Skip to main content

ශ්‍රී ලංකාවේ නාය ආපදාව සහ අවදානම...



ශ්‍රී ලංකාවේ ආපදා සැලකූ විට නාය ආපදා මෙරට ජනජීවිතයට ඉතා ප්‍රබල ලෙස බලපායි. එනිසා ම එම තත්ත්වය සලකා නාය අවදානම පවතින ප්‍රදේශ ලෙස දිස්‌ත්‍රික්‌ක 12ක්‌ හඳුනාගෙන ඇති අතර අවිධිමත් ව සිදු කෙරෙන සංවර්ධන ක්‍රියා නිසා කොළඹ සහ ගම්පහ දිස්‌ත්‍රික්‌ක දෙක ද ඊට ඇතුළත් වේ. මෙරට නාය ආපදා වාර්තා වන්නේ වර්ෂා කාලවල දී ය.

නාය අවදානම් කලාප සිතියම්

නාය අවදානම් කලාප සිතියම් ම`ගින් කඳුකරයේ නාය අවදානම ඇත්තා වූ ප්‍රදේශ හඳුනාගත හැකි ය. ජාතික ගොඩනැ`ගිලි පර්යේෂණ ආයතනය (නාය ආපදා පිළිබඳ පර්යේෂණ සිදු කරන මෙරට පවතින ප්‍රධානම ආයතනය) ම`ගින් මේ සිතියම් නිර්මාණය කර ඇති අතර 1(50000 පරිමාණයෙන් ලබාගත හැකි වේ. ඊට අමතරව 1:10000 සහ 1:5000 පරිමාණයේ සිතියම් නිර්මාණය කරමින් පවතින අතර නාය අවදානම ඇති දිස්‌ත්‍රික්‌කවල සමහර ප්‍රදේශ මේ වන විට ආවරණය කර ඇත.

මේ සිතියම් නිර්මාණයේ දී විවිධ භූ සාධක (සාධක හයක්‌) සලකා බලා ඇති අතර එක්‌ එක්‌ සාධක සඳහා අගයන් ලබා දී අදාළ ප්‍රදේශ සඳහා එම සාධකවල අගයන්හි එකතුව සලකා බැලේ. මේ සාධක ලෙස පාෂාණ වර්ගය සහ ව්‍යූහයන්, පාංශු වර්ගය සහ එහි ඝනකම, ආනතිය, ජලවහන රටාව, භුමි පරිහරණ රටාව සහ කළමනාකරණය සහ භූ රූපණය මේ සිතියම් නිර්මාණයේ දී අධ්‍යයනයට ලක්‌ කෙරේ.

සාධකවල බලපෑම

නාය යැම් ඇති වීම කෙරෙහි පාෂාණ වර්ගය විවිධ ලෙස බලපායි. ඉතා පහසුවෙන් අධික ව ජීර්ණයට ලක්‌ වන පාෂාණ නිසා ඉතා ඉක්‌මනින් පාංශු පැතිකඩවල් නිර්මාණය වේ. විශේෂයෙන් ම පෙල්ඩ්ස්‌පාර් නම් ඛනිජය බහුලව ඇත්තා වූ පාෂාණ ජීර්ණයට ඉතා පහසුවෙන් ලක්‌ වේ. එමෙන් ම ඉතා අධික ව පැලුම් ඇත්තා වූ පාෂාණ ද ඉතා පහසුවෙන් ජීර්ණයට ලක්‌ වේ. ජීර්ණය සඳහා විශේෂයෙන් ම ජලය, වාතය (ඔක්‌සිජන්), තාපය සහ ජීවීන් වැනි සාධක හේතු වන අතර මේ සාධක ඉතා හොඳින් ලැබෙන නිවර්තන කලාපයේ පාෂාණ ජීර්ණ වේගය සාපේක්‌ෂ ව වැඩි ය. එනිසා ම පාංශු පැතිකඩ නිර්මාණය වන වේගය ද වැඩි ය. ශ්‍රී ලංකාව සැලකූ කල මෙනිසා එහි තෙත් කලාපයේ ඉතා හොඳින් වර්ධනය වූ ඝනකම් පස්‌ තට්‌ටු දැකිය හැකි ය.

