මෙවැනි ප්‍රහාරයකින් හටගන්නා මානසික ව්‍යාකූලතා නිහ`ඩ මාරයකු වැන්න. කායික තුවාල ලබන්නෝ ප්‍රතිකාර ලැබීමට සමගාමීව කාලයක් සම`ග සුව අතට හැරෙති. එහෙත් බොහෝ විට මානසික කම්පනයට මැදි වූ පුද්ගලයා එයට අදාළ ප්‍රතිකාර ලබාගන්නට යෙමු නො වන බැවින් ඔහුගේ හෝ ඇයගේ හෝ රෝගය වඩාත් නරක අතට හැරෙයි. මෙවැනි ප්‍රහාරයක දී විශාල ලෙස ම මානසික පීඩාවට පත් වන්නේ පවුලේ සියලු ම සාමාජිකයන් ඝාතනයට ලක් ව තමා පමණක් ඉතිරි වූවන් ය. එවැනි අය කීප දෙනකු ම අපට රූපවාහිනියෙන් හා මුද්‍රිත මාධ්‍යවලින් දැකගත හැකි විය. ඊළ`ගට වඩාත් ම අවදානම් සහගත පිරිස වන්නේ බෝම්බයට නිරාවරණය වී දිවි ගලවාගත් ගැබිනි මවුවරුන් සහ කුඩා දරුවන් ය.
ලංකාවේ පාස්‌කු ඉරිදා ප්‍රහාරයෙන් මානසික සංකූලතාවලට ගොදුරු වූවන් ගැන තවමත් නිසි තොරතුරු ලැබී නැති මුත් මෙවැනි අවස්‌ථාවලට අදාළ පර්යේෂණවල සාහිත්‍යයික විමර්ශන (literature reviews) එයට අදාළ තොරතුරු සමුදායක් අපට හෙළි කර දෙයි.
World Psychiatry ජර්නලයේ පළ වු Psychogical Effect of Bomb Blast on Pregnant Women මැයෙන් වූ අධ්‍යයනය ඊට හො`ද නිදසුනකි. නයිරෝබි විශ්වවිද්‍යාලයයේ මනෝ විද්‍යා අධ්‍යයන අංශයෙහි David M. Ndetei ඇතුළු පිරිස විසිනි මේ අධ්‍යයනය සිදු කරනු ලැබ තිබුණේ. පර්යේෂකයන්ගේ අවධානය යොමු ව තිබුණේ 1998 දී කෙන්යාවේ නයිරෝබි නගරයේ සිදු වූ බෝම්බ පිපිරවීම් නිසා ගැබිනි කතුන්ට ඇති වූ මානසික ගැටලු ගැන ය. මීට අමතර ව එම ගැබිනියන්ට ලැබුණු දරුවන්ට ඇති වූ මනෝවිද්‍යාත්මක බලපෑම් ගැන ද අවධානය යොමු කෙරිණි. මෙහි දී නයිරෝබි බෝම්බ පිපිරීමට මැදි වූ ගැබිනි මවුවරුන් 37 දෙනකු පිළිබ`ද දත්ත විමර්ශනය කෙරිණි. පාලක කණ්‌ඩායම ලෙස මේ අත්දැකීමට මුහුණ නො දුන් එහෙත් ඉහත සාම්පලයේ කතුන්ට සමාන සමාජ ආර්ථික පසුබිමක් ඇති කතුන් 41ක් ද සහභාගී කරගන්නා ලදි. අධ්‍යයනයට සහභාගී කරගත් මේ ගැබිනි මවුවරුන් සියල්ල ම බෝම්බ සිද්ධිය නිසා ක්‌ෂතිමය තත්ත්වයකට (Trauma) ගොදුරු වූ අයයි. මේ අයගේ ක්‌ෂතිමය ගැටලු විවිධ මට්‌ටම්වල පැවතිණි. ඔවුන්ට ලබා දුන් ප්‍රශ්නාවලී ම`ගින් ඔවුන්ගේ මානසික සංකූලතා පිළිබ`ද පැහැදිලි චිත්‍රයක් ලබාගත හැකි විය. මේ අය ගෙන් සියයට 86ක් පමණ ම බෝම්බ පිපිරුණු තැනට මීටර 100ක් ඇතුළත සිටි අයයි. ඉතිරි පිරිස මීටර 200-400 අතර දුරින් සිටි අයයි. මේ 37 අතරෙන් ආසන්න ව සියයට 90කට ම බෝaම්බයෙන් අති වූ මානසික කම්පනය හේතු කොටගෙන රැකියා කරගෙන යන්නට බැරි තත්ත්වයක් උදා විය. එසේ ම මොවුන් ගෙන් සියයට 22කට පමණ මතකය අහිමි වී තිබිණි. මේ 37 දෙනා බෝම්බ පිපිරීමේ අත්දැකීමට සජීවී ව මුහුණ දුන්නාට අමතර ව මොවුන් ගෙන් 6 දෙනකු තම සමීපතම ඥතීන් මේ බෝම්බයෙන් ඇහිමි වීමේ අත්දැකීම් ද ලබා තිබිණි. එක් කතකට සැමියා අහිමි විය. ඉතිරි 30 දෙනාට අවම වශයෙන් බෝම්බය නිසා එක් සමීප යහළුවකු හෝ අහිමි විය. මේ 37 අතරෙන් හතර දෙනකු අනතුරෙන් පසුව එළැඹි පළමු මාසය තුළ ම උපදේශන සේවා වෙත යොමු වී තිබිණි. තවත් 24ක් ඊට යොමු වූයේ පළමු මාසයෙන් පසු ව ය.
බෝම්බ පිපිරීමේ අත්දැකීමට මුහුණ දුන් මවුවරුන් ගෙන් සියයට 55ක් ම කියා තිබුණේ තමන් ලද උපදේශන සේවා ම`ගින් සුවිශාල සහනයක් හිමි වූ බවයි. එහෙත් මේ අය ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් පශ්චාද් ක්‌ෂතිමය ක්‌ලමථ අක්‍රමතාව (PTSD) නම් මානසික රෝගී තත්ත්වයට ගොදුරු ව තිබිණි. එපමණක් නො ව මෙවැනි PTSD තත්ත්වයන්ට ගොදුරු ව සිටි ගැබිනියන්ට ඉපදුණු දරුවන් බහුතරයකට මානසික සංකූලතා පැවතිණි. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ බෝම්බ පිපිරීම දරුවන්ගේ චර්යා කෙරෙහි මව හරහා අනියම් ලෙස හෝ බලපෑම් කර ඇති බවයි.
බෝම්බ, කුසයේ දරුවන්ටත් බලපෑම් කරනවා
Mental Retardation Follwing In utero exposure to the Atomic Bombs of Hirosima and Nagasiki මැයෙන් වූ, Radiology ජර්නලයෙහි පළ වූ අධ්‍යනය ද මේ ක්‍ෂේත්‍රය සම්බන්ධ විශාල දැනුමක් ලබා දෙයි. මේ අධ්‍යයනය සිදු කරනු ලැබ ඇත්තේ William J. Blot yd Robert Miller විසිනි. එම`ගින් පෙන්වා දී තිබුණේ බෝම්බයේ විකිරණවලට ලක් වීමේ ස්‌වභාවය මත බෝම්බයට නිරාවරණය වූ අදාළ ගැබිනියන්ගේ දරුවන්ගේ මානසික සංකූලතාවල තීව්‍රතාව තීරණය වූ බවයි.
