Skip to main content

ජපානයේ පූස් දිවයිනේ පූසෝ මියයෑමේ අවදානමක

ජපානයේ පූස් දිවයිනේ පූසෝ මියයෑමේ අවදානමක

 2019 අගෝස්තු 12 වැනි සඳුදා - 172  
ජපානයේ නිරිතදිග මුහුදු කලාපයේ පිහිටා ඇති, මිනිසුන්ට වඩා බළලුන් අධික සංඛ්‍යාවක් සිටින උමෂිමා දූපතේ බළලුන්, තුනෙන් දෙකක ප්‍රමාණයක් දක්වා සීඝ්‍රයෙන් මිය යාමේ අවදානමට ලක්ව ඇතැයි වාර්තා වේ.
විෂ ශරීරගත වූ මසුන් ආහාරයට ගැනීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇතැයි බලධාරීහු කියති.‍ සත්ව සුභසාධන ආයතන පෙන්වාදෙන පරිදි 2014දී 90ක පමණ ප්‍රමාණයක සිටි  බළලුන් මේ වසරවන විට 30 දක්වා පහළ බැස තිබේ.
කෘෂිකාර්මික ප්‍රදේශ ඇතුළු උමෂිමාවේ විවිධ ප්‍රදේශවලින්  නිල් පැහැති ද්‍රව්‍යයක් ශරීරගත වූ මසුන් හමු වූ බවත්, ඔවුන්ව ආහාරයට ගත්තේ යැයි සිතිය හැකි, අප්‍රාණික බවින් යුතු බළලුන් දැකිය හැකි වූ බවද බලධාරීහු පවසති. නීරෝගී සම්පන්නව සිටි බළලුන් බොහෝදෙනෙකු මුවින් පෙණ දමමින්, අසනීප තත්ත්වයේ පසුවූ බවද, 2017 වසරේදී බළලුන් පස්දෙනෙකු මියගොස් සිටියදී වරාය ආශ්‍රිතව හමුවූ බවද, ඔවුහු කියති.
උමෂීමාව, අඕෂීමා නම් බළල් දිවයිනට වඩා බළල් ජනගහනයට උරුමකම් කී දූපතක් වන අතර, එහි  ගෘහාශ්‍රිතව 100කට අධික වන බළලුන් ප්‍රමාණයක්ද වෙසෙති. එය අනුපාතයක් වශයෙන් හයට එකකි. මේ අතර, ජපානයේ සත්ව සංගමයක් විසින් බළලුන් 90කගෙන් 79ක් වඳභාවයට පත්කර තිබිණි. ගන්ධය සහ බළලුන්ගේ කරච්චලය සම්බන්ධයෙන් උමෂිමාවට ලැබුණු පැමිණිලි හේතුවෙන් බළල් ගහනය අවමකිරීමට එසේ කටයුතු කළ බව එම නිලධාරීහු පවා ඇත.
එබැවින් බළලුන් මිය යෑම ස්වභාවික හේතුවක් නිසා නොව, සත්ව හිංසනයක් හෝ මානුෂීය ක්‍රියාකාරකමක් හේතුවෙන් සිදුවූවක් බවත් බලධාරීහු කියති.
මෙම පුවත මාධ්‍යවල පළවීමත් සමග එක්තරා මිනිසෙකු යමක් පවසා තිබිණි. ෙකපුටන්ගෙන් සිය අර්තාපල් අස්වැන්න ආරක්ෂා කර ගැනීමේ අරමුණින් කෘෂිකාර්මික කටයුතු සඳහා යොදන රසායනික වර්ගයක් මසුන්ගේ ශරීරයේ තවරා තම ගොවිපළේ තැබූ බවද බළලුන්ට හානිකිරීමේ අදහසක් නොතිබූ බවද ඔහු බවද ඔහු පවසා තිබිණි. ‘උමෂීමාවේ බොහෝ කපුටන් නැහැ. මේ මසුන් තබා තිබුණේත් බළලුන්ට පහසුවෙන් ළගා විය හැකි, ඔවුන් ආකර්ෂණය වන පෙදෙස්වල’ යැයි ඊට ප්‍රතිචාර දක්වමින් සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින්නෝ සඳහන් කර තිබිණි.
(ද ගාඩියන් ඇසුරිනි) ඩිල්ෂානි චතුරිකා දාබරේ

Comments

Popular posts from this blog

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළු සිසුන්

ලජ්ජා හිතෙන අධික ආශාව!

