මේ ප්‍රශ්නයට අප මුහුණ දිය යුතු වන්නේ මේ ලෙස බියෙන් සැ`ගවීගෙන ද? පාසල් විවෘත කිරීමට අධ්‍යාපන ඇමැතිවරයා ගත් නිර්භීත තීරණය නිවැරැදි එකක් බව බව එක් අතකින් පෙනී යයි. කතෝලික හා මුස්‌ලිම් පාසල් වසා දමා තිබිය දී රජයේ පාසල් පමණක් විවෘත කිරීමේ යම් ගැටලුවක් නම් ඇත. කළ යුතු ව තිබුණේ ආරක්‌ෂාව තහවුරු කරමින් සියලු ම පාසල් එක වර විවෘත කිරීමයි. ත්‍රස්‌තවාදීන් බෝම්බ තබන්නේ අප සිතා සිටින තැන්වල නො වේ. අප පාසල් ගැන පමණක් සිතා සිටින විට ඔවුන් වෙනත් තැනකට ඒ බෝම්බ ප්‍රක්‌ෂේපණය කරනු ඇත. ඒ අයට-මේ අයට චෝදනා කරමින් සිටින බොහෝ දෙනකු රටේ ආරක්‌ෂාව ගැන තබා තම ආරක්‌ෂාව ගැන වත් සැබෑ සැලකිල්ලක් දක්‌වන්නේ දැයි විටක සිතෙයි.
එසේ කියන්නේ පසුගිය දිනවල බස් රථවල ගමන් යැමේ දී මේ ලේඛකයා ලද අත්දැකීම් හේතුවෙනි. බස් රථ බෝම්බ හා දුම්රිය බෝම්බ ගැන වත්මන් පරපුරට අවබෝධයක් නො තිබුණත් 2009ට පෙර යුගය ගැන මතක අයට ඒ ගැන අමුතුවෙන් කියා දිය යුතු නැත. ඒ කාලයේ දී සමහර විට එක් සතියක් තුළ බස් බෝම්බ දෙක තුනක් ගැන වාර්තා වූ අවස්‌ථා තිබිණි. එහෙත් අද අඩු ම වශයෙන් බෝම්බ අවදානමක් පවතින බව පෙනී ගොස් තිබිය දී වත් ඒ ගැන උනන්දුවක් බස් ම`ගීන්ට නැත. තමන් වාඩි වී සිටින අසුනට වහා ම ඉහළින් වන රාක්‌කයක ඇති බෑග් එක කාගේ ද කියා වත් ඒ අය සොයා බලන්නේ නැත. 'රටේ ආරක්‌ෂාව නැතෝ' යෑයි සමහර විට කෑගසන්නේ මෙවැනි අය ම ය. රටේ ආරක්‌ෂාවට අදාළව යම් ගැටලුවක් පැවැති බව සැබෑ ය. මිනිසුන් විශාල සංඛ්‍යාවකට ජීවිත පුදන්නට සිදු වූයේ එහෙයිනි. එහෙත් තවදුරටත් අප කළ යුත්තේ ඒ ගැන ම කියවමින් සිටීම ද? දිනපතා කෙරෙන ආරක්‌ෂක මෙහෙයුම් තොග පිටින් ත්‍රාසජනක චිත්‍රපටයක් සේ වාර්තා කරමින් පොදු ජනතා මනසෙහි ආරක්‌ෂාව වෙනුවට අනාරක්‌ෂාව පිළිබඳ හැඟීමක් ම වක්‍රාකාරයෙන් ජනිත කිරීමට සැලැස්‌වීම ද?
අප කළ යුත්තේ අපටත් හැකි ආකාරයෙන් ආරක්‌ෂක ක්‍රියාදාමයට දායක වීමයි. ඒ ස`දහා පොදු මෙන්ම පෞද්ගලික වගකීම් ද අප සතු වේ. පළමු වැනි පෞද්ගලික වගකීම නම් අවධානය ඉහළ මට්‌ටමක පවත්වාගෙන යැමයි. ත්‍රස්‌තවාදීන් කරන්නේ ඝාතන හරහා සිය අරමුණුවලට ළං වීමට යත්න දැරීමයි. ත්‍රස්‌තවාදියා අප අවට ම රැඳී සිටිනවා විය හැකි ය. එනිසා අපගේ අවධානය වඩාත් ඉහළ මට්‌ටමකට ගෙන ආ යුතු ය. එක්‌තරා රූපවාහිනි නාළිකාවකට ආ පියතුමකු කියා සිටියේ පල්ලිවලට ඇතුළු වන අය ගැන යම් අවධානයකින් පසු වූවා නම් මේ බෝම්බ ප්‍රහාර වළක්‌වාගත හැකි ව තිබූ බවයි. එහි පූර්ණ සත්‍යයක් ඇත.
