Skip to main content

දුර්ලභ සීබ්‍රාවෙක් හමුවෙලා

දුර්ලභ සීබ්‍රාවෙක් හමුවෙලා

 2019 සැප්තැම්බර් 24 වැනි අඟහරුවාදා - 10  

  • දුඹුරු හමේ සුදු පුල්ලි
කෙන්යාවේ මසායි මාරා ජාතික රක්ෂිතයේදී ජාන විපර්යාසයක් හේතුවෙන් දුඹුරු පැහැ ගැන්වූ දුර්ලභ සීබ්‍රා පැටවකු හමුවී තිබේ.
සාමාන්‍ය සීබ්‍රා සත්වයකුගේ සුදු සමේ කළු පැහැ ඉරි දක්නට ඇතත්, මෙම පැටවාගේ දුඹුරු පැහැ සමේ සුදු පැහැ වයිරම් සහ කඩ ඉරි වැටී තිබේpseudomelanism  නම් දුර්ලභ ජාන විපර්යාසය හේතුවෙන් සීබ්‍රා පැටවාගේ පැහැය වෙනස්වී ඇතැයි හදුනාගෙන ඇත.
කුඩා අශ්ව පැටවකු වැනි වූ මෙම දුර්ලභ සත්වයා ෆ්‍රෑන්ක් ලියූ නම් ඡායාරූප ශිල්පියාට අහම්බෙන් දක්නට ලැබී ඇත.
“මම පළමු අවස්ථාවේ මේ සීබ්‍රාව දුටුවේ විශේෂ සත්ව වර්ග කිහිපයක් එකට එක් වුණාම දකින පින්තූරයක් වගෙයි.”
නම ටිරා
මෙම සත්වයාව පළමුව සොයාගත් මසායි රක්ෂිතයේ මාර්ගෝපදේශකයකු වන අන්තෝනි ටිරා, මෙම සත්වයාට ‘ටිරා’ යන නම යොදා තිබේ.
සීබ්‍රා සත්වයින්ගේ ඉරි, ඇඟිලි සලකුණු මෙන් ඔවුන්ට ම අනන්‍ය ය. නමුත් ටිරාගේ වර්ණ විෂමතාවය මසායි මාරාහි වාර්තාගත පළමු සොයාගැනීම වනු ඇත.
අප්‍රිකාවේ ඔකවන්ගෝ දිවයිනේදීද මීට සමාන ජාන විපර්යාසයට ලක්වූ සතුන් හමුවී තිබුණි. අප්‍රිකාවේ නැගෙනහිර පිහිටි ටැන්සානියාහි සෙරෙන්ගෙටි ජාතික උද්‍යානයේ දී මේ වසරේ ආරම්භයේදී අතිශය දුර්ලභ ඇළි වර්ගයට අයත්, සත්වයෙකු ඡායාරූපයකට හසුවී ඇතැයිද වාර්තා වේ.
වර්ණ විපර්යාසයට හේතුව?
මෙලනොසයිට් නම් විශේෂ සෛලවලින් මෙලනින් නිපදවන අතර, ක්ෂීරපායී සත්වයින්ගේ රතු, කහ, දුඹුරු හෝ කළු පැහැය,  කෙස් සහ සමේ සෛලවල වර්ණ තීරණය කරයි.
“මෙලනින් නිපදවීමේ සහ සංයෝග ක්‍රියාවලියේදී බාධා කරවන විවිධ ජාන විපර්යාස තිබෙනවා. මේ සියලු විපර්යාසවලින්, මෙලනොසයිට් තමයි සාමාන්‍යයෙන් ඒවා ව්‍යාප්ත කරන්නේ. නමුත් එයින් නිපදවන මෙලනින් අසමාන්‍යයයි” හඩ්සන් ඇල්ෆා ආයතනයේ ජාන විද්‍යාඥයකු වන ග්‍රේග් බාෂ් මහතා පවසයි.