අහිමි වීමේ වේදනාව හා විෂාදය
අප හමුවේ පවතින සමීපතම සිද්ධිය මරාගෙන මැරෙන බෝම්බය වුව ද කුමන ක්‍රමයකින් හෝ සිදු වන සමීපතමයකුගේ වියෝවක් කෙනකුට මානසික සංකූලතා හිමි කර දෙන්නට පුළුවන. විශේෂයෙන් ම සහකාරයා, සහකාරිය අහිමි වීම ඉතිරි ව සිටින කෙනාට උග්‍ර විෂාද තත්ත්ව හිමි කර දෙන්නට පුළුවන. එයට අදාළ එක් අධ්‍යයනයක් බෙල්ජියමේ KU Leuven විශ්වවිද්‍යාලයයේ ආචාර්ය Eiko Fred" Claudi Bockting, Retha Arjadi ඇතුළු පිරිස විසින් සිදු කරනු ලැබ ඇත. මේ අධ්‍යයනයේ නිබන්ධය Journal of Abnormal Psychologyහි පළ වී තිබේ. මෙහි දී පර්යේෂකයන් කළේ වයස අවුරුදු 65ට වඩා වැඩි විවාහක පුරුෂයන් හා ස්‌ත්‍රීන් කණ්‌ඩායමකගේ තොරතුරු එක්‌රැස් කිරීමයි. මේ 516 අතරෙන් 241 දෙනකුගේ සැමියා හෝ බිරිය හෝ මිය ගොස් තිබිණි. මේ අධ්‍යයනයට සහභාගී කරගත් එම 241 දෙනා ම සම්මුඛ සාකච්ඡා ස`දහා කැ`දවා තිබුණේ සහකරු සහකාරීයගේ වියෝවෙන් මාස හයකට පසුව ය. ඉන්පසු මාස හයෙන් හයට විෂාදයට අදාළ සායනික තොරතුරු ලබාගන්නා ලදි. මේ දත්ත පාලක කණ්‌ඩායමෙන් ද, එනම් ඉතිරි 274ක් ද ලබාගැනිණි. ඉන්පසු දෙපිරිසේ සායනික තත්ත්ව සස`දන ලදි. එවිට පෙනී ගියේ වියෝ වූ සහකරුවන් සහකාරියන් සිටි කණ්‌ඩායම වැඩියෙන් විෂාද ලක්‌ෂණ පෙන්වූ බව ය.
මරණයට අත වනන, ඥති හිතවතුන් වියෝව
මීට ම අදාළ තවත් අධ්‍යයනයක් Journal of Amercan Geriatric Societyහි නවතම කලාපයේ (2019 මාර්තු) පළ වී තිබේ. එම අධ්‍යයනයට අනුව තනිකම නිසා ඇති වන විෂාදය වැඩිහිටි පුද්ගලයන්ට මරණය කැ`දවන්නට සමත් ය.
මෙවැනි ම තවත් අධ්‍යයනයක් ඇමෙරිකාවේ Rice විශ්වවිද්‍යාලයයේ මනෝවිද්‍යා මහාචාර්ය Chris Fagunders විසින් සිදු කරනු ලැබ තිබේ. මීට අදාළ අධ්‍යයනය Psychoneuroendocrinology ජර්නලයේ පළ ව තිබේ. මෙහි දී කරන ලද්දේ ළ`ග දී සැමියා, බිරිය මිය ගිය පුරුෂයන් හා ස්‌ත්‍රීන් 99 දෙනකු තෝරාගෙන ඔවුන්ගේ දත්ත රැස් කිරීමයි. විශේෂයෙන් ම වියෝව නිසා ඔවුන්ට ඇති වූ චිත්ත වේදනාව ගැන දත්ත රැස් කරන ලදි. එය කරන ලද්දේ ප්‍රශ්නාවලියක් හරහා ය." ඔබ ඔහුගේ/ඇයගේ මරණය නිසා ජීවිතය අර්ථ ශුන්‍ය දෙයක් බවට පත් වී ඇතැයි සිතනවා ද? ඔබේ ජීවිතයට ඔහුගේ/ඇයගේ මරණයෙන් පසු නව අරමුණු තිබෙනවා ද? ඔබ ඔහු ගැන නිතර ම වැළපෙනවා ද? ආදි ලෙස විමසන ප්‍රශ්න හරහා අදාළ ස්‌ත්‍රියගේ/පුරුෂයාගේ අහිමි වීම් වේදනා ගැන දත්ත ලබාගෙන තිබිණි. ඒ හරහා සැමියාගේ බිරියගේ වියෝව නිසා ඉහළ වේදනාවක් ලබන හා එසේ නො වන ලෙස පිරිස කණ්‌ඩායම් දෙකකට බෙදන ලදි. අනතුරුව ඔවුන්ගේ ප්‍රදාහ තත්ත්වයන්ට (inflamation) අදාළ සායනික වාර්තා ලබාගන්නා ලදි. ඒවා සන්සන්දනයේ දී පෙනී ගියේ ඉහළ වේදනාවක් ලබමින් සිටි අයගේ දේහ ප්‍රදාහයන්ට ගොදුරු වීම සියයට 53කින් පමණ ඉහළ බවයි. මේ ප්‍රදාහ තත්ත්ව ඉහළ මට්‌ටමක ඇති වීම කෙනකු විෂාදයට ගොදුරු වීමේ අවදානම ඉහළ නංවන්නක් බව ද පර්යේෂකයෝ පවසති. එනම් පර්යේෂකයන් පෙන්වා දෙන්නේ සමීපතමයන්ගේ වියෝව විෂාදය ඉහළ නැංවීමේ සාධකයක් බවට පත් වන බවයි.