එතුමා එහි දී අදහස් කළේ පුද්ගල චර්යා හඳුනාගැනීම (Behavioral detection) යන සංකල්පය ගැන විය යුතු ය. පුද්ගල චර්යා නිරීක්‌ෂණය හරහා හඳුනාගැනීම ම`ගින් ත්‍රස්‌ත ප්‍රහාර හෝ අපරාධ ක්‍රියා ගැන හෝ පෙරයීම් කළ හැකි බව විද්‍යාත්මක අධ්‍යයන ම`ගින් ද තහවුරු කර තිබේ. එය හැම විට ම සාර්ථක නො වන්නට ඉඩ ඇති මුත් ඉහළ මට්‌ටමක සාර්ථකත්වයක් පෙන්වන්නකි. පාස්‌කු ඉරිදා සිද්ධිය සැලකුව හොත් දේවස්‌ථානවලට ප්‍රහාර එල්ල කළ ඇතැම් ත්‍රස්‌තවාදීන් නිරීක්‌ෂකයන් තුළ සැකය ජනනය වන අන්දමේ හැසිරීම් පෙන්නුම් කළ බව පෙනේ. එක් අයෙක් පල්ලියකට ඇතුළු වන විට පිටේ එල්ලාගෙන සිටින්නේ තරමක් බරෙන් වැඩි වූ ගමන් මල්ලකි. සාමාන්‍යයෙන් කිතුනු පල්ලියකට එන කෙනකු මෙවැනි මල්ලක් පැළඳ එන්නේ නැත. දේව පූජාවකට සහභාගී වන අය එන්නේ යම් කිසි විශේෂිත පිළිවෙළකට ය. ඔවුන්ගේ ඇ`දුම් පැළ`දුම්වල ද යම් සුවිශේෂී බවක් තිබේ. සාමාන්‍යයෙන් ඔවුන් එන්නේ යම් නිශ්චිත පිළිවෙළකට ය. එසේ ම හුදකලාව දේවස්‌ථානයකට ගොඩවදින්නේ ඉතා සීමිත පුද්ගලයන් පිරිසකි. තනියෙන් එන්නට කිසිදු බාධාවක් නොමැති මුත් එසේ එන අයකු එන්නේ මේ ත්‍රස්‌තයා ආ විදිහට නො වේ. ඉතා බැතිමත් ආකාරයෙනි. එසේ එන අය දේවස්‌ථානයට ඇතුළු වූ වහා ම දනගසා දෙවියන්ට ගෞරව දක්‌වතිs. ඒ කිසිදු දෙයක් නො කරමිනි මේ පුද්ගලයා පැමිණියේ. හො`දින් අවධානයෙන් සිටි කෙනකුට මේ තැනැත්තා කිසියම් අසාමාන්‍ය කෙනකු බව පහසුවෙන් හ`දුනාගත හැකි ව තිබිණි. මේ ආකාර වෙනස් චර්යා දක්‌වන හැම පුද්ගලයකු ම ත්‍රස්‌තවාදියකු නො වන්නට පුළුවන. එහෙත් පල්ලියක් තුළ දවසකට මේ විදිහේ විපරීත චර්යා දක්‌වන අති විශාල පිරිසක් ඇතුළු වන්නේ නැත. වැඩි ම වුව හොත් මෙවැන්නන් පහක් හමු වන්නට ඉඩ ඇත. එනිසා මෙවැනි අසාමාන්‍ය චර්යා දක්‌වන පුද්ගලයන් විශේෂ පරීක්‌ෂාවකට ලක් කිරීමේ කිසිදු අපහසුවක් නැත.
