Skip to main content

සුනාමියෙන් පස්සේ ලංකාවට මුලින්ම ආධාර රැගෙන ආවේ රුසියාවෙන්...

ප‍්‍රධාන විධායක නිලධාරි රුසියානු මධ්‍යස්ථානය බුද්ධප‍්‍රිය රමනායක
 
  
russia2කොළඹ 07” නිදහස් මාවතේ පිහිටි රුසියානු මධ්‍යස්ථානය යනු කලකට ඉහත දෙරටක් අතිනත ගැන්වීම පිණිස ඉදිකල පීඨිකාවක් බදු ස්ථානයක්ය. ඒ හරහා ඈත දුරුරට පිිහිටි රුසියාවත් ශ‍්‍රී ලංකාවත් අතර දැඩි මිතුදමක් ගොඩනැංවෙන අතර එය තවදුරටත් අතු ඉතිලා වැඞීම පිණිස නිදහස් මාවතට මුහුණලා පිහිටි රුසියානු මධ්‍යස්ථානය විසින් මේ වන විටද සුවිසල් මෙහෙයක් සිදුකරමින් පවතී. දැනට එම මධ්‍යස්ථානය හරහා සම්බන්ධීකරණය සිදුකරන සංවිධාන හා සේවාවන් අතර සමාජවාදී රටවල අධ්‍යාපනය ලත් උපාධිධාරීන්ගේ සංගමය” ශ‍්‍රී ලංකා රුසියානු මිත‍්‍ර සංගමය” ශ‍්‍රී ලංකා රුසියානු ව්‍යාපාරික සංසදය” රුසියානු සාහිත්‍ය කවය” ශ‍්‍රී ලංකා රුසියානු පාර්ලිමේන්ත සංගමය ඇතුළු තවත් සංවිධාන කීපයක් වන අතර මෑතකදී රුසියානු මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කළ රුසියානු සමාජය නමින් හඳුන්වන සංවිධානයද ඊට අයත්ය. මෙරට පිහිටි රුසියානු තානාපති කාර්යාලය හැරුණු කොට රුසියාවත් ශ‍්‍රී ලංකාවත් අතර සිදුවන සෑම කටයුත්තක්ම රුසියානු මධ්‍යස්ථානය හරහා සිදුවීම එහි ඇති විශේෂත්වය වී ඇත.
 

  මේ වන විට එහි ප‍්‍රධාන විධායක නිලධාරි ධුරය හොබවනු ලබන්නේ බුද්ධප‍්‍රිය රමනායක මහතා විසින්ය. කලකට ඉහත ලූමුම්බා සරසවියේ උසස් අධ්‍යාපනය ලබා බුද්ධප‍්‍රිය රමනායක මුල් වරට රුසියානු මධ්‍යස්ථානය හා සම්බන්ධ වන්නේ තොරතුරු නිලධාරියෙක් ලෙසය. ඉන් අනතුරුව පියවරරෙන් පියවර එහි උසස්ම නිලය වන ප‍්‍රධාන විධායක නිලධාරි ධුරයට පත් වන ඔහුගේ සේව කාලයට මේ වන විට වසර 20ක් සම්පූර්ණවී අවසන්ය. බොහෝ දෙනෙක් විසින් ඔහුව හඳුන්වනු ලබන්නේ රුසියාවත් ශ‍්‍රී ලංකාවත් යා කරනු ලබන ජීවමය සන්නාමයක් ලෙසින්ය. රාජ්‍ය තාන්ත‍්‍රිකව ගත්කල විසල් අත්දැකීම් සමූහයක් සහිත බුද්ධප‍්‍රිය රාමනායක හා කෙටි කතාබහක යෙදීමේ අවස්ථාවක් පසුගිය දිනක උදාවිය. රුසියානු මධ්‍යස්ථානයේ ඔහුට අයත් කාර්යාලයීය කාමර තුළ අපගේ කතාබහ සිදුවිය. පළමුව දශක තුනකට එපිට මතකයන් අවදිකළ බුද්ධප‍්‍රිය රමනායක තමන් මුල්වරට රුසියාව බලා පිටත්වූ ආකාරය මෙනෙහි කරන්නට විය.
 
