Skip to main content

ටිබෙට් බෞද්ධ පළාත: ලඩාක්


බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස පැවැති ඉන්දියාවට 1947 වසරේදී නිදහස හිමිවූයේ මුස්ලිම් වැසියන් වෙනුවෙන් පාකිස්තාන බිහි කරමිණි. ඉන්දියාවටත් අභිනවයෙන් බිහිවුණු පාකිස්තානයටත් හිමාල අඩවියේ පිහිටි කාශ්මීර ප්‍රදේශය පොදු විය.
කාශ්මීරයට අයත් ජම්මු, කාශ්මීර් සහ ලඩාක් යන පළාත් පාලනය කළ ප්‍රදේශීය මුස්ලිම් නායකයා, පාකිස්තානය සමඟ එක්වීම වෙනුවට ඉන්දියාව සමඟ එක්වීමට තීරණය කළේය. ඒ අනුව, ජම්මු, කාශ්මීර් සහ ලඩාක් ඉන්දීය පාලනයට නතු කාශ්මීරය බවට පත් වුණු අතර, සෙසු කාශ්මීර ප්‍රදේශ පාකිස්තානයේ පාලනයට නතු විය.
ඉන්දු කාශ්මීරය ඉන්දියාවට එක් කර ගන්නා අවස්ථාවේදී, ඉන්දීය රජය කාශ්මීරයේ මුස්ලිම් වැසියන්ට ප්‍රමුඛත්වය දී, ඔවුන්ගේ අයිතීන් සහ ආරක්ෂාව සුරැකීම වෙනුවෙන්, විශේෂිත බලතල පැවරීය. ඒ, ඉන්දීය ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය යටතේය. ඉන්දියාවේ සෙසු ප්‍රාන්ත මෙන් නොව, ඉන්දු කාශ්මීරයට ස්වං පාලනයක් හිමිවිය. පසුගිය 70 වසර පුරාවට, ඉන්දියාවත් පාකිස්තානයත් අතර දේශසීමා ගැටුම් හේතුවෙන්, ඉන්දු කාශ්මීරය මුල්කොට ගනිමින් අර්බුද රැසක් නිර්මාණය විය.
පසුගිය දෙවැනිදා ඉන්දු කාශ්මීරයට අමතර පොලිස් සහ හමුදා භටයන් 35,000 ක පිරිසක් යවා ආරක්ෂාව තර කිරීමට ඉන්දීය රජය පියවර ගත්තේය. ජම්මු සහ කාශ්මීර් පළාත් බලා පැමිණි සහ පැමිණෙමින් සිටි හින්දු බැතිමතුන් මෙන්ම සංචාරකයන් ද ආපහු හරවා යැවිණි. ඉන්දීය පාලනයට නතු කාශ්මීරයේ දුරකතන සහ අන්තර් ජාල සබඳතා නවතා දැමීය. ඉන්දු කාශ්මීරයේ හිටපු මුස්ලිම් මහ ඇමැතිවරුන්, මුස්ලිම් දේශපාලන නායකයන්, දේශපාලන ක්‍රියාකාරීන් නිවාස අඩස්සියට ගැණින. පසුගිය 5 වැනිදා, ඉන්දීය අභ්‍යන්තර කටයුතු ඇමැති අමිත් ෂා ඉන්දීය රාජ්‍ය සභාව (පාර්ලිමේන්තුව) අමතමින් විශේෂ ප්‍රකාශයක් කළේය. අමිත් ෂා කියා සිටියේ, ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් සිය බලතල අනුව ඉන්දීය ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය අහෝසි කළ බවය.
370 වැනි වගන්තිය යටතේ, ඉන්දීය පාලනයට නතු කාශ්මීරයට හිමිවී තිබුණේ විශේෂ තැනකි. ඉන්දු කාශ්මීරයට වෙනම ව්‍යවස්ථාවක් තිබුණි. ජනතා නියෝජිතයන් ලෙස සහ දේශපාලනඥයන් ලෙස ඉදිරිපත් විය හැකිව තිබුණේ ඉන්දු කාශ්මීරයේ මුස්ලිම් වැසියන්ට පමණි.  ඉන්දු කාශ්මීරයේ ඉඩම් මිලදී ගැනීම, ආයෝජන ඇති කිරීම ආදිය ද කළ හැකිව තිබුණේ ඉන්දු කාශ්මීරයේ මුස්ලිම් වැසියන්ට පමණය. 370 වගන්තිය අහෝසි කිරීමත් සමඟ ඒ සියලු බලතල අහිමි විය.
