Skip to main content

සිරුරත් මනසත් දුර්වල කරන ඩිමෙන්ෂියා

සිරුරත් මනසත් දුර්වල කරන ඩිමෙන්ෂියා



මහලුවිය එළැඹීම, නැතහොත් වියපත්වීම යනු දුර්වලවීම හෝ හැකියාවන්ගෙන් තොරවීම නොවේ. බොහෝදෙනකු සිතා සිටින්නේ වියපත්වීම යනු සිරුරින් මනසින් දුර්වල රෝගියෙකු බිහිවීමට මග විවෘතවීමක් ලෙසය.
එහෙයින් ඔවුන් කයින් මනසින් ඇතිවන යම් දුර්වල බවක් වයස මත පටවා ප්‍රතිකාර වෙත යොමුවීම මගහැර සිටී එයින් සිදුවන්නේ එය තීව්‍රම රෝගී තත්ත්වයක් ලෙස වැඩි දියුණු වී විශාල සමාජ ප්‍රශ්නයක් ගොඩ නැංවෙන අතර වැඩිහිටියාට ජීවිතයේ සැඳෑ සමය අසතුටින් රෝගී අයෙකු ලෙස සීමා වී ගෙවන්නට සිදුවීමය.
ඩිමෙන්ෂියා නැතිනම් චිත්ත වික්ෂේපය ගැන ඔබ දැන සිටිය යුතුවන්නේ මෙවැනි පසුබිමකය. වයස අවුරුදු 60 ට වැඩි මෙන්ම ඇතැම් විට ඊට අඩුවයස් වලදීද ඩිමෙන්ෂියා රෝග ලක්ෂණ මතුකරවන්නට ඉඩ ඇති අතර කාන්තාවන් අතර තුන් ගුණයකින් බහුලය.
ඩිමෙන්ෂියාවට ප්‍රතිකාර ලබානොගත හොත් මරණීය රෝගයක් දක්වා වැඩි දියුණු විය හැකිවාක් මෙන්ම විෂාදය වැනි වෙනත් මානසික රෝගවලට ද ගොදුරුවීමේ ඉඩකඩක් සලසනු ඇත. ඇතැම් විට වැඩිහිටියන් විසින් සිදුකරන සමහර කාර්යයන් අප  ඩිමෙන්ෂියාව යැයි හඳුනානොගන්නා තරමට සුලභ රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.
වැඩිහිටි  නැතිනම් මහළු විය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු සිතන්නේ  එතරම් කැමැත්තකින් නොවේ.
එයට හේතුව වියපත්වීමත් සමගම ඇතිවේ යැයි සිතන රෝගාබාධ මෙන්ම කායික ශක්තියේ මතුවන නොයෙකුත් දුර්වලතා හේතුවෙනි. මේ වන විට අප රටේ වැඩිහිටි ජනගහණය සීඝ්රොයෙන් ඉහළ යමින් පවතින අතර ඒ සමගම වැඩිහිටියන් වෙනුවෙන් සපයන සෞඛ්යී සේවාවන් වැඩි දියුණු කිරීම කෙරෙහිද රජයේ අවධානය යොමුව තිබේ. නමුත් වියපත්වීම යනු රෝගීවීම නොවේ.
බොහෝ විට විශ්රායම වීවිතය සම්බන්ධයෙන් අප අසන්නට දකින්නට හුරු පුරුදුව ඇත්තේ වැඩක් නොකර නිකම් සිටීමට උදාවන කාලය යන්න වුවත් වැඩිහිටි විය යනු වඩාත් ඵලදායී ලෙස ක්‍රියාකාරීව වැඩ කළ හැකි අවධියක්ය යන්න  ලෝකයේ පිළිගැනීමයි.
කෙසේ නමුත් මහළු විය එළැඹීමේදී වඩාත් නිරෝගී විය යුත්තේ මානසිකත්වයයි. ඒ හරහා නීරෝගීමත් ශරීර ශක්තියක් ඇතිකර ගැනීමට යමෙකුට  බාධාවක් නොවේ. එහෙයින් අද අප සෞඛ්ය  පිටුව තුළින් සාකච්ඡාවට බඳුන් කරනුයේ වියපත්වීම සමග නොදැනීම ඇතිවීමට ඉඩ පවතින මානසික තත්ත්වයේ එක් වෙනස්වීමක් පිළිබඳවය