  
‘‘මම මුල්වරට රුසියාවට යන්නේ 1985 අවුරුද්දෙ. රජයෙන්ලැබුණ ශිෂ්‍යත්වයක් මත මා ඇතුළු දාහතර දෙනෙකුගෙන් සමන්විත ශිෂ්‍ය කණ්ඩායමක් එදා ඒ ගමනට එක්වෙනව. කාලයක් අපෙ සිහින සරසවිය බවට පත්වෙලා තිබුණ ලූමුම්බා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය පිණිස තමයි එදා අපි උපන්බිමට සුමුදුන්නෙ. අද රුසියානු සමූහාණ්ඩුව නමින් හඳුන්වන රට එදා හැඳින්වූවේ සමාජවාදී සෝවියට් දේශය නමින්. ඒ අර්ථයෙන් ගත්විට අපි යන්නෙ සෝවියට් දේශයට. නමුත් වසර කීපයක් ඒරටේ රැඳී ඉඳිමින් අධ්‍යාපනය හදාරල නැවත මව් රටට එන්නෙ රුසියාව කියන රටේ ඉඳල. ඒක සුවිශෙෂී සිදුවීමක්. වසර 70ක පමණ පැරණි සමාජවාදී සෝවියට් දේශය බිඳවැටෙන හැටි ඒ සුන්බුන් මතින් රුසියානු සමූහාණ්ඩුව ගොඩනැගෙන හැටි ඒ සඳහා බලපෑ සමාජ පරිවර්තනයන් සිද්ධවෙන හැටි සියැසින් දැකගන්න අපට අවස්ථාව ලැබෙනව. ඒ අනුව 1991 වර්ෂය්දී සමාජවාදී සමාජ ක‍්‍රමය බිඳවැටිල අලූත් පාලනයක් රටතුළ නිර්මණය වෙනව...
 
russiaබුද්ධප‍්‍රිය රාමනායක ඇතුළු ශ‍්‍රී ලාංකික ශිෂ්‍ය කණ්ඩායම එම සුවිශේෂී සමාජ පරිවර්තනය සියැසින් දුටු මෙරට අවසන් ශිෂ්‍ය කණ්ඩායම වන අතර පැටි‍්‍රක් ලූමුම්බා සරසවිය තුළ අධ්‍යාපනය ලත් අවසන් ශ‍්‍රී ලාංකික ශිෂ්‍ය කණ්ඩායම බවටද පත් වන්නේය. ඊට හේතුව බවට පත්වන්නේ එතෙක් පැටි‍්‍රක් ලූමුම්බා නමින් හැඳින්වූ එම සරසවිය සෝවියට් දේශය බිඳවැටීමත් සම`ග ‘රුසියානු මිත‍්‍රත්ව සරසවිය. ලෙස නම් කිරීමය. දශක තුනකට එපිට මතකයක් අවදි කරමින් සිය කතාබහ ඇරැඹූ බුද්ධප‍්‍රිය රමනායක නැවතත් සිය හඬ අවදි කරන ලද්දේ ලූමම්බා සරසවිය තුළ ගත කල වසර කීපයක මතකය යළිත් මෙනෙහි කරමින්ය.
 
 මම සෝවියට් දේශයට පය තැබුව මුල්ම දවසෙ මට ඒ රට ඒ මිනිස්සු පිළිබඳ නුහුරු හැ`ගීමක් දැනුනෙ නැහැ. මොකද පාසල් ශිෂ්‍යයෙක් ලෙස ඒ වෙද්දි මම විශාල වශයෙන් සෝවියට් පොතපත පරිශීලනය කරල තිබුණ. ඒ හරහා ලබාගත් ලොකු අවබෝධයක් එක්ක තමයි මට ඒ අවස්ථාව උදා වෙන්නෙ. ඒ වෙනකොට පොතපතින් දැක්ක මිනිස්සු” ගහකොල” පරිසරයට” ඒ ආකරයෙන්ම සෝවියට් දේශයේ තිබුණ. ඒ වගේම තමයි ලෝකයේ විවිධ ජාතීන්ට අයත් රටවල් 120කසිසුන් 15000ක් පමණ ඒ වෙද්දි ලූමුම්බා සරසවියෙ අධ්‍යාපනය ලබමින් සිටිය. ආසියා” අප‍්‍රිකා” ලතින් ඇමරිකා” යුරෝපා ආදී සෑම මහද්වීපයක්ම නියෝජනය වන පරිදි සිසුන් ඇතුළත් කර ගැනීමේ ක‍්‍රමවේදයක් හරහා තමයි එදත් අදත් රුසියානු මිත‍්‍රත්ව සරසවියට ඇතුළත් වෙන්න අවස්ථාව උදා වෙන්නෙ. එතන තවත් විශේෂත්වයක් තියෙනව. ඒ තමයි මේ සෑම ළමයෙක්ම නිර්ධන පංතික හෝ මධ්‍යම පාන්තික ළමයින්වීම. ඇත්තටම සමාජවාදී සෝවියට් දේශය විසින් ලෝකයට දුන්න උතුම්ම ත්‍යාගය තමයි ලෝකයේම ඉන්න දරුවන්ට ඒ රටේ නොමිලේ අධ්‍යාපනය ලබන්න අවස්ථාවක් ලබාදීම. මගේ මුල්ම රුසියානු භාෂා ගුරුවරිය වුණේ ලරිසා නමින් හැඳින්වූ ගුරුතුමියක්.
 
