Skip to main content

පරපුර රකින්නට සමුදුරේ සිට ගොඩබිමට ඇදෙන මවු තොමෝ...




මෙවර ලෝක කුසලාන ක්‍රිකට්‌ උණුසුමට සමගාමී ව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම තවත් අපූර්ව වූ පාරිසරික පණිවිඩයක්‌ ලෝකවාසී ක්‍රීඩා ලෝලීන් සමඟ බෙදා හදාගත්තේ ය. අපේ ක්‍රිකට්‌ කණ්‌ඩායමේ සාමාජිකයන් අතරේ රැඳුණු නමුත් සැඟවුණු එකී පණිවිඩය ඔබගේ අවධානයෙන් ගිලිහුණා වන්නට ද පුළුවන. අපේ ක්‍රිකට්‌ ක්‍රීඩකයන් තරග වදින අවස්‌ථාවන්හි දී ඔවුන් ඇඟ ලා සිටින ක්‍රීඩා ඇඳුමේ ටී ෂර්ට්‌ එක හොඳින් විපරම් කළේ නම් ශ්‍රී ලංකා ලෝක කුසලාන ටී ෂර්ට්‌ එකේ බඩවත පෙදෙස හැඩ වන්නේ කැසබුවන් තිදෙනකු නිරූපණය වන ආකාරයෙන් බව ඔබ දකින්නට ඇත. මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙස ප්‍රචලිත ක්‍රිකට්‌ හරහා සමුද්‍ර ජීවීන් සංරෂණය කිරීමේ වැදගත්කම ලෝකය පුරා ප්‍රචලිත කිරීමේ අවස්‌ථාව ඒ හරහා අප රටට හිමි විය.

වර්තමාන කාර්යබහුල දිවි පෙවෙත තුළ දී සහ නවීන පන්නයේ සුවපහසු ජීවිතයේ දී භාවිත වන විවිධ මෙවලම් නිසාවෙන් ඒවා සකසුරුවම් කිරීමට යොදාගන්නා ක්‌ෂුද්‍ර තන්තු සහ ක්‌ෂුද්‍ර ප්ලාස්‌ටික්‌ අනිසි ලෙස සමුදුරට එකතු වීම හේතුවෙන් සමුද්‍රය නිවස්‌නය කොටගෙන ජීවත් වන ජීවීන් අපමණ වත් මුහුණ දෙමින් සිටින්නේ දුක්‌ඛාන්තයකට ය. ඒ නිසාවෙන් මුළු ලෝකයේ ම පාරිසරික විද්වතුන් සමුද්‍ර සංරෂණයේ ඇති වැදගත්කම ගැන වැඩි වශයෙන් කතාබහ කිරීමට පෙලඹී ඇත. එවැනි පසුබිමක්‌ තුළ ය අපේ ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ගේ ඇඳුමට, ප්‍රතිචක්‍රීයකරණය කළ ක්‌ෂුද්‍ර ප්ලාස්‌ටික්‌ හා ක්‌ෂුද්‍ර තන්තු අන්තර්ගත වූ රෙදි-පිළියෙන් නිර්මාණය වෙමින් 'සමුදුර රැකගනිමු' යන පණිවිඩය ප්‍රචලිත කිරීමේ අටියෙන් කැසබුවන් තිදෙනකුගේ රුව එකතු වන්නේ. ඉදින් ලෝ පුරා සමුදුරු සංරෂණය ගැන වැඩි වශයෙන් කතාබහ කෙරෙන යුගයක, සමුදුරු දූෂණයේ වැඩි බලපෑමක්‌ එල්ල වන කැස්‌බෑවන් සංරෂණයට නිහඬ සේවයක්‌ ඉටු වන, ලොවෙන් ම පමණක්‌ නො ව ශ්‍රී ලංකාවෙන් පවා සැඟවුණු කැස්‌බෑ අභිජනන බිමක්‌ පිළිබඳව ය මේ තොරතුරු දිගහැරෙන්නේ.

