Skip to main content

මඤ්ඤොක්‌කා අලවල විෂ අවම කිරීමේ ක්‍රමවේද...




මඤ්ඤොක්‌කා අල ඉතා ම හොඳ ශක්‌ති ප්‍රභවයකි. එසේ ම ඇතැම් විටමින, ඛනිජ ලවණ සහ තන්තු වැඩි ප්‍රමාණයක්‌ එහි අන්තර්ගත වේ. අඩු ප්‍රෝටීන ප්‍රමාණයක්‌ පැවතීම සහ විෂ සංඝටක පැවතීම මඤ්ඤොක්‌කාවල අවාසි සහගත ලක්‍ෂණයන් වේ.

මඤ්ඤොක්‌කා අලවල අඩංගු ප්‍රධාන ම විෂ සංඝටකය වනුයේ ලිනමරින් (Linamarin) නැමැති සයනොජෙනික ග්ලයිකොසයිඩයයි. එසේ ම ලොටුස්‌ට්‍රලින් (Lotaustralin) සංයෝගය ද මඳ වශයෙන් (<10%‍ර) අඩංගු වේ. මේ සයනොජෙනික ග්ලයිකොසයිඩ මඤ්ඤොක්‌කා අලවල පවතින අන්තර්ජන්‍ය (Endogenous) එන්සයිමයක්‌ වන ලිනමරේස්‌ (Linamarase) මඟින් හයිඩ්‍රජන් සයනයිඩ් (HCN) බවට ජල විච්ඡේදනය වේ.

මඤ්ඤොක්‌කා අලවල අඩංගු සයනොජෙනික සංයෝග ප්‍රමාණය ශාක ප්‍රභේදයෙන් ප්‍රභේදයට වෙනස්‌ වේ. එසේ ම ශාකයේ පරිසර විද්‍යාත්මක ලක්‍ෂණ ද මඤ්ඤොක්‌කා අලවල අඩංගු සයනයිඩ ප්‍රමාණය තීරණය වීමට දායක වේ. කෙසේ නමුදු බොහෝ මඤ්ඤොක්‌කා ප්‍රභේදවල අලයේ පොත්තෙහි, එහි මාංශයට සාපේක්‍ෂ ව වැඩි ප්‍රමාණයක්‌ සයනයිඩ අන්තර්ගත වේ (5 හෝ 10 ගුණයක්‌ පමණ).

මඤ්ඤොක්‌කා අලයෙහි අඩංගු සයනයිඩ ප්‍රමාණය අනුව ජාත්‍යන්තර ආහාර සංවිධානය (FAO) මඟින් මඤ්ඤොක්‌කා කාණ්‌ඩ 3කට වර්ගීකරණය කර ඇත. ඒවා නම්,

1. උපද්‍රවයක්‌ නැති / අවම විෂ සහිත ප්‍රභේද (Innocuous) - සයනයිඩ ප්‍රමාණය 50ppmවලට වඩා අඩු

2. මධ්‍යම / තරමක්‌ විෂ සහිත ප්‍රභේද (Moderately poisonous) - සයනයිඩ ප්‍රමාණය 50 -100ppm අතර

3. අන්තරාදායක / උග්‍ර විෂ සහිත ප්‍රභේද (Dangerously poisonous) - සයනයිඩ ප්‍රමාණය 100ppmට වැඩි

ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් නිර්දේශිත ප්‍රභේද වන MU 51, CARI 555, කිරිකවඩි, සුරනිමල, ස්‌වර්ණ සහ ශානි යන ප්‍රභේද හය ම උපද්‍රවයක්‌ නැති නැත හොත් අඩු ම විෂ සහිත ප්‍රභේද ලෙසින් දැක්‌විය හැකි ය.

මඤ්ඤොක්‌කා අල විවිධ පිරිසැකසුම් ක්‍රමවලට බඳුන් කිරීමේ දී සයනොජෙනික ග්ලයිකොසයිඩ, ලිනමරේස්‌ එන්සයිමය සමඟ එක්‌ වීම නිසා හයිඩ්‍රජන් සයනයිඩ බවට ජල විච්ඡේදනය වී අලයෙන් ඉවත් වීම සිදු වේ. නිසි පරිදි පිරිසැකසුම් නො කළ මඤ්ඤොක්‌කා ආහාරයට ගත් විට ඒවායේ අඩංගු අවශේෂ ලිනමරින් අප ශරීරයට ඇතුළු වේ. අප ආහාර මාර්ගයේ දී මේ ලිනමරීන්, ග්ලුකෝස්‌ සහ ඇසිටෝන් සයනොහයිඩී්‍රන් (Acetone cyanohydrin) අණු බවට ජල විච්ඡේදනය වන අතර පසුව ඇසිටෝන් සයනොහයිඩී්‍රන් හයිඩ්‍රජන සයනයිඩ බවට ඛණ්‌ඩනය වේ. එසේ නිපදවෙන සයනයිඩ අප රුධිරයට වේගයෙන් අවශෝෂණය වේ. අප ශරීරයේ අක්‌මාවේ දී මේ සයනයිඩ විෂහරණය වී, විෂ අඩු අණු බවට පත් කර, මුත්‍ර මාර්ගයෙන් ශරීරයෙන් පිට කරයි.

