Skip to main content

මැදපෙරදිගදී තවත් අභිරහස් මරණයක්


  • 0
    Shares
රට රැකියාවකට යන ඕනෑම කෙනෙකුගේ මූලික අරමුණ කීයක්‌ හෝ උපයා ගෙනැවිත් තම පවුල ගොඩගැනීමය. ගෘහ සේවයට වැලිකතරට ගිය රිෂානාලා, කාන්තිලා, තංගම්ලා මේ සෑම කෙනකුගේම අභිප්‍රාය වී තිබුණේ ඉසුරින් පිරි අනාගතයකි. එහෙත් ඒ අහිංසක ජීවන ප්‍රාර්ථනාව ඉටු කරගැනීමට හැකි වන්නේ අතලොස්‌සකට පමණි. මැදපෙරදිග වහල් සේවයට යන බොහෝ කාන්තාවන් නැවත මෙරටට එන්නේ ඇඬූ කඳුළින්ය. එහෙමත් නැති නම් අබ්බගාතයන් විලසින්ය. එසේත් නොවෙන්න හතර රියනක්‌ තුළය. වැලිකතරෙන් ගලාගෙන එන එවැනි කඳුළු කතා දැන් අපට හොඳට හුරුපුරුදුය. තවත් පිරෙන්නට ඉඩක්‌ නැති තරමට දෙසවන් එවැනි කඳුළු කතාවලින් පිරී ගොස්‌ය. එහෙත් වැලිකතරෙන් ඇසෙන අඳෝනාවන්හි කිසිදු අඩුවක්‌ ද නැත. පසුගිය දිනක ද ඇල්පිටිය ඌරගස්‌මන්හන්දියෙන් එවැනි ෙ€දනීය කතාවක්‌ ඇසිණි. ඒ සුමිත්ලාගේ නිවසින්ය. ඔහුගේ බිරිඳ තනුජා ගෘහ සේවයට ගොස්‌ සිටියදී ඕමාන් රටේදී මිය ගොස්‌ය. ඒ අවාසනාවන්ත සිද්ධිය සුමිත්ලාට ආරංචි වී දැන් සති කිහිපයක්‌ම ගෙවී ගියේය. එහෙත් තවමත් තනුජාගේ මිනියවත් සුමිත්ට ගෙදරට ගෙන ඒමට නොහැකි වී ඇත. එතැන් සිට අපි තනුජාගේ ඉරණම් ගමන ගැන විමසා බලමු.
සුදුසිංහගේ තනුජා නිල්මිණිගේ ස්‌වාමිපුරුෂයා සුමිත් චන්ද්‍රවංශය. ඔහු වෘත්තියෙන් වඩු කාර්මිකයෙකි. ගමේ ගොඩේ වෙල් ඉපනැල්ලේදී බැඳුණු ප්‍රේමය 2001 අවුරුද්දේදී ඔවුන් එක වහළක්‌ යටට එකතු කර තිබිණි. ඒ දෙපාර්ශවයේම මවුපිය ආශිර්වාදය මැදිනි. දෙපාර්ශවයේ උපකාරයෙන් සුමිත්ගේ මහ ඉඩමේ පුංචි නිවසක්‌ තනා ගත් ඔවුqහු කූඩු වූහ. සතුට පිරුණු ඒ ජීවිත අතර කාලය ඉගිලිණි. විවාහයට වසරක්‌ පිරෙන විට ඔවුන්ගේ දුප්පත් ගෙපැල කිරි සුවඳින් පිරී ගියේය. තනුජාගේ තුරුලට පැමිණි කුළුඳුල් දරු සිඟිත්තා කොලු පැටියෙකි. සුමිත් තම දරුවාට තරිඳු චන්ද්‍රවංශ යනුවෙන් නම තැබීය. තරිඳු පුතාට වසර හතරක්‌ සම්පූර්ණ වන විට තනුජා ඔහුට නංගියෙක්‌ ගෙනත් දුන්නාය. සුමිත් ඇයට සඳුණි මදුෂිකා ලෙස නම තැබීය. නැවතත් 2011 වර්ෂයේදී සුමිත්ගේ කැදැල්ලට තනුජා තවත් දුවක්‌ කැන්දාගෙන ආවාය. ඇය සඳිසි මදුෂිකා විය. සඳිසිට වසරක්‌ සම්පූර්ණ වන විට මනෙල්ක තීක්‍ෂණ නමින් තවත් පුත් කුමරෙකුගෙන් කැදැල්ල හැඩ විණි. දැන් පුංචි කැදැල්ල සාමාජිකයන්ගෙන් පොහොසත්ය. එමෙන්ම අගහිඟකම්වලින් ද දුපAපත් නොවීය.