ඉන්දියාවට ප්‍රාන්ත 29 ක් සහ මධ්‍යම රජය යටතේ පවතින පාලන ප්‍රදේශ  (යූනියන් ටෙරටරි) 7 ක් ඇත. 370 වැනි වගන්තිය අහෝසි වී, ඉන්දු කාශ්මීරයට ලබා දී තිබුණු විශේෂිත බලතල අහිමි කිරීමෙන් පසු, ‘ඉන්දු කාශ්මීර ප්‍රතිසංස්කරණ’ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණි. මේ සියල්ල සිදුවූයේ ඉන්දීය ව්‍යවස්ථාවට අනුවය.
ඒ අනුව, ස්වං පාලන බලතල කාශ්මීරයට අහිමි වී, ජම්මු සහ කාශ්මීර් යන පළාත් ඉන්දීය මධ්‍ය රජයේ පාලනය යටතට පත් වෙයි. ලඩාක් පළාත ජම්මු සහ කාශ්මීර මහාධිකරණ බලසීමාවට යටත් වෙයි. ඉන්දීය ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය ක්‍රියාත්මක වෙද්දී, ජම්මු, කාශ්මීර් සහ ලඩාක් පොදුවේ ඉන්දීය පාලනයට නතු කාශ්මීරය විය.
ඉන්දීය පාලනයට නතු කාශ්මීරයේ ලඩාක් පළාත සුවිශේෂීය. ඒ, එහි බෞද්ධ වැසියන් බොහෝ දෙනකු වාසය කිරීම නිසාය. ජම්මු සහ කාශ්මීර පළාත් පාකිස්තාන යාබදව පිහිටද්දී, ලඩාක් පළාත පිහිටා ඇත්තේ ඊට ප්‍රතිවිරුද්ධව ටිබෙටයටත් චීනයටත් මායිම්වය. ලඩාක් පළාත, ෂියාචෙන් ග්ලැසියරයේ සිට ඉන්දියාවට, පාකිස්තානයට සහ චීනයට මායිම්ව පිහිටින හිමාල අඩවියේ කරාකොරාම් කඳු වැටිය තෙක් පැතිර පවතී.
ලඩාක් පළාතේ විශාලතම නගරය ‘ලේහ්’ ය. දෙවැනියට විශාල නගරය ‘කාගිල්’ ය. ජම්මු සහ කාශ්මීර රජය ලඩාක් වෙනුවෙන් විශේෂිත පාලන ක්‍රමයක් හඳුන්වා දී තිබුණි. ලඩාක් හි ටිබෙට් බෞද්ධයෝ සියයට 39.7 ක් ද, ෂියා මුස්ලිම්වරු සියයට 46.4 ක් ද හින්දු භක්තිකයෝ සියයට 12.1 ක් ද වෙති. ඊට අමතරව සීක් ජාතිකයෝ ද ලඩාක් පළාතේ වෙසෙති. ලඩාක් පළාතේ ඩ්‍රාස් සහ ඩා හනු යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශවල පදිංචිවී සිටින්නේ ඩාර්ඞ් වැසියන්ය. ඩා හනු පළාතේ වැසියන් බ්‍රොක්පා ලෙස හැඳින්වෙයි. ටිබෙට් බෞද්ධයන් වන්නේ මොවුන්ය. නවීන ලෝකයෙන් ඈත් වී සාම්ප්‍රදායට ගරු කරන පිරිසක් ලෙස මොවුන් සැලකෙයි.
