Skip to main content

මැද පෙරදිග ගණිකා මඩමකට අපේ කතුන් වික්‌ක දේශපාලන චක්‌ගෝලයෝ



මැදපෙරදිග ගෘහ සේවිකාවන් ලෙස සේවය සඳහා ගොස්‌ ශ්‍රී ලාංකික කතුන් දුක්‌ විඳි කතා අලුත් ප්‍රවෘත්තියක්‌ නොවන තරමටම දැන් අපට හුරු පුරුදුය. මැදපෙරදිග මරු කතරක්‌ වීමේ සිට අනේක විධ දුක්‌ඛයන් විඳි එම ගැහැනුන් ගැන තවත් කතාවක්‌ ලිවිය යුතු යෑයි සිතුණේa අරාබිකාරයන් ඇණ ශරීරය තුළට යවනවාට වඩා මෙම කතාව ෙ€දජනක නිසාය. අරාබිකරයේ දුක්‌ විඳින අපේ ගැහැනුන් මාංශ වෙළෙ¹මේ යොදවන ශ්‍රී ලාංකික පිරිසක්‌ ගැන ඇසූ එම කතාව තිරිසනුන් දෙදෙනකු මුල් වී කරන මෘග ක්‍රියාවකට ලඝූකර සුසුම් හෙළිය නොහැක. 

එම තිරිසනුන් දෙදෙනාට ඒ සඳහා අවශ්‍ය බලපත්‍ර ලබා දී තිබුණේ විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශය විසිනි. එසේ නම් මෙම පුද්ගලයන් රාජ්‍ය අනුග්‍රහයෙන් සිය කූට ව්‍යාපෘතිය කරගෙන යන වුන්ය. 2015 වසර වන විට විදේශ රැකියා මගින් කරන ඉපැයීම් ප්‍රමාණය ඩොලර් බිලියන 10 දක්‌වා වැඩි කිරීම ශ්‍රී ලංකා රජයේ ඉලක්‌කය වී තිබේ. මෙයින් බහුතර පංගුවක්‌ ලැබෙන්නේ සුදු කරපටි රැකියා සඳහා පිටත් වන්නන්ගෙන් නොවේ. අරාබි නිවසක මෙහෙකාරකමේ නිරත වී, තමන්ට නිවසෙන් ලැබෙන කෑම ටිකක්‌ කා, සියලු මුදල් ලංකාවට එවන කාන්තාවන්ගෙනි. තම පවුලේ අනාගතය වෙනුවෙන් රුපියල් ලක්‍ෂ දෙක තුනක්‌ ඉතිරි කර ගැනීම සඳහා වසර දෙකක්‌ සිරගත වන කාන්තාව අපේ රටේ ආර්ථිකයේ ප්‍රධාන දායිකාව වී තිබේ. 

විදේශ රැකියා සඳහා යන විට පුහුණු ශ්‍රමිකයන් යෑවීම, රැකියා සුරක්‍ෂිතභාවය සඳහා වන වැඩපිළිවෙළ ආදිය ගැන කොතෙකුත් කතා ඇසේ. රිසානා ගේ සිට සෑම කෙනකුගේම දුක්‌ වේදනා ද එසේම ඇසේ. නමුත් රාජ්‍ය අනුග්‍රහය ඇතිව අපේ ගෘහ සේවිකාවන් මාංශ වෙළෙ¹මට යොදා ගැනීම ඒ කතා ඒ සියල්ල පරදවමින් ඇසෙමින් තිබේ. 

