Skip to main content

වැව සමඟ බැඳුණු තිරසර පරිසර සංරක්ෂණය...



පුරාණ ගම්මාන සංවර්ධනය වීමට බලපාන ලද ප්‍රධාන සංකල්පයක්‌ ලෙස වැවයි-දාගැබයි-ගමයි-පන්සලයි යන සංකල්පය සැලකිය හැකි ය. එම සංකල්පය තුළ වර්තමානයේ ඉතා ප්‍රචලිත තිරසර සංවර්ධන සංකල්පය මනා ලෙස ඇතුළත් වී තිබේ.

මේ සංකල්පයට අනුව ගම, දාගැබ, වැව සහ පන්සල අතර අෙන්‍යාන්‍ය සම්බන්ධතාවක්‌ පැවති අතර එහි ප්‍රතිඵලයක්‌ ලෙස එකල ගම තිරසර ලෙස සංවර්ධනය විය. එමෙන් ම මෙයින් එකක්‌ හෝ විනාශ වුව හොත් ගමේ ඉදිරි සංවර්ධන කටයුතුවලට විශාල බලපෑමක්‌ සිදු විය. එම තත්ත්වය අද වන විට මේ පද්ධතිය විනාශ වීම මඟින් දැකගැනීමට හැකි ය. එනම් අද වන විට ගම සශ්‍රීකත්වයක්‌ නොමැති තත්ත්වයකට පත් ව තිබේ. ඒ අනුව ගම්මානයක්‌ තුළ වැව ප්‍රධාන අවශ්‍යතාවක්‌ බවට පත් ව තිබී ඇති බව පැහැදිලි වේ. මේ අනුව අතීත රජවරුන් ඔවුන් ගෙන් සිදු විය යුතු සේවාවක්‌ ලෙස සලකා වැව් ගොඩනංවා ඒවා පවත්වාගෙන යැමට ගංවරයන් ප්‍රදානය කර ඇති බව ද අතීත කතා මඟින් තහවුරු වේ. මේ හේතුවෙන් ගැමියා වැව දේවත්වයෙන් සලකන්නට විය. එයට හේතුව ඔවුන්ගේ සැම කටයුත්තක්‌ ම වැව හා සම්බන්ධ වීමයි. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස ගමෙහි වූ සමාජීය පරිසරය මෙන් ම භෞතික පරිසරය ද වැව මූලික කරගනිමින් නිර්මාණය විය.

වැවක්‌ නිර්මාණය කිරීමට වැව පමණක්‌ නො ව වැව හා බැඳුණු පරිසර පද්ධතිය පිළිබඳව ද එකල රජ දරුවන්ගේ අවධානය යොමු වී තිබිණි. එමඟින් වැවට සිදු විය හැකි හානි අවම වීමක්‌ සිදු විය. ඒ අනුව වැව වටා වූ පරිසර පද්ධතීන් ලෙස ගස්‌ ගොම්මන, කට්‌ටකඩුව, ඉස්‌වැටිය, තිස්‌බඹේ, පෙරණය, ලන්ද වැනි පරිසර පද්ධති හැඳින්විය හැකි ය. අද වන විට වැව විනාශ වීමට මේ වැව වටා වූ පරිසර පද්ධති ආශ්‍රිත ව සිදු වන්නා වූ අනිසි මිනිස්‌ ක්‍රියාකාරකම් ප්‍රබල ලෙස හේතුකාරකයක්‌ වී තිබෙන බව ද කිව යුතු ම ය.

ඒ අනුව ගස්‌ ගොම්මන යනු වාෂ්පීකරණය අවම කිරීමට වැව වටා වූ ගස්‌ ආවරණය වන අතර පෙරහණ, කට්‌ටකඩුව, තිස්‌බඹේ, මඩකලුව, කිතුල් ඇළ, ගොඩවළ වැනි වැව් වටා තිබූ පාරිසරික කෘෂි කලාප මඟින් සිදු වූ ප්‍රධානතම කාර්යය වූයේ වියළි කාලයක්‌ පැමිණිය ද භූගත ජලය ආරක්ක්ෂා කිරීමයි. මෙමඟින් වියළි කාලයේ වුව ද වැවට උල්පත් මඟින් ජලය ලැබීමෙන් වැවේ ජලය නො සිඳී තබාගැනීමට හැකියාව ලැබිණි. එනම් මාස 7 - 8ක්‌ වුව ද වර්ෂාව නොමැති ව නියං සමයේ දී අතීතයේ දී වැව්වල ජලය තිබූ අතර මහ කන්නයේ දී වියළි කලාපයේ ජීවත් වන ගම්වැසියන්ට සිය කෘෂිකාර්මික කටයුතු බාධාවකින් තොර ව සිදු කිරීමට හැකියාවක්‌ ලැබිණි.

