Skip to main content

දුර්ලභ සීබ්‍රාවෙක් හමුවෙලා

දුර්ලභ සීබ්‍රාවෙක් හමුවෙලා

 2019 සැප්තැම්බර් 24 වැනි අඟහරුවාදා - 10  

  • දුඹුරු හමේ සුදු පුල්ලි
කෙන්යාවේ මසායි මාරා ජාතික රක්ෂිතයේදී ජාන විපර්යාසයක් හේතුවෙන් දුඹුරු පැහැ ගැන්වූ දුර්ලභ සීබ්‍රා පැටවකු හමුවී තිබේ.
සාමාන්‍ය සීබ්‍රා සත්වයකුගේ සුදු සමේ කළු පැහැ ඉරි දක්නට ඇතත්, මෙම පැටවාගේ දුඹුරු පැහැ සමේ සුදු පැහැ වයිරම් සහ කඩ ඉරි වැටී තිබේpseudomelanism  නම් දුර්ලභ ජාන විපර්යාසය හේතුවෙන් සීබ්‍රා පැටවාගේ පැහැය වෙනස්වී ඇතැයි හදුනාගෙන ඇත.
කුඩා අශ්ව පැටවකු වැනි වූ මෙම දුර්ලභ සත්වයා ෆ්‍රෑන්ක් ලියූ නම් ඡායාරූප ශිල්පියාට අහම්බෙන් දක්නට ලැබී ඇත.
“මම පළමු අවස්ථාවේ මේ සීබ්‍රාව දුටුවේ විශේෂ සත්ව වර්ග කිහිපයක් එකට එක් වුණාම දකින පින්තූරයක් වගෙයි.”
නම ටිරා
මෙම සත්වයාව පළමුව සොයාගත් මසායි රක්ෂිතයේ මාර්ගෝපදේශකයකු වන අන්තෝනි ටිරා, මෙම සත්වයාට ‘ටිරා’ යන නම යොදා තිබේ.
සීබ්‍රා සත්වයින්ගේ ඉරි, ඇඟිලි සලකුණු මෙන් ඔවුන්ට ම අනන්‍ය ය. නමුත් ටිරාගේ වර්ණ විෂමතාවය මසායි මාරාහි වාර්තාගත පළමු සොයාගැනීම වනු ඇත.
අප්‍රිකාවේ ඔකවන්ගෝ දිවයිනේදීද මීට සමාන ජාන විපර්යාසයට ලක්වූ සතුන් හමුවී තිබුණි. අප්‍රිකාවේ නැගෙනහිර පිහිටි ටැන්සානියාහි සෙරෙන්ගෙටි ජාතික උද්‍යානයේ දී මේ වසරේ ආරම්භයේදී අතිශය දුර්ලභ ඇළි වර්ගයට අයත්, සත්වයෙකු ඡායාරූපයකට හසුවී ඇතැයිද වාර්තා වේ.
වර්ණ විපර්යාසයට හේතුව?
මෙලනොසයිට් නම් විශේෂ සෛලවලින් මෙලනින් නිපදවන අතර, ක්ෂීරපායී සත්වයින්ගේ රතු, කහ, දුඹුරු හෝ කළු පැහැය,  කෙස් සහ සමේ සෛලවල වර්ණ තීරණය කරයි.
“මෙලනින් නිපදවීමේ සහ සංයෝග ක්‍රියාවලියේදී බාධා කරවන විවිධ ජාන විපර්යාස තිබෙනවා. මේ සියලු විපර්යාසවලින්, මෙලනොසයිට් තමයි සාමාන්‍යයෙන් ඒවා ව්‍යාප්ත කරන්නේ. නමුත් එයින් නිපදවන මෙලනින් අසමාන්‍යයයි” හඩ්සන් ඇල්ෆා ආයතනයේ ජාන විද්‍යාඥයකු වන ග්‍රේග් බාෂ් මහතා පවසයි.