වඩු කාර්මිකයකු ලෙස දවසකට සුමිත් උපයන වැටුප තම පවුල නඩත්තු කරවීමට ප්‍රමාණවත් නොවිණි. එහෙයින් දිනෙන් දින නිවසේ අගහිඟකම් වැඩි විය. කෙසේ හෝ තම දරුවන් සිව් දෙනා උස්‌ මහත් කරගැනීමේ අදිටනින් සුමිත් රැකියාවට අමතරව කුරුඳු තැලීමට ද යොමු විය. වැඩිමහල් දරුවන් දෙදෙනා පාසල් යැමට පටන් ගැනීමත් සමග පෙරටත් වඩා වියහියදම් වැඩි විය. එහෙත් ඔවුන්ගේ දුප්පත් ගෙපැලේ සතුට අඩු නොවිණි. ‘සුමිත් විතරක්‌ හම්බ කරලා මදි… මමත් මොකක්‌ හරි කරන්න ඕනා’ සිතා තනුජා රට රැකියාවකට යැමට සූදානම් වූවාය. සුමිත්ගේ කැමැත්ත ඇතිව ඌරගස්‌මන්හන්දිය ප්‍රදේශයේ විදේශ රැකියා තැරැව්කරුවකු මාර්ගයෙන් කොළඹ විදේශ රැකියා ඒජන්සියක්‌ හරහා 2009 වර්ෂයේදී තනුජා කුවේට්‌ රටේ ගෘහ සේවයට ගියාය.
තනුජා නැති නිවස පාළු සොහොන් පිටියක්‌ බඳු විය. පුංචි පැටවු අම්මා නැති සොවින් අන්දභූත වූවා සේ සිටියහ. තනුජා මතක්‌ වන විට සුමිත්ගේ හදවත පැලෙන තරමට රිදුම් දුන්න ද එය දරුවන්ට නොපෙන්නා සිත තුළම ගල් කර ගත්තේය. තනුජා රට ගොස්‌ සති දෙකකට පසු සුමිත්ට කතා කළාය… ‘අනේ මහත්තයෝ මේ ගෙදර වැඩ කරන්න බෑ. ඔක්‌කොම ගෙදර දහයක්‌ විතර ඉන්නවා. ඒ අයගේ වැඩ කරලා ඉවරයක්‌ නෑ. දවසකට පැයක්‌වත් නිදාගන්න නෑ. හරියට කන්න දෙන්නෙත් නෑ. මට ඉන්න බෑ මහත්තයෝ… මාව ලංකාවට ගෙන්න ගන්න. නැති නම් මම මැරෙයි…’
එදිනම ක්‍රියාත්මක වූ සුමිත් තනුජා රට යෑවූ කොළඹ කොටහේන ප්‍රදේශයේ එජන්සියට ගොස්‌ තනුජා විඳින දුක පවසා කෙසේ හෝ නැවත තනුජාව ලංකාවට ගෙනැත් දෙන්නැයි බැගෑපත් විය. ඒජන්සියෙන් සුමිත්ට පවසා ඇත්තේ තනුජා ලංකාවට ගෙන්නා දෙන්න තවත් රුපියල් එක්‌ ලක්‍ෂ අසූ පන්දහසක්‌ වියදම් වන බවයි. සුමිත්ගේ අගහිඟකම් එක්‌ක ඒ මුදල කෝටියකටත් වැඩිය. එහෙත් සුමිත්ගේ හදවත තනුජාට පණටත් වඩා ආදරේ කරන්නේය. සුමිත් තම දරුවන්ගේ මෙන්ම තනුජාගේ කණකර උගස්‌ කර, මදි පාඩුවට පොලියටත් ගෙන කෙසේ හෝ තනුජාව ලංකාවට ගෙන්වා ගත්තේය.