මුහුදු කැස්‌බෑවන් යනු ජුරාසික යුගය දක්‌වා විහිදී ගිය දිගු ඉතිහාසයකට උරුමකම් කියන සත්ත්ව විශේෂයක්‌ ලෙස හැඳින්විය හැකි ය. වර්තමානයේ හමු වන මුහුදු උරගයන් අතරේ තමන්ගේ ඉදිරි පරම්පරාවේ පැවැත්ම සඳහා බිජු ලෑමට ගොඩබිම සොයා ඇදෙන ප්‍රධානතම උරග කාණ්‌ඩය වන්නේ ද කැස්‌බෑවන් ය. මුහුදු ජලය තුළ දී අභිජනන කටයුතු සිදු කරන අතර බිජු ලන සමයේ දී ගැහැනු සත්ත්වයෝ වෙරළ සීමාවට පිහිනා විත් වෙරළේ හාරාගත් වළක්‌ තුළට වී මුහුද දෙසට මුහුණ ලා හිඳිමින් බිත්තර දැමීම සිදු කරති. කැස්‌බෑවකු ගත කරන නියමිත ජීවිත කාලය තුළ සියයට අනූ නවයක්‌ ම මුහුද තුළ කල් ගෙවන අතර ඒ සඳහා ම මේ සත්ත්වයන්ගේ ගාත්‍රා පිහිනීමේ පහසුව තකා අවල්පත් බවට අනුවර්තනය වී ඇත. එහෙත් මුහුදේ දී මෙන් ගොඩබිම තුළ දී නම් ඒවා නිසි පරිදි ක්‍රියාත්මක නො වේ. එබැවින් මුහුදේ සිට පිහිනා පැමිණ වෙරළ සීමාවේ දී එකී ගාත්‍රා ආයාසයකින් භාවිතයට ගනිමින් වැලි පොළොව හාරමින් හෙමින් හෙමින් ඇදී යන කැස්‌බෑවන්, ගොදුරු සතුන්ගේ පහසු ගොදුරු බවට පත් වේ. කැස්‌බෑවන් වෙරළ දිගේ ඇදී ගිය එබඳු ගමන්, මං පෙත් ඔවුන් බිජු ලන වෙරළ ආශ්‍රිත ව සුලබ ව නිරීෂණය කළ හැකි ය. එසේ ම මුහුදේ දී පිහිනා යැමට උපකාරී වන අවල්පත්, ගොඩබිම මත දී ඇවිද යැමටත්, බිජු ලෑමට වළක්‌ හාරාගැනීමටත් භාවිතයට ගනියි.

මුහුදු ජලය පානය කිරීමට සිදු වන බැවින් ශරීරයේ එකතු වන අධික ලවණ ප්‍රමාණය සිරුරෙන් ඉවත් කිරීමට ක`දුළු ග්‍රන්ථි, ලවණ ග්‍රන්ථි ලෙස විකසනය වී ඇත. මොවුන් උපන් වෙරළත්, තමන්ගේ සෙසු අවැසිතාවන් සපුරා ලන මුහුදු බිමත් අතරේ සැතපුම් දහස්‌ ගණන් දුර තරණය කිරීම කැස්‌බෑවකුගේ ජීවිත කාලය පුරා සිදු වන සාමාන්‍ය සිදු වීමක්‌ සේ සඳහන් කළ හැකි ය. එසේ වුවත් බිජු ලෑමට තමන්ගේ මවු සත්ත්වයා විසින් පරිහරණය කරන ලද තමන් උපන් වෙරළ ම සොයා පැමිණීම කැස්‌බෑවන්ගේ චර්යාවන් අතරේ වෙසෙසින් සඳහන් කළ හැකි පුරුද්දක්‌ සේ ප්‍රකට ය. අලුත උපන් ගැහැනු කැස්‌බෑවියක නිසි කල සපුරා තමන් ද, තමන් උපන් එකී බිම් සොයා පැමිණෙන්නේ කෙසේ ද යන්න පහදාගැනීම නම් සංකීර්ණ වූ කරුණු කාරණාවන් රාශියක්‌ එකින් එක ගෙන සියුම් ලෙස විග්‍රහ කළ යුතු මාතෘකාවක්‌ වන බැවින් එය ජන්ම පුරුද්දක්‌ ලෙස පමණක්‌ මෙහි සටහන් තබනු ලැබේ.

