Skip to main content

නිල නිවාසයේ බත්පතට මන්ත්‍රීවරුන් ඇද්ද ගෝරිය

නිල නිවාසයේ බත්පතට මන්ත්‍රීවරුන් ඇද්ද ගෝරිය



  • බත්පතේ මිල වැඩිවෙලා 1976 දී මන්ත්‍රීන් නාහෙන් ඇඬුවා   


ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආහාරපාන පිළිබඳව මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රථම වරට චෝදනාවක් එල්ල වූයේ එක්දහස් නවසිය හැත්තෑහයේ වසරේදීය. පහසුකම් සහ කෑම බීම සහ නවාතැන් පහසුකම් පිළිබඳව මිල ගණන් සංශෝධනය කරමින් නිකුත් කරන ලද චක්‍රලේඛයක් මෙම චෝදනාවට හේතු වී තිබිණි. එවකට පාර්ලිමේන්තු කටයුතු ක්‍රීඩා හා ප්‍රවාහන ඇමැති සහ ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක කේ.බී. රත්නායක මහතා විසින් ජාතික රාජ්‍ය සභාවේ සියලුම මන්ත්‍රීවරුන්වෙත එම චක්‍රලේඛය නිකුත් කර තිබිණි. 
 
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආහාර සැපයීම සහ ඒවායේ අඩුපාඩු පිළිබඳව පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කැරිණි. මන්ත්‍රීවරුන්ට විශේෂ කෑමවේලක් ලෙස හැදින්වූවත් විශේෂත්වයක් නොමැති බවත් කියැවිණි. මන්ත්‍රීවරුන්ගේ ආහාර සඳහා අතිවිශාල වියදමක් දරන බවට අනාවරණය වීම නිසා ඒ පිළිබඳව විවාදයක් ඇතිකළ යුතු බවට ද යෝජනා ඉදිරිපත්වීය.  

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාර පිළිබඳව ප්‍රථමවරට මහත් ආන්දෝලනයක් ඇතිවූයේ 1976 වසරේදීය, එවකට මන්ත්‍රීවරුන්ගේ නිල නිවාසය වූ ශ්‍රාවස්ති මන්දිරයේ ලැගුම්ගෙන සිටි මන්ත්‍රීවරුන්ගෙන් එම විරෝධතාව මතුවිය. එවකට ඔවුන්ට සැපයූ ආහාරවල මිල ගණන් වැඩියයි එම මන්ත්‍රීවරු එදා ප්‍රකාශ කරන්නට වූහ. එදා පැවති ආහාර මිල ගණන් එම මන්ත්‍රීවරුන් විසින් අනාවරණය කරනු ලැබීය. ඒ අනුව තේ පෝච්චියක්ම මිල වූයේ රුපියලකි. බිත්තර පාන්, බටර්, ජෑම් හෝ මාමලේඩ් සමඟ තේ කෝපි සඳහා අයකරනු ලැබුවේ රුපියල් තුනයි ශත පනහකි.  

සුප්, මාළු හෝ මස් මැල්ලුම්, සලාද, කරවල, පපඩම් සහ අතුරුපස සහ කෝපිත් සමඟ එදා අයකරනු ලැබුවේ රුපියල් හතයි ශත පනහකි. මන්ත්‍රීවරුන් ශ්‍රාවස්තියේ නවාතැන් ගැනීම සඳහා කාමරවලට අයකරන මිල ගණන් සහ එවකට ජාතික රාජ්‍ය සභාවට යාම සඳහා කුලී රථවලටද මුදල් ගෙවීමට සිදුවන බවට ද මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා එල්ලවීය.   
මන්ත්‍රීවරුන්ගෙන් ඉදිරිපත් වූ ආහාර සහ නවාතැන් පිළිබඳව අදහස් එවකට පැවති ලංකාදීප පුවත්පත ප්‍රථම වරට අනාවරණය කළේය.  

1976 දෙසැම්බර් 3 වැනිදා ලංකාදීප මුල් පුවතින් ‘‘ශ්‍රාවස්තියේ මිල වැඩි යයි මන්ත්‍රීවරුන් නාහෙන් අඬති’’ යනුවෙන් පළවූ එම පුවත ඒ අයුරින්ම මෙසේය.  

‘‘ශ්‍රාවස්ති මන්දිරය ඉකුත් බදාදා සිට නැවත මන්ත්‍රීවරුන් සඳහා විවෘත කිරීමෙන් පසු එහි කාමර ගාස්තු සහ කෑම බීම සඳහා නියමකොට ඇති මිල ගණන් ජාතික රාජ්‍ය සභාවේ ආණ්ඩු පක්‍ෂයේ සහ විරුද්ධ පක්‍ෂයේ සමහර මන්ත්‍රීවරුන්​ගේ විවේචනයට ලක්වී ඇත. දැනට නියමකොට තිබෙන අලුත් මිල ගණන් අනුව ශ්‍රාවස්තිය තුළ එක දවසක් ගත කිරීමට පමණක් යටත් පිරිසෙයින් රුපියල් 50-75 අතර මුදලක් වැයවන බවත් තමනට එය කිසි විටෙකත් දැරිය නොහැකි විසඳුමක් බවද මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම ලංකාදීපයට කීහ.  
මෙම තත්ත්වය යටතේ පිට පළාත්වල මන්ත්‍රීවරුන් බොහොම දෙනෙකුට මෙම නේවාසිකාගාරය පාවිච්චි කිරීමෙන් වැළකී සිටීමට සිදුවනු ඇතැයිද ඔවුහු පවසති. අගනුවර සමහර හෝටල්වල ශ්‍රාවස්තියට වඩා අඩු මුදලක් ගෙවා සියලු සැප පහසුකම් සහිතව නවාතැන් ගත හැකි බවද පවසති.  