ගෘහ සේවිකාවක ලෙස විදේශගත වන කාන්තාවක්‌ තම නිවසේදී අකරතැබ්බයකට මුහුණ දුනහොත් ඇය විසින් පළමුවාරයේදී එය කාගෙන සිටී. දිගින් දිගටම අකරතැබ්බ සිදු වේ නම් ඇය කරනුයේ මේ පිළිබඳ උපදෙස්‌ දීම සඳහා ඇති කරගෙන තිබෙන සංවිධානයකට කතා කිරීමය. තානාපති කාර්යාලයේ අනුමැතිය ලැබ තිබෙන එම සංවිධාන විසින් දෙන මඟ පෙන්වීම හරහා කාත් කවුරුවත් නොමැති රටක දී පිහිටක්‌ ලැබෙතැයි ඇය සිතීම වැරැදි නැත. මෙවැනි ප්‍රශ්නයකදී නිවසෙන් පැන ඒම ගෘහ සේවිකාව සිදු කරනා ප්‍රධාන වැරැද්දකි. එසේ නිවසෙන් පැන ඒම අර්බුද රැසකට මුලය. මේ නිසා එවැනි අසරණභාවයකට පත් වූ කාන්තාවකට සංවිධානයක්‌ විසින් දිය යුතු පළමු උපදෙස වන්නේ මේ පිළිබඳ සෞදියේ තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කරන ලෙසය. එසේම එවැනි කාන්තාවන්ගේ ප්‍රශ්න විසඳීම සඳහා සෞදි පොලිසියට යා හැකිය. විධිමත් ක්‍රමවේදය වන්නේ එයයි. 

ප්‍රශ්නය තිබෙන්නේ මෙතැනය. සෞදියේ සමහර ගෘහ සේවිකාවන් තම අර්බුද හමුවේ කතා කරන්නේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයටය. එවිට සමහර නිලධාරීන් උපදෙස්‌ ලබා දෙන්නේ අවස්‌ථාවාදී ශ්‍රී ලාංකිකයන් විසින් අටවා ගත් සංවිධානයක අංකයක්‌ය. එවැනි කූටයන්ට දුරකථන අංකයක්‌ දුන් විටම ඔවුන් කරන්නේ මෙම කාන්තාවට නිවසින් පැන එන ලෙස උපදෙස්‌ දීමය. නිවසෙන් පැන ඒම යනු එම කාන්තාව තමා වෙත බැරෑරුම් උපද්‍රවයක්‌ පටවා ගැනීමකි. නිවසෙන් පැන්න විගස ස්‌වාමියා විසින් පොලිසියට ගොස්‌ පැමිණිලි කරන්නේ සේවකයා සිරවන ලෙසය. තමන්ගේ මුදල්, ආභරණ වැනි දේ සොරා ගත්තා ලෙස චෝදනා ගොනුවන්නේ ඒ අනුවය. ඒ වගේම නිවසෙන් පැනගත් එවැනි කාන්තාවන් ටැක්‌සි රියෑදුරන්ගේ සිට පකිස්‌තානු, ඉන්දියානු, බංගලි රස්‌තියාදුකාරයන්ගේ ගොදුරු වීම වැළැක්‌වීම අපහසුය. නිවසින් කාන්තාව පැන එන්නේ සංවිධානයක්‌ ලෙස අටවාගත් චෞරයන්ගේ සංගමයකට නම් එතැන් සිට ද කතාව තිත්තය. 

සෞදියේ දමාම් ප්‍රදේශයේ සිටින එවැනි සංවිධානයක්‌ අටවාගෙන සිටින දෙදෙනකු කරන්නේ මෙවැනි අකරතැබ්බවලට මුහුණ දුන් කාන්තාවන්ට නිවසෙන් පැන තමන් වෙත එන මෙන් උපදෙස්‌ දීමය. ඒ ඔවුන්ගේ සැබෑ සංවිධානය වූ ජාවාරම් සඳහා පාවිච්චියටය. ඉන්පසු මෙම කාන්තාවන් පැයකට රුපියල් 1,000 ට ටැක්‌සි රියෑදුරන්, කම්කරුවන් සඳහා පාවිච්චියට ලබා දෙන්නේ බලහත්කාරයෙනි. 