බිත්තර, දින 45 - 60ත් අතරේ වූ කාලයක්‌ වෙරළේ වළක්‌ තුළ හිරු එළියෙන් මෝරන අතර එකී වළ තුළ ඇති බිත්තර සඳහා ලැබෙන හිරු එළියේ අඩු-වැඩි බව මත කැස්‌බෑවන්ගේ ගැහැනු සහ පිරිමි උපත් සිදු වීම තීරණය වේ. සංඛ්‍යාත්මක ව බිත්තර ගොනුව සියයකට ආසන්න වුවත් එවැනි වූ බිත්තර වළවල් දහයකින් පිට වී මහා සුමුදුර බලා ඇදී යන කැස්‌බෑ පැටවුන් දහසකින් නිරුපද්‍රිත ව වැඩෙන්නේ එක්‌ පැටවකු වීමත්, මිනිසා විසින් සිදු කරනු ලබන කැස්‌බෑ බිත්තර එකතු කිරීම, මස්‌ පිණිස කැස්‌බෑවුන් මැරීම, අවිධිමත් ධීවර ක්‍රම හරහා කැස්‌බෑවන්ගේ ජීවිතවලට එල්ල වන බලපෑම්, ධීවර දැල්වලට හසු ව මිය යැම ආදි වූ කරුණු කැස්‌බෑ ගහනය අඩු-වැඩි වීම කෙරෙහි බෙහෙවින් ම බලපායි.

අප රට ආශ්‍රිත මුහුදු කලාපය තුළ කැස්‌බෑ විශේෂ පහක්‌ වාර්තා වේ. ගල් කැස්‌බෑවා (Green Turtle), බටු කැස්‌බෑවා (Olive RidleyTurtle), දාර කැස්‌බෑවා (Leatherback Turtle), ඔළුගෙඩි කැස්‌බෑවා (Loggerhead Turtle) සහ පොතු කැස්‌බෑවා (Hawksbill Turtle) ඒ අතරට අයත් ය. මෙකී විශේෂ පහ සහ සිංහල නමක්‌ භාවිතයේ නැති Natator depressus සහ Lepidochelys kempii විශේෂ දෙක ද ඇතුළත් ව ලොව පුරා කැස්‌බෑ විශේෂ 07ක්‌ වාර්තා වේ. අප රට ආශ්‍රිත ව වාර්තා වන සත්ත්වයන් ප්‍රකට ව දැක බලාගත හැකි මුහුදු සීමාවන් ලෙස ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ දිගේ දකුණ හරහා නැඟෙනහිර වෙරළ සීමාව අවට මුහුදු කලාපය ප්‍රකට ය. එකී සීමාවන් ආශ්‍රිත ව ව්‍යාප්ත ව ඇති කැස්‌බෑ සංරෂණ මධ්‍යස්‌ථාන ඊට කදිම නිදසුන් සපයයි. එනම් මෙකී මුහුදු සීමාව ආශ්‍රිත වෙරළ කලාපය කැස්‌බෑ විශේෂ 05කට බිජු ලෑමේ අවශ්‍යතාවට උචිත පාරිසාරික සාධක සපුරා ඇත. ගව් ගණනක්‌ දුර සිට එකී බිම් සොයා පැමිණෙන කැස්‌බෑවන් විවිධ වූ හේතූන් මත අනතුරුවලට ලක්‌ වේ. එසේ ම ඔවුන් වෙරළ මත වළක්‌ සාරා දමන බිත්තර ද විනාශ වීම සිදු වේ. එවැනි වූ කැස්‌බෑවන්ගේ පැවැත්මට අහිතකර ලෙස මානව ක්‍රියාකාරකම්, වෙනත් සත්ත්වයන්ගේ පහර දීම්, ගොදුරු වීම්, බිත්තර ගොදුරු කරගැනීම් ආදි වූ කරුණු බලපායි.

කෙසේ වෙතත් මානව මැදිහත් වීම මත කැස්‌බෑවන්ගේ ආරක්ෂාව සඳහා ද විවිධ වූ ක්‍රියාකාරකම් සිදු වේ. ඒ අතරේ කැස්‌බෑ බිත්තර සංරෂණයට හිමි වන්නේ ප්‍රධාන තැනකි. මුහුදේ සිට වෙරළට පැමිණ බිත්තර දමන කැස්‌බෑවියගේ බිත්තර ගොනුව ඇය යළිත් මුහුදට ගිය පසුව විවිධ වූ අනිසි බලපෑම්වලට නතු වීමේ ඉඩකඩ බහුල ය. විශේෂයෙන් ම බල්ලන්, ඌරන් වැනි මිනිස්‌ වාසයන් ඇසුරේ දිවි ගෙවන සත්ත්වයන් කැස්‌බෑ බිජු කෑමට දක්‌වන්නේ කෑදරකමකි. එබැවින් එවැනි බලපෑම් සහිත ස්‌ථානයන් තුළ ඇති කැස්‌බෑ බිත්තර සුරෂිත ස්‌ථානයක තැන්පත් කර පැටවුන් බිහි වූ පසුව යළිත් මුහුදට නිදහස්‌ කිරීම සිදු වේ.