සාමාන්‍යයෙන් සීබ්‍රාවන්ගේ ශරීරය පුරා ඒකාකාරයෙන් මෙම සෛල පැතිර යයි. එනිසා ලෝම ඉවත්කරන ලද සීබ්‍රාවකු නම් සම්පූර්ණයෙන් එම සත්ත්වයා කළු පැහැ වේ. ග්‍රෙග් පවසන්නේ ටිරා වැනි සීබ්‍රාවන්ගේ මෙලනොසයිට් සිරුරේ පවතින බවත්, නමුත් එහි ඇති මෙලනින් කුමන හෝ හේතුවක් නිසා ඉරි ලෙසින් පැහැදිලිව මතුවන්නේ නැති බවයි.
අනාගතය අවිනිශ්චිතයි
මෙවැනි අසාමාන්‍ය වර්ණ විපර්යාස සහිත සීබ්‍රාවන් සාමාන්‍යයෙන් වැඩිකලක් ජීවත්වන්නේ නැති බවද, ටිරාගේ අනාගතය අවිනිශ්චිත බවද ලොස් ඇන්ජලීස් නුවර කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාඥවරියක වන රෙන් ලැරිසන් මහත්මිය කියයි. ඇය සීබ්‍රාවන්ගේ සිරුරේ ඇති ඉරිවල විකාශනය සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්නෙකි.
“අනෙකුත් සතුන් ගැන කළ අධ්‍යයනවලදී අපි හඳුනාගත් ආකාරයට කණ්ඩායම් වශයෙන් සීබ්‍රාවන් සිටිනවිට පරපෝෂිත සත්වයින්ට මොවුන්ව ගොදුරු කරගැනීම අසීරුයි. සියල්ලන්ම එකවගේ නිසා. නමුත් සත්වයා විශේෂ නම්, වෙනස් නම් ගොදුරු කරගැනීම පහසුයි.
මම වර්ණ විපර්යාසයට ලක් වූ මෙම වර්ගයට අයත් සීබ්‍රාවන්ගේ පින්තූර ගණනක් පහුගිය කාලය පුරා දැක තිබෙනවා. නමුත් ඒ එකම පින්තූරයකයි එම සත්වයෙක් වැඩිහිටි හෝ නාඹර විය වෙනතෙක් වර්ධනය වෙලා ආරක්ෂිතවෙලා තිබුණේ.”
කෙසේ හෝ මෙම බාධා අතරින් සීබ්‍රා පැටවා ටවර්ධනය වී තරුණ අවධියට පත්වන තෙක් ආරක්ෂිත වීමට හැකියාව ලදහොත් ඔහුට ඔහුගේ සීබ්‍රා කණ්ඩායමට එක්වී ඊට අනුගතවීමට  හැකිවනු ඇත.
ලැරිසන් මහත්මිය පවසන ආකාරයට සීබ්‍රාවන්ගේ සිරුරේ ඇති ඉරි විකාශනය වී ඇත්තේ, මැස්සන් සපාකෑමට එරෙහිව කටයුතු කිරීමටය. උෂ්ණත්වය සහ ඔවුන්ගේ වෙස් මාරුකර මුලාකිරීම අනුව එසේ වන බවට මත පැවතිණි. මේ දක්වා කරන ලද පර්යේෂණවලට අනුව, මැස්සන් සීබ්‍රාවන්ගේ ඉරි සහිත සම කොටසෙහි සිටීමට අරුචි බව සොයාගෙන ඇත.
“මැස්සන් විකර්ශනය කරගැනීමට ටීරා සමත්වෙන එකක් නැහැ. මොකද ටිරාට කළු ඉරි නැති නිසා” යැයි ඇය කීවාය.
(නැෂනල් ජියෝගැෆික් ඇසුරිනි)
ඩිල්ෂානි චතුරිකා දාබරේ

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...