මේ ගස්‌ ගොම්මන වැව් තාවුල්ලට ඉහළින් පිහිටි ඉඩම් තීරුවක්‌ වන අතර වැවේ ජලය ආරක්ක්ෂා කිරීමට සමත් වෘක්ෂලතා වැස්‌මක්‌ මෙහි පිහිටා ඇත. මෙහි විශේෂත්වය වනුයේ වැව පිටාර ගලන්නා වූ අවස්‌ථාවේ දී පමණක්‌ මේ ප්‍රදේශයට ජලය ලැබීමයි. එබැවින් මේ ගස්‌ ගොම්මන තුළ ජලය වැඩි වශයෙන් ආරක්ක්ෂා කරගන්නා වූ වෘක්ෂලතා වැස්‌මක්‌ පිහිටා තිබේ. නිදර්ශන ලෙස කුඹුක්‌, දඹ, නාබඩ, මයිල ආදි විශාල ගස්‌වලින් ද කයිල, කටුකේලිය, බොකවැල් ආදි වැල් වර්ගයන් ද දැක්‌විය හැකි ය. මෙලෙස ස්‌වාභාවික වෘක්ෂලතා වැස්‌මක්‌ පිහිටීම හේතුවෙන් ගස්‌ ගොම්මන මඟින් වැවේ වාෂ්පීකරණය අඩු කරවන සුළං බාධකයක්‌ ලෙස ක්‍රියාත්මක වී වැව් ජලයේ උෂ්ණත්වය පහළ දමා ගම්වාසීන්ගේ දාහය නිවා ලන ස්‌වාභාවික යන්ත්‍රයක්‌ ලෙසත් මේ ගස්‌ ගොම්මන ක්‍රියාත්මක වේ.

එපමණක්‌ නො ව වැව වටා සහ වැව් බැම්මට ආසන්නයේ ඇති මේ ගස්‌ ගොම්මන ඇතැම් විටෙක මිනිසුන් සහ වන සතුන් ජීවත් වන ප්‍රදේශ අතර ස්‌වාභාවික මායිම් සීමාවක්‌ ලෙස ක්‍රියාත්මක වේ.

වැව් පෙරහණ යනු ගස්‌ ගොම්මනට පහළින් වැවී ඇති තණ පිට්‌ටනියකි. මෙමඟින් සිදු වන කාර්යය වනුයේ වැවේ ඉහළ කොටසේ පිහිටි හේන් ඉඩම්වලින් ගලා පැමිණෙන රොන් මඩ පෙරීමකට ලක්‌ කර වැව වෙත ගමන් කිරීමයි. එය වැවේ ජල ධාරිතාව දිගු කාලයක්‌ ඉහළ අගයකින් පවත්වාගෙන යාමට හේතුවකි.

ඉස්‌වැටිය හෙවත් පෝටා වැටිය නම් පරිසර පද්ධති කොටස වැව දෙපස තිබූ අතර එය වැව් බැම්මේ දෙපස සාදන ලද පස්‌ වැටියක්‌ ලෙස ද නම් කළ හැකි ය. මෙහි කාර්යය වනුයේ වැවෙහි ඉහළ කොටසේ බෑවුම් ඉඩම්වලින් ඛාදනයට ලක්‌ වී පහළට රූ රා වැටෙන පස්‌වලින් වැව ආරක්ක්ෂා කිරීමයි.

ගොඩවළ යනු වියළි කාලයන්හි දී ලැබෙන්නා වූ අඩු වර්ෂාපතනයෙන් ගලා බසින රොන් මඩ සහිත ජලය රැස්‌ කිරීම සඳහා ගම්වාසීන් විසින් ම සාදන ලද වළවල් ය. මෙමඟින් වනසතුන් සඳහා අවශ්‍ය ජලය සැපයෙන අතර එහි ප්‍රතිඵලයක්‌ ලෙස වන සතුන් වියළි කාලයන්හි දී ගම්මාන වෙත ගමන් කිරීම වැළකෙනු ඇත. එනම් අතීත ලාංකීය ගැමියා සහ වනසතුන් වර්තමානයේ මෙන් ගැටුම් ඇති නො කරගනිමින් සහජීවයෙන් ජීවත් වූ බවට මෙය ප්‍රබල නිදර්ශකයකි.