මිනිසුන් ගැවසෙන පෙදෙස්‌ ඇසුරේ තත්ත්වය එසේ වුවත්, 'කුමන' වැනි වූ මහ වනයක්‌ වට කරගෙන විසල් වූ පරාසයක දිව යන වෙරළ සීමාවක දී නම් කැස්‌බෑවන් දමන බිත්තර මිනිස්‌ ක්‍රියාකාරකම්වලින් නිදහස්‌ ව සුරෂිත වුවත්, එකී බිත්තර නිරන්තර ව ම ගොදුරු කරගැනීමට මාන බලන වෙනත් ගොදුරු සත්ත්වයන් ගෙන් ආරක්ෂා කරගැනීම අසීරු කටයුත්තකි. එවැනි වූ පසුබිමක්‌ තුළ 'කුමන' වෙරළ සීමාව තුළ පිහිටි කිරිගල්ඹේ නමැති ස්‌ථානයේ වෙරළ ආශ්‍රිත ව කැස්‌බෑ සංරෂණ බිමක්‌ නිර්මාණය කිරීමට වනජීවී සංරෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. කිරිගල්ඹේ යනු කොළ කැස්‌බෑවා, බටු කැස්‌බෑවා සහ දාර කැස්‌බෑවා බිත්තර දැමීම සඳහා නිරන්තර ව ම පැමිණෙන බිමකි. එසේ පැමිණෙන කැස්‌බෑවිය වනයට මායිම් ව පිහිටා ඇති මහා සමුදුර විසින් වට කරගන්නා ලද මෙකී නිදහස්‌ වෙරළේ වළක්‌ සාරාගෙන ඒ මත වරකට බිත්තර සියයකට ආසන්න විසල් ගොනුවක්‌ තැන්පත් කර යළිත් වළ වසා සමුදුර සොයා ඇදී යයි.

එවැනි වූ කැස්‌බෑවියන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් වෙරළට වී කල් යල් බලන වල් ඌරෝ, නරි වැනි ගොදුරු සත්ත්වයෝ, වැඩිහිටි කැස්‌බෑවන් ගොදුරු කරගන්නවාට වඩා එම සත්ත්වයන් විසින් දමනු ලබන බිත්තර, වළවල් හාරා කෑමට පුරුදු ව සිටිති. මේ පුරුද්දට බිත්තර ගොදුරු කරගන්නා සත්ත්වයන් කෙතෙක්‌ ඇබ්බැහි වී ඇත් ද යත් වළක්‌ සාරා ඒ තුළට වී බිත්තර දමන කැස්‌බෑවියක දුටුව හොත් බිත්තර කෑමේ ගිජු බව ඉස්‌මතු වී වැඩිහිටි සත්ත්වයා මරා හෝ ඈ දැමූ බිත්තර කෑමට පෙලඹෙති. එය කැස්‌බෑවන්ගේ පැවැත්මට තර්ජනයකි. මන්ද යත් විසල් වූ බිත්තර ගොනුව ම විනාශ කිරීමට මෙවැනි බිත්තර ගොදුරු කරගන්නා සත්ත්වයන් පුරුදු ව සිටින බැවිනි.

