Skip to main content

සිරුරත් මනසත් දුර්වල කරන ඩිමෙන්ෂියා

සිරුරත් මනසත් දුර්වල කරන ඩිමෙන්ෂියා



මහලුවිය එළැඹීම, නැතහොත් වියපත්වීම යනු දුර්වලවීම හෝ හැකියාවන්ගෙන් තොරවීම නොවේ. බොහෝදෙනකු සිතා සිටින්නේ වියපත්වීම යනු සිරුරින් මනසින් දුර්වල රෝගියෙකු බිහිවීමට මග විවෘතවීමක් ලෙසය.
එහෙයින් ඔවුන් කයින් මනසින් ඇතිවන යම් දුර්වල බවක් වයස මත පටවා ප්‍රතිකාර වෙත යොමුවීම මගහැර සිටී එයින් සිදුවන්නේ එය තීව්‍රම රෝගී තත්ත්වයක් ලෙස වැඩි දියුණු වී විශාල සමාජ ප්‍රශ්නයක් ගොඩ නැංවෙන අතර වැඩිහිටියාට ජීවිතයේ සැඳෑ සමය අසතුටින් රෝගී අයෙකු ලෙස සීමා වී ගෙවන්නට සිදුවීමය.
ඩිමෙන්ෂියා නැතිනම් චිත්ත වික්ෂේපය ගැන ඔබ දැන සිටිය යුතුවන්නේ මෙවැනි පසුබිමකය. වයස අවුරුදු 60 ට වැඩි මෙන්ම ඇතැම් විට ඊට අඩුවයස් වලදීද ඩිමෙන්ෂියා රෝග ලක්ෂණ මතුකරවන්නට ඉඩ ඇති අතර කාන්තාවන් අතර තුන් ගුණයකින් බහුලය.
ඩිමෙන්ෂියාවට ප්‍රතිකාර ලබානොගත හොත් මරණීය රෝගයක් දක්වා වැඩි දියුණු විය හැකිවාක් මෙන්ම විෂාදය වැනි වෙනත් මානසික රෝගවලට ද ගොදුරුවීමේ ඉඩකඩක් සලසනු ඇත. ඇතැම් විට වැඩිහිටියන් විසින් සිදුකරන සමහර කාර්යයන් අප  ඩිමෙන්ෂියාව යැයි හඳුනානොගන්නා තරමට සුලභ රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.
වැඩිහිටි  නැතිනම් මහළු විය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු සිතන්නේ  එතරම් කැමැත්තකින් නොවේ.
එයට හේතුව වියපත්වීමත් සමගම ඇතිවේ යැයි සිතන රෝගාබාධ මෙන්ම කායික ශක්තියේ මතුවන නොයෙකුත් දුර්වලතා හේතුවෙනි. මේ වන විට අප රටේ වැඩිහිටි ජනගහණය සීඝ්රොයෙන් ඉහළ යමින් පවතින අතර ඒ සමගම වැඩිහිටියන් වෙනුවෙන් සපයන සෞඛ්යී සේවාවන් වැඩි දියුණු කිරීම කෙරෙහිද රජයේ අවධානය යොමුව තිබේ. නමුත් වියපත්වීම යනු රෝගීවීම නොවේ.
බොහෝ විට විශ්රායම වීවිතය සම්බන්ධයෙන් අප අසන්නට දකින්නට හුරු පුරුදුව ඇත්තේ වැඩක් නොකර නිකම් සිටීමට උදාවන කාලය යන්න වුවත් වැඩිහිටි විය යනු වඩාත් ඵලදායී ලෙස ක්‍රියාකාරීව වැඩ කළ හැකි අවධියක්ය යන්න  ලෝකයේ පිළිගැනීමයි.
කෙසේ නමුත් මහළු විය එළැඹීමේදී වඩාත් නිරෝගී විය යුත්තේ මානසිකත්වයයි. ඒ හරහා නීරෝගීමත් ශරීර ශක්තියක් ඇතිකර ගැනීමට යමෙකුට  බාධාවක් නොවේ. එහෙයින් අද අප සෞඛ්ය  පිටුව තුළින් සාකච්ඡාවට බඳුන් කරනුයේ වියපත්වීම සමග නොදැනීම ඇතිවීමට ඉඩ පවතින මානසික තත්ත්වයේ එක් වෙනස්වීමක් පිළිබඳවය