 නාඳුනන රටක මුල්වරට හඳුනාගත් ලරිසා ගුරුතුමිය යටතේ ඉතා කෙටිකලක් තුළ රුසියන් බස ඉගෙන ගන්නා බුද්ධප‍්‍රිය රාමනායක ඉන් අනතුරුව ලූමුම්බා සරසවිය තුල කණ්ඩායම් නායක” ශිෂ්‍ය සංගම් ක‍්‍රීඩා ලේකම් ආදී තනතුරුවලට පත් වන අතර තෙවන වසර වන විට සංස්කෘතික ලේකම් ධුරය දක්වා ගමන් කිරීමට අවස්ථාව හිමිකරගෙන ඇත. එහි කූඨප්ප‍්‍රාප්තිය සිදුවන්නේ වර්ෂ 1989දී ශ‍්‍රී ලංකා ශිෂ්‍ය සංගමයේ සභාපති ධුරයට ඔහු පත්වීමත් සමගය. එහි පවතින විශේෂත්වය බවට පත්වන්නේ ලූමුම්බා සරසවිය තුළ ශ‍්‍රී ලංකා ශිෂ්‍ය සංගමයේ අවසන් සභාපතිවරයාවීමේ ගෞරවය ඔහු විසින් දිනා ගැනීමය. ඉන් අනතුරුව එහි සභාපති ධුරයට පත් ලාංකික සිසුන් වෙතත් ඔවුන් එම ධුරය උසුලනු ලබන්නේ රුසියානු මිත‍්‍රත්ව සරසවිය නමින්. පසු කලක ලූමුම්බා මිත‍්‍රත්ව සරසවිය නාමාන්ත‍්‍රය වීමෙන් අනතුරුවය.
 
russia3එකල තුන්වන ලෝකයේ රටවල සිහින සරසවිය බවට පත්ව තිබූ ලූමුම්බා සරසවියෙන් ව්‍යාපාර කළමනාකාරීත්වය පිළිබඳ උපාධිය හිමිකර ගන්නා බුද්ධප‍්‍රිය රමනායක ඉන් වසර 10කට පසුව මෙරට පිහිටි රුසියානු මධ්‍යස්ථානය හා එක්ව රාජකාරි අරඹන්නේ තොරතුරු නිලධාරියකු ලෙසය. එතැන් සිට මේ දක්වා තමන් පැමිණි ගමන් මග පිළිබඳව කෙටි හැඳින්වීමක් කළ බුද්ධප‍්‍රිය රාමනායක ඒ සඳහා පසුබිම සැකසුන ආකාරය පිළිබඳව පළමුව විස්තර කරන්නට විය.
 
