Skip to main content

අදින් වසර 275 කට පෙර ප්‍රංශයේදී කරත්තයෙන් ඇරඹුණු ගිලන් රථ සේවය

අදින් වසර 275 කට පෙර ප්‍රංශයේදී කරත්තයෙන් ඇරඹුණු ගිලන් රථ සේවය




ගිලන් රථ නළා හඬ ඇසුණු පමණින් ශිෂ්ට සමාජය මහ මඟ ඉඩ හදාදෙති. ඒ ජීවිතයක වටිනාකමට ගරු කිරීමක් ලෙස ය. ගිලන් රථය ද ආසන්නම ප්‍රතිකාර ඒකකය වෙත හැකි ඉක්මනින් ළඟාවීමට උත්සහ දරන්නේ කලට වේලාවට ප්‍රතිකාර ලබාදී රෝගියාගේ ජීවිතය බේරාගැනීමටය. නූතන ගිලන් රථවල පහසුකම් බොහෝය. දියුණු රටවල ශල්‍යකර්ම කිරීමේ පහසුකම් පවා ගිලන් රථ තුළ සපයා දී ඇත. අතිශය හදිසි අවස්ථාවල ගුවන් ගිලන් රථ සේවයන් ද අද බොහෝ රටවල ප්‍රයෝජනයට ගැනේ. මෙම ගිලන් රථවල ආරම්භය සොයා බැලූ කල, එය වසර 275 වැනි දුරකට යයි මුලින්ම මෙය බිහිවූයේ ගිලන් කරත්ත සේවයක් ලෙස ප්‍රංශයේ ය. 

දහඅට වැනි සියවස වෙන විට යුරෝපයේ රටවල් අතර මෙන් ම වෙනත් රටවල ද අභ්‍යන්තරයේ ද යුද්ධ එමට විය. මෙම සටන්වලින් බොහෝ දෙනෙකු මියගියහ. මෙම මරණවලට ප්‍රධාන හේතුව වූයේ සටනේ දී ලද බරපතළ තුවාල නොව, එම තුවාලවලට නිසි කලට ප්‍රතිකාර නොලැබීම ය. තුවාලකරුවන් යුදපිටියෙන් ඉවත් කරගැනීම සඳහා සටන නිම වෙනතුරු බලා සිටිය යුතු විය. සටන දිනූ පක්ෂය කළේ තුවාල ලද ප්‍රතිවාදීන් සතු දේ කොල්ලකා ඔවුන් මරාදැමීම හෝ, වේදනා සහිත මරණයකට පත්වෙන තුරු යුද බිමේ අතහැර යාමය. 

වෛද්‍ය විද්‍යාව සහ ශල්‍යකර්ම විද්‍යාව පිළිබඳව ගැඹුරින් හැදෑරූ ප්‍රංශ ජාතික දොමිනික් ජාන් ලැරී යන අය ප්‍රංශ විප්ලවීය හමුදාවට බැඳුනේ 1792 දී ය. මෙම හමුදාව ජර්මනියේ දේශ සීමාවේදී කළ සටන්වල දී නිසි කලට ප්‍රතිකාර නොලැබීමෙන් මියයන හේවායන්ගේ සංඛ්‍යාව ප්‍රමාණිකව ඉහළ අගයක් ගැනීම පිළිබඳව ලැරීගේ අවධානය යොමු විය. මේ අනුව සටන් බිමේ දී තුවාල ලබන හේවායන් වහාම ප්‍රතිකාර සඳහා ගෙන යන ක්‍රමවේදයක් ලෙස මුල්ම ගිලන් කරත්ත සේවය ඇරඹිණි. 

