Skip to main content

මානසික ආතතියත් සමඟ අපි ලෙඩ වන අයුරු

මානසික ආතතියත් සමඟ අපි ලෙඩ වන අයුරු

2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30113
ඔබ උදේ නැගිටිනවා. වැඩට යන්න ලෑස්ති වෙනවා. ගෙදර වැඩ ටික වෙලාවට ඉවර කරගන්න බැරි වෙනවා. පාරට ආවත් වෙලාවට බස් එක ගන්න බැරි වෙනවා. වැඩට යනකොට විනාඩි 45ක් පරක්කු වෙනවා. වැඩ ගොඩගැහිලා. ඔබට ඔබ සටහන් ගෙදර අය සමඟත් මුළු ජීවිතේ ගැනත් තරහක් වගේම කලකිරීමක් ඇති වෙනවා. එදා මුළු දවසම අසුබවාදී සිතුවිලිවලින් පිරිලා. ඉතින් ඔබ දන්නවද මේක තමයි ‘කල් පවතින ආතතිය’ (Chronic stress) ඔබේ ජීවිතයේ පසුගිය එක සතියක් අරගෙන බලන්න. මනසට වද දෙන තරහා යන නොසන්සුන් වෙන, ඊර්ෂ්‍යා සහගත, සිතුවිලි ඇතිවෙන, දුක හිතෙන අවස්ථා සහ සිතුවිලිවලින් පිරිලා. මෙම ආතතිය සමඟ එන කෝටිසෝල් නැමති හෝමෝනය පමණක් නෙවෙයි අපේ ප්‍රතිශක්තිය බිඳ දමන සයිටොකයින් (Cytokines) නැමැති ප්‍රෝටීන ද ශ්‍රාවය වෙනවා. ඉක්මනින් ඔබ ලෙඩ වෙනවා. හෘදයාබාධ, දියවැඩියාව, අංශභාගය, මානසික අවපීඩනය වැනි තත්ත්වයන්ට ඔබ ගොදුරු වෙනවා. අපි සුගත් සහ ධම්මිගේ කතාව ඇසුරින් මේ ගැන තවත් ගැඹුරින් සොයා බලමු.
1. සුගත් සහ ධම්මිගේ කතාව
සුගත්ගේ වයස අවු. 40යි. ඔහු බැංකුවක කළමනාකරුවෙක්. ධම්මිගේ වයස අවු. 35යි. විවාහ වී අවුරුදු 10යි. දරුවන් දෙදෙනෙක් සිටී. සුගත් සහ ධම්මි අපගේ සායනයට යොමු වූයේ පහත සඳහන් කරුණු නිසාය.
1. සුගත්ට හරියට තරහා යනවා. හොස්ස ළඟින් මැස්සා යන්න බැහැ. හුඟක් තරහා යන්නේ බිරිඳ ධම්මි සමඟ. ඔහු නිතරම දකින්නෙ ධම්මිගේ වැරදි.
2. සුගත්ට නිතරම පවතින හිසේ කැක්කුමක් තියෙනවා. හිසේ ඉදිරිපස වගේම උරහිස්වල නිතර පවතින වේදනාවක් ගැන සුගත් කියනවා.
3. සුගත්තේ රුධිර පීඩනය 140/ 90යි. රුධිරයේ සීනි 120 mg/ dl (නිරාහාරව සිටින විට) උසට බර අනුපාතය (B.M.I) 28යි.
ධම්මි සුගත් ගැන මෙහෙම කියනවා. “අපි අවු.2ක් ආදරේ කරලා තමයි බැන්දේ. දැන් බැඳලා අවු. 8ක් වෙනවා. පළමු අවු. 3 නම් අපි හුඟක් සතුටින් හිටියා. ඇවිදින්න ගියා, විනෝද වුණා, චිත්‍රපටි බැලුවා. දැන් ඒ කිසිමදෙයක් නෑ. ඔහු වැඩ ඉවරවෙලා ගෙදර එනවිට රෑ එක, දෙක වෙනවා. ඊටපසු රෑ පැය 4ක් පමණ TV, Facebook. ඊටපස්සේ මහන්සියි කියලා නිදාගන්නවා. නිතරම මාත් එක්ක රණ්ඩු වෙනවා. නිතරම ඔලුව කැක්කුම ඇඟපත රිදෙනවා කියලා පැනඩෝල් බොනවා. මාත් එක්ක ලිංගිකව එකතු වෙන්නවත් කිසිම ආශාවක් නැහැ. ළමයි දෙන්නා ගැනත් ඒතරම් සැලකිල්ලක් නැහැ. අපේ රණ්ඩු දැකලද දන්නෑ දැන් ලොකු පුතාටත් හරියට තරහා යනවා. ඉස්කෝලෙ වැඩ හරියට කරන්නෙත් නැහැ. මටත් දැන් මේ ජීවිතේ ඇති වෙලා තියෙන්නේ.”