 ‘‘ඇත්තටම මේ ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරි බවට පත් වෙන්ව කියන්නේ රුසියානු තානාපති කාර්ාලයේ ශ‍්‍රී ලාංකිකයකුට හිමිවනඋසස්ම තනතුරක්. මට ඒ අවස්ථාව උදාවෙන්නෙ රුසියාවෙ හිටපු ශ‍්‍රී ලංකා තානාපති වෛi සමන් වීරසිංහ මහතාගේ මැදිහත්වීමෙන්. එතුමත් මමත් රුසියාවෙ ඉගෙන ගත් සමකාලීනයන්. වෙනසකට තිබුණේ ආයතන දෙකක අධ්‍යාපනය ලැබීම පමණය. එතුමා ඉගෙන ගත්තෙ මොස්කව්වල පිහිටි වෛi ඇකඩමියෙ. ඒ මිත‍්‍රත්වය අදත් නොබිඳුන මිතුදමක් ලෙස අපි අතර පවතිනව. ඔහු විසින් තමයි එකල රුසියානු මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂව සිටි ව්ලදිමීර් පොලොස්කොව් වෙත මාව හඳුන්වා දෙන්නෙ. ඒහඳුන්වාදීමත් එක්ක තමයි මට මේ වගේ රාජ්‍යතාන්ත‍්‍රික තනතුරක් සඳහා පැමිණෙන්න මූලික අඩිතාල සැලසෙන්නෙ. මම විශ්වාස කරනව එදා මෙදා තුර මගේ රටට මා අතින් ඉටුවිය යුතු යුතුකම් බොහෝමයක් සිදුවුණා කියල. ඒකට මම ජාතික වශයෙන් වැදගත් එක උදාහරණයක් දෙන්නම්.
 
 එදා.. 2004 දෙසැම්බර් 26 වැනද. රට විනාශ කරමින් සුනාමියක් පැමිණ ඇති බව මම දැනගත්තෙ ගුවන් විදුලියෙන්. ඒ වෙලාවෙ ලංකාවෙ හිටියෙ වැඩබලන රුසියානු තානාපතිවරයෙක්. ඊටඅමතරව රුසියානු අභ්‍යවකාශගාමී ව්ලදමීර් ලියකොව් පවා ඒ වෙලාවෙ ලංකාවෙ හිටිය. ඒ වෙලාවෙ කේබල් පිණිවිඩ මගින් වැඩබලන තානාපතිවරය රුසියානු බලධාරීන් දැනුවත් කළා. එදා තමයි හු`ග දෙනෙක් දැන ගත්තෙ ලංකාවත් රුසියාවත් කියන්නෙ සමාජයීය සංස්කෘතික වශයෙන් මොනතරම් සමීප රටවල් දෙකක්ද කියල. ඊට හේතුව තමයි ඔවුන් අපට උදව්කිරීමට ඉදිරිපත්වූ ඉක්මන අසල්වැසි ඉන්දියාවෙන් අපිට ආධාර රැගෙන නැව් කීපයක් පැමිණෙනවාත් එක්කම රුසියාව ගුවන් මගින් ඇවිදින් අපේ මව්බිම ස්පර්ශ කරනව. ඒ එන්නෙ හිස් අතින් නොවෙය. භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් යානා දෙකක් මගින් ඔවුන් ලංකාවට ගලවා
 
 ගැනීමේ හෙලිකොප්ටර්” වාහන” විශේෂ පුහුණු සුනඛයන්” සහන සේවකයන් වෛi උපකරණ අතිවිශාල හදිසි ආධාර තොගයක් රැගෙන තමයි ඔවුන් ලංකාවට එන්නෙ. ඒ එන්නෙ පසුකාලීනව කිසිවක් අපේක්‍ෂාවෙන් නොවෙය. අප කෙරෙහි උපන් සද්භාවයෙන් පමණයි ඔවුන් අපට පිහිටවීමට ඉදිරිපත් වෙන්නෙ...
 
 රටක් ලෙස අප බරපතල ස්වභාවික විපතකට මුහුණ දුන් මොහොතක මිතුරෙකු ලෙස රුසියාව සිය සහෝදර දෑත් අපවෙත දිගුකල මතකයන් මෙනෙහි කළ බුද්ධප‍්‍රිය රාමනායක ඉන් අනතරුව සිය අවධානය යොමු කළේ රාජ්‍යතාන්ත‍්‍රික කටයුතු ආදියේදී රුසියාව විසින් ශ‍්‍රී ලංකාව කෙරෙහි දක්වන ලද මානුෂීය ආකල්ප වෙතය.
 