සාමාන්‍යයෙන් සීබ්‍රාවන්ගේ ශරීරය පුරා ඒකාකාරයෙන් මෙම සෛල පැතිර යයි. එනිසා ලෝම ඉවත්කරන ලද සීබ්‍රාවකු නම් සම්පූර්ණයෙන් එම සත්ත්වයා කළු පැහැ වේ. ග්‍රෙග් පවසන්නේ ටිරා වැනි සීබ්‍රාවන්ගේ මෙලනොසයිට් සිරුරේ පවතින බවත්, නමුත් එහි ඇති මෙලනින් කුමන හෝ හේතුවක් නිසා ඉරි ලෙසින් පැහැදිලිව මතුවන්නේ නැති බවයි.
අනාගතය අවිනිශ්චිතයි
මෙවැනි අසාමාන්‍ය වර්ණ විපර්යාස සහිත සීබ්‍රාවන් සාමාන්‍යයෙන් වැඩිකලක් ජීවත්වන්නේ නැති බවද, ටිරාගේ අනාගතය අවිනිශ්චිත බවද ලොස් ඇන්ජලීස් නුවර කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාඥවරියක වන රෙන් ලැරිසන් මහත්මිය කියයි. ඇය සීබ්‍රාවන්ගේ සිරුරේ ඇති ඉරිවල විකාශනය සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්නෙකි.
“අනෙකුත් සතුන් ගැන කළ අධ්‍යයනවලදී අපි හඳුනාගත් ආකාරයට කණ්ඩායම් වශයෙන් සීබ්‍රාවන් සිටිනවිට පරපෝෂිත සත්වයින්ට මොවුන්ව ගොදුරු කරගැනීම අසීරුයි. සියල්ලන්ම එකවගේ නිසා. නමුත් සත්වයා විශේෂ නම්, වෙනස් නම් ගොදුරු කරගැනීම පහසුයි.
මම වර්ණ විපර්යාසයට ලක් වූ මෙම වර්ගයට අයත් සීබ්‍රාවන්ගේ පින්තූර ගණනක් පහුගිය කාලය පුරා දැක තිබෙනවා. නමුත් ඒ එකම පින්තූරයකයි එම සත්වයෙක් වැඩිහිටි හෝ නාඹර විය වෙනතෙක් වර්ධනය වෙලා ආරක්ෂිතවෙලා තිබුණේ.”
කෙසේ හෝ මෙම බාධා අතරින් සීබ්‍රා පැටවා ටවර්ධනය වී තරුණ අවධියට පත්වන තෙක් ආරක්ෂිත වීමට හැකියාව ලදහොත් ඔහුට ඔහුගේ සීබ්‍රා කණ්ඩායමට එක්වී ඊට අනුගතවීමට  හැකිවනු ඇත.
ලැරිසන් මහත්මිය පවසන ආකාරයට සීබ්‍රාවන්ගේ සිරුරේ ඇති ඉරි විකාශනය වී ඇත්තේ, මැස්සන් සපාකෑමට එරෙහිව කටයුතු කිරීමටය. උෂ්ණත්වය සහ ඔවුන්ගේ වෙස් මාරුකර මුලාකිරීම අනුව එසේ වන බවට මත පැවතිණි. මේ දක්වා කරන ලද පර්යේෂණවලට අනුව, මැස්සන් සීබ්‍රාවන්ගේ ඉරි සහිත සම කොටසෙහි සිටීමට අරුචි බව සොයාගෙන ඇත.
“මැස්සන් විකර්ශනය කරගැනීමට ටීරා සමත්වෙන එකක් නැහැ. මොකද ටිරාට කළු ඉරි නැති නිසා” යැයි ඇය කීවාය.
(නැෂනල් ජියෝගැෆික් ඇසුරිනි)
ඩිල්ෂානි චතුරිකා දාබරේ