පාෂාණ ජීර්ණය හේතුවෙන් ඇති වන පස්‌ තට්‌ටු "ස්‌ථානීය පස්‌" (Residual soil) ලෙස හඳුන්වන අතර, කිසියම් හෝ හේතුවක්‌ නිසා මේ පස්‌ තවත් ස්‌ථානයකට තල්ලු වී යා හැකි ය. නැත හොත් ගසාගෙන යා හැකි ය. එලෙස නිර්මාණය වන්නේ අවසාදිත වන අතර සුළු දුරක්‌ ගමන් කිරීමෙන් තැන්පත් වන අවසාදිත "සුන්පහන්" (Collovial sediment) ලෙස හැඳින්වේ. නාය යැම හේතුවෙන් නිම්න භුමි හෝ කඳුකර පාදාන්තයේ හෝ එක්‌ රැස්‌ වන්නේ මෙවැනි අවසාදිත වේ.

කඳුකරයේ ආනතිය මෙලෙස නිර්මාණය වන පස්‌ සහ අවසාදිත කෙරෙහි බලපාන ආකාරය ඉතා තීරණාත්මක වේ. අධික ආනතියක්‌ ඇත්තා වූ බැවුම්වල බොහෝ විට පාංශු ස්‌තර රැෙ`දන්නේ නැත. ඉතා ඉක්‌මනින් ඒවා පහළට රූරා වැටෙයි. නැත හොත් පහසුවෙන් ඛාදනයට ලක්‌ වෙයි. බෑවුමේ ආනතිය මධ්‍යම අගයක ඇති විට (30-60 වැනි) ඝනකම් පස්‌ තට්‌ටු එම ආනත බෑවුමේ ටික කලක්‌ රැෙ`දන්නට හේතු වෙයි. එහෙත් කලක්‌ ගත වීමේ දී පාංශු ඝනකම වැඩි වත් ම බර ද වැඩි වන හෙයින් ඉතා පහසුවෙන් එතනින් මිදී පහළට රූරා යයි. නාය යැමක්‌ ලෙස හඳුන්වන්නේ මෙයයි. මේ ක්‍රියාදාමය අතිශය ස්‌වාභාවික වේ. වායුගෝලයට නිරාවරණය වන ඕනෑ ම දෙයක ජීර්ණය නම් වූ ස්‌වාභාවික ක්‍රියාදාමයට නතු වේ. පාෂාණ ජීර්ණය සහ පාංශු නිර්මාණය ද එලෙස ම ස්‌වාභාවික වූ ක්‍රියාදාමයන් වේ. ස්‌වාභාවික තත්ත්ව යටතේ මේ භූ ක්‍රියාකාරකම නවතාලිය හැකි නො වේ.

ස්‌වාභාවික වන වැස්‌ම දෙආකාරයකින් නාය යැම් සඳහා බලපායි. සමහර ශාක වර්ගවල මුල් පද්ධතිවල ක්‍රියාකාරකම් නිසා පාංශු අංශු ඉතා හොඳින් ග්‍රහණය කරගනිමින් පාංශු තට්‌ටු බඳවා රඳවා තබාගනී. එමෙන් ම පාංශු ජලය උරා ඉක්‌මනින් වාෂ්පීකරණයට ලක්‌ කර භූමිය වියළීමෙන් ද ජලයෙන් වන හානිය අවම කරයි. එහෙත් ශාක සන්තතිය වර්ධනය වත්ම එම පද්ධතියේ බර වැඩි කිරීමට එය හේතු වන හෙයින් නාය යැම් වර්ධනය කරන්නට ද එය හේතු වන බව අප වටහාගත යුතු ය. එනිසා භූමි පරිහරණ රටාව පිළිබඳව ඉතා සැලකිලිමත් විය යුතු ව ඇත. වන වැස්‌ම වැදගත් වන්නේ පාංශු කණිකා රඳවා තබාගැනීමට පමණක්‌ නො වේ. පාංශු ඛාදනය වළක්‌වාගැනීම ද මෙහි ලා ඉතා වැදගත් වෙයි.

ජලවහන රටාව සහ භූ අභ්‍යන්තර ජලය ද නාය යැම් කෙරෙහි ඉතා තදින් බලාපායි. එක එල්ලේ පතිත වන වර්ෂා ජලය එලෙස ම භූ අභ්‍යන්තරයට ගමන් කිරීම ආකාර දෙකකට බලපායි. භූ අභ්‍යන්තරයට ගලා යන ජලය නිසා පසෙහි අභ්‍යන්තර ජල පීඩනය වැඩි කරන අතර අනෙක්‌ පසින් එම පාංශු පද්ධතියේ බර වැඩි කරයි.