 තිස්වසරක ත‍්‍රස්තවාදය නිමාකලාට පස්සෙ ජාත්‍යන්තරය අපට එරෙහි අවි ඔසවන්න ගත්ත. ඒ වෙලාවෙ කොන්දේසි විරහිත රුසියාව අපි වෙනුවෙන් පෙනී හිටිය. ඒ විතරක් නොවෙයි” පහුගිය කාලෙ මෙරට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහත්තය රුසියාවෙ සංචාරයක නියළෙනව. එහිදී රාජ්‍ය නායකයකුට ලැබිය යුතු ඉහළම ගෞරවය එතුම වෙත ලබාදෙන්න රුසියාව කටයුතු කරනව. ඒ සංචාරය සිහිපත්වීම පිණිස විශේෂ කස්ථානයක් පවා ජනාධිපතිතුමාට පරිත්‍යාග කරනව. ඒ කස්තානය කාලයකට ඉහත බි‍්‍රතාන්‍යයන් විසින් මෙරටින් රැගෙන ගිය පෞරාණික වස්තුක්. මේ කාරනා හරහා ඕනෑම කෙනෙකුට පැහැදිලි වෙනව රුසියාව කියන්නෙ එදත් අදත් හෙටත් අපේ සමීපතම මිතුරෙක් කියන කාරණය.
 
 මේ වන විටද එම මිත‍්‍රත්වය යහපත් අයුරින් දෙරට අතර හුවමාරු වන අතර එහි වැඩිබරක් උසුලනු ලබන්නේ මෙරට පිහිටි රුසියානු මධ්‍යස්ථානය විසින්ය. ඒ අතරින් රුසියානු මිත‍්‍රත්ව සරසවියට වාර්ෂිකව සිසුන් ඇතුළත් කිරීම ඇතුළු තවත් වැදගත් වැඩකටයුතු රැසක් ක‍්‍රියාත්මක වෙමින් ඇත. මේ වන විට නොමිලයේ රුසියානු අධ්‍යාපනය ලද ශ‍්‍රී ලාංකික උපාධිධාරීන් සංඛ්‍යාව 15000ක්ය. ඔවුන් අද මෙරට මෙන්ම විදේශ රටවල උසස් වෘත්තීන්වල නිරත වෘත්තිකයන්ය.
 
 ඒ අනුව ගත් කල කොළඹ පිහිටි රුසියානු මධ්‍යස්ථානය යනු රුසියාව හා ශී‍්‍ර ලංකාව යා කරන අතිශය වැදගත් ස්ථානයක්ය. එහි ප‍්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස කටයුතු කරන බුද්ධපි‍්‍රය රාමනායකගේ මෙහෙයවීම මත රුසියානු මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය ඒ හරහා සිදුවිය යුතු වැඩ කොටසක් මැනවින් ඉදිරියට රැගෙන යමින් පවතින අතර ඒ සඳහා ශී‍්‍ර ලංකාවේ පිහිටි රුසියානු තානාපති කාර්යාලයෙන් හිමි වන්නේ නොමඳ සහායක්ය. කලක් මෙරට ලක්‍ෂ සංඛ්‍යාත පාඨකයන් පිරිසකගේ දැනුම පිණිස අතපත් ‘සෝවියට් දේශය. සඟරාව ‘රුසියාව. නමින් නැවත මුද්‍රණය කිරීම” දෙරට අතර සංස්කෘතික ර්‍ණ සාහිත්‍ය ආදී කටයුතු වඩාත් සුබවාදී තලයකට ඔසවා තැබීම ආදී වැඩකටයුතු රැසකට නායකත්වය සපයන බුද්ධපි‍්‍රය රාමනායක හා සිදු කළ කෙටි කතා බහ නිමා කොට අප ඔහුගෙන් සමුගන්නා මොහොත එළැඹිණ. එහිදී අපට සමුදෙමින් ඔහු අවසන් වරටද ප‍්‍රකාශ කර සිටියේ වෙනස් ගෝලීය තත්ත්වයක් තුළ නැවතත් රුසියාව හිස ඔසවමින් සිටින බවත් ඒ සඳහා නිවැරැදි දේශපාලන නායකත්වයක් රුසියාව තුළ පවතින බවත්ය.