ලජ්ජා හිතෙන අධික ආශාව!   2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30   371 ලිංගික ආශාව කියන්නෙ මනුෂ්‍යයන්ට වගේම සතුන්ටත් ‍පොදු දෙයක්. හේතුව පරම්පරාව පවත්වාගෙන යාමට එය අත්‍යවශ්‍ය සාධකයක් වීමයි. නමුත් අසාමාන්‍ය අන්දමේ දැඩි ලිංගික ආශාවක් කෙනෙක් තුළ පවතිනවා නම් එය ඇතැම් විට රෝගයක් විය හැකිය. මෙසේ දිනකට පිරිමින් ගණනාවක් සමග හැසිරෙන්නට යම් කාන්තාවක් තුළ තදබල ආශාවක් ඇතිවීම හෝ එවැනි ආශාවක් යම් පිරිමියකු තුළ ඇතිවීම රෝගයක් වීමට අවකාශ තිබෙනවා. හැබැයි වෘත්තියක් වශයෙන් දිනකට පිරිමින් කිහිප දෙනකු සමග වුවද ලිංගිකව එක්වන ලිංගික සේවා සපයන්නියන් මෙයට අදාළ නෑ. දැන් අපි බලමු අසාමාන්‍ය අන්දමේ දැඩි ලිංගික ආශාව ඇති කරන හේතු. හෝමෝනවල වෙනස්කම් අධික ලිංගික ආවේග පළවීම හෝමෝනවල වෙනස්කම් නිසා ද හට ගැනීමට හැකියි.  ලිංගික හෝමෝන ස්‍රාවය වන්නේ පිටියුටරි ග්‍රන්ථිය ආශ්‍රිත ප්‍රදේශයෙන්. ඒ නිසා මෙහි ගෙඩියක්, පිළිකාවක් වැනි දෙයක් හටගත් විටද අධික ලිංගික ආශාවන් ඇතිවීමට අවකාශ තිබෙනවා. ඒ අනුව පෙර නොවූ ලෙස අධික අනුරාගී හැසිරීම් පළවන කෙනකු එය කායික හේතුවක් මත ඇති වන්නේද යන්න සොයාබැලීමට අන්තරාසර්ග ග්‍රන්ථි විශේෂඥ  වෛද

මානසික ආතතියත් සමඟ අපි ලෙඩ වන අයුරු

මානසික ආතතියත් සමඟ අපි ලෙඩ වන අයුරු   2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30   113 ඔබ උදේ නැගිටිනවා. වැඩට යන්න ලෑස්ති වෙනවා. ගෙදර වැඩ ටික වෙලාවට ඉවර කරගන්න බැරි වෙනවා. පාරට ආවත් වෙලාවට බස් එක ගන්න බැරි වෙනවා. වැඩට යනකොට විනාඩි 45ක් පරක්කු වෙනවා. වැඩ ගොඩගැහිලා. ඔබට ඔබ සටහන් ගෙදර අය සමඟත් මුළු ජීවිතේ ගැනත් තරහක් වගේම කලකිරීමක් ඇති වෙනවා. එදා මුළු දවසම අසුබවාදී සිතුවිලිවලින් පිරිලා. ඉතින් ඔබ දන්නවද මේක තමයි ‘කල් පවතින ආතතිය’ (Chronic stress) ඔබේ ජීවිතයේ පසුගිය එක සතියක් අරගෙන බලන්න. මනසට වද දෙන තරහා යන නොසන්සුන් වෙන, ඊර්ෂ්‍යා සහගත, සිතුවිලි ඇතිවෙන, දුක හිතෙන අවස්ථා සහ සිතුවිලිවලින් පිරිලා. මෙම ආතතිය සමඟ එන කෝටිසෝල් නැමති හෝමෝනය පමණක් නෙවෙයි අපේ ප්‍රතිශක්තිය බිඳ දමන සයිටොකයින් (Cytokines) නැමැති ප්‍රෝටීන ද ශ්‍රාවය වෙනවා. ඉක්මනින් ඔබ ලෙඩ වෙනවා. හෘදයාබාධ, දියවැඩියාව, අංශභාගය, මානසික අවපීඩනය වැනි තත්ත්වයන්ට ඔබ ගොදුරු වෙනවා. අපි සුගත් සහ ධම්මිගේ කතාව ඇසුරින් මේ ගැන තවත් ගැඹුරින් සොයා බලමු. 1. සුගත් සහ ධම්මිගේ කතාව සුගත්ගේ වයස අවු. 40යි. ඔහු බැංකුවක කළමනාකරුවෙක්. ධම්මිගේ වයස