ඩ්‍රාස් පළාතේ ජීවත් වන ඩාර්ඞ් වැසියන් ඉස්ලාම් භක්තිකයෝ බවට පරිවර්තනය වී සිටිති. ඒ, අසල්වැසි ඉස්ලාම් දහම ප්‍රචලිත කාශ්මීරයේ බලපෑමෙනි. මොන්ස් යනු ලඩාක් පළාතේ ජනාවාස පිහිටුවා ගත් මුල්ම ඉන්දියානු පවුල්වලින් පැවැත එන්නන්ය. සාම්ප්‍රදායිකව මොවුන් සංගීත ශිල්පීන්, කම්මල්කරුවන් සහ වඩුවන්ය. ලඩාක් පළාතේ ජනයා දිස්ත්‍රික් දෙකකට වෙන් වී සිටී. ඒ, ලේහ් සහ කාර්ගිල් නගර අයත් වන ඒවායේ නමින් නම් කළ දිස්ත්‍රික්ක දෙකටය. ලේහ් එක් කුඩා ප්‍රදේශයකින් මෙම දිස්ත්‍රික්කය චීනයට මායිම් වෙයි. කාර්ගිල් ආන්දෝලනයට තුඩු දී ඇත්තේ, පාකිස්තාන පාලන ප්‍රදේශයට මායිම් වන නිසාය. 1999 වසරේ මැයි සිට ජූනි මාසය දක්වා ඉන්දියාවත් පාකිස්තානයත් අතර කාගිල් දිස්ත්‍රික්කයේ දේශසීමා සම්බන්ධයෙන් යුද්ධයක් පැවැතිණි. මෙය ‘කාගිල්’ යුද්ධය ලෙස හැඳින්වෙයි.
ලඩාක් පළාතේ එකිනෙකට වෙනස් ජනවර්ග ජීවත් වන බැවින් භාෂා රැසකි. එසේ වුවත්, ලඩාක් පළාතේ ප්‍රධාන භාෂාව වන්නේ ලඩාකී ය. ලඩාකී යනු ටිබෙට් භාෂාවකි. හොඳ අධ්‍යාපනයක් ලබා ඇති ලඩාක් වැසියෝ හින්දි, උර්දු පමණක් නොව ඉංග්‍රීසි පවා හොඳින් දනිති. 2001 සංගණනයට අනුව, ලඩාක් පළාතේ සාක්ෂරතාව සියයට 62 කි. අතීතයේ අධ්‍යාපන ආයතන වූයේ බෞද්ධ ආශ්‍රම පමණි. එක් පවුලකින් එක් පිරිමි ළමයකුට බෞද්ධ ආශ්‍රමයකට ගොස් අධ්‍යාපනය හැදෑරීම කළ හැකි විය. 1994 දී, ලඩාක් දරුවන් වෙනුවෙන් විශේෂ අධ්‍යාපන වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක විය. ඒ රාජ්‍ය නොවන සංවිධාන රැසක එකමුතුවෙනි. ඉන්දීය රජය ද එක් කර ගනිමින්, පාසල් සහ අධ්‍යාපන ආයතන ඉදි කිරීම සිදුවිය.
ඉන්දියාවේ ද විකාශය වන ‘ඕල් ඉන්දියා රේඩියෝ’ ගුවන් විදුලි නාළිකාව ලඩාක් පළාතේ එකම ගුවන් විදුලි නාළිකාවය. ඉන්දියාවේ දූර්දර්ෂන් රූපවාහිනී නාළිකාව ඔවුන්ගේ ශාඛාවක් ලඩාක් හි පිහිටුවා ඇත. ඒ හරහා පැය කීපයක් පමණක් රූපවානී වැඩසටහන් විකාශය කෙරේ. ඒ හැර ප්‍රජා ශාලාවල චිත්‍රපට ප්‍රදර්ශනය කෙරේ. ලඩාක් වැසියන් වෙනුවෙන් පළ වන එකම ඉංග්‍රීසි පුවත්පත ‘රීච් ලඩාක් බුලටින්’ ය. මෙය සති දෙකකට සැරයක් මුද්‍රණය වෙයි. කාශ්මීරයේ මුද්‍රණය වන ඉංග්‍රීසි සහ උර්දු බසින් පළ වන ‘කාගිල් නම්බර්’ පුවත් පත ලඩාක් වැසියන් අතරේ ප්‍රසිද්ධියට පත් වී ඇත. 2018 දී ‘සින්ටික්’ යන නමින් ඉංග්‍රීසි සඟරාවක් ආරම්භ විය. ඒ, ලඩාක් පළාත සහ ලඩාක් වැසියන් ගැන විස්තර කෙරන සංචාරක සඟරාවක් ලෙසය.