 

අප වැඩි වශයෙන් සයනොජෙනික ග්ලයිකොසයිඩ අඩංගු මඤ්ඤොක්‌කා අල හෝ නිසි පරිදි පිරිසැකසුම් නො කළ මඤ්ඤොක්‌කා ආහාරයට ගැනීමෙන් මඤ්ඤොක්‌කා විෂ වීම සිදු විය හැකි ය. එසේ විෂ වීම, උග්‍ර විෂ වීම හා කාලාන්තරයක්‌ තිස්‌සේ විෂ එකතු වීම නිසා සිදු වන දිගුකාලීන විෂ වීම යනුවෙන් දෙයාකාරයකින් දැක්‌විය හැකි ය. උග්‍ර විෂ වීම මරණයට හේතු වන අතර, දිගුකාලීන විෂ වීම් ගලගණ්‌ඩය, ස්‌නායු රෝග වැළැඳීම සහ ළමයින්ගේ වර්ධනය බාල වීම වැනි තත්ත්ව ඇති වීමට දායක වේ.

මඤ්ඤොක්‌කා නිසි පරිදි සකස්‌ කිරීම එහි අඩංගු විෂ ප්‍රමාණය අවම කිරීමට හේතු වනු සේ ම, මඤ්ඤොක්‌කාවල ආහාරමය ගුණය සහ රසය ඉහළ නැංවීමටත්, වැඩි කාලයක්‌ ගබඩා කර තබාගනිමින් ආහාරයට ගැනීමටත් ඉඩ සලසා දෙයි.

මඤ්ඤොක්‌කා ආහාරයට ගැනීම ඉහළ නැංවීම සහ කර්මාන්ත සඳහා භාවිතය ඉහළ නැංවීම උදෙසා, විවිධ පිරිසැකසුම් ක්‍රම මඟින් මඤ්ඤොක්‌කා අලයෙහි අඩංගු විෂ සංඝටක ප්‍රමාණය වෙනස්‌ වීම නිර්ණය කිරීමට පර්යේෂණ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ ආහාර විද්‍යා හා තාක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි. එහි ප්‍රතිඵල වගුවේ දක්‌වා ඇත (වගුව බලන්න).

එසේ ම මඤ්ඤොක්‌කා අල පිරිසැකසීමේ දී කැපීමට වඩා පීරි ගෑම සහ කෙටීම සයනයිඩ ප්‍රමාණය අඩු කිරීමට දායක වන බවත්, මඤ්ඤොක්‌කා අල තැම්බීමේ දී කැබැලි ප්‍රමාණයෙන් කුඩා කිරීම, තැම්බීමට දමන ජල ප්‍රමාණය වැඩි කිරීම, වැඩි වේලාවක්‌ විවෘත බඳුනක තැම්බීම මඟින් සයනයිඩ ප්‍රමාණය අඩු වීම වඩාත් ප්‍රබල කිරීමට දායක වන බවත්, තහවුරු වී ඇත. එසේ ම තැම්බීමට ගන්නා ජලය කිහිප වරක්‌ පෙරා හැරීම ද සයනයිඩ් ප්‍රමාණය අඩු කිරීමට දායක වන බව තහවුරු වී ඇත.

ස්‌තූතිය :-

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය ඉන්දිරා වික්‍රමසිංහ, මහාචාර්ය ජගත් වංසපාල සහ ජාතික හරිත ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සේන පීරිස්‌ මහතා පර්යේෂණ දායකත්වය දැක්‌වූ අතර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ පර්යේෂණ මූල්‍ය ප්‍රතිපාදනවල දායකත්වයෙන් පර්යේෂණ කටයුතු සිදු කෙරේ. එම දිරිගැන්වීම ඉමහත් කෘතවේදී ව අගය කරනු ලැබේ.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...