‘අනේ ආයේ නම් කන්න නැති වුණත් රට නම් යන්නේ නෑ… උන් මිනිස්‌සු නෙමෙයි අමනුස්‌සයො…’ නිවසට පැමිණි තනුජා සුමිත්ට පමණක්‌ නොව ඥාතීන්ට ද එසේ කීවාය. අනතුරුව සුමිත් තනුජා එකතුව වඩු කර්මාන්තය මෙන්ම කුරුඳු තැලීම ද කරමින් කටුකොහොළින් පිරි ජීවන මඟ ගමන් කළහ. කොපමණ මුදල් ඉපැයුවද වැඩිමහල් දරුවන් දෙදෙනාගේ පාසල් ගමනට කෙසේ වෙතත් ගෙදර වියදමටවත් ප්‍රමාණවත් නොවිණි. තනුජා නැවත අකැමැති තීරණයම ගත්තාය. ඒ අනුව සුමිත්ගේ කැමැත්ත ඇතිව කොළඹ මරදාන විදේශ රැකියා එජන්සියක්‌ මාර්ගයෙන් නැවතත් ඩුබායි රටේ ගෘහ සේවයට ගියාය. එරටට ගොස්‌ දින තුනකට පසු තනුජා සුමිත්ට කතා කළාය.
‘තවම ඉන්නේ එජන්සියේ. ළඟදිම ගෙදරක වැඩට යවනවා කියලා එජන්සියේ අය කිව්වා. අනේ දරුවො හොඳින් බලා ගන්න මහත්තයෝ…’ දෙහදේම කඳුළු මතින් දුරකථන ඇමතුම විසන්ධි විය.
‘ඒ කතා කළාට පස්‌සේ තනුජා මට කතා කළේ නෑ. ටික දවසකට පස්‌සේ තනුජාගේ යාළුවෙක්‌ මට කතා කරලා කිව්වා තනුජාව ඕමාන්වලට යෑව්වා කියලා. පහුගිය ඔක්‌තෝබර් 30 වැනිදා තනුජා මට කතා කරලා කිව්වා ගෙදරක වැඩට දැම්මා කියලා. ඒ ගෙදර හොඳයි කියලත් කිව්වා. ඊට පස්‌සේ තනුජා මට කතා කළේ නෑ. පහුගිය මාසේ 14 වැනිදා ඌරගස්‌මන්හන්දිය පොලිසියෙන් ඇවිත් මට කිව්වා තනුජා ඕමාන්වලදි හදිසි අනතුරකින් මිය ගිහිල්ලා කියලා…’ සුමිත්ගේ මුවින් ගිලිහුණු වචන විලාපයක්‌ විය. ‘දැන් මගේ දරුවන්ට අම්මා කෙනෙක්‌ කෝ… අම්මට මොකක්‌ හරි කරදරයක්‌ කියලා ලොකු දරුවො දෙන්නට තේරිලා අම්මා බලන්න ඕනා කියලා හඬනවා… දරුවො අම්මා අහනකොට දැන් මම මොකක්‌ද කියන්නේ… අනේ දෙවියනේ ඇයි මෙහෙම අපිට කළේ…’ හදවතක්‌ තිබෙන කෙනෙකුට සුමිත් කියන දේවල් අසාගෙන සිටීමට නොහැකි තරම්ය. ගල් පිළිම සේ සුමිත් දෙස බලා සිටිනවා හැරෙන්නට අපේ මුවගට වචන නොඒa.
‘ආරංචිය ලැබුණු පහුවැනිදාම මම විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයට ගිහින් තනුජා පිළිබඳ හොයලා බැලුවා. එතැනදි මැඩම් කෙනෙක්‌ මට කිව්වා ‘තනුජා වැඩ කරපු ගෙදර තට්‌ටු හතරක්‌ උඩ ඉඳලා පැනලා මැරිලා කියලා’ අනේ මගේ තනුජිට සිය දිවි හානි කර ගන්න හේතුවක්‌ නෑ. කවුරුහරි එයාව මරලා…’
‘අනේ ඔව් මහත්තයෝ… මගෙ කෙල්ලට සිය දිවි හානි කරගන්න වුවමනාවක්‌ තිබුණෙ නෑ. ඒකී මගේ ලේලි වුණත් මගේ දුවක්‌ වගෙයි. මේ කොල්ලට පුදුම ආදරයක්‌ තිබුණේ. ඒ වගේම දරුවන්ටත් පණ වගෙයි. කරන්න දෙයක්‌ නැතිකමටමයි රට රස්‌සාවකට ගියේ…’ තනුජාගේ නැන්දම්මා සුමිත් කියන කතාව තවදුරටත් සනාථ කළාය.