වැඩියෙන් දුක් වන (වැළපෙන) පුද්ගලයන්ගේ ප්‍රතිශක්‌ති පද්ධතිය තුළ Proinflammatory cytokine නම් සංඥ අණු සංඛ්‍යාව ඉහළ න`ගින බව පෙර කරන ලද අධ්‍යයන ම`ගින් තහවුරු වී තිබේ. Proinflammatory cytokine යනු ප්‍රදාහය ඉහළ නැංවීමට අදාළ සයිටොකයින නම් අණු විශේෂයකි. සයිටොකයින, පෙප්ඩයිඩ විශේෂයක් වන අතර සෛලීය සංඥකරණයේ දී (cell Signalling) වැදගත් වන්නකි. ප්‍රතිශක්‌ති සෛල පිරිපහදුව වැනි කටයුතුවලට මේවා අවශ්‍ය ය. ඉහළ විෂාද තත්ත්ව ඇති අයගේ ද මේ වර්ගයේ සයිටොකයින ඉහළ මට්‌ටමක ඇති බව පෙනී ගොස් තිබේ. පුද්ගලයකුට තනිකම නිසා විශේෂයෙන් ම පෙර ඇසුරක් ලැබ ඒ ඇසුර අහිමි වීම නිසා දේහයේ සයිටොකයින මට්‌ටම් ඉහළ යා හැකි ය.
අහිමි වූවන් සිහිපත් වීමේ වේදනාව
පස්‌කු ඉරිදා ප්‍රහාරයෙන් මිය ගිය අයගේ ඥතීන් තුළ ද විශාල මතක වේදනා ඇත. ඒ අයගේ ඉතිරි ව සිටින සමහරුන්ගේ පවුලේ සියලු ම දෙනා මිය ගොසිනි. කටුවපිටියේ ප්‍රහාරයෙන් බිරි`ද හා සියලු දරුවන් මිය ගිය ප්‍රදීප් නම් මහතකු පුවත්පතකට කර තිබූ ප්‍රකාශයක් පහත දැක්‌වේ.
"අපි එකට ගමනක් ගිහිං එයාල මා අතරම`ග දමලා ගියා. ඒත් පුතාල කතා කරනවා මට ඇහෙනවා. දැන් මං කෑව ද බිව්ව ද කියල හොයා බලන්න කවුරුත් නැහැ. දැන් මගේ ගෙදරත් එයාලා නිදාගෙන ඉන්න කනත්ත. මම වැඩි කාලයක් ගත කරන්නේ කනත්තේ. මගේ හිතට පුංචි හරි සැනසීමක් තියෙන්නේ එතනට ගියා ම විතරයි. මෙහෙ ඉ`දලා වැඩක් නැහැ. මාත් ඉක්‌මනට මගේ දරුවො ළ`ගට යන්න ඕනේ." ඒ ප්‍රකාශය ඔහු කෙතරම් උග්‍ර මානසික කම්පනයකට ගොදුරු ව ඇත් දැයි යන්නට සාක්‌ෂ්‍ය සපයයි. මෙලෙස ජීවිතය පිළිබ`ද ආශාව පහ ව යැම, දිවි නසාගන්නට සිතීම, මිය ගිය ඥතීන්a තමා හා සන්නිවේදනය කරන බව විශ්වාස කිරීම, ජීවිතයෙන් පලක් නැතැයි සිතීම, මට කවුරුත් නැතැයි සිතීම ආදිය විෂාදයේ, භින්නොන්මාදයේ හා වෙනත් මානසික රෝගවල මානසික ලක්‌ෂණ වේ. එහෙයින් ප්‍රහාරයෙන් හානි වූ ගොඩනැ`ගිලි ප්‍රතිසංස්‌කරණයට හා දක්‌වන අවධානයට වඩා වැඩි අවධානයක් බෝම්බ ප්‍රහාරයෙන් සමීපතමයන් අහිමි වූවන් කෙරෙහි දැක්‌විය යුතු වේ.
Comments
Post a Comment