Skip to main content

දරු ප්‍රසූතියෙන් පසුව එන දුක Baby blues

දරු ප්‍රසූතියෙන් පසුව එන දුක Baby blues

2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:3087
දරුවෙක් ලැබීම ඉතාමත් වාසනාවන්ත කාරණාවක්. ඒත් සමහර අම්මලා තුළ  බබා හම්බවුණා කියලා සතුටක් නෑ. දුකෙන් ඉන්නවා. ඒ අයගෙන් ඇහුවොත් කියයි හිතට ගතට හරිම මහන්සියි කියලා. මෙය විශාදය කියන රෝග තත්ත්වයයි. සමහරුන්ට මේ තත්ත්වය සතියක් දෙකක් යනකොට ඉබේම නැතිවෙලා යනවා. ඒත් 10%ක් විතර අම්මලට පසු ප්‍රසව විශාදය කියන තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. මේ තත්ත්වය දරු ප්‍රසූතියෙන් පෙර කාලයේ ඉඳලා පළවැනි අවුරුද්ද ඇතුළත ඕනෑම කාලයක ඇතිවෙන්න පුළුවන්.
මෙය අනිවාර්යයෙන්ම මානසික රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය උපදෙස් ගන්න ඕන තත්ත්වයක්. ඒ වගේම මේ තත්ත්වය 100%ක් සුවපත් කරන්න පුළුවන්. හැබැයි නිසිලෙස ක්‍රියාත්මක නොවුණොත් මවගේ මෙන්ම දරුවාගේ ජීවිතයත් නැති වෙන්නත් පුළුවන්.
මානසික රෝග සායනයට යන්න කිව්වම ගොඩක් අය ඒ ගැන ලජ්ජයි. පසුබසිනවා. ඒත් මේ තත්ත්වය ගොඩක් අම්මලට ඇතිවෙන සාමාන්‍ය තත්ත්වයක්. ප්‍රතිකාර නොගෙන සිටීමට තමන් ඒ ගැන නොදැනුවත්වීම ගැනයි ලජ්ජා වෙන්න ඕන. නැන්දම්මා පවුලේ අනිත් අය හමුවේ කියන්න බැරිනම් ස්වාමිපුරුෂයා, අම්මා වගේ විශ්වාසවන්ත නෑදෑයෙක් සමඟ සාකච්ඡා කරලා වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න. මේ තත්ත්ව්ය හඳුනාගන්න පුළුවන් වෛද්‍යවරයෙකුට පමණයි. ලොකුම ප්‍රශ්නය තමයි ගොඩක් අය මේ තත්ත්වය බරපතළ ලෙස ගණන් ගන්නේ නෑ. ඒත් පසු ප්‍රසව විශාදය සුවකළ හැකි ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක්.
දැන් අපි බලමු පසු ප්‍රසව විශාදයේ රෝග ලක්ෂණ මොනවද කියලා.
නිතරම කනස්සල්ලෙන් පසුවීම. නිතර දුකෙන් තරහෙන් පසුවීම. හැමවෙලේම අඬන්න හේතුම හිතේ මතුවෙන ගතිය. තමන් තනිවෙලා යන හැඟීම. හැමෝම බබා ගැනමයි බලන්නේ කියන හැඟීම. දරුවා ගැන තරහක් පිළිකුලක් ඇතිවීම. බලාපොරොත්තු කඩවුණා වගේ දැනීම. තමන් කරනදේ ගැන විශ්වාසයක් නැති බව එනම් බබාට කිරි දුන්නට පෙවුනද දන්නෙ නෑ, බබා නලවන විදිහ වැරදියි, මට බබාව නිදිකරව ගන්න බෑ, මට මගේ දේවල්වත් කරගන්න බෑ, ඒ වගේ දේවල් සිතීම. කෑම අරැචිය වගේම වැඩි වැඩියෙන් ආහාර ගැනීම. නින්ද නොයාම. තීරණ ගන්න බැරිකම. අදහස් ප්‍රකාශ කරන්න බැරිකම. පෙර කැමැති වූ දේවල් වලට අකැමැති වීම. ශරීරය උදාසීන වීම. ඇඳෙන් පුටුවෙන් නැගිටින්න හිතෙන්නෙ නැතිකම.
මේ තත්ත්වය delusions, hallucinations දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ඒ කියන්නේ යම් යම් දේවල් සිතීම පෙනීම ඇසීම දැනීම දක්වා. මේ තත්ත්වය ශරීරයේ එකවර සිදුවන හෝර්මෝන වෙනස්‌කම් නිසා, ජානමය හේතු නිසා පෙර සිට පැවැති තත්ත්වයන් නිසා, ඇතිවන අතර අලුත් වගකීම් දරා ගැනීමේ අපහසුතා නිසා, ප්‍රසූතිය අපහසුවීම නිසා පූර්ව හා පසු ප්‍රසව සංකූලතා නිසා, බබාගේ සංකූලතා නිසා, බබාට විශේෂ ළදරු ප්‍රතිකාර අවශ්‍ය වීම නිසා, කිරි දීමේ ප්‍රශ්න නිසා, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා නොසැලකිල්ල නිසා මේ තත්ත්වය වැඩිවෙන්න පුළුවන්.
ඔයාලාට මේ වගේ තත්ත්වයක් තියෙනව නම් මම නැවත නැවතත් කියන්නේ අනිවාර්යයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවෙන්න. තමන් අදහන ආගම අනුව වන්දනාමාන කරන්න. ඊට අමතරව දරුවා ගෙදර ගෙනාපු දවසේ ඉඳන්ම ජීවිතයට ඉඩ දෙන්න. උදේ ඇහැරැන ගමන් ඇඳෙන් නැගිටින්න. ඇඟපත සෝදාගෙන හොඳ ඇඳුමක් අඳින්න. දිනපතා නාන්න. බබා නිදියන වෙලාවට ටිකක් නිදාගන්න. Shopping කරන්න. බබා වෙනුවෙන් උදව් ලබාගන්න පුළුවන් අයගෙන් උදව් ලබාගන්න. සිංදුවක් අහන්න. Fb එකටත් එන්න. ඔයාගේ අත්දැකීම් හා ප්‍රශ්න සැමියා සමඟ සහ මේ Group එකේ  බෙදාගන්න. ඉඳලා හිටලා ආස කෑමක් හදන්න. ගෙදර වැඩ හෙමින් කරන්න පුළුවන්. ඔයාලාට බබාලා හම්බවෙලා පළවෙනි මාසයේ ගමේ Clinic එකේදී මේ ගැනත් බලනවා. අනිවාර්යයෙන්ම ඒ සායනයට සහභාගි වෙන්න.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...