Skip to main content

නූතන අවකාශීය අධ්‍යයන සමඟ සවිබල ගැන්වෙන ශ්‍රී ලංකාවේ භූමි පරිහරණ සැලසුම්කරණය




සැලසුම් සහගත ජීවිතය යනු යමකුට බොහෝ අභිමතාර්ථ අත්පත් කළ හැකි ප්‍රවේශයකි. එවැනි සැලසුම් නිර්මාණය කරගැනීම උදෙසා අද වන විට නූතන තාක්ෂණය ප්‍රබල හවුල්කරුවකු වී ඇත. බොහෝ විට ජීවිතයේ සිදු කරන සැලසුම් තුළ, තමා ජීවත් වන පරිසරය පිළිබඳ ව අවධානය යොමු කිරීම මඟහැරෙන අතර එහි ප්‍රතිඵල බොහෝ අවස්‌ථාවල දී මේ වන විට ඇති වී තිබෙන පාරිසරික අර්බුදවලට ද මූල සාධක වී තිබේ. මෙවැනි නිෂේධනීය තත්ත්වයන් යාමනය උදෙසා මෑත කාලය තුළ පරිසර සාධක සැලසුම්සහගත ව භාවිතය අරබයා තාක්ෂණය භාවිත කිරීමට උත්සුක වී ඇත.

උක්‌ත පසුබිම අවධානයට ගනිමින් මේ ලිපිය යොමු වනුයේ පරිසර සාධකයක්‌ ලෙස මානවයා ඇතුළු සියලු ජීවීන්ට වැදගත් වන භූමි පරිහරණය සැලසුම් කරගැනීම උදෙසා තාක්ෂණය මූලික වූ නූතන අවකාශීය අධ්‍යයනයන් යොදාගැනීම පිළිබඳ සංක්ෂිප්ත විමසුමක්‌ සිදු කිරීමට ය. මෙහි දී අවකාශීය අධ්‍යයනයන් පිළිබඳ ව විස්‌තර කරනුයේ එවැනි අධ්‍යයනයන් උදෙසා ඉතා වැදගත් වන භූගෝල විද්‍යාත්මක තොරතුරු පද්ධති (Geographic InformationSystems - GIS) අනුසාරයෙනි.

භූමිය සාර්ව මට්‌ටමක උපස්‌ථරයකි. මේ මත නිෂ්පාදනය, පරිහරණය, බැහැර ලීම හා වියෝජනය ආදි සංකීර්ණ ක්‍රියාවලි රැසක්‌ පවතින අතර ඒ අනුව ජෛව පරිසරයේ පැවැත්ම උදෙසා අජීව සම්පතක්‌ වන භූමිය අද්විතීය කාර්යයක නියෑළේ. බොහෝ අවස්‌ථාවල දී මෙන් ම භූමියේ ද චිර පැවැත්ම උදෙසා මානවයාගේ අන්තගාමී ක්‍රියාවන් මුල් කොටගෙන සංරෝධක ඇති වේ. මේ අනුව සැලසුම්කරණ අවශ්‍යතාවක්‌ පැනනඟින අතර භූමි පරිහරණය පිළිබඳ පුළුල් අවබෝධයක්‌ වුවමනා වෙමින් සිදු කළ යුතු මේ භූමි පරිහරණ සැලසුම් උදෙසා නූතන අවකාශීය අධ්‍යයනයන් තුළ භූගෝල විද්‍යාත්මක තොරතුරු පද්ධති යොදාගැනීම සුදුසු ම ක්‍රමවේදයක්‌ වේ.

මෙරට භූමිය පිළිබඳ මැනුම් සිදු කොට සිතියම්ගත කිරීම සඳහා දිගු ඉතිහාසයක්‌ පවතින අතර විසිවැනි ශත වර්ෂයේ මුල් භාගයේ නිර්මාණය කළ ශ්‍රී ලංකා අඟලේ සිතියම ඒ අතර සුවිශේෂ වේ. මුල් කාලයේ, ෙක්ෂaත්‍රයට ගොස්‌ අතින් සිදු කළ මැනුම් ඔස්‌සේ නිර්මාණය වූ සිතියම් උදෙසා පසුකාලීන ව දුරස්‌ථ සන්නිවේදන තාක්ෂණය එකතු විය. ගුවන් ඡායාරූප හා චන්ද්‍රිකා ප්‍රතිබිම්බ ඒ සඳහා යොදාගත් අතර බිම් මැනුම් හා සිතියම්ගත කිරීම අඩු කාලයකින් මෙන් ම පෙර දීට සාපේක්ෂ ව පහසුවෙන් සිදු කිරීමට ද හැකි විය.