‘මට මේ දරුවො හතර දෙනා වැඩි නෑ. ඒත් මේ පැටවුන්ට අම්මා කෙනෙක්‌ කෝ… මේ කරපු අපරාධයට හෙණ හතම වදින්න ඕනා…’ ඇය දෑත් අහසට ඔසවා විලාප දෙන්නට වූවාය. විලාපය මැදින් සුමිත් නැවත කතා කළේය.
‘මම විදේශ සේවා එකට ගිය වෙලේ මැඩම් කෙනෙක්‌ මට කියලා දිවුරුම් ප්‍රකාශයකට අත්සන් කර ගත්තා. මම ඇහුව මේ මොකක්‌ද මැඩම් කියලා… එතකොට එයා කිව්වා ‘තනුජාගෙ මෘත ශරීරය ලංකාවට ගෙනැවිත් දෙන්න රුපියල් තුන් ලක්‍ෂ පනස්‌දාහක්‌ ගෙවන්න කැමති බවට ගත්ත අත්ලසනක්‌ කියලා. මම කොහොමද එච්චර මුදලක්‌ වියදම් කරන්නේ. අපිට එහෙම සල්ලි තිබුණ නම් තනුජිව රට යවන්නේ නෑ. මේ සිද්ධිය ආරංචි වුණ දවසේ ඉඳලා එහෙට මෙහෙට දුවනවා මිසක්‌ රස්‌සාවට ගියෙත් නෑ. ඇයි අපිට මෙහෙම කරන්නේ. මගෙ තනුජිගෙ මිනියවත් දරුවන්ට පෙන්වන්න විදිහක්‌ නැද්ද. අපි ගැන අනුකම්පා කරලා මගෙ තනුජිව ලංකාවට ගෙනත් දෙන්න කියලා මම රජයෙන් ඉල්ලනවා…’
විසිනව හැවිරිදි තනුජාට නවය නපුරු විය. ගමන කෙටි විණි. තනුජාගේ මරණය ඇයගේ ඥාතීන්ට සැක සහිතය. එහෙත් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකවරණය පිණිස පැමිණි ශ්‍රී ලාංකික ගර්භණී කාන්තාවක්‌ ගබ්සා කිරීමට විදේශ රැකියා නියුක්‌ති කාර්යාංශයේ නිලධාරීන් පිරිසක්‌ මැදිහත් වූ අවස්‌ථාවේ එයට විරුද්ධව පරීක්‍ෂණයක්‌ ආරම්භ කළ ශ්‍රී ලංකා තානාපති වහාම මෙරටට ගෙන්වා ගැනීමට විදේශ අමාත්‍යාංශය කටයුතු කර තිබුqණු බව වාර්තා විය. එහෙව් විදේශ සේවයක්‌ ඇති රටක තනුජාගේ ‘සැක සහිත’ මරණයට සාධාරණයක්‌ ඉටුවේද යන්න රටටම ඇත්තේ සැකයකි. එමෙන්ම විදේශ රැකියාවල නියුක්‌තිකයන්ගෙන් මෙරටට ලැබෙන ආදායම සුළු පටු නැති බව බලධාරීහු නිතර නිතර පුරාඡේරු දොඩවන්නාහ. රටේ ආර්ථිකයට එහෙව් දායකත්වයක්‌ ලබාදෙන එකෙක්‌ පිටරටකදී මියෑදුන විට එම ‘මිනිය’ මෙරටට ගෙන්වාදීමට මුදල් අය කරන විදේශ සේවයක්‌ ගැන තවත් කවර කතාද?
වැලිකතරේදී සාක්‍ෂි නොමැතිව මියගිය පළමු කාන්තාව තනුජා නොවේ. මීට පෙර මෙවැනි සිද්ධි ඕනෑ තරම් වාර්තා වී ඇත. එහෙත් මේ අමනුස්‌ස වැලිකතරේ තිරිසන්කම ගැන අපේ රට්‌ටු තේරුම් ගෙන නැත. ඒ ඇත්ත තේරුම් ගත් දිනට ‘වහලියන්’ සේ මැදපෙරදිගට ගොස්‌ ‘මිනියක්‌’ ලෙස නිවසට එන තනුජලා නැති වෙයි. එහෙත් මේ ඇත්ත හොර එජන්සිකාරයන්ට සහ වහල් සේවයෙන් යෑපෙන විදේශ සේවයට නම් අමුම අමු තිත්තය. එහෙත් ඒ තිත්ත රටට රසය.
තරංග රත්නවීර [sexypoll id=”9″]

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...