Skip to main content

සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා සවස 6ට...

සරනා සියොතුන් - පින්සලට වඩියි...
සොබාදහම් සිරි - හදගැස්මයි...
ගින්දර හීලෑකර - පදම හදයි..
පරපුරෙන් පරපුරට - විස්ම බෙදයි....




ජොංයීට මෙච්චර කෙණෙහෙකිකම් ඇයි?🤨
"සිරිමැටි සිත්තරාවි" කතාව 6ට යනවා කියලා දාපු පෝස්ට් එකට වැටුණ comments ටිකක් තමා මේ. සමහරු බණිනවා. සමහරු angry react දානවා.. වැඩ ගොඩයි.. 😁 ඒත් ඇත්තටම මේව කියවද්දි තේරුණ ලොකුම දේ තමා ගොඩක් අය මේකට බණින්නේ අවබෝධයක් නැතුව කියන එක.
මේක "ජරා කතාවක්"ලු. 😒
මේක ජරා කතාවක් වෙන්නෙ මොනව නිසාද කියලා කියන්න පුළුවන්ද? පවුල් ආරවුල්, ගෑණු හුටපට තියෙනවද? පැහැදිලියි මේක ජරාවක් වෙන්න කිසිම හේතුවක් නෑ. ඒත්,
සමහරු මේක ජරා කතාවක් කියල මනෝරූපයක් මවාගන්න හේතුව "සිරිමැටි" කියන නම සහ මේකෙ තේමා ගීතය කියලයි අපිට පෙනුනෙ. ඇත්තටම "සිරිමැටි" කියන්නෙ මොනවද? Ceramic (සෙරමික්) කියන වචනේ ශුද්ධ සිංහල පර්වර්තනයයි "සිරිමැටි". අනික කොරියාවෙ ජෝසෙන් කාලෙ තිබුණු වටිනාම වස්තුව තමා සුදුපාට සෙරමික් භාණ්ඩ. ඉතින් ඒවගේ වටිනා භාණ්ඩ නිපදවන්නට මුල්ම වරට අවස්ථාව ලැබුණු, දක්ෂම නිර්මාණ ශිල්පිනියගේ කතාවයි "සිරිමැටි සිත්තරාවි". ඉතින් එහෙනම් මේක ආදර්ශමත් කතාවක් මිසක් ජරා කතාවක් වෙන්නෙ කොහොමද?
සමාජයේ පහළම ස්ථරයකින්, කොරියාවෙ ධනවත්ම රැකියාව තමන් අතට ගත්තු ඇගේ කතාව "ජරාවක්"ද?
අනික් කාරණේ තේමා ගීය. ලංකා ඉතිහාසයේ ප්රථම වරට, ජනගී සම්ප්රදාය, විදෙස් සංස්කෘතියක නාට්යයක් හා මුසුවෙනවා. සාර්ථකව. ඒක විශ්වකර්ම වැඩක්. කවුරුත් නොකළ වැඩක්. ඒක ජරාවක් ද?
හැබැයි ඉතින් මෙහෙම දෙයක් තියෙනවා. සමහරු අකමැතියි අපේ දේට, අපේ කමට. එවැනි අයට සිරිමැටි කියන නම, තේමා ගීය, මදි කමක් වගේ දැනේවි.
සමහරවිට මේකට "සිරිමැටි සිත්තරාවි" නොකියා "Goddess Of Fire" කියලා ඔරිජිනල් නමින් පෙන්නුව නම් පැල් බැඳගෙන බලාවි.
ඒවා ඉතින් මේ කතාවෙ අඩුපාඩු නෙවෙයි, තමන්ගෙ ආකල්පමය වැරදි.
අනික් කාරණේ සමහරුන්ට අනුව මේක අවසානය හරි නෑ. ඒක ඇත්ත තමා. ඒත් අපි මීටවඩා දුක හිතෙන අවසානයක් තියෙන කතා බැලුවෙම නැද්ද? යහපත් මහරජ, සූරිය දියණි, ජනහිතකාමී රැජිණිය අවසාන වුණ විදිහ එක්ක බලද්දි, මේක ඒතරම් දුකක් නෙවෙයි. අනික මේ සත්ය ඉතිහාස කතාවක්. ඉතිහාසය වෙනස්කරන්න බෑනේ.
ඒනිසා අපිට දෙන්න තියෙන පණිවිඩේ තමා තමන්ගෙ පටු ආකල්පවල හිරවෙන්නෙ නැතුව කතාව රසවිඳින්න කියන එක. මේක මුල්වරට විකාශය වෙද්දිත් ගොඩක් අය ඉහත හේතු නිසා බැලුවෙ නෑ.
ඒනිසා සුන්දර ටෙලිනාට්යයක් බලන්න කැමති නම්, ඔයාගෙ ආකල්ප වෙනස් කරගෙන හෙට ඉඳන්වත් බලන්න ගන්න.
තමන්ගෙ ආකල්පමය දුර්වලතාවක් නිසා මෙච්චර ලස්සන කතාවක් "ජරාවක්" කියලා ලේබල් ගහන එක දැන්වත් නවත්තන්න.😊


Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...