Comments

Popular posts from this blog

කොරියානු කතා

කොරියානු කතා රූපවාහිනියේ කොරියානු කතා මාලාවන් සිංහල භාෂාවෙන් හඬකවා විකාශනය කිරීම ආරම්භ කරාට පස්සෙ අපේ රටේ ජනතාවත් කොරියානු කතාමාලා බලන්න පුරුදු වුනා.කොරියානු නළු නිළියන් ඉන්න day card, poster වගේ දේවල් උණු කැවුම් වගේ විකිණෙන්න පටන්ගත්තා.ගොඩක් අය ආස කරන කොරියානු කතා ගැන තමයි මේ post එකෙන් මන් කතා කරන්න යන්නෙ.              චංගුමී ඉන්න සුජාත දියණි ටෙලිනාට්‍යයෙන් පටන්ගත්ත කොරියානු කතාවල ජනප්‍රියත්වය Boys over flowers ටෙලිනාට්‍යත් සමගම තවත් වැඩි වුණා.            මම සාමාන්‍යයෙන් බලන්න කැමති American TV series. කුතුහලය,ත්‍රාසය, ආදරය මේ හැම දෙයක්ම එකට මිශ්‍ර වුන , කොයිතරම් බැලුවත් එපා නොවෙන කතාමාලාවන් බලලා ඉවර කරන්න බැරි තරම් තියනව.ඒ වගේම කොරියන් TV series වුණත් නරකම නෑ කියල මට පස්සේ තේරුණා. :) :D              මමත් මුලින්ම කොරියානු කතාවලට වැඩි කැමැත්තක් දැක්වුවේ නෑ.හැමෝම වගේ චංගුමීට පිස්සු වැටිල ඉන්න එක විකාරයක් විදියටයි මට දැනුනේ.මම සුජාත දියණිය නම් කොහොමටවත් බැලුවෙම නෑ.දවසක් මගේ හොඳම යාළුවෙක් මට කොරියානු TV Series වගයක් දුන්නා.මට බලන්නම දෙයක් තිබුණේ නැති දවසක මම ඒවා බලන්න පටන්ගත්තෙ. මම බල

රැජනට ගිය නුවර මැද ‘වලව්ව’.... ඉපැරණි දූල්ලෑව වලව්ව දැයි නිශ්චිත නොවන මතයක්...

- ඇන්ටන් චෙකොෆ් කුවින්ස් හෝටලයේ නවාතැන්ගත් අයෙක්... - ඉංග‍්‍රීසි ජාතික පියාෂෝ  මැතිණිය මිලට අරගෙන - ඉපැරණි දූල්ලෑව වලව්ව දැයි නිශ්චිත නොවන මතයක්... මහනුවර නග රයට පා තබන විට මේ අපේ අවසන් රාජධානිය වග හිතට කාවද්දන ප‍්‍රබලතම සාධකය මහනුවර ක්වීන්ස් හෝටල් ගොඩනැගිල්ලය. දළදා වීදිය ඔස්සේ ඉහළට වැව දෙසට යන විට වම්පසින්ද , මහයියාව දෙස සිට පැමිණ ඞී. එස් සේනානායක වීදිය දිගේ පැමිණෙන විට දළදා මැඳුර අභිමුවේදීද ඇස ගැටෙන ප‍්‍රතාපවත් කිරිසුදු තෙමහල් ගොඩනැගිල්ල රාජ තේජස් විදහා පාන්නේය. මේ ගොඩනැගිල්ල ඉපැරණි වලව්වක් වන දූල්ලෑව වලව්වම බවට ජන මතයයි. නමුත්, මෙය වලව්වක් නොව වලව් ත‍්‍රිත්වයක එකතුවක් බව මහනුවර ලෝක උරුම උපදේශක කමිටු සාමාජික පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්, ගවේෂණ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යය විද්‍යා මානව වංශ ජනශ‍්‍රැති පර්යේෂක විරාජ් නිරංජන් බාලසූරිය මහතා කියා සිටී. අද මෙම ගොඩනැගිල්ලේ ඇත්තේ ක්වීන්ස් හෝටලයය. මෙය ඉංග‍්‍රීසි ආණ්ඩුවේ අනුමැතිය ලබමින් බි‍්‍රතාන්‍ය මහරැුජිණට ගෞරවයක් වනු පිණිස යොදා ඇති නමකි. යුරෝපා රටවල් අතර තෝරා ගත් ගොඩනැගිලි කිහිපයක පමණක් ඇති හෝටල් සඳහා ක්වී

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළු සිසුන්