මෙහි එන සුගත් කල් පවතින ආතතියට ගොදුරු වී ඇති බව කරුණුවලින් පෙනී යනවා. සුගත්ගේ එදිනෙදා ජීවිතය ගතකරන ආකාරය සහ හැසිරීම් රටාවල් නිසා ඔහුගේ බිරිඳ ධම්මි දැඩි මානසික පීඩනයකට ගොදුරු වී සිටින බව පෙනී යනවා. අපේ සමාජය තුළ දරුවන් වැඩිපුර සමීප මවට වන අතර මවගේ පීඩනය නිසා එම පීඩනය දරුවන්ට ද බලපා ඇති බවද මෙම කතාවෙන් පැහැදිලි වෙනවා.
මනෝ විද්‍යාව සහ උපදේශනය ජීවිතයට උපකාරී කරගත හැක්කේ මෙවැනි අවස්ථාවලදීය. නමුත් බොහෝවිට මෙවැනි ප්‍රශ්න ජීවිතයට ඇතුළු වී විට ඒවාට පිළිතුරු සොයමින් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ශාස්ත්‍ර පිටුපස යාම අපගේ පුරුද්දයි. සුගත් සහ ධම්මි මේ ඛේදවාචකයෙන් එළියට ගැනීමට මනෝ විද්‍යාව සහ උපදේශනය භාවිතා කළ අයරු පහත සඳහන් වේ.
සුගත් සහ ධම්මි සඳහා මනෝ උපදේශනය
මානසික ආතතිය ඇතුවත් බැරි නැතුවත් බැරි ස්නායු, රසායනික හා හෝමෝන ප්‍රතික්‍රියාවක් බව අපි කවුරුත් දන්නවා. ජීවිතයේ ප්‍රශ්නයකට හෝ ගැටලුවකට මුහුණ දෙනවිට අප මුහුණ දෙන ආතතිය හා ඒ සමඟ එන ප්‍රතික්‍රියාව සැබැවින්ම ප්‍රයෝජනවත්. මෙම ආතතික ප්‍රතික්‍රියාව සමඟ අපගේ මනස හා ශරීරය අවධි වෙනවා. අපට වඩාත් හොඳින් ශක්තිමත්ව එම ප්‍රශ්නයට හෝ ගැටලුවට මුහුණ දෙන්න පුළුවන් වෙනවා. නමුත් මෙම ප්‍රතික්‍රියාව අසාමාන්‍ය ලෙස වැඩි වූ විට මානසිකව සහ ශාරීරිකව අපව දුර්වල වෙනවා. තරහ යාම, අමතක වීම, හිසේ බර ගතිය, නින්ද නොයාම, නුරුස්සනසුළු ගතිය වගේම කාලයත් සමඟ හෘදයාබාධ, දියවැඩියාව, අංශභාගය සහ මානසික අවපීඩනය වැනි තත්ත්වයන්ට ගොදුරු විය හැක. පහත සඳහන් ප්‍රස්ථාරයෙන් ආතතිය සහ අපගේ ක්‍රියාකාරීත්වය පහසුවෙන් අපට අවබෝධ කරගන්න පුළුවන්.
කල් පවතින මානසික ආතතියකදී අප ලෙඩ වෙන්නේ කොහොමද?