මේ සිද්ධියෙන් පසු රජයේ ආයතන බොහොමයක ආරක්‌ෂක තත්ත්වය යම් මට්‌ටමකින් ඉහළ නැංවී ඇති බව පෙනෙන්නට තිබේ. එය ප්‍රශංසනීය කරුණකි. විශේෂයෙන් ම රෝහල් වැනි ස්‌ථානවල දැඩි ආරක්‌ෂක විධිවිධාන පණවා තිබේ. රාජ්‍ය ආයතනවල පමණක් නො ව පෞද්ගලික ආයතනවලත් බුර්කා වැනි සිරුර වසාගෙන එන ඇ`දුම් තහනම් කොට තිබේ. ප්‍රධාන නගර බොහොමයක සුපිරි වෙළෝදසල් දාම, ආපන ශාලා යනාදියේ බුර්කා තහනම් බව ඇ`ගවෙන දැන්වීම් අලවා තිබේ. මීට සති කීපයකට පෙර මෙවැනි දාම ආපනශාලාවල බහුලව හැසිරුණු බුර්කා හැ`දගත් ගැහැනුන් මේ දිනවල දක්‌නට නැත. එසේ වුව ද මුළු ඇ`ග ම වසාගෙන හිසෙහි සුළු කොටසක් පමණක් විවර කරගත් (බුර්කාව නො ව) කතුන් තවමත් එළිමහනෙහි දැකිය හැකි ය. මේ අයගේ මුහුණෙහි කොටසක් විවිර වී තිබුණ ද සිරුරෙහි ඉතිරි සියලු තැන් වැසී තිබේ. ඒ ස්‌ථානවල හානිකර දේ ස`ගවාගෙන පැමිණෙන්නට පුළුවන. එසේ ම තවමත් යතුරු පැදිවල මුළු මුහුණ ම වැසෙන සේ හෙල්මට් පැළ`දි අය ගමන් ගනිති. ඊට අමතර ව මුළු මුහුණ ම ලේන්සුවලින් බැ`දගත් තරුණයන් ද යතුරුපැදිවල ගමන් ගනු පෙනේ. මේ අයගේ ලේන්සුවල ඇස් ස`දහා පමණක් කුඩා විවර ඇත. ඔවුන් හෙල්මට් ද පැළ`දි විට මුහුණ කිසිසේත් ම හ`දුනාගත නොහැකි ය. මෙවැනි කරුණු ගැන ද පොලිසියේ අවධානය යොමු විය යුතු ය.
බුර්කා තහනම
ඇතැම් රටවල බුර්කාව පමණක් නො ව මුහුණට ඉහළින් දමන වේලය පවා තහනම් කර තිබේ. බුර්කාවට අමතර ව මුස්‌ලිම් කතුන් අ`දින විශේෂිත ඇ`දුම් වන්නේ Niqab, Hijab, Chador, Shayla අල් අමීරා හා khimar යනාදියයි. මෙයින් බුර්කාව හා නිකබාය වඩාත් භයානක ය.
මුස්‌ලිම් කතුන්ට මේ මුහුණ වැසෙන ඇ`දුම් තහනම පළමුවෙන් ම ගෙන ආ රට ප්‍රංශයයි. 2011 දී බුර්කාවට අමතර ව ඉස්‌ලාමික වේලය ද ප්‍රංශය තහනම් කළේ ය. ඩෙන්මාර්කය 2018 දී මුහුණ වැසෙන පරිදි අ`දින ඇ`දුම් තහනම් කළේ ය. ඒ නීතිය කඩ කරන්නන්ට ඩොලර් 157ක දඩයක් පැනවේ.
පෙනුම පමණක් සලකා තීරණ ගත නොහැකියි
මෙහි දී චර්යාව යන්න ස`දහන් කළ ද එය හුදෙක් පුද්ගල පෙනුමට සීමා නො වේ. ත්‍රස්‌තවාදියා හැම විට ම ඉතා බිහිසුණු පෙනුමක් ඇති කෙනෙක් නො වේ. කාටුන්වල හෝ චිත්‍රකතාවල හෝ සිටින ත්‍රස්‌තවාදීන් කැත මුහුණු සහිත ඉතා මහත හෝ හැඩිදැඩි අය වුව ද සැබෑ ලෝකයේ එසේ නො වේ. පාස්‌කු ඉරිදා පල්ලිවලට පහර දුන් දෙදෙනකු ම ඉතා ම අහිංසක පෙනුම තිබූ අය බව කියෑවේ. කටුවාපිටි බෝම්බයෙන් දිවි ගලවාගත් එක් අයකු කියා තිබුණේ බෝම්බය ගෙනා තරුණයාට ඉතා අහිංසක පෙනුමක් තිබූ බවයි. එනිසා බාහිර පෙනුම පමණක් සැලකිල්ලට ගැනීම ප්‍රමාණවත් නො වේ. බාහිර පෙනුම සම`ග අන්‍ය සාධක ද සැලකිල්ලට ගත යුතු ය.