ප්‍රධාන නාය අවදානම් කලාප

මේ සාධක සියල්ල සැලකිල්ලට ගෙන නිර්මාණය කරන සිතියම්හි ප්‍රධාන අවදානම් කලාප හතරක්‌ (4) දැකිය හැකි ය. ඒ නාය අවදානම අධික ව ඇති කලාප, නාය අවදානම මාධ්‍යම ව ඇති කලාප, නාය අවදානම අඩු කලාප සහ නාය අවදානමක්‌ නොමැති කලාප ලෙස ය. කඳුකරයේ, අධික අවදානමක්‌ ඇත්තා වූ කලාප සංවර්ධන කටයුතු සඳහා භාවිත නො කළ යුතු ය. දැනට පවතින තත්ත්වයන් සැලකිල්ලට ගෙන ජාතික ගොඩනැ`ගිලි පර්යේෂණ සංවිධානය අනෙකුත් අවදානම් කලාප දෙකහි සිදු කරන සංවර්ධන කටයුතුවල දී තාක්‌ෂණික නිර්දේශ ලබා දීම සඳහා දිස්‌ත්‍රික්‌ක එකොළහක තම ප්‍රාදේශීය කාර්යාල පිහිටුවා ඇත.

ජලයේ හැසිරීම සහ බලපෑම්

මේ අවදානම් කලාප සිතියම් නිර්මාණයේ දී සලකා බැලූ සාධකයන් වන පාෂාණ වර්ගය සහ ව්‍යූහයන් ද, පාංශු වර්ගය සහ එහි ඝනකම ද ආනතිය ද මානව පාලනයෙන් තොර ය. එහෙත් භූමි පරිහරණ රටාව මානව ක්‍රියාකාරකම් හේතුවෙන් නිරන්තර වෙනස්‌කම්වලට බඳුන් වේ. එනිසා ම ජල වහන රටාව සහ භූ අභ්‍යන්තර ජලය සෘජු ව බලපෑමට ලක්‌ වේ. ඉහත සාධක හේතුවෙන් නාය යැමට අධික අවදානමක්‌ ඇත්තා වූ ස්‌ථාන වර්ෂා කාලවල දී නාය යැමට ලක්‌ විය හැකි ය. මේ කුමන සාධකයක්‌ ප්‍රමුඛ ව පැවතිය ද එම`ගින් වන්නේ අවදානම වැඩි වීම පමණකි.

සමහර රටවල නාය යැම් සඳහා භූ කම්පන බලපෑව ද ශ්‍රී ලංකාවේ නාය යැම් සඳහා මූලික වන්නේ වර්ෂාවයි. වර්ෂාව ම`ගින් අදාළ ස්‌ථානයන්හි පාංශු පද්ධතිවල අභ්‍යන්තර ජල පීඩනය වැඩි කරන අතර ඉතා සුළු කාලයක දී ලැබෙන අධික වර්ෂාපතනය (300-400 පප) මේ තත්ත්වය උග්‍ර කරන්නට හේතු වෙයි. අභ්‍යන්තර ජල පීඩනය වැඩි වන්නට හේතු වන්නේ පාංශු පද්ධතියේ ඇති මැටි ඛනිජ ය. මැටි ඛනිජ හේතුවෙන් අභ්‍යන්තර නිදහස්‌ ජලවහනයට බාධා ඇති වේ. එය අභ්‍යන්තර ජල පීඩනය වැඩි කරන්නට හේතු වෙයි. එමෙන් ම අභ්‍යන්තර ජලය රැඳීම පාංශු අංශු අතර බන්ධන ලිහිල් කරන්නට හේතු වන අතර ඇති වන ජල පීඩනය පද්ධතියෙන් පාංශු කොටසක්‌ අස්‌ථාවර කර දමන්නට හේතු වෙයි. මෙය අදාළ ප්‍රදේශය නාය යැමට ලක්‌ කිරීමයි.

