Skip to main content

ස්‌වභාවධර්මයට නව මානයක්‌ එක්‌ කරන 'සයිබොර්ග්' උද්භිද විද්‍යාවේ සම්ප්‍රාප්තිය


2005 වසරේ දී තිරගත වූ අනාගත ලෝකය ගැන කියෑවෙන විද්‍යා ප්‍රබන්ධ සිනමා පටයක්‌ වන Aeon Flux ඔබ නරඹා ඇත්නම් එහි එක්‌තරා වැදගත් ගොඩනැඟිල්ලක ආරක්ෂාව උදෙසා වගා කර ඇති ශාක වළල්ලක්‌ අඩංගු දර්ශනය දැක ඇතිවාට සැක නැහැ. එහි දී කතා නායකයන් රහසිගත ව එම ගොඩනැඟිල්ලට ඇතුළු වීමට උත්සාහ දරන අතර මේ අලංකාරවත් ශාක වළල්ල තුළින් ඔවුන් ගමන් කරන විට වහා ක්‍රියාත්මක වන මේ ශාක විෂ සහිත කටුවලින් ඔවුන්ට පහර දෙනවා. එමෙන් ම 2002 වසරේ තිරගත වූ Minority Report චිත්‍රපටයේ ද මෙවැනි ම දර්ශනයක්‌ දැකිය හැකියි. එහි ද ජීව විද්‍යාඥවරියකගේ නිවසකට අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ දරන කතා නායකයාට සිදු වන්නේ තාප්පය දිගට වවා ඇති ශාකයකින් පහර කන්නටයි. එමඟින් ශරීරගත වන විෂ ඔහු ව සම්පූර්ණයෙන් ම අඩපණ කිරීමට සමත් වනවා.

ශාක පිළිබඳ ව සාමාන්‍යයෙන් අපට දැනෙන්නේ ඒවා ස්‌වභාවධර්මයේ අක්‍රිය ව පවතින කොටසක්‌ ලෙසයි. ඒවා ද ගල් තලාවක්‌ හෝ දිය දහරක්‌ හෝ මෙන්ම ස්‌වපැවැත්ම ගැන අදහසක්‌ නොමැති පරිසරයේ කොටසක්‌ ලෙසයි. එහෙත් ශාක සැම විට ම අවට පරිසරය හා සන්නිවේදනය කරන අතර එයට අනුරූප ව කටයුතු කරනවා. හිරු එළියේ වෙනස්‌කම්, ගුරුත්වයේ වෙනස්‌කම්, පාංශු තත්ත්වයෙහි සිදු වන වෙනස්‌කම් ආදි විවිධ වෙනස්‌කම් හඳුනාගන්නා මේවා ඊට සුදුසු පරිදි ප්‍රතිචාර දැක්‌වීමට ද සමත්. අපූර්ව විවිධත්වයකින් සපිරි ශාක ලෝකයේ සමහර ශාකවල මේ හැසිරීම් වඩා ප්‍රකට ව දැකිය හැකියි. ආහාර ලෙස කෘමීන් උගුලට හසු කරගන්නා බාඳුරා මල්, චලනයක දී වහා තම පත්‍ර හකුළාගන්නා නිදිකුම්බා ආදිය මීට උදාහරණ කිහිපයක්‌. අවට පාරිසරික තත්ත්වයන් හඳුනාගැනීම හා ඊට ප්‍රතික්‍රියා දැක්‌වීමේ ශාක සතු හැකියාව මිනිසාගේ කටයුතු ඉටු කරගැනීම සඳහා භාවිත කළ හැකි වනු ඇත් ද? ඉහත චිත්‍රපට නම් අනාවැකි පළ කරන්නේ එය එසේ කළ හැකි බවයි. ඒ අනාවැකිය බොරුවක්‌ නො කරමින් දැනටමත් ශාක මේ කටයුත්තට පෙළගස්‌වාගැනීමට විද්‍යාඥයන් කටයුතු කරමින් සිටිනවා.

විද්‍යා ප්‍රබන්ධවල දැක්‌වෙන මේ ශාක, බැලූ බැල්මට ම පෙනෙන්නට තිබෙන්නේ ජාන වෙනස්‌ කිරීම ආදි පූර්ණ ජෛව සංස්‌කරණ ක්‍රියාවලියක්‌ හරහා මේ තත්ත්වයට පත් කර ඇති බවයි. එහෙත් තවමත් අපේ විද්‍යාඥයන් එබඳු තැනකට තම දැනුම හා තාéණය දියුණු කරගෙන නැහැ. එනමුත් විද්‍යාඥයන්ට මේ කටයුත්තට අතගැසීමට වෙනත් ප්‍රවේශයක්‌ ද තිබෙනවා.

ශාකවල ක්‍රියාකාරීත්වය ගත් කල එය එක්‌තරා අන්දමක ස්‌වාභාවික පරිපථයක්‌ සේ සැලකිය හැකියි. බාහිරින් දත්ත සංවේදනය කරන එය ඒ අනුව ප්‍රතික්‍රියාවන් ප්‍රදර්ශනය කරනවා. මෙය මූලික වශයෙන් ගත් කල අප දන්නා ඉලෙක්‌ට්‍රොනික පරිපථ ක්‍රියාත්මක වන ආකාරයෙන් වෙනස්‌ වන්නේ නැහැ. එසේ නම් ඉලෙක්‌ට්‍රොනික විද්‍යාව හරහා ශාක හා ගනුදෙනු කිරීම එතරම් ම අපහසු කාර්යයක්‌ විය නො හැකි බව පෙනී යනවා.

මේ අනුව විද්‍යාඥයන් දැන් අලුතෙන් ම අත ගසා ඇත්තේ මේ ශාක ලෝකය හා ඉලෙක්‌ට්‍රොනික ලෝකය අතිනත ගැන්වීමේ කටයුත්තටයි. ශාක හා ඉලෙක්‌ට්‍රොනික පද්ධති එකිනෙක බද්ධ කර දෙමුහුම් නිර්මාණ බිහි කර ලීම මඟින් මේ ස්‌වභාවධර්මයේ අගනා දායාදයන් මානව සිතැඟියාවන් ඉටු කර ලීමට භාවිතයට ගැනීම ඔවුන්ගේ ඉලක්‌කය වී තිබෙනවා. මේ ක්‍රියාවලියට ඔවුන් ගැටගසා ඇති නම ද අපූරු එකක්‌. ඒ සයිබෝර්ග් උද්භිද විද්‍යාව (Cyborg Botany) යන නමයි. ඉලෙක්‌ට්‍රොනික-යාන්ත්‍රික අවයව මිනිස්‌ ශරීරයකට සවි කරගත් මිනිසුන් පිළිබඳ සංකල්පය අප හඳුන්වන්නේ සයිබෝර්ග් නමින්. එනිසා මේ නව පන්නයේ ශාක සයිබෝර්ග් ශාක ලෙස හැඳින්වීමේ ද කිසිදු වරදක්‌ නැහැ.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...