ලඩාක් පළාතේ දියුණු වාරිමාර්ග පද්ධතියක් පවතී. කඳුකරයේ අයිස් සහ හිම අතරින් ජලය ලබා ගැනීම සිදුවෙයි. අතීතයේ ලඩාක් වැසියන්ගේ ප්‍රධාන ආහාරය වූයේ බත් ය. ප්‍රධාන වශයෙන් තිරඟු සහ බාර්ලි වගා කෙරේ. ලඩාක් පළාතේ සුළු ජාතික වැසියන්ගෙන් වැඩිදෙනා තවලම් වෙළෙඳුන්ය. ඔවුහු ඇඳ ඇතිරිලි, කළාල පාකිස්තානයට අයත් පන්ජාබයටත්, චීනයේ ෂියැංජියැං පළාතටත් රැගෙන ගොස් වෙළෙඳාම් කරති. කෙසේ නමුත් චීන රජය ඔවුන්ගේ දේශසීමා වසා දැමීම හේතුවෙන් ලඩාක් වෙළෙඳුන්ට චීනයේ වෙළෙඳාම් කළ නොහැක. ලඩාක් පළාත හරහා ගලා බසින්නේ ඉන්දුස් ගංගාවය. විදුලි බලය පමණක් නොව, සූර්ය සහ සුළං බලය ද බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට යොදා ගැනෙයි. පවතින අර්බුදකාරී තත්ත්වයන් සහ දේශසීමා ගැටලු හේතුවෙන් ලඩාක් පළාතට පැමිණෙන සංචාරකයන් ඉතා අල්පය.
ඉන්දීය පාලනයට නතු ජම්මු කාශ්මීරය ඉන්දීය රජයට පවරා ගනිමින්, නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන බවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැවැසුවේ 2014 දී ඡන්ද පොරොන්දුවක් ලෙසය. මෝදි පළමුවෙන් අගමැති ධුරයට පත් වූයේ 2014 මහ මැතිවරණයෙනි. 2014 වසරේ ලැබූ ජයග්‍රහණයටත් වඩා විශිෂ්ට ජයක් අත්පත් කර ගැනීමට මෙම වසරේ අප්‍රේල් සහ මැයි මාසයේ පැවැති ඉන්දීය මහ මැතිවරණයෙන් මෝදිට හැකිවිය. ඒ අනුව, 2014 ඡන්ද පොරොන්දුව ඉෂ්ට කිරීමට මෝදිට අවස්ථාවක් උදා වූ බව පැවැසෙයි. නව පනත් කෙටුම්පත සම්මත කර ගැනීමෙන් පසු, අභ්‍යන්තර කටයුතු ඇමැති අමිත් ෂා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ, ජම්මු, කාශ්මීර් සහ ලඩාක් පළාත්වල වැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට ප්‍රමුඛත්වය දෙන බවය. “පසුගිය වසර 70 පුරාවට, ඉන්දු කාශ්මීර වැසියන්ට ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් නොලැබුණි. අධ්‍යාපනයක් නොලැබුණි. යටිතල පහසුකම් ඉතා දුර්වල මට්ටමක පැවැතිණි. ජම්මු සහ කාශ්මීර් පළාත් ඉන්දීය මධ්‍යම රජය යටතට පත් කර ගැනීමෙන් පසු ඉන්දු කාශ්මීර වැසියන්ට නව යුගයක් උදාවේවි” යැයි අමිත් ෂා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
කෙසේ නමුත් ඉන්දීය රජය ගත් මෙම තීරණය සම්බන්ධයෙන් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් දැඩි විරෝධයක් දක්වා ඇත. අගමැති ඉම්රාන් පවසා ඇත්තේ, ඉන්දීය රජය ඉන්දු කාශ්මීර වැසියන්ගේ මූලික අයිතීන් පවා උල්ලංඝනය කර ඇති බවය. මෙම සිදුවීම මුල්කොට ගනිමින් ඉන්දියාවත් පාකිස්තානයත් අතර රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් ද නිර්මාණය විය. දෙරට අතර වෙළෙඳ කටයුතු අත්හිටුවිණි. පාකිස්තානයේ ඉන්දීය තානාපතිවරයා නෙරපා දැමීමටත්, ඉන්දියාවේ පාකිස්තාන තානාපතිවරයා ගෙන්වා ගැනීමටත් අගමැති ඉම්රාන් ඛාන් කටයුතු කළේය.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...