අද වන විට භූමි පරිහරණය පිළිබඳ විශ්ලේෂණයන් සිදු කිරීමේ දී රාජ්‍ය හා රාජ්‍ය නො වන ආයතන මෙන් ම පුද්ගල මට්‌ටමින් ද නූතන අවකාශීය විශ්ලේෂණ ක්‍රමවේද යොදාගන්නා අතර එම විශ්ලේෂණ භූගෝලීය තොරතුරු පද්ධති හරහා සිදු කරනු ලැබේ. විශේෂයෙන් අද වන විට මෙරට බොහෝ ප්‍රදේශවල භූමි පරිහරණයන් සිතියම්ගත කිරීම නවීන අවකාශීය අධ්‍යයන තාක්ෂණයන් හරහා සිදු කොට තිබේ. පහසුවෙන් යාවත්කාලීන කළ හැකි මෙවැනි ඩිජිටල් තොරතුරුවල තවත් ප්‍රධාන වාසියක්‌ වන බහුවිධ විශ්ලේෂණයන්ට ලක්‌ කිරීමේ හැකියාව භූමි පරිහරණ සැලසුම් තුළ දී ඉතා ප්‍රයෝජනවත් වේ.

එහි දී එක්‌ පැතිකඩක්‌ ලෙස විවිධ භූ ලක්ෂණ තුළ කුමන භූමි පරිහරණයන්, කුමන ආකාරයකින්, කොපමණ භූමි වපසරියක්‌ ප්‍රයෝජනයට ගනිමින් පවතිනවා ද යන්න විශ්ලේෂණය කළ හැකි ය. නිදසුනක්‌ ලෙස යම් ප්‍රදේශයක වගුරු බිමක තෝරාගත් කාලයක තිබෙන භූමි පරිහරණය විශ්ලේෂණය කිරීම දැක්‌විය හැකි ය. සාමාන්‍යයෙන් වගුරු බිමක්‌ වැනි ස්‌වාභාවික පරිසරයක, ඊට අවැසි ස්‌වාභාවික වෘක්ෂලතා පවත්වාගැනීම වැදගත් වන අතර ගංවතුර පාලනය හා පරිසරයට එකතු වන විෂ ද්‍රව්‍ය පෙරීම වැනි පාරිසරික කාර්යයක දී එය සාර්ථක ව සිදු කිරීම උදෙසා ශක්‍යතාවක්‌ ඇති වීමට එම ස්‌වාභාවික සැකසුම වැදගත් ය. කෙසේ වුව ද මෙරට බොහෝ නාගරික ජනාවාස ආශ්‍රිත වගුරුබිම් අද වන විට පවතිනුයේ ඊට අදාළ භූමි ආවරණය සහිත ව නො වේ. ජනාවාස සඳහා ගොඩ වුණු, කාලීන ව හැකිළී ගිය වපසරියකින් යුක්‌ත මෙවැනි භූමි පරිහරණ විෂමතා විශ්ලේෂණය භූගෝලීය තොරතුරු පද්ධති හරහා පහසුවෙන් කළ හැකි අතර බොහෝ ගතික වන මෙවැනි භූමි පරිහරණ පිළිබඳව විස්‌තීරණ මට්‌ටමකින් හා අඩු කාලයකින් ද භූගෝලීය තොරතුරු පද්ධති හරහා විමසිය හැකි ය. ඒ අනුව බොහෝ පර්යේෂකයන් අනාවරණය කොට ඇති තෙත්බිම් හා වගුරුබිම් ආශ්‍රිත මෙවැනි අවකාශීය විශ්ලේෂණ, ඒවා සම්බන්ධ වන සංවර්ධන සැලසුම්වල දී අවධානයට ගනු ලැබේ.

අවශ්‍ය පරිදි ස්‌වාභාවික වෘක්ෂලතා වපසරියක්‌ පවත්වාගැනීම ඕනෑ ම මානව නිර්මිත භූමි පරිහරණයක්‌ සමඟ සිදු කළ යුතු දෙයකි. දළ බෑවුම්, නිසරු බිම් ආදිය තුළ වැඩි ප්‍රමාණයක ස්‌වාභාවික වෘක්ෂලතා පැවතීම නිර්දේශ කෙරෙන අතර එවැනි නිර්දේශයන්වලට අනුගත වෙමින් භූමි පරිහරණ සැලසුම් කිරීම උදෙසා භූගෝලීය තොරතුරු පද්ධති මුල් වූ අවකාශීය අධ්‍යයන ක්‍රමවේද ඉවහල් වේ. ඒ අනුව කෘෂිකාර්මික භූමි පරිහරණයක්‌ සැලසුම් කිරීමේ දී කුමන භූමි ප්‍රදේශ ස්‌වාභාවික වෘක්ෂලතා සහිත ව පවත්වාගත යුතු ද යන්න භූමියේ පවතින බෑවුම් විශ්ලේෂණය, උච්චත්වයන් අධ්‍යයනය කිරීම ආදි භූගෝලීය තොරතුරු පද්ධති ඇසුරින් සිදු කළ විශ්ලේෂණවල ප්‍රතිඵල අනුසාරයෙන් සැලසුම් කළ හැකි ය. මෙවැනි නිසි ආකාර සැලසුම් තුළින් අදාළ භූමිය හායනයකින් තොර ව භාවිතයට මඟපෑදේ.