ඩිමෙන්ෂියාව කියන්නේ රෝග ලක්ෂණ එකතුවක්. ඒ සඳහා විවිධ හේතු බලපාන්නට හැකියි. ඒ හේතු හැමෙකක්ම බලපාන්නේ මොළයේ සෛල වලටයි. මොළයේ කිසියම් කොටසක සෛල විනාශ වී යාම නිසා ඒ කොටස්වලින් පාලනය වන ක්‍රියාකාරකම් නිසි පරිදි ඉටුකර ගැනීමට නොහැකි වීම හේතුවෙන් හට ගැනෙන අවුල් සහගත තත්ත්වයන් පොදුවේ හැඳින්වෙන්නේ ඩිමෙන්ෂියාව ලෙසටයි. මෙයින් බහුලව දක්නට ලැබෙන්නේ අමතක වීමේ රෝගී තත්ත්වය නිසාම මෙයට කවුරුත් කියන්නේ අමතක වීමේ රෝගය කියලයි.
මේ ඩිමෙන්ෂියා රෝගයට ගොදුර වූවන් වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය අලුත්ම දත්ත කිහිපයක් හා රෝගය වළක්වාලීම වෙනුවෙන් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරනු ලැබ ඇත.
ඒ යටතේ  අනිවාර්යයෙන්ම ශාරීරික අභ්‍යාස කළ යුතු බවටත්, දුම්පානය හා මද්‍යසාර භාවිතයෙන් වැළකීම , සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභවය, ශරීරයේ ස්කන්ධ දර්ශකය පාලනය කිරීම, රුධිර පීඩනය පාලනය කර ගැනීම , රුධිර නාල වල මේද තැන්පත් කර ගැනීමෙන් පාලනය වීම (කොලෙස්ටරෝල්) දියවැඩියාව පාලනය කර ගැනීම සිදු කර ගැනීමෙන් මෙම රෝග තත්ත්වය අඩු කර ගත හැකි බව ඔවූහු පෙන්වා දෙති.මේ සඳහා විටමින් වර්ග හෝ ඊට උදව් කිරීම වළක්වාලන දෑ භාවිතයට නොගන  බාහිර ක්‍රියාකාරකම් වල යෙදීම තුළින් ඒවා වළක්වා ගත හැති බවය. එසේම ශ්‍රවන උපංග පැළදීම තුළින් මෙම ඩිමෙන්ෂියා රෝගය ඇතිවීම පාලනය කරන බවට විද්‍යාත්මකව තහවුරු කර ගෙන නොමැතිව බවද ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටී.
ලොව පුරා සිටින මිලියන පනහකට වැඩි පිරිසක් පීඩා විඳින්නේ  ඩිමෙන්ෂියා නැතිනම් චිත්ත වික්ෂේපය නැමැති රෝගය නිසාවෙනි.ඒ වගේම සෑම වසරකදීම මෙම රෝගය අලුතින්ම වැළඳුනු මිලියන 10කට ආසන්න පිරිසක් ඊට එක්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර ගෙන ඇත.ඒ වගේම ඉදිරි වසර 30 මෙම සංඛ්‍යාව තුන් ගුණයකින් ඉහළ ගොස් වසර 2030 දී ලොවපුරා සිටින ඩිමෙන්ෂියා රෝගීන්ගේ වෙනුවෙන් වියදම් කරන මුදල ඇමෙරිකා ඩොලර් ටි්‍රලියන 2 ඉක්මවනු ඇතැයිද ඔවූහු කියා සිටිති.
මේ සා විශාල මුදල් කන්දරාවක් වියදම් කරනා ඩිමෙන්ෂියා රෝගීන් වෙනුවෙන් පමණක් නොව ඊට ගොදුරු වීමෙන් වළක්වාලීම වෙනුවෙන් මෙම නව මාර්ගෝපදේශන මාලාව හඳුන්වා දුන් බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දේ.