'කුමන' ජාතික උද්‍යානයේ කිරිගල්ඹේ මුහුදු සීමාවේ කැස්‌බෑ බිත්තර බිම් ආරක්ෂා කරන අරමුණින් එහි වෙරළ තුළ ඉදි වූ කැස්‌බෑ සංරෂණාගාරය හරහා නිරුපද්‍රිත ව මුහුදට ඇදී ගිය කැස්‌බෑ පැටවුන් සංඛ්‍යාත්මක ව නම් විසල් ප්‍රමාණයකි. කැස්‌බෑවන් බිත්තර දැමීමට පැමිණෙන දින වකවානු පිළිබඳ ව අවධානයෙන් පසු වන වනජීවී සංරෂණ නිලධාරීන් එවැනි වූ බිත්තර වළවල්, සුරෂිත ස්‌ථාන තුළ ස්‌වාභාවික තත්ත්වයන් යටතේ ම නිසි උණුසුමින් මෝරන්නට ඉඩ හැර කැස්‌බෑ පැටවුන් එළිය දුටු පසු ව යළිත් මහා සමුදුරට ඇදී යැමට හැකි පරිදි නිර්මාණය කළ දැල් ආවරණ සකස්‌ කර ඇත. මෙවැනි වූ දැල් ආවරණ තුළ බිත්තර ආරක්ෂා කිරීමේ අරමුණ වන්නේ වල් ඌරන්, නරින් වැනි වූ ගොදුරු සත්ත්වයන් ගෙන් බිත්තර වළවල් ආරක්ෂා කිරීම ය. එසේ ම කැස්‌බෑවන් බිත්තර දැමීමට පැමිණෙන වෙරළ සීමාවේ රැඳී සිටින වනජීවී නිලධාරීන් විසින් එවැනි බිත්තර සුරෂිත ව රැගෙන විත් කැස්‌බෑ සංරෂණ මධ්‍යස්‌ථානයේ නිදහස්‌ පාරිසරික තත්ත්වයන් සහ නියමිත ප්‍රමිතීන් යටතේ යළිත් වළ දමනු ලැබේ. බිත්තර ලබාගත් දිනය, බිත්තර සංඛ්‍යාව සටහන් කර කුඩා බෝඩ් ලෑල්ලක්‌ වළ තුළ සිටුවන්නේ යළිත් කැස්‌බෑ පැටවුන් එළියට එන දිනයේ දී එකී දසුන නිරීෂණය කර වනජීවී සංරෂණයේ නාමයෙන් තමන් අතින් නිහඬ ව නමුත් සිදු වූ අනුපමේය සේවය දෙස බලාහිඳ සතුටු වීමේ අටියෙන් ය.

කැස්‌බෑවුන් යනු වඳ වීමේ තර්ජනයට සෘජු ලෙස ම ලක්‌ ව ඇති සත්ත්ව කොට්‌ඨාශයකි. එබැවින් ලොව පුරා වාර්තා වී ඇති සියලු ම කැස්‌බෑ විශේෂ රතු දත්ත ලේඛනය (IUCN)ට ද ඇතුළත් කර ඇත. වන සත්ත්ව හා වෘෂලතා ආරෂක ආඥ පනතේ II වැනි උපලේඛනය යටතේ නිශ්චිත ලෙස සඳහන් කර ඇති දැඩි ලෙස ආරෂිත ෂිරපායි සතුන් සහ උරගයන්ගේ නාම ලේඛනයට කැස්‌බෑවන් ඇතුළත් කර ඇත. එවැනි වූ සත්ත්ව විශේෂයකට හානි සිදු කිරීම යනු දඬුවම් පැමිණ විය හැකි වරදකි. මේ පනතේ 30 (1) ඇ, වගන්තියට අනුව දැඩි ලෙස ආරෂිත සත්ත්ව විශේෂයන් මැරීම, එම සතුන්ට තුවාල සිදු කිරීම, හානි කිරීම, අල්ලාගැනීම සේ ම මේ පනතේ 30 (1) ඈ, වගන්තියට අනුව මරන ලද, මිය ගිය, අල්ලාගන්නා ලද එවැනි සත්ත්ව විශේෂයකගේ යම් ශාරීරික කොටසකින් සාදන ලද භාණ්‌ඩයක්‌, මස්‌ - මාංශ හෝ බිත්තර සන්තකයේ තබාගැනීම ද දඬුවම් ලැබිය හැකි වරදකි. එකී වැරැදි සඳහා රුපියල් තිස්‌ දහසේ (රු. 30,000) සිට ලෂය (රු. 100,000) දක්‌වා දඩ මුදලකට හෝ මාස 06 සිට වසර 02 දක්‌වා සිර දඬුවමකට හෝ එම දඬුවම් දෙකට ම හෝ යටත් කළ හැකි ය.

Comments

Popular posts from this blog

7 Riveting Facts about the Kandos Man – Upali Wijewardene

Source:  abpic.co.uk  Written by – Ranuli at Omebiz Philip Upali Wijewardene, better known as Upali Wijewardene was one of the most flamboyant and prominent businessman with an empire that not only dominated the Sri Lankan business landscape but also went global. He was Sri Lanka’s first homegrown tycoon and the founder and Chairman of Upali Group, Sri Lanka’s first multi-national business. Upali Wijewardene kick-started his career as a management trainee at Lever Brothers (now known as  Unilever ) where he managed to lock down the job simply based on his basic dining etiquette. However, due to a disagreement with the Chairman of the company, Upali left his job at Lever Brothers. Following the death of his uncle, the Late Senator Sarath Chandradasa, Upali took over  Kandos  with the substantial shares that were allocated to him. The company struggled with the lack of sales, Upali modernized the production process boosting their sales off the charts. Kando...

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළ...

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...