ස්‌වාභාවික උපද්‍රවවලට භූමිය නතු වීම නිසා ඒ මත සිටින ජෛව ප්‍රජාවට බලපෑම් ඇති වේ. ගංවතුර එවැන්නකට නිදසුනක්‌ වන අතර පිටාර තැන්න තුළ සිදු වන එවැනි ගංවතුර ගැලීම් නිසා එවැනි භූමි පරිහරණය වඩා සැලසුම් සහගත ව සිදු විය යුතු ය. භූගෝල විද්‍යාත්මක තොරතුරු පද්ධති ඇසුරින් සිදු කරන ගංවතුර විශ්ලේෂණයක දී හඳුනාගන්නා ගංවතුර අවදානමට පාත්‍ර වන ප්‍රදේශවල අදාළ අවදානම් තත්ත්වයේ තීව්‍රතාව මත කුමන ආකාරයක ඉදි කිරීම් කළ යුතු ද, ස්‌ථêර ඉදි කිරීම් නියාමනය කළ යුතු ද යන්න විමසිය හැකි ය. විශේෂයෙන් ගංගා ආශ්‍රිත ජනාවාස ව්‍යාප්තිය වඩා සැලසුම් සහගත ව සිදු කිරීමට මෙවැනි අධ්‍යයන අවැසි අතර ශ්‍රී ලංකාවේ ද ප්‍රධාන නගර ඇතුළු සැලකිය යුතු ජනාවාස ප්‍රමාණයක්‌ පිටාර තැනි ආශ්‍රිත ව පිහිටා ඇත.

යම් භූමියක ජනාවාස නිර්මාණය කොට සංවර්ධනය කිරීමේ දී ඒ සඳහා සලකා බැලිය යුතු සාධක වන ආසන්න මාර්ග ඝනත්වය, උස්‌බිම්වල පිහිටීම හා ඒවායේ උස, කෘෂිබිම් පවත්වාගැනීමේ විභවතාව (පස, ජල මූලාශ්‍රවලට දුර) ආදිය පිළිබඳ වැඩි විස්‌තරයක්‌ භූගෝල විද්‍යාත්මක තොරතුරු පද්ධති හරහා ඉදිරිපත් කළ හැකි අතර ඒවා ත්‍රිමාන ආකෘති ලෙස වැඩිදුර විශ්ලේෂණයන් උදෙසා වුව ද පරිවර්තනය කළ හැකි ය. භූගෝලීය තොරතුරු පද්ධතිවල පවතින අතිපිහිත වීම හා යෝග්‍යතා විශ්ලේෂණ හරහා යම් යම් සේවා මධ්‍යස්‌ථාන කුමන ප්‍රදේශ ආශ්‍රිත ව නිර්මාණය කළ යුතු ද යන්න තාර්කික ව හා පහසුවෙන් හඳුනාගත හැකි වන අතර අදාළ සැලසුම් විද්වත් සභාවක්‌ ඉදිරියේ විස්‌තර කිරීමේ දී පැහැදිලි ව ඉදිරිපත් කිරීමේ හැකියාව ද මේ හරහා නිර්මාණය වේ.