මෝසම් වර්ෂාව මගින් අධික වර්ෂාපතනයක්‌ ලබා දෙන්නට හේතු වන නිසා බොහෝ විට නිරිතදිග මෝසම සහ ඊසානදිග මෝසම පවතින කාලවල දී ශ්‍රී ලංකාවේ නාය යැම් වාර්තා වන අතර අසාමාන්‍ය වර්ෂාපතන තත්ත්ව යටතේ මෙය උග්‍ර විය හැකි ය. මෙනිසා වියළි කාලය නාය අවදානම සැලකූ විට බොහෝ යහපත් වෙයි.

අවදානම අවම කිරීම

නාය අවදානම අවම කිරීමෙහි ලා බොහෝ ක්‍රියාකාරකම් සිදු කළ හැකි අතර මූලික ව ම භූමි පරිහරණය ක්‍රමවත් කිරීමෙන් ද ව්‍යූහාත්මක ඉංජිනේරු ක්‍රමවේද ම`ගින් ද අවදානම අවම කළ හැකි ය. එහෙත් අවදානම් කලාපවල ජලවහන රටාව ක්‍රමවත් කිරීම ද ඉතා වැදගත් වෙයි. අවදානම් කලාපවලට ජලය බැස යැම හෝ ජලය එක්‌ රැස්‌වීම හෝ වැළැක්‌වීම ද සිදු කළ යුතු ය. එපමණක්‌ නො ව එම පාංශු පද්ධතිවලින් ජලය ඉවත් කිරීම සඳහා පොළොව විද නළ සවි කර අභ්‍යන්තර ජලය ඉවත් කිරීම වැනි නවීනතම ක්‍රමවේද දැන් දැන් අප රට තුළ සිදු කෙරෙයි.

අප සතු වගකීම

ප්‍රධාන වශයෙන් ම අප සතු වගකීම වන්නේ නාය අවදානම අවම කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමයි. අධි අවදානම් කලාපවල සංවර්ධන කටයුතු සහ නිවාස ඉදි කිරීම වැනි ක්‍රියා ම`ගින් එම කලාපවල ස්‌ථාවරත්වයට බාධා නො කළ යුතු ය. විශේෂඥ උපදෙස්‌ ගෙන මාධ්‍ය සහ අඩු අවදානම් කලාපවල සංවර්ධන කටයුතු සිදු කිරීම ස්‌ථාවර තත්ත්වයන් පවත්වාගැනීමට හේතු වෙයි. අවට පරිසරයේ ජල වහන රටාව ක්‍රමවත් කිරීම, භූ අභ්‍යන්තරයට සෘජු ව ම ජලය ඇතුළු වීම වැළැක්‌වීම, භූමි පරිහරණ රටාව නිසි පරිදි පවත්වාගෙන යැම පමණක්‌ නො ව තම ප්‍රදේශයේ අවදානම පිළිබඳව දැනුවත්ව සිටීම ද, ලබා දෙන උපදෙස්‌ නිසි පරිදි පිළිපැදීම ද සිදු කරන්නේ නම් මේ අවදානම අවම කරගැනීමට ලබා දෙන මනා සහායක්‌ වනු ඇත. එපමණක්‌ නො ව යම් සංවර්ධන කටයුත්තක්‌ කරන විට නාය අවදානම් කලාප සිතියම් භාවිත කර අවදානම හඳුනාගැනීමට අප කටයුතු සිදු කරන්නේ නම් අවදානම අවම කරගැනීමට අපට ගත හැකි හොඳ ම ක්‍රියා මාර්ගය එය වේ.

Comments

Popular posts from this blog

7 Riveting Facts about the Kandos Man – Upali Wijewardene

Source:  abpic.co.uk  Written by – Ranuli at Omebiz Philip Upali Wijewardene, better known as Upali Wijewardene was one of the most flamboyant and prominent businessman with an empire that not only dominated the Sri Lankan business landscape but also went global. He was Sri Lanka’s first homegrown tycoon and the founder and Chairman of Upali Group, Sri Lanka’s first multi-national business. Upali Wijewardene kick-started his career as a management trainee at Lever Brothers (now known as  Unilever ) where he managed to lock down the job simply based on his basic dining etiquette. However, due to a disagreement with the Chairman of the company, Upali left his job at Lever Brothers. Following the death of his uncle, the Late Senator Sarath Chandradasa, Upali took over  Kandos  with the substantial shares that were allocated to him. The company struggled with the lack of sales, Upali modernized the production process boosting their sales off the charts. Kando...

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළ...

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...