Skip to main content

2003 උතුරේ හමුදා කඳවුරු වෙන තැන්වලට ගෙනයෑමේ ඉන්දීය මෙහෙයුමෙන් කොටි උපක්‍රමය සාර්ථකවී පලාලි ගුවන් අංගනයට මෝටාර් එල්ලවූ හැටි....


N4 5
2003 වසරේ මැයි මස ඉන්දීය නාවික හමුදාවේ වයිස් අද්මිරාල් ජේකබ් සහ හමුදා ලූතිනන් ජනරාල් සතිස් නම්බියාර් මෙරටට පැමිණියහ.
 
 මොවුන් මෙරටට පැමිණියේ අධි ආරක්‍ෂක කලාප ගැන අධ්‍යයනය කර රජයට වාර්තාවක් දීමටය.
 
 ඒ වන විට අධි ආරක්‍ෂක කලාපවලින් පිටත හමුදා කඳවුරු 152 ක් තිබුණි. මෙම ඉන්දියානුවන් මෙරටට පැමිණීමෙන් පසු එවකට ආරක්‍ෂක ඇමැතිව සිටි තිලක් මාරපන පැවසුවේ අධි ආරක්‍ෂක කලාපවලින් පිටත ඇති හමුදා කඳවුරු 64 ක් වෙනත් ස්ථානවලට ගෙනයන බවයි.
 
 මෙලෙස ශී‍්‍ර ලංකාවේ හමුදා කඳවුරු වෙනත් ස්ථානවල පිහිටුවීම සඳහා විදේශිකයන්ගේ සහාය ලබාගැනීම වැනි ක‍්‍රියාමාර්ග ඉන්දියාවේ සිදුවේද? එහෙත් එදා රජය සතිෂ් නම්බියාර්ට හමුදා කඳවුරු වෙනත් ස්ථානවලට ගෙනයෑමේ කාර්යභාරය පැවරුවේය.
 
 මෙලෙස හමුදා කඳවුරු වෙනත් ස්ථානවලට ගෙන යෑමට රජය තීරණය කළේ හමුදා කඳවුරු නිසා ජනතාව අවතැන් වූ බව කොටි සංවිධානය පැවසීමය.
 
 එහෙත් එවකට යාපනයේ හමුදා ප‍්‍රධානියාව සිටි සරත් ෆොන්සේකා පැවසුවේ කොටි සංවිධානයේ දිගු දුර අවි, මෝටාර් අවි නිරායුධ විය යුතු බවය. ඉල්ලීම කොටි සංවිධානය ප‍්‍රතික්ෂේප කරනු ලැබීය.
 
  
N4 6මේ අතර එදා පැවැති වික‍්‍රමසිංහ රජය අධි ආරක්‍ෂක කලාපවලින් පිටත පිහිටි හමුදා කඳවුරු 152 ක සංඛ්‍යාව 88 ක් දක්වා අඩු කිරීමට තීරණය කෙරිණි. මේ සමයේ ආරක්‍ෂක ලේකම් වූයේ ඔස්ටින් ප‍්‍රනාන්දුයි. මෙහිදී අධි ආරක්‍ෂක කලාප අහෝසි කළ යුතු යැයි කොටි සංවිධානය රජයෙන් ඉල්ලා තිබුණි.
 
 මේ හැර මුහුදු කොටි සංවිධානය වෙනම නාවික ඒකකයක් ලෙස පිළිගන්නා ලෙස රජයෙන් ඉල්ලා ඇත.
 
 එහෙත් රජය එම ඉල්ලීමට එක`ග වූයේ නැත. මෙලෙස ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදා කඳවුරු වෙනත් ස්ථානවලට ගෙන යෑමට රජය ඉන්දීය විශ‍්‍රාමික හමුදා නිලධාරීන්ගේ සහාය පැතීම ගැන හමුදාව තුළින් එරෙහි වීමක් නොවුණි.
 
 මෙය පුදුමයක් නොවේ. හමුදාපතිව සිටි ලයනල් බලගල්ල සහ නෝර්වේ හිතවාදී මිලින්ද මොරගොඩ නාගර්කෝවිල් හමුදා කඳවුර වෙත ගොස් එහි ප‍්‍රධානියාව සිටි මේජර් ජනරාල් කමල් ගුණරත්න අමතමින් කොටි පරාජය කිරීමට නොහැකි බව පැවසීම තුළින් එදා හමුදා බලධාරීන්ගේ තත්ත්වය සනාථ වේ.
 
 මේ පසුබිම මැද 2003 මැයි 7 දා රජය ප‍්‍රකාශයක් කරමින් උතුරේ හමුදා කඳවුරු වෙනත් ස්ථානවලට ගෙනයන බව හෙළි කළේය.
 
 අවතැන් වූ සිවිල් ජනතාවට පදිංචිවීමට ඉඩදීම සඳහා මෙලෙස කඳවුරු වෙනත් තැන්වල පිහිටුවීමට රජය තීරණය කළහ. එම තීරණයේ යටි අරමුණ තුළින් කොටින්ට වාසිසහගත තත්ත්වයක් උදාවිය.
 
 මෙහිදී නැ`ගුණ බරපතළ ප‍්‍රශ්නය නම් උතුරේ ආරක්‍ෂක හමුදා කඳවුරු පිළිබඳ කටයුතු කිරීම ඉන්දියානුවන්ට පැවරීමයි.
 
 මේ වන විට ඊනියා සටන් විරාම ගිවිසුම ක‍්‍රියාත්මක වී තිබුණි. ත‍්‍රස්ත මර්දන පනතද අත්හිටුවනු ලැබීය. මේ තත්ත්වය මැද උතුරේ සිදුවන්නේ කුමක්දැයි මෙරට ජනතාව දැන සිටියේ නැත.
 
 ඊට මූලික හේතුව වූයේ රජයේ වන්දිභට්ට පිරිස් සටන් විරාම ගිවිසුම අගය කිරීමයි.
 
  මේ අතර වයිස් අද්මිරාල් ජේකබ් මෙරටට ගෙන්වා තිබුණේ උතුරු නැගෙනහිර මුහුදු ගමන් මාර්ග වෙනත් ප‍්‍රදේශ හරහා යොමුකිරීම ගැන අධ්‍යයන වාර්තාවක් සකස් කිරීමටයි.
 
 මේ යෝජනාව ඉදිරිපත් කර තිබුණේ කොටි සංවිධානයයි.
 
 එහෙත් ලූතිනන් ජනරාල් සතිෂ් නම්බියාර්ගේ සහ වයිස් අද්මිරාල් ජේකබ්ගේ වාර්තා එදා පැවැති රජය ප‍්‍රකාශයට පත්කළේ නැත.
 
 යුද හමුදා බලධාරීන්ද හමුදා කඳවුරු වෙනත් ස්ථානවල ස්ථාපිත කිරීමේ යෝජනාවට විරුද්ධ නොවූයේ ඔවුන් එම ධුරවලින් මාරුකෙරෙනු ඇති බවට වාර්තා වීමෙනි.
 
 මෙලෙස හමුදා කඳවුරු ඉවත් කිරීම කොටි සංවිධානයේ උපක‍්‍රමය විය. එම ඉවත් කිරීම තුළින් උතුරුකරයේ ආරක්‍ෂාව බිඳවැටුණි. ඒ බව සනාථ වූයේ කොටි මයිලඩි වරායේ සිට පලාලි ගුවන් අංගනයට මෝටාර් ප‍්‍රහාර එල්ල කිරීමයි

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...