ඩිමෙන්ෂියාව කියන්නේ රෝග ලක්ෂණ එකතුවක්. ඒ සඳහා විවිධ හේතු බලපාන්නට හැකියි. ඒ හේතු හැමෙකක්ම බලපාන්නේ මොළයේ සෛල වලටයි. මොළයේ කිසියම් කොටසක සෛල විනාශ වී යාම නිසා ඒ කොටස්වලින් පාලනය වන ක්‍රියාකාරකම් නිසි පරිදි ඉටුකර ගැනීමට නොහැකි වීම හේතුවෙන් හට ගැනෙන අවුල් සහගත තත්ත්වයන් පොදුවේ හැඳින්වෙන්නේ ඩිමෙන්ෂියාව ලෙසටයි. මෙයින් බහුලව දක්නට ලැබෙන්නේ අමතක වීමේ රෝගී තත්ත්වය නිසාම මෙයට කවුරුත් කියන්නේ අමතක වීමේ රෝගය කියලයි.
මේ ඩිමෙන්ෂියා රෝගයට ගොදුර වූවන් වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය අලුත්ම දත්ත කිහිපයක් හා රෝගය වළක්වාලීම වෙනුවෙන් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරනු ලැබ ඇත.
ඒ යටතේ  අනිවාර්යයෙන්ම ශාරීරික අභ්‍යාස කළ යුතු බවටත්, දුම්පානය හා මද්‍යසාර භාවිතයෙන් වැළකීම , සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභවය, ශරීරයේ ස්කන්ධ දර්ශකය පාලනය කිරීම, රුධිර පීඩනය පාලනය කර ගැනීම , රුධිර නාල වල මේද තැන්පත් කර ගැනීමෙන් පාලනය වීම (කොලෙස්ටරෝල්) දියවැඩියාව පාලනය කර ගැනීම සිදු කර ගැනීමෙන් මෙම රෝග තත්ත්වය අඩු කර ගත හැකි බව ඔවූහු පෙන්වා දෙති.මේ සඳහා විටමින් වර්ග හෝ ඊට උදව් කිරීම වළක්වාලන දෑ භාවිතයට නොගන  බාහිර ක්‍රියාකාරකම් වල යෙදීම තුළින් ඒවා වළක්වා ගත හැති බවය. එසේම ශ්‍රවන උපංග පැළදීම තුළින් මෙම ඩිමෙන්ෂියා රෝගය ඇතිවීම පාලනය කරන බවට විද්‍යාත්මකව තහවුරු කර ගෙන නොමැතිව බවද ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටී.
ලොව පුරා සිටින මිලියන පනහකට වැඩි පිරිසක් පීඩා විඳින්නේ  ඩිමෙන්ෂියා නැතිනම් චිත්ත වික්ෂේපය නැමැති රෝගය නිසාවෙනි.ඒ වගේම සෑම වසරකදීම මෙම රෝගය අලුතින්ම වැළඳුනු මිලියන 10කට ආසන්න පිරිසක් ඊට එක්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර ගෙන ඇත.ඒ වගේම ඉදිරි වසර 30 මෙම සංඛ්‍යාව තුන් ගුණයකින් ඉහළ ගොස් වසර 2030 දී ලොවපුරා සිටින ඩිමෙන්ෂියා රෝගීන්ගේ වෙනුවෙන් වියදම් කරන මුදල ඇමෙරිකා ඩොලර් ටි්‍රලියන 2 ඉක්මවනු ඇතැයිද ඔවූහු කියා සිටිති.
මේ සා විශාල මුදල් කන්දරාවක් වියදම් කරනා ඩිමෙන්ෂියා රෝගීන් වෙනුවෙන් පමණක් නොව ඊට ගොදුරු වීමෙන් වළක්වාලීම වෙනුවෙන් මෙම නව මාර්ගෝපදේශන මාලාව හඳුන්වා දුන් බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දේ.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...