චර්යා නිර්ණය හා ත්‍රස්‌තවාදී ප්‍රහාර
මෙහි දී චර්යා යනුවෙන් පර්යේෂකයන් විස්‌තර කළේ පොදු කණ්‌ඩායම් (Group) චර්යා ය. විශේෂයෙන් ම කණ්‌ඩායම් සන්නිවේදන හා පුහුණු වීම් චර්යා, ප්‍රහාරයක් ආසන්න විට වෙනස් වන බව එම අධ්‍යයනය පෙන්වා දෙයි. කණ්‌ඩායම් සාමාජිකයන් අතර සිදු වන දුරකතන ඇමතුම් හෝ වෙනත් සන්නිවේදන සබ`දතා සංඛ්‍යාව ප්‍රහාරයකට ළං වන කාලයේ දී අසාමාන්‍ය ලෙස ඉහළ යන බව ඔවුහු පෙන්වා දෙති.
ඇමෙරිකාවේ Binghamton විශ්වවිද්‍යාලයයේ Systems Science අධ්‍යයන අංශයේ මහාචාර්ය Mohamad Khasawneh ඇතුළු පිරිස විසින් 2018 දී සිදු කරන ලද New Framework That Uses Patterns and Relations to Understand Terrorist's Behaviours නම් අධ්‍යයනය ද මේ ක්‍ෂේත්‍රයට අදාළව සුවිශාල එළිදහරක් නිකුත් කරයි. මේ අධ්‍යයනයට අදාළ නිබන්ධය Expert Systems with Applications නම් ජර්නලයේ පළ ව තිබිණි.
එහි දී පර්යේෂකයන් පෙන්වා දුන්නේ යම් ත්‍රස්‌තවාදී සංවිධානයක අතීත ක්‍රියා ගැන පුළුල් විශ්ලේෂණයක් කළ විට ඒ හරහා අනාගත ප්‍රහාර ගැන සියයට 96ක නිරවද්‍යතාවෙන් යුතු පෙරයීම් කළ හැකි බව ය. මේ අධ්‍යයනයේ දී පර්යේෂකයන් 1970 සිට 2015 කාලය අතරතුර සිදු වූ ත්‍රස්‌ත ප්‍රහාර 150000කට අධික සංඛ්‍යාවක දත්ත විශ්ලේෂණය කොට තිබිණි.
"යම් නිශ්චිත ත්‍රස්‌තවාදී සංවිධානයක් ගත හොත් ඔවුන්ගේ ප්‍රහාරවල අෙන්‍යාන්‍ය සම්බන්ධතා තිබෙනවා. ඒ හැම ප්‍රහාරයකට ම අනන්‍ය ලක්‌ෂණ තියෙනවා. ඒවා එකකට එකක් බැ`දිලා. හැබැයි මේ සාධක හැංගිලයි තියෙන්නේ. මේ හැංගී ඇති සාධක හොයාගත් විට අනාගතය ගැන යම් මට්‌ටමක නිවැරැදි ප්‍රකාශ කළ හැකියි." එසේ කියන්නේ මහාචාර්ය Khasawneh ය.
ඉන්දියාවේ PES විශ්වවිද්‍යාලයේ Snehashu Saha ඇතුළු පිරිස විසින් 2018 දී සිදු කරන ලද Future Terrorist Attack Prediction නම් අධ්‍යයනය පෙන්වා දෙන්නේ ත්‍රස්‌තවාදීන්ගේ පසුගිය චර්යා තියුණු විශ්ලේෂණයට ලක් කිරීමෙන් අනාගත ප්‍රහාර ගැන 86%ක් තරම් ඉහළ නිරවද්‍යතාවකින් පෙරයීම් කළ හැකි බවයි. Terrorist Event Prediction Based on Revealing Data මැයෙන් වූ අධ්‍යයනය ඉදිරිපත් කරන චීනයේ බීජිං තාක්‌ෂණ විශ්වවිද්‍යාලයයේ Haowen Mo ඇතුළු පිරිස පෙන්වා දෙන්නේ ත්‍රස්‌තවාදී සංවිධාන පිළිබ`ද ගැඹුරු විශ්ලේෂණ ම`ගින් ඔවුන්ගේ ඉදිරි ප්‍රහාර ගැන 78%කට ආසන්න නිරවද්‍යතාවකින් පෙරයීම් කළ හැකි බවයි.