මැද පෙරදිගදී සැබෑවටම කාන්තාවක්‌ අසරණ වන්නේ මෙවිටය. ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසක්‌ මෙසේ මුහුණ දුන් ගැටලු නම් ගම් සතුව ඇතත්, ඔවුන් සමහරක්‌ කඳවුරුගත වී දැන් යළිත් ගම් රට බලා පැමිණ ඇති බැවින් නම් ගම් සහිතව ලිවිය නොහැක. මෙම කූටයන් දෙදෙනා සෞදියට පැමිණ තිබුණේ සාමාන්‍ය සේවකයන් ලෙසය. දැන් ඔවුන් සෞදියේ ගත කරන සුඛෝපභෝගී යාන වාහන සපිරි ජීවිතය පිටුපස තිබෙන්නේ මෙසේ අතරමං කරවන ලද ගැහැනුන්ගේ කඳුළු හා ලේය. ඔවුන්ගේ සැප සපිරී ඇත්තේ ගැහැනුන්ගේ අෙ¹aනාවලිනි. ප්‍රශ්නය වී තිබෙන්නේ මොවුන් අදාළ අමාත්‍යංශයේ ඉහළ තැන සමග තිබෙන සම්බන්ධය. එක්‌ අයකු ඇමැතිගේ ගමේ ගෝලයෙකි. ඔහුට මෙම සුබසාධන කටයුතු සඳහා තානාපති කාර්යාලය අවසර දුන්නේ නැත. ඒ සඳහා වන අවසර පතක්‌ නිකුත් කරන ලෙස ඇමැති විසින් තානාපතිට නියෝග කලත් මොවුන් දෙදෙනාගේ තරම දන්නා තානාපතිවරයා ඊට එකඟ වූයේ නැත. ඇමැති ද වැඩේ අත්හළේ නැත. තම ගෝලයින් දෙදෙනාට අමාත්‍යංශ මුද්‍රdව සහිත ලිපි ශීර්ෂ මගින් සුබසාධන කටයුතු සඳහා ඇමැති විසින් බලය පවරන ලදී. එම ලිපි දෙක වර පතක්‌ සේ ගෙන අසරණ කාන්තාවන් සූරා කෑම මොවුන් විසින් දිගටම කරගෙන යන ලදී. 

මෙම දෙදෙනාගේ ප්‍රධාන ගෝලයා, කාන්තාවන් 17 ක්‌ හා පිරිමින් හතක්‌ සමග පවත්වාගෙන ගිය ගණිකා නිවාසය සෞදි පොලිසිය විසින් වට කර එහි සිටි සියලුදෙනා අත්අඩංගුවට ගන්නා ලදී. ගණිකා සේවයේ යෙදවීමෙන් පසු සෞදියේ තිබෙන කාන්තා කඳවුරකට මේ අය ගාල් කිරීම අර දෙදෙනාගේ සිරිතය. මෙසේ කඳවුරුගත වූ කාන්තාවන් අසූහතර දෙනකු මේ පිළිබඳව සියලු විස්‌තර හෙළිකර අත්සන් සහිත ලිපියක්‌ වගකිවයුත්තන්ට යොමු කර තිබිණි. ඒ ගැන ක්‍රියා කරන මෙන් අවධාරණය කරමින් "අපි ශ්‍රී ලංකා" සංවිධානය විසින්á සියලු වගකිවයුතු පිරිස්‌ වෙතින් ඉල්ලා තිබිණි. නමුත් ඒ ගැන තව වනතෙක්‌ වගකිවයුතු අංශ කටයුතු කර නැති බවත් මේ ගැන අප විසින් කළ විමසුමකදී අපි ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති සහ තානාපති නියෝජිත ජයන්ත කුමාර සිරිමාන්න මහතා පවසා සිටියේය.

කාන්තාවන් 84 දෙනකු මේ වන විට නිදහස්‌ වී ඇතත් තවත් කාන්තාවන් මේ ගොඩට එකතු වෙමින් සිටියි. නමුත් ඒ අයගේ සුරක්‍ෂිතභාවය පතා හෝ මෙම දෙදෙනා ගැන කිසිම පරීක්‍ෂණයක්‌ තවම සිදු වී නැත. 2015 වන විට ඩොලර් බිලියන 10 දක්‌වා විදේශගත රැකියා කරන්නන්ගෙන් ඉපැයීම් ඉලක්‌කයක්‌ තිබෙන නමුත් මෙවැනි සූරාකෑම් සිදු කරනා පිරිස්‌ ගැන සෙවීමක්‌ තවම නැත. අවම තරමින් ඇමැති බලතල මත ලබා දී තිඋතුරු මැද පළාත් සභාව උතුරු මැද පළාත් සභාව උතුරු මැද පළාත් සභාව බෙන වරපත් වත් අහෝසි කර නැත. දැන් ප්‍රශ්නය වී තිබෙන්නේ ඇමැතිවරයා පත් කර තිබෙන්නේ විදේශගත ශ්‍රමිකයන්ගේ සුරක්‍ෂිතභාවය සඳහා ද ඔවුන් අසරණ කරවීම සඳහා ද යන්නය

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...