වනගත, ගෝත්‍රික සහ ගල් යුගවලදී ‘දැඩි මානසික ආතතික ප්‍රතික්‍රියාව’ අපට අත්‍යවශ්‍ය වුණා. සතුන් පසුපස ලුහුබැඳ යන්න, සටන් කරන්න, පලා යන්න අවශ්‍ය ක්ෂණික විශාල ශක්තිය අපට ලැබුණේ මේ රසායනික හෝමෝන ප්‍රතික්‍රියාවෙන්. ඇමිග්ඩෙලා (Amygdala) කියන්නේ මොළයේ ගැඹුරින් පිහිටි භය සහ හැඟීම් පාලනය කරන අපේ භය හෝ හැඟීම් පළමුවෙන්ම දැනෙන්නේ මේ ඇමිග්ඩෙලා ඉන්ද්‍රියට. එවිට මෙම ඉන්ද්‍රිය මොළයේ පිටියුටර් (Pituitary) සහ හයිපොතැලමස (Hypothalamus) යන ග්‍රන්ථීන්ට අවශ්‍ය රසායන ද්‍රව්‍ය (ACIH සහ CRH) ශ්‍රාවය කිරීමට පණිවිඩ යවනවා. ඉන්පසු මෙම ඉන්ද්‍රියන් වකුගඩු ළඟ තියෙන ඇඩ්‍රිනල් ග්‍රන්ථියට (Adrenal Glant) පණිවිඩ යවනවා. ඇඩ්‍රිනල් ග්‍රන්ථියෙන් එපිනෙප්ප්‍රීන් (Epinephrine) සහ කෝටිසෝල් (Cortisol) යන හෝමෝන  රුධිරයට නිකුත් කරනවා. එපිනෙප්‍රීන්වලින් මොළය, මාංශපේශීන් ඇතුළු ශරීරය විශාල ශක්තියක් ඇතුව අවදි කරනවා. කෝටිසෝල් නැමැති හෝමෝනය මෙම ශක්තිය ලබාගැනීමට අවශ්‍ය ආහාර ලෙස අක්මාව මගින් මේද අම්ල (Fatty acid) සහ ග්ලූකෝස් (Glucose) රුධිරයට එකතු කරනවා. මෙහෙම තමයි අපට සටන් කරන්න (Fight) හෝ පලා යන්න (Flight) අවශ්‍ය අසාමාන්‍ය ශක්තිය මනසට ලැබෙන්නේ.
ඉතින් අද අපි දැඩි ආතතිය සමඟ ලෙඩ වෙන්නෙ කොහොමද?
ආදිතම මිනිසා දැඩි ආතතික ප්‍රතික්‍රියාව සමඟ සටන් කිරීමේදී හෝ පලා යාමේදී රුධිරයට එකතු වන වැඩිපුර ග්ලූකෝස් සහ මේද අම්ල සම්පූර්ණයෙන්ම වගේ ඔක්සිජන් සමඟ දැවී ගොස් ශක්තිය ලබාගන්නවා. වැඩිපුර මේදය හෝ ග්ලූකෝස් රුධිරය තුළ එකතු වෙන්නේ නැහැ. නමුත් අද මිනිසා අශුභවාදී හැඟීම්වලට ගොස් මානසික ආතතියක් ඇති කරගෙන මේද අම්ල සහ ග්ලූකෝස් දිගටම රුධිරය තුළ තබා ගන්නවා. ඒවා දැවීමට සටන් කිරීමක් හෝ පලායාමක් සිදුවන්නේ නැහැ. මේ වැඩිපුර එකතු වන ග්ලූකෝස් සහ මේද අම්ල අපව දියවැඩියාව, හෘදයාබාධ සහ අංශභාග වැනි තත්ත්වයන්ට ගොදුරු කරනවා.
බ්‍රිතාන්‍යයේ කරන ලද එක් සමීක්ෂණයකින් හෙළිවූයේ වැඩ කරන මිනිසුන්ගෙන් 70%ක් ‘කල් පවතින ආතතියට’ (Chronic Stress) ගොදුරු වී ඇති බවයි. ඔවුන් තවත් අපූරු සොයාගැනීමක් හෙළි කළා. වැඩ කරන බොහෝ මිනිසුන් නිතරම හිසේ කැක්කුම, ඇඟපතේ රුදාව, අලසකම, නහය හිරවීම, ඇස්වල රුදාව වැනි තත්ත්වයන්ගෙන් පෙලෙන බව වෛද්‍යවරුන් දුටුවා. වෛද්‍යවරු මුලදී සිතුවේ මේ තත්ත්වය එම ගොඩනැගිලි ඇතුළේ පවතින වාතාශ්‍රය, වායුසමීකරණ තත්ත්වයන් හෝ වෙනත් එවැනි හේතූන් නිසා ඇතිවන බවයි. නමුත් මෙසේ වැඩ කරන බ්‍රිතාන්‍ය ජාතිකයන් හාරදහසක් ගෙන කළ සමීක්ෂණයකදී හෙළි වූයේ මින් බොහෝදෙනා අධික වැඩ, වෙනත් මානසික ගැටලු සමඟ කල්පවතින මානසික ආතතියට ගොදුරු වී ඇති බවයි. මෙම කල් පවතින මානසික ආතතියට ඔවුන් ‘Sick Building Syndrome’ ලෙස හැඳින්වූවා.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...