ඇමෙරිකාවේ මයාමි විශ්වවිද්‍යාලයයේ Neil Johonson ඇතුළු පිරිස විසින් ISIS සංවිධානයේ ප්‍රහාරවලට අදාළව කරන ලද දත්ත විශ්ලේෂණය ද මේ සම්බන්ධව ඉදිරිපත් වූ අනගි අධ්‍යයනයකි. මෙහි විශේෂත්වය අන් පර්යේෂකයන් වඩා වෙනස් ම`ගක් ඔහු ගෙන තිබීමයි. අන් විද්වතුන් අවධානය යොමු කොට තිබුණේ යම් ත්‍රස්‌තවාදී සංවිධානයක පෙර ක්‍රියා ගැන ය. එහෙත් Neil Johnson අවධානය යොමු කොට තිබුණේ නව සමාජ ජාලවල ISIS සංවිධානය විසින් පළ කරනු ලැබ තිබූ ඡදිඑs කෙරෙහි ය. මේ ඡදිඑs හරහා පවා ISIS ප්‍රහාර ගැන අනාවැකි කිව හැකි බව ඔහු පෙන්වා දෙයි.
පුද්ගයකුගේ චර්යා පිළිබ`ද ගැඹුරු නිරීක්‌ෂණයකින් ඔහු / ඇය ත්‍රස්‌තවාදී ප්‍රහාරයකට සැරසෙන්නේ ද නැද්ද යන්න ගැන නිගමනයකට එළැඹීමට හැකියාවක් ඇති බව Abnormal Behavioor Detection for Early Warning of Terrorist Attack මැයෙන් වූ අධ්‍යයනය පෙන්වා දෙයි. මේ අධ්‍යයනය සිදු කරන ලද්දේ ඕස්‌ටේ්‍රලියාවේ ඉංජිනේරු හා තොරතුරු තාක්‌ෂණය පිළිබ`ද Deaking විශ්වවිද්‍යාලයයේ Xin Geng ඇතුළු පිරිස විසිනි. මේ අධ්‍යයනය ගැන තොරතුරු පළ වූයේ Advances in AI ජර්නලයේ ය. මේ නිබන්ධය ආරම්භ කරමින් පර්යේෂකයෝ ඉතා වැදගත් ප්‍රකාශයක් කරති.
"ත්‍රස්‌තවාදයට එරෙහි වූ මේ යුද්ධය ජයගන්නට නම් දේශපාලනයේ හා හමුදාවේ සහාය මෙන්ම නව තාක්‌ෂණයේ හා විද්‍යාත්මක ඥනයේ සහාය ද අත්‍යවශ්‍ය වෙයි."
නව තාක්‌ෂණය ත්‍රස්‌තවාදයට එරෙහි යුද්ධය ජයගන්නට අත්‍යවශ්‍යයි
නව තාක්‌ෂණය කෙතරම් වැදගත් ද යන්න වටහාගන්නට පසුගිය දා අප රටේ සිදු වූ පාස්‌කු ඉරිදා ප්‍රහාරය ම හො`ද නිදසුනකි. ප්‍රධාන බෝම්බ ප්‍රහාර සියල්ල ම කළ පුද්ගලයන්ගේ සියලු තොරතුරු අනාවරණය කරගන්නට සෘජු ව ම සාක්‌ෂ්‍ය සපයා දුන්නේ සීසීටීවී තාක්‌ෂණයයි. අදාළ දේවස්‌ථාන හා හෝටල් අසල සීසීටීවී කැමරා නො පැවතියා නම් සමහර විට මේ තරම් ඉක්‌මනට මේ තොරතුරු සොයාගත නොහැකි වනු ඇත.
