Skip to main content

දරුවන්ගේ ලෙඩට පෞද්ගලික අංශයෙන් ලබාගත හැකි එන්නත්

දරුවන්ගේ ලෙඩට පෞද්ගලික අංශයෙන් ලබාගත හැකි එන්නත්

2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:3042
කුඩා දරුවන්ට රෝහල් ආශ්‍රිතව ලෙඩ රෝග වළක්වන මූලිකව එන්නත් ලබා දෙනවා. ඒ වගේම පෞද්ගලික සායනවලින් ලබාගත හැකි එන්නත්ද තිබෙනවා. අද අපි බලමු මොනවද ඒ එන්නත් වර්ග කියලා.
පැපොල එන්නත
පැපොල නැත්නම් Chicken pox රෝගය වළක්වා ගැනීම සඳහා Varicella Zoster vaccine නමැති එන්නත දෙනු ලබයි. එය මාස 12 සිට මාස 15 අතර කාලයේ එක එන්නතකුත් අවුරුදු 4 සිට 6 දක්වා දෙවන එන්නතත් ලෙස විදිය යුතුයි. මාස 12 -15 අතර කාලයේ මෙම එන්නත ලබා නොදුන් අවුරුදු 12 ට අඩු දරුවෙකුට පළමුවන එන්නතින් මාසතුනකට පසුව දෙවන එන්නත දෙන්න ඕන. අවුරුදු 12 න් පසුව සති 6 සිට 10ක් ඇතුළත එන්නත් දෙකක් වශයෙන් ලබාදිය යුතුයි.
මෙම එන්නත පෞද්ගලික අංශයෙන් එන්නත් ලබාගන්න කෙනෙක් නම් අනෙත් එන්නත් එක්කම .එක දවසේ තැන් දෙකකට වෙන වෙනම ලබාගන්න පුළුවන්. එහෙම නැත්නම් අනෙක් එන්නතකින් මාසයකටවත් පරතරයක් සහිතව ලබාගත යුතුයි.
ඉන්ෆ්ලුවෙන්සා එන්නත (Influenza vaccine)
මේ වැස්ස දවස්වල මතකයට එන වැදගත් එන්නතක් තමා මේ. මෙම එන්නත මාස හයෙන් අඩු බබාලට දෙන්නේ නෑ. මාස හයේ සිට අවුරුදු තුන දක්වා දරුවන්ට සාමාන්‍ය අයට දෙනවා වගේ බාගයක් තමයි දෙන්නේ. අවුරුදු නවය දක්වා මීට පෙර මෙම එන්නත ලබාදුන්නැති දරුවන්ට මාසයක පරතරය සහිතව එන්නත් දෙකක් ලෙස ලබාදිය යුතුයි. අවුරුදු නවයෙන් පසුව එක එන්නතක් පමණක් ලබාදිය හැකියි. ඒ වුණත් මෙහි ආරක්ෂාව පවතින්නේ අවුරුද්දක් පමණයි. ඒ නිසා වසරක් පාසා මෙම එන්නත ලබාගත යුතුයි. මෙය බොහෝදුරට වැදගත් වන්නේ ප්‍රතිශක්තිය අඩු වැඩිමහලු පුද්ගලයන්ට හා දීර්ඝකාලීන රෝග තත්ත්වයන් තිබෙන පුද්ගලයන් සඳහායි.
නියුමෝකොකල් එන්නත  Pneumococcal vaccine
පොඩි අයට විදින්නේ pneumococcal conjugate vaccine කියන එන්නතයි. මේක 2,4,6 යන මාසවලදී අනිත් එන්නත් එක්කම විදින්න ඕන. එතකොට අනෙක් එන්නතත් පෞද්ගලික අංශයෙන්ම ලබාගත යුතුයි. මේ කාලයේදී විදින්න බැරිවුණොත්. මාස 7න් පසුව පළවැනි එන්නත විද්දොත් ආයෙ සති 4කින් දෙවන එන්නතත් බබාට අවුරුද්දෙන් පස්සේ තුන්වන එන්නතත් විදිය යුතුයි. අවුරුද්දෙන් පසුව පළමු එන්නත විදිනවා නම් මාස දෙකකට පසු තවත් එන්නතක් විදිය යුතුයි. අවුරැදු 2 සිට 5 දක්වා එක එන්නතක් ප්‍රමාණවත්. මෙයින් ලැබෙන ප්‍රතිශක්තිය අවුරුදු තුනකට ප්‍රමාණවත්.
Rota virus එන්නත
අවුරුදු තුනට අඩු බබාලාට පාචනය හා විජලනය හැදෙන්න ප්‍රධාන හේතුව මේ Rota virus එක කියලයි සැළකෙන්නේ. නමු ලංකාවේ මේ නිසා වන මරණ සංඛ්‍යාව නම් අනෙක් රටවල් එක්ක බලනකොට ගොඩාක් අඩුයි. මේ සඳහා එන්නත් වර්ග දෙකක් තියෙනවා.
ලංකාවේ තියෙන්නේ මුඛයෙන් දෙන live attenuated oral vaccine එකක්. සති හයට වැඩි බබාලට දෙන්න පුළුවන්. සති හතරකට පස්සේ ආය දෙන්න ඕන. සාමාන්‍යයෙන් දෙන්නේ මාස දෙකේදී හා හතරේදී අනෙක් එන්නත් සමග.
Hepatitis - A එන්නත
මේ ආහාර මගින් ඇතිවන හෙපටයිටිස් සඳහා දෙනු ලබන එන්නතයි. අවුරැදු දෙකට වැඩි අයටයි දෙන්නේ. පළවැනි එන්නත දීලා මාස හයෙන් හයට මාස දොළහ දක්වා   දෙන්න ඕන.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...