍රශ්නය - මෙය වේදනාකාරීද?
 
 වෛද්‍ය වික‍්‍රමාරච්චි - සමහර වකුගඩු කෝෂ්ඨවලට ප‍්‍රතිකාර කළ යුතු නැහැ. ඒ වගේම ඒවා වේදනාකාරීත් නැහැ. සමහර වකුගඩු කෝෂ්ඨ ක‍්‍රමයෙන් විශාල වී වේදනාව ඇති කරන මට්ටමට එනවා. එවිට ඒවා ආසාදනය වී රෝගියාට උණ ගැනී, උදරයේ උඩ කොටස වේදනා ගෙන දෙන්නට පටන් ගන්නවා.
 
weda2 ප‍්‍රශ්නය - වකුගඩු පිළිකා මගින් රෝගියා මියයනවද?
 
 වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - මුල් අවධියේදි වකුගඩු පිළිකාව මාරාන්තික නැහැ. එහෙත් පිළිකාව මුහුකුරා ගොස් තිබුණොත් තත්ත්වය නරක අතට හැරෙනවා. හුඟක් වෙලාවට වකුගඩු පිළිකාවක් හඳුනාගැනීමට ලැබෙන්නේ එය මුහුකුරා ගිහින් සමහර විට සිරුරේ ඇතැම් ප‍්‍රදේශවලට පැතිර ගියාටත් පසුවයි. අන්න එතැනදී ප‍්‍රශ්නයක් හටගන්නවා.
 
 ප‍්‍රශ්නය - වකුගඩු රෝග හටගන්නේ කවර වයස් සීමාවල පසුවන අයටද?
 
 වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - සාමාන්‍යයෙන් වකුගඩු පිළිකා හටගන්නේ වයස අවුරුදු 64 ඉක්ම වූ අයටයි. අවුරුදු 45 ට අඩු අයට මෙය හට ගැනීම ඉතාම දුර්ලභයි.
 
 මෙහිදී වකුගඩුව ගැන නැවත වතාවක් මතක් කර දිය යුතුයි. වකුගඩු යුගලයේ ප‍්‍රමාණයේ මිට මෙල වූ සාමාන්‍ය ප‍්‍රමාණයේ අතක් හා සමානයි. රතු පැහැයට හුරු දුඹුරු පැහැයකින් යුතු මේ ඉන්ද්‍රි ය ඉතාම පහළින් කොඳු ඇට පෙළ දෙපස පිහිටා තිබෙනවා. වකුගඩු පිළිකාවකදී පාලනයෙන් තොරව වර්ධනය වීමට පටන් ගන්නා වකුගඩු ෙසෙල පසුව අර්බුද නමැති ගෙඩි වර්ගය බවට පත්වෙනවා. රුධිරයේ තිබෙන අතිරික්ත ජලය, අපිරිසිදු කොටස්, ප‍්‍රමාණය ඉක්මවා ගිය ඛනිජ වර්ග පෙරා පිරිසිදු රුධිරය ශරීරයට එකතු කිරීම තමයි වකුගඩුවල කාර්යය. ශරීරයට අත්‍යවශ්‍ය හෝමෝන නිෂ්පාදනයට මෙන්ම රතු රුධිරාණු නිෂ්පාදනයටත්
 
 වකුගඩු දායක වෙනවා. අපට වකුගඩු දෙකක් තිබුණට මනුෂ්‍ය ශරීරයේ පැවැත්මට එක වකුගඩුවකිනුත් කොටසක් තිබුණාම ප‍්‍රමාණවත්. වකුගඩු නරක් වෙනවා කියන්නේ ඒ කුඩා කොටසක් ඉතිරි කොටස් සියල්ලත් විනාශ වූ විටයි.
 
 ප‍්‍රශ්නය - වකුගඩු පිළිකා වර්ග කීයක් තිබෙනවාද?
 
 වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - Renal Cell Carcද්‍යnoma තමයි ඉතාම වැඩි වශයෙන් පැතිර තිබෙන වකුගඩු පිළිකා වර්ගය. මාරාන්තික වකුගඩු පිළිකාවෙන් 90% ක්ම අයත් වන්නේ මෙයටයි. මේ පිළිකාව තවත් උප කොටස් පහකට බෙදිය හැකියි. ඒ ගැන විස්තර කිරීම වෛද්‍ය ශිෂ්‍යන්ට මිස පාඨකයන්ට ප‍්‍රයෝජනවත් නැත.
 
 ප‍්‍රශ්නය - වකුගඩු පිළිකාව හැදෙන්නේ කවර හේතු නිසාද?
 
 වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - එයට වඩා හොඳයි ඔබ මගෙන් අහනවා නම් වකුගඩු රෝග හටගන්නේ කොයි වගේ අයටද කියලා.
 
 1. දුම්වැටි උරණ අයට මේ රෝගය වැළඳෙනවා.
 
 2. ගැහැනුන්ට වඩා පිරිමින්ට මෙය වැළඳීමේ ප‍්‍රවණතාව වැඩි වී සාමාන්‍ය වශයෙන් ගත් කල හතරදෙනකුට මේ වකුගඩු පිළිකාව හැදෙනවා නම් එයින් තුනක්ම පිරිමි.
 
 3. අවුරුදු 50 - 70 වයස් සීමාව අතර සිටින අයට මෙය වැළඳෙනවා.
 
 4. අධික තෙල් සහිත ආහාර ගන්නා අයට වකුගඩු පිළිකාව හැදෙන බව සොයාගෙන තිබෙනවා. එමෙන්ම ස්ථුලභාවයෙන් වැඩි අයටත් මෙය වැළඳෙනවා.
 
 5. අධික රුධිර පීඩනය තිබෙන පිරිමින්ට වකුගඩු පිළිකා සෑදීමේ ප‍්‍රවණතාව වැඩි වේ.
 
 6. පමණ ඉක්මවා නිර්වින්දන පෙති සහ වේදනා නාශක පෙති ගන්නා අයට වකුගඩු පිළිකාව වැළඳීමට ඉඩ තිබෙනවා.
 
 7. රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වන අයට වකුගඩු පිළිකාව වැළඳීමේ ප‍්‍රවණතාව ඉතාම ඉහළයි. විශේෂයෙන් කැඞ්මියම් ලෝහයට නිරාවරණය වන අයට මේ අනතුර තදින්ම තිබෙනවා. බැටරි නිෂ්පාදනය, තීන්ත නිෂ්පාදනය, වෙල්ඩිං කර්මාන්තයට අවශ්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ නිරත වන අයටත් මේ අවදානම තිබෙනවා. එසේ නිරාවරණය වන අය දුම්පානය කරනවා නම් තත්ත්වය තවත් භයානකයි.
 
 8. ව්‍යායාම නොකර, අලස වෙමින්, නිකරුනේ සිටින අයටත් මේ රෝගය වැළෙඳෙනවා.
 
 9. ජානමය උරුමයක් ලෙසත් මේ රෝගය හටගන්නවා.
 
 10. Von Hippen lindau  යනුවෙන් හැඳින්වෙන රෝග තත්ත්වයක් තිබෙන අයට නිතරම ගෙඩි, වණ, පිළිකා අර්බුද ඇතිවෙනවා. ඔවුන්ටත් වකුගඩු පිළිකාව හට ගැනීමේ අවදානම ඉතාම වැඩියි.
 

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...