ශ්‍රාවස්තියේ නව පහසුකම් සහ කෑම බීම හා කාමර පිළිබඳ ප්‍රතිශෝධිත මිල ගණන් දක්වමින් පාර්ලිමේන්තු කටයුතු ක්‍රීඩා සහ ප්‍රවාහන ඇමැති සහ ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක කේ.බී. රත්නායක මහතා විසින් නොබෝදා ජාතික රාජ්‍ය සභාවේ සියලුම මන්ත්‍රීවරුන් වෙත චක්‍රලේඛයක් යවනු ලැබීය. ඒ අනුව කොළඹ සිට සැතපුම් 20කට ඈතින් පදිංචිව සිටින මන්ත්‍රීවරුන්ට මෙම නවාතැන් පහසුකම් සපයනු ලැබේ. එහිදී ගෙවිය යුතු මිල ගණන් සහ එම මිලට ලැබෙන කෑම බීම මෙසේය.  

අලුයම තේ පෝච්චියක් රුපියලයි.  

උදේ ආහාර බිත්තර පාන් බටර් ජෑම් හෝ මාමලේඩ් තේ හෝ කිරි කෝපි හෝ මාළු හෝ මස් කරි හා සම්බෝල සහිත ඉඳිආප්ප තේ හෝ කෝපි සමඟ රු. 3.50  
දවල් කෑම සුප් මාළු හෝ මස් සමඟ මැල්ලුම්, සලාද, කරවල, පපඩම් සහ බත්, අතුරුපස සහ කෝපි සමඟ රු. 7.50යි.  

දවල් කෑම - කෝසස් සමඟ රු. 10.00යි.  

රාත්‍රීකෑම- කෝසස් රු. 10.00යි. 
 
මේ අතර මන්ත්‍රීවරුන් නවාතැන් ගන්නා කාමර සහ අලුතෙන් නියමකොට ඇති මිල ගණන් හා පහසුකම් මෙසේය.   

පොදු නාන කාමර සහිත තනි කාමරයක් රු. 15.00කි. එයට ඇඳක් අල්මාරියක්, ලාච්චු සහිත කණ්නාඩි මේසයක්, ඇඳ අසල කබඩ් එකක් සහිත මේස ලාම්පුවක්, බොක්ස් ස්ටෑන්ඩ් කෝට් එල්ලනය, ලියන මේසය පුටුවක් සහ හාන්සි පුටුවක්ද වේ. මෙයට අමතරව කාමරවල ඇඳන් සඳහා ඇඳ අැතිරිලි, කොට්ට උර, නාන තුවා, මුහුණ පිස දමන තුවා සබන් පෝච්චියක්, සහ සබන්ද සපයනු ලැබේ.  

ඉහත කී තනි කාමරයට අමතරව තනිව හෝ දෙදෙනෙකුට පාවිච්චි කළ හැකි පොදු නාන කාමරයක් සහිත කාමරයකට එක් අයෙකුට දිනකට රුපියල් 20.00කි. දෙදෙනෙකුට නම් රුපියල් 30.00කි. තනිව හෝ දෙදෙනෙකුට ඇති කාමර සඳහා තනි අයෙකුට රුපියල් 25.00කි. දෙදෙනෙකුට නම් රුපියල් 40.00කි. මෙම කාමරවලට ඉහත සඳහන් සියලු ගෘහ භාණ්ඩ සපයනු ලැබේ.  

මෙම කාමර පහසුකම් ජාතික රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරුන්ට පමණක් සීමාවන බවද දෙදෙනෙකුට පාවිච්චි කළ හැකි කාමර ලබාගන්නේ නම් එහි මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පමණක් නතරවීමට​ යොදා ගත යුතු බවත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඇමැතිවරයා සියලු මන්ත්‍රීවරුන් වෙත යවන ලද චක්‍රලේඛයේ සඳහන්වේ.  

කාමර සහ කෑමබීම සඳහා අය කරන අලුත් මිල ගණන් අසාධාරණ බැව් ඇතැම් මන්ත්‍රීවරු පවසති. මන්ත්‍රීවරුන්ට ශ්‍රාවස්තියේ සිට ජාතික රාජ්‍ය සභාවට යෑම සඳහා තවත් අමතර කුලී රිය ගාස්තුවක් වැය වන බව ද පවසති.  

මේ අතර මන්ත්‍රීවරුන්ගේ සාමාන්‍ය මාසික දීමනාවට අමතරව ජාතික රාජ්‍ය සභාව රැස්වන දිනවල කොළඹට සැතපුම් 20ක් ඈතින් පදිංචිව සිටින සෑම මන්ත්‍රීවරයෙකුටම ඒ එක් රැස්වීමකට සහභාගිවීම සඳහා රුපියල් සියයක (100) දීමනාවක්ද ගෙවනු ලැබේ. යනුවෙන් එම පුවත්පත මගින් පෙන්වා දෙනු ලැබීය.  





Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...