Comments

Popular posts from this blog

කොරියානු කතා

කොරියානු කතා රූපවාහිනියේ කොරියානු කතා මාලාවන් සිංහල භාෂාවෙන් හඬකවා විකාශනය කිරීම ආරම්භ කරාට පස්සෙ අපේ රටේ ජනතාවත් කොරියානු කතාමාලා බලන්න පුරුදු වුනා.කොරියානු නළු නිළියන් ඉන්න day card, poster වගේ දේවල් උණු කැවුම් වගේ විකිණෙන්න පටන්ගත්තා.ගොඩක් අය ආස කරන කොරියානු කතා ගැන තමයි මේ post එකෙන් මන් කතා කරන්න යන්නෙ.              චංගුමී ඉන්න සුජාත දියණි ටෙලිනාට්‍යයෙන් පටන්ගත්ත කොරියානු කතාවල ජනප්‍රියත්වය Boys over flowers ටෙලිනාට්‍යත් සමගම තවත් වැඩි වුණා.            මම සාමාන්‍යයෙන් බලන්න කැමති American TV series. කුතුහලය,ත්‍රාසය, ආදරය මේ හැම දෙයක්ම එකට මිශ්‍ර වුන , කොයිතරම් බැලුවත් එපා නොවෙන කතාමාලාවන් බලලා ඉවර කරන්න බැරි තරම් තියනව.ඒ වගේම කොරියන් TV series වුණත් නරකම නෑ කියල මට පස්සේ තේරුණා. :) :D              මමත් මුලින්ම කොරියානු කතාවලට වැඩි කැමැත්තක් දැක්වුවේ නෑ.හැමෝම වගේ චංගුමීට පිස්සු වැටිල ඉන්න එක විකාරයක් විදියටයි මට දැනුනේ.මම සුජාත දියණිය නම් කොහොමටවත් බැලුවෙම නෑ.දවසක් මගේ හොඳම යාළුවෙක් මට කොරියානු TV Series වගයක් දුන්නා.මට බලන්නම දෙයක් තිබුණේ නැති දවසක මම ඒවා බලන්න පටන්ගත්තෙ. මම බල

රැජනට ගිය නුවර මැද ‘වලව්ව’.... ඉපැරණි දූල්ලෑව වලව්ව දැයි නිශ්චිත නොවන මතයක්...

- ඇන්ටන් චෙකොෆ් කුවින්ස් හෝටලයේ නවාතැන්ගත් අයෙක්... - ඉංග‍්‍රීසි ජාතික පියාෂෝ  මැතිණිය මිලට අරගෙන - ඉපැරණි දූල්ලෑව වලව්ව දැයි නිශ්චිත නොවන මතයක්... මහනුවර නග රයට පා තබන විට මේ අපේ අවසන් රාජධානිය වග හිතට කාවද්දන ප‍්‍රබලතම සාධකය මහනුවර ක්වීන්ස් හෝටල් ගොඩනැගිල්ලය. දළදා වීදිය ඔස්සේ ඉහළට වැව දෙසට යන විට වම්පසින්ද , මහයියාව දෙස සිට පැමිණ ඞී. එස් සේනානායක වීදිය දිගේ පැමිණෙන විට දළදා මැඳුර අභිමුවේදීද ඇස ගැටෙන ප‍්‍රතාපවත් කිරිසුදු තෙමහල් ගොඩනැගිල්ල රාජ තේජස් විදහා පාන්නේය. මේ ගොඩනැගිල්ල ඉපැරණි වලව්වක් වන දූල්ලෑව වලව්වම බවට ජන මතයයි. නමුත්, මෙය වලව්වක් නොව වලව් ත‍්‍රිත්වයක එකතුවක් බව මහනුවර ලෝක උරුම උපදේශක කමිටු සාමාජික පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්, ගවේෂණ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යය විද්‍යා මානව වංශ ජනශ‍්‍රැති පර්යේෂක විරාජ් නිරංජන් බාලසූරිය මහතා කියා සිටී. අද මෙම ගොඩනැගිල්ලේ ඇත්තේ ක්වීන්ස් හෝටලයය. මෙය ඉංග‍්‍රීසි ආණ්ඩුවේ අනුමැතිය ලබමින් බි‍්‍රතාන්‍ය මහරැුජිණට ගෞරවයක් වනු පිණිස යොදා ඇති නමකි. යුරෝපා රටවල් අතර තෝරා ගත් ගොඩනැගිලි කිහිපයක පමණක් ඇති හෝටල් සඳහා ක්වී

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළු සිසුන්