වැව් පිටිය යනු වැවෙහි ගැඹුරු ම ස්‌ථානය වන අතර එහි වැව් ජලයෙන් වැඩි කොටසක්‌ ගබඩා වේ. එනම් වසරකට මාස 8කට වඩා වැඩි කාල සීමාවක්‌ ජලයෙන් යට වී ඇත.

මඩකලුව යනු වර්ෂයේ වියළි මාසවල දී ජලය ලැබෙන්නා වූ ප්‍රදේශය වේ. මෙය වැව් බැම්මට ආසන්නයේ පිහිටා ඇති අතර විශේෂත්වය වනුයේ පිටාර මට්‌ටමට පහළින් මඩකලුව පිහිටා තිබීමෙන් මෙහි වූ ජලය සොරොව්වෙන් පිටවීමක්‌ සිදු නො වේ. එයින් වැව සිඳීමකට ඇති අවස්‌ථාව අවම වේ.

තිස්‌බඹේ ලෙස හඳුන්වනු ලබන්නේ ගංගොඩ හෙවත් ජනාවාසවල වූ කිසිවකුට අයිති නොමැති සාරවත් ඉඩම් තීරුවකි. මෙහි ගැමියාට ඉතා ම අත්‍යවශ්‍ය ශාක දක්‌නට ලැබේ. නිදසුන් ලෙස මී අඹ, පොල් ආදි ශාක දැක්‌විය හැකි ය.

කිවුල් ඇළ යනු වැව අසල පවතින පැරැණි ස්‌වාභාවික දිය පහරක්‌ වන අතර මෙමඟින් දූෂිත ජලයේ පවතින ලවණ සහ යකඩ ඉවත් කිරීම සහ කුඹුරුවල ජලවහන තත්ත්වය වැඩිදියුණු කිරීමක්‌ සිදු කරනු ලබයි. එනම් මෙය පරිසර හිතකාමී ජල පෙරණයක්‌ බව පැහැදිලි වේ.

කට්‌ටකඩුව වැව් බැම්මට පහළින් වෙන් කර තිබෙන්නා වූ ඉඩම් කොටසක්‌ වන අතර ජල සිදුරු, තෙත්බිම් සහ වියළි උස්‌බිම් වශයෙන් තිබීම හේතුවෙන් විවිධත්වයෙන් යුත් තුරුලතා මේ කොටසේ හඳුනාගත හැකි ය. මේ ඉඩම් කොටස මඟින් ද කුඹුරු සඳහා ඇතුළු වන ලවණ සහ යකඩ ආදිය ඇතුළු වීම වළක්‌වාගනු ලබයි.

යතුරු වළ ලෙස හඳුන්වන ජල සිදුරු වළ, භූගත ජල මට්‌ටම ඉහළට එසවීම මඟින් වැව් බැම්මෙන් සිදු විය හැකි කාන්දු වීම අවම කරගත හැකි ය.

ශ්‍රී ලංකාවේ වැව්වලින් බොහොමයක්‌ ම ග්‍රාමීය ප්‍රදේශවලට අයත් වන අතර ඒවා වියළි කලාපයේ බහුල ව දැකගැනීමට හැකි ය. එයට හේතුව වර්ෂාව අඩු, වියළි කලාපයේ අහස්‌ දිය මත නො රැඳී, වැව් ජලයෙන් කෘෂිකාර්මික කටයුතුවල කන්න දෙකෙහි ම යෙදීමයි. එහෙත් වර්තමානයේ මේ වැව් පද්ධතිය විනාශ වී යැමේ ලකුණු පහළ වෙමින් පවතී. වැවෙහි ජලපෝෂක ප්‍රදේශවල ජන සංඛ්‍යාව වැඩි වීම හා අවශ්‍යතා බහුල වීම මෙකී පරිසර පද්ධතිය ශීඝ්‍ර ලෙස විනාශ කිරීමට හේතු වී තිබේ. කෙසේ වෙතත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් එම වැව් සංරක්ෂණය සඳහා අති මහත් මෙහෙයක්‌ ඉටු කරමින් සිටීම අගය කළ යුතු කරුණකි.