පුද්ගලයන්ගේ චර්යා ගැන, වෙසෙසින් ම ඔවුන් වෙනත් අය කෙරහි දක්‌වන බිය හා අවධානය ගැන සැලකිලිමත් විය යුතු බව Xin Geng ගේ අධ්‍යයනය පෙන්වා දෙයි. එසේ ම මර්මස්‌ථානවල දී (ගුවන් තොටුපළ වරාය, මධ්‍යම බස් නැවතුම, ප්‍රධාන දේවස්‌ථාන, පන්සල් වැනි) එකිනෙකා හමු වන පුද්ගලයන් හුවමාරු කරගන්නා ද්‍රව්‍ය ගැන ද විශේෂ අවධානය යොමු කරන්නේ නම් ත්‍රස්‌තවාදීන් යම් ප්‍රමාණයකට හ`දුනාගත හැකි වේ. ඒ ස`දහා නවීන තාක්‌ෂණයේ උපකාර අවශ්‍ය බව මේ අධ්‍යයනය පෙන්වා දෙයි. විශේෂයෙන් ම ඒ ස`දහා වීඩියෝ කැමරා හා මෘදුකාංග පද්ධති යොදාගෙන භාණ්‌ඩ හුවමාරු කිරීම් වැනි දේ ගැන නිරීක්‌ෂණය කළ යුතු අතර පසුව ඒ දත්ත විශේෂ මෘදුකාංග (Algorithm) ම`ගින් විශ්ලේෂණය කළ යුතු ය. මේ විශ්ලේෂණ හරහා සැක කටයුතු පුද්ගලයන් ගැන අදහසක් ලද හැකි බව පර්යේෂකයන්ගේ මතයයි.
චර්යා නිර්ණ නිලධාරීන් සංඛ්‍යාව ඉහළ නැංවිය යුතුයි
බොහෝ සංවර්ධිත රටවල චර්යා අනාවරක නිලධාරීන් (Behavioral Detection Officers) ආරක්‌ෂක අංශ ම`ගින් පුහුණුqqq කොට තිබේ. ඊශ්‍රායලය මේ චර්යා නිලධාරීන් හරහා විපුල පල ලද රටකි. ඊශ්‍රායලයේ ගුවන් තොටුපළ වැනි මර්මස්‌ථානවල එවැනි නිලධාරීන් සිවිල් ඇඳුමින් ගැවසෙනු දැකගත හැකි ය.
ඔවුහු එතැනට එන ම`ගීන් ඇසිපිල්ලම් ගසන ආකාරය ගැන පවා සැලකිලිමත් වෙති. එසේ ම සැක සහිත සැම ම`ගියකු ම ඉතා දිගු වේලාවක් ප්‍රශ්න කිරීමකට ලක් කෙරේ. තව ද ප්‍රශ්න කිරීම් ස`දහා ජනවර්ගය ප්‍රධාන සාධකයක් සේ සැලකෙයි. එනම් තම රටට සතුරුකම් කළ ජාතීන් (ජනවර්ග හා රටවල්) කෙරෙහි ඊශ්‍රායල බලධාරීහු විශේෂ අවධානය යොමු කරති. එවැනි වාර්ගිකයකු ආ විට බලධාරීහු ඒ අය විශේෂ පරීක්‌ෂණාත්මක ප්‍රශ්න කිරීම්වලට ලක් කරති. ඒ අවස්‌ථාවල දී අදාළ පුද්ගලයාගේ හැසිරීම් ගැන ද අවධානය යොමු කෙරේ. එනම් දහදිය දැම්මොත්, හිස කැසීමක් සිදු කළ හොත් ප්‍රශ්න කිරීම් නැවත නැවත සිදු කෙරේ. මෙලෙස ජනවර්ග හෝ වෙනත් සාධක හෝ සලකා වෙන් කොට සැලකීම වෙනත් රටවල නීති විරෝධී දෙයකි. එහෙත් ඊශ්‍රායලය ඒ මානව හිමිකම් නීතිවලට වඩා තම රටේ ආරක්‌ෂාව ගැන උනන්දු වෙයි. මීට අමතර ව ඊශ්‍රායලය බුද්ධි තොරතුරු කෙරෙහි විශාල ගෞරවයක් දක්‌වන රටකි. බුද්ධි අංශ යම් අනතුරු ඇ`ගවීමක් කළ විට ඒ අනුව වහා ම සාමාන්‍ය ක්‍රියාකාරකම් පවා වෙනස් කෙරේ. එසේ ම ඒ බුද්ධි තොරතුරු ලැබීමට නව තාක්‌ෂණයේ ශක්‍යතා ද ඔවුහු බහුලව භාවිත කරති. පසුගිය දා මාධ්‍ය හමුවේ අදහස් දක්‌වමින් ඊශ්‍රායල මහජන ආරක්‌ෂාව පිළිබ`ද අමාත්‍යවරයා කියා සිටියේ නව සමාජ මාධ්‍යජාල නිරීක්‌ෂණය කිරීම හරහා පමණක් පලස්‌තීන ප්‍රහාර 200කට අධික සංඛ්‍යාවක් ගැන තොරතුරු ලබාගෙන ඒවා ම`ගහැරගන්නට තම බුද්ධි අංශවලට හැකි වූ බවයි.