ලැරීගේ අදහසට අනුව නිර්මාණය වූ මුල්ම ගිලන් කරත්තය පිළිබඳව පැහැදිලි චිත්‍රයක් මවන්නේ නම්, එය අර්ධ කවාකාර පියස්සක් සහිත ඉදිරිපස සහ පසුපස විවෘත කළ හැකි දොරපියන් දෙක බැගින් වූ මුළුමනින් ම ආවරණය වූ කරත්තයකි. මෙය කොටළුවන් හෝ අශ්වයන් හෝ විසින් ඇදගෙන යා යුතු විය. මෙම කරත්තය තුළ රෝගීන් ප්‍රවාහනය සඳහා එකපිට එක වන සේ තට්ටු හතරක් විය. සෑම තට්ටුවකම රෝගීන්ට පහසුවක් ගෙනදෙන අයුරින් මෙට්ට දමා තිබුණු අතර, මෙම මෙට්ට පහසුවෙන් සෝදා පිරිසිදු කරගැනීම හැකි වෙන සේ පදම් කළ සමින් ආවරණය කර තිබුණි. මෙම කරත්ත මගින් ප්‍රවාහනය කරනු ලබන තුවාලකරුවන්ට හොඳින් වාතාශ්‍රය ලබාදීම සඳහා කරත්තයේ දෙපසින් ද, ඉදිරිපස සහ පසුපසින් ද, කවුළු දෙක බැගින් විය. 

ලැරීගේ මෙම ගිලන් කරත්තය මුලින්ම සේවය සඳහා යෙදවූවේ 1793 මොගොන්සා සටනේදී ය. මෙම සටන මෙහෙය වූ ජෙනරාල්වරු පසුව කීවේ මෙම ගිලන් කරත්ත සේවය හේතුවෙන් දේශප්‍රේමී හේවායන් දහස් ගණනකගේ ජීවිත බේරුණු බව ය. මෙම ජෙනරාල්වරුන් අතර නැපෝලියන් බොනපාට් නමින් තරුණ ජෙනරාල්වරයකු ද විය. පසුව නැපෝලියන් ඉතාලිය ආක්‍රමණය කිරීමේ දී ලැරීගේ ගිලන් කරත්ත සේවයේ ආධාරය ලබාගත්තේ ය. 1797 දී නැපෝලියන් බොනපාට්ගේ අණින් ගිලන් කරත්ත සේවය යවත්කාලීන කරන ලදී. 

නැපෝලියන් බොනපාට් 1798 ඊජිප්තුව ආක්‍රමණය කිරීමේ දී ඒ සඳහා යැවීමට ගිලන් කරත්ත ඇණි තුනක් ලැරී විසින් සූදානම් කර තිබුණි. මේ සෑම ඇණියක් ම ගිලන් කරත්ත 16 කින් සමන්විත විය. ඒ සමගම වෛද්‍යවරුන් පහළොස් දෙනෙකු ද සාත්තු සේවකයන් ලෙස තවත් පිරිසක් ද සේවයේ යෙදවීය. කාන්තාරයේ වැලි මත කොටළුවන් විසින් හෝ ඔටුවන් විසින් හෝ ඇදගෙන යා හැකි ලෙස නිමවා තිබුණු මෙම ගිලන් කරත්ත හමුදාව දුටු නැපෝලියන් කීවේ එය ශතවර්ෂයේ හොඳම හඳුන්වාදීම බව ය. 1799 දී ඊජිප්තුවේ අබුකීර් සටන ජයගත හැකි වූවේ ලැරීගේ ගිලන් කරත්ත සේවයේ කාර්යක්ෂමතාව හේතුවෙන්, තුවාල ලද හේවායන් වහාම ප්‍රතිකර ලබා නැවත සටන් බිමට පැමිණීම නිසා යයි ප්‍රකාශ කරන ලද්දේ නැපෝලියන් විසින් ම ය. 

කරත්ත ලෙස 1792 දී ඇරඹි ගිලන් රථ සේවය අද වෙන විට පියාසර කරන අවස්ථාවකට ද පැමිණ ඇත. කුමන තරාතිරමක අයෙකුගේ වුවද ජීවිතයේ වටිනාකම සලකා රෝගී අවස්ථාවක වහාම ප්‍රතිකාර ඒකක වෙත ගෙන යාම ගිලන් රථයක වගකීම ය. එම වගකීම සාර්ථකව ඉටුකරගැනීම සඳහා මාර්ග නීතිරීති ද සැකසී ඇත. එම නීතිරීති ගරුකිරීම ජීවිතයක වටිනාකම හඳුනන ශිෂ්ට සමාජයේ වගකීම ය

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...