වැව් සංකල්පය අනාදිමත් කාලයේ සිට අප රට තුළ තිරසර සංවර්ධනයක්‌ තිබී ඇති බවට ඉතා ම කදිම නිදර්ශනයක්‌ වන නමුත් අද වන විට ඒ සඳහා පැලැස්‌තර විසඳුම් ලබා දීමට, පවතින්නා වූ රජයන් ඉදිරිපත් වේ. එනම් පිටවාන, සොරොව්ව ආදි ඉංජිනේරුමය ප්‍රතිසංස්‌කරණ කටයුතු පමණක්‌ මේ රජයන් විසින් සිදු කරනු ලැබීම දැකගත හැකි ය. එහෙත් වැව් ජලය, වියළි සමයේ දීත් රน පැවතීමට නම් ඉංජිනේරු ප්‍රතිසංස්‌කරණ මෙන් ම පාරිසරික කෘෂිකාර්මික පද්ධති සංරක්ෂණය කිරීම ද අත්‍යවශ්‍ය ය.

ඒ සඳහා දිගුකාලීන විසඳුමක්‌ ලෙස වැව්වල ජලපෝෂක ප්‍රදේශ ආශ්‍රිත ව සිදු වන වන සංහාරය වැළැක්‌වීමට ක්‍රියා කළ යුතු අතර ම මේ ප්‍රදේශ ආශ්‍රිත ව පදිංචි ජනතාවට පාංශු සංරක්ෂණය පිළිබඳ අවබෝධයක්‌ ලබා දීම කළ යුතු ය.

එපමණක්‌ නො ව වැව් වටා ප්‍රදේශයේ එනම් ජලපෝෂක ප්‍රදේශ ආශ්‍රිත ව සැවන්දරා, වැසි මාර වැනි පාංශු සංරක්ෂණ ශාක වර්ග සිටුවීම කළ හැකි ය. එමඟින් අධික වර්ෂා කාලයේ දී සිදු වන පාංශු ඛාදනය අවම වී වැව්වල ඒකරාශි වන්නා වූ රොන් මඩ ප්‍රමාණය පහළ අගයක්‌ ගනු ලබන අතර වියළි කාලයේ දී සිදු වන්නා වූ වාෂ්පීකරණය අඩු කර වැව් ජලය වැඩි කාලයක්‌ රน පවත්වාගැනීමට අවස්‌ථාව ලැබේ.

මේ අනුව පැහැදිලි වනුයේ වැව යනු පරිසරය සංරක්ෂණය කරගැනීමට තිබෙන්නා වූ ප්‍රබල සාධකයක්‌ බවයි. එය මත පදනම් වූ අනෙක්‌ පාරිසරික පද්ධති ද එම අයුරින් පවත්වාගෙන යැමෙන් වර්තමානයේ උදා වී තිබෙන්නා වූ සමාජීය හා ආර්ථික ගැටලු බොහොමයකට නිරායාසයෙන් ම පිළිතුරු ලබාගැනීමට ද හැකියාව ලැබේ. සතුන් සහ මිනිසුන් අතර පවතින ගැටුම් වළක්‌වාගැනීමටත් වැව ඉතා ම දායක වේ. එයට හේතුව වැව ප්‍රදේශය ජනතාවට පමණක්‌ නො ව එම පරිසරයේ වෙසෙන සතා සිවුපාවන්ට ද අයත් අනර්ඝ වස්‌තුවක්‌ බැවිනි. එනම් මේ තුළ පවතින්නේ තිරසාරත්වයකි.

එබැවින් වැව හා බැඳුණු පරිසර පද්ධති ආරක්ක්ෂා කරගැනීම අප සතු වගකීමක්‌ වෙයි. මේ හේතුවෙන් පුරාණයේ පැවැති එල්ලංගා පද්ධතිය නැවත නඟා සිටුවීම ඉතා වැදගත් වන අතර එයින් අප රට වර්තමානයේ මුහුණපාන්නා වූ ගැටලු බොහොමයකට තිරසර විසඳුම් ලැබෙනු නොඅනුමාන ය.

Comments

Popular posts from this blog

7 Riveting Facts about the Kandos Man – Upali Wijewardene

Source:  abpic.co.uk  Written by – Ranuli at Omebiz Philip Upali Wijewardene, better known as Upali Wijewardene was one of the most flamboyant and prominent businessman with an empire that not only dominated the Sri Lankan business landscape but also went global. He was Sri Lanka’s first homegrown tycoon and the founder and Chairman of Upali Group, Sri Lanka’s first multi-national business. Upali Wijewardene kick-started his career as a management trainee at Lever Brothers (now known as  Unilever ) where he managed to lock down the job simply based on his basic dining etiquette. However, due to a disagreement with the Chairman of the company, Upali left his job at Lever Brothers. Following the death of his uncle, the Late Senator Sarath Chandradasa, Upali took over  Kandos  with the substantial shares that were allocated to him. The company struggled with the lack of sales, Upali modernized the production process boosting their sales off the charts. Kando...

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළ...

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...