මේ යටතේ පලස්‌තීනුවන්ගේ ෆේස්‌බුක් ගිණුqම්වලට ඇතුළු වී ඒවා පිරික්‌සන්නටත් අනෙක් සබ`දතා ජාලාවලට රහසේ ඇතුළු වී නිරීක්‌ෂණය කොට දත්ත ලබාගන්නටත් බුද්ධි නිලධාරීන් කටයුතු කොට තිබේ. ප්‍රහාර ගැන තොරතුරු කල් තබා ලබාගන්නේ එම`ගිනි. මෙලෙස රහසේ තම ජාතිකයන්ගේ සන්නිවේදන ජාල ආක්‍රමණය වරදක් බව පලස්‌තීන මානව හිමිකම් ක්‍රියාකාරීන් පැවසුව ද ඊශ්‍රායල ආරක්‌ෂක ඇමැති ගිලඩ් අර්ඩන් කියන්නේ තම මිනිසුන්ගේ ජීවිත ඊට වඩා වැදගත් බවයි. අර්ඩන්ගේ තවත් විශේෂත්වයක් ඇත. එය නම් ඔහු විද්‍යාත්මක අධ්‍යයනවල ප්‍රතිඵල ගැන විශේෂ අවධානයක් දක්‌වන්නකු ද වීමයි.
විද්‍යාත්මක අධ්‍යයන ගැන අවධානය දක්‌වන ආරක්‌ෂක ඇමති
ඊශ්‍රායලය මෙතරම් සතුරු ඉලක්‌කයන්ට ලක් වූ රටක් ව පැවතීමේ දීත් එහි ආරක්‌ෂාව ඉතා ඉහළ තත්ත්වයක පැවතීමට හේතුව මෙවැනි බුද්ධිමත් ආරක්‌ෂක ඇමතිවරයකු සිටීම විය හැකි ය. "බුද්ධිමතුන් විසින් කරන ලද විද්‍යාත්මක අධ්‍යයන අපේ මෙහෙයුම් ස`දහා උපයෝගි කරගන්නවා"යි ඔහු කියයි. එම අධ්‍යයනවලින් පෙනී ගිය කරුණු වන්නේ ප්‍රහාරවලට ආ පලස්‌තීනුවන් සමහර දෙනකු සෘජු ව ම කිසිදු ප්‍රබල සංවිධානයකට බැ`දී නැති බවත්, ඔවුන් උත්තේජන ලබා ඇත්තේ නව මාධ්‍ය හරහා ම බවත් ය. එසේ ම මේ අය බහුතරය මානසික රෝගීන් බවත් අර්ඩන් පවසයි.
තමා තාක්‌ෂණය කෙරෙහි හා පර්යේෂණ ප්‍රතිඵල කෙරෙහි විශ්වාසය තබන පුද්ගලයකු බව කියන අර්ඩන් දැනටමත් ගුවන් තොටුපළවල ත්‍රස්‌තයන් හඳුනාගත හැකි නවීන තාක්‌ෂණික ක්‍රම ස්‌ථාපිත කර ඇති බව ද කියයි. තථ්‍ය කාලය තුළ දී සැක සහිත චර්යා ගැන දැනුමක් දෙන මුහුණු 'කියවීමේ' උපකරණ (Facial Recogntion Devices) ගුවන් තොටුපළවල පිහිටුවීම ඊට නිදසුනකි. අන්තර්ජාල පිරික්‌සුම් හරහා ලැබෙන දත්ත විශ්ලේෂණයට අපරාධ විශේෂඥයන්, බුද්ධි නිලධාරීන්, හමුදා පොලිස් නිලධාරීන් මෙන්ම නීති විශාරදයන් ද සහිත කමිටු පත් කර ඇත්තේ ද ඇමතිගේ උපදෙස් මත ය.
මෙනයින් බලන කල පෙනී යන්නේ ත්‍රස්‌තවාදය මර්දනයෙහි ලා ශ්‍රී ලංකාව උගත යුතු පාඩම් තව බොහෝ ඇති බව ය
Comments
Post a Comment