Comments

Popular posts from this blog

කොරියානු කතා

කොරියානු කතා රූපවාහිනියේ කොරියානු කතා මාලාවන් සිංහල භාෂාවෙන් හඬකවා විකාශනය කිරීම ආරම්භ කරාට පස්සෙ අපේ රටේ ජනතාවත් කොරියානු කතාමාලා බලන්න පුරුදු වුනා.කොරියානු නළු නිළියන් ඉන්න day card, poster වගේ දේවල් උණු කැවුම් වගේ විකිණෙන්න පටන්ගත්තා.ගොඩක් අය ආස කරන කොරියානු කතා ගැන තමයි මේ post එකෙන් මන් කතා කරන්න යන්නෙ.              චංගුමී ඉන්න සුජාත දියණි ටෙලිනාට්‍යයෙන් පටන්ගත්ත කොරියානු කතාවල ජනප්‍රියත්වය Boys over flowers ටෙලිනාට්‍යත් සමගම තවත් වැඩි වුණා.            මම සාමාන්‍යයෙන් බලන්න කැමති American TV series. කුතුහලය,ත්‍රාසය, ආදරය මේ හැම දෙයක්ම එකට මිශ්‍ර වුන , කොයිතරම් බැලුවත් එපා නොවෙන කතාමාලාවන් බලලා ඉවර කරන්න බැරි තරම් තියනව.ඒ වගේම කොරියන් TV series වුණත් නරකම නෑ කියල මට පස්සේ තේරුණා. :) :D              මමත් මුලින්ම කොරියානු කතාවලට වැඩි කැමැත්තක් දැක්වුවේ නෑ.හැමෝම වගේ චංගුමීට පිස්සු වැටිල ඉන්න එක විකාරයක් විදියටයි මට දැනුනේ.මම සුජාත දියණිය නම් කොහොමටවත් බැලුවෙම නෑ.දවසක් මගේ හොඳම යාළුවෙක් මට කොරියානු TV Series වගයක් දුන්නා.මට බලන්නම දෙයක් තිබුණේ නැති දවසක මම ඒවා බලන්න පටන්ගත්තෙ. මම බල

රැජනට ගිය නුවර මැද ‘වලව්ව’.... ඉපැරණි දූල්ලෑව වලව්ව දැයි නිශ්චිත නොවන මතයක්...

- ඇන්ටන් චෙකොෆ් කුවින්ස් හෝටලයේ නවාතැන්ගත් අයෙක්... - ඉංග‍්‍රීසි ජාතික පියාෂෝ  මැතිණිය මිලට අරගෙන - ඉපැරණි දූල්ලෑව වලව්ව දැයි නිශ්චිත නොවන මතයක්... මහනුවර නග රයට පා තබන විට මේ අපේ අවසන් රාජධානිය වග හිතට කාවද්දන ප‍්‍රබලතම සාධකය මහනුවර ක්වීන්ස් හෝටල් ගොඩනැගිල්ලය. දළදා වීදිය ඔස්සේ ඉහළට වැව දෙසට යන විට වම්පසින්ද , මහයියාව දෙස සිට පැමිණ ඞී. එස් සේනානායක වීදිය දිගේ පැමිණෙන විට දළදා මැඳුර අභිමුවේදීද ඇස ගැටෙන ප‍්‍රතාපවත් කිරිසුදු තෙමහල් ගොඩනැගිල්ල රාජ තේජස් විදහා පාන්නේය. මේ ගොඩනැගිල්ල ඉපැරණි වලව්වක් වන දූල්ලෑව වලව්වම බවට ජන මතයයි. නමුත්, මෙය වලව්වක් නොව වලව් ත‍්‍රිත්වයක එකතුවක් බව මහනුවර ලෝක උරුම උපදේශක කමිටු සාමාජික පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්, ගවේෂණ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යය විද්‍යා මානව වංශ ජනශ‍්‍රැති පර්යේෂක විරාජ් නිරංජන් බාලසූරිය මහතා කියා සිටී. අද මෙම ගොඩනැගිල්ලේ ඇත්තේ ක්වීන්ස් හෝටලයය. මෙය ඉංග‍්‍රීසි ආණ්ඩුවේ අනුමැතිය ලබමින් බි‍්‍රතාන්‍ය මහරැුජිණට ගෞරවයක් වනු පිණිස යොදා ඇති නමකි. යුරෝපා රටවල් අතර තෝරා ගත් ගොඩනැගිලි කිහිපයක පමණක් ඇති හෝටල් සඳහා ක්වී

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළු සිසුන්