විශේෂයෙන් අන්තර්ජාලය හරහා භූමි පරිහරණ තොරතුරු ප්‍රදර්ශනය හා බෙදාහැරීම තුළ එම කටයුතු පහසුවෙන් කරගැනීමට අවශ්‍ය පසුබිම භූගෝල විද්‍යාත්මක තොරතුරු පද්ධති හරහා ලැබී තිබේ. නිදසුනක්‌ ලෙස Google Earth වැනි වැඩසටහනක භාවිත වන ගොනු දිගුවෙන් (File extension) අවසාන ප්‍රතිඵලය ලබාගැනීමට Google Earth වැනි වැඩසටහනක පවතින සිතියම් තොරතුරු සහිත ගොනු භූගෝල විද්‍යාත්මක තොරතුරු පද්ධතිවල මෘදුකාංග සඳහා (Arc GIS, Q GIS) ඇතුළත් කරගැනීමේ පහසුකම් පවතී. මේ අනුව සාධනීය භූමි පරිහරණ සැලසුම්කරණයක්‌ උදෙසා වඩා විහිදුණු යාවත්කාලීන තොරතුරු ග්‍රහණය කරගැනීමට මෙන් ම ඒවා පහසුවෙන් වැඩි පිරිසකට ලබාගැනීමට හැකි වන පරිදි භූගෝල විද්‍යාත්මක තොරතුරු පද්ධති ජවසම්පන්න වී ඇත. චන්ද්‍රිකා ප්‍රතිබිම්බ විශ්ලේෂණයට ඇති හැකියාව තුළ වඩා විස්‌තරාත්මක තොරතුරු නිර්මාණයට භූගෝලීය තොරතුරු පද්ධතිවලට හැකි වන අතර විවිධ ගණනය කිරීම් හරහා භූමි පරිහරණවල අවකාශීය සංඛ්‍යාත්මක විශ්ලේෂණ ඉදිරිපත් කළ හැකි ය. නිදසුනක්‌ ලෙස  NDVI (Normalized DifferenceVegetation Index) වැනි විශ්ලේෂණ හරහා යම් ශාක ඝනත්වයක කොපමණ ප්‍රමාණයක්‌ නීරෝගී ව හෝ සාධනීය අගයකින් හෝ පවතී ද යන්න නිශ්චය කළ හැකි අතර එය යම් ප්‍රදේශයක කෘෂිකාර්මික හෝ ස්‌වාභාවික හෝ වෘක්ෂලතා සහිත භූමි පරිහරණයක සාධනීය හෝ නිෂේධනීය තත්ත්වය ප්‍රකාශ කිරීමට යොදාගත හැකි ය.

මේ අනුව භූමි පරිහරණ සැලසුම් තුළ දී අද වන විට අවකාශීය අධ්‍යයනයන් බහුල ව යොදාගැනීම හඳුනාගත හැකි වන අතර භූගෝල විද්‍යා තොරතුරු පද්ධති ඒ සඳහා විශාල දායකත්වයක්‌ ලබා දේ. මෙහි දැක්‌වූ අවස්‌ථාවලට අමතර ව ඉතා සංකීර්ණ හා විශේෂිත භූමි විශ්ලේෂණ, අවශ්‍ය අවස්‌ථාවල දී සිදු කෙරේ. විශේෂයෙන් ආපදාවලට පසුව සිදු කෙරෙන භූමි පරිහරණ සැලසුම්, මානව හා භෞතික සාධක රාශියක්‌ හා භූමි පරිහරණ අතර පවතින සම්බන්ධතාව සොයා බලන පර්යේෂණමය කාර්යයන් ඒ අතර වේ. අද වන විට ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මිනින්දොaරු දෙපාර්තමේන්තුව ඇතුළු ව මෙරට භූමි පරිහරණ සැලසුම් උදෙසා දායකත්වය ලබා දෙන විවිධ ආයතනවල භූගෝල විද්‍යාත්මක තොරතුරු පද්ධති ඒකකයක්‌ (හෝ ඒ සඳහා අවශ්‍ය තවත් අවකාශීය විශ්ලේෂණ උදෙසා තවත් ඒකක කිහිපයක්‌) ස්‌ථාපිත කොට ඇති අතර වඩා විධිමත් භූමි පරිහරණ සැලසුම් උදෙසා ඒවා හරහා අවකාශීය අධ්‍යයන සුදුසු පරිදි සිදු කෙරේ. අවැසි විට පමණක්‌ බිම් මට්‌ටමේ තහවුරු කරගැනීම් සිදු කරන නිසා කාලය හා ශ්‍රමය කළමනාකරණය ද සිදු වන අතර ඉදිරිපත් කරන සැලසුම් ඉක්‌මනින් ක්‍රියාවේ යෙදවීමට අවශ්‍ය කටයුතු සම්පාදනයට ද ඒ අනුව අවස්‌ථාව හිමි වේ.

Comments

Popular posts from this blog

7 Riveting Facts about the Kandos Man – Upali Wijewardene

Source:  abpic.co.uk  Written by – Ranuli at Omebiz Philip Upali Wijewardene, better known as Upali Wijewardene was one of the most flamboyant and prominent businessman with an empire that not only dominated the Sri Lankan business landscape but also went global. He was Sri Lanka’s first homegrown tycoon and the founder and Chairman of Upali Group, Sri Lanka’s first multi-national business. Upali Wijewardene kick-started his career as a management trainee at Lever Brothers (now known as  Unilever ) where he managed to lock down the job simply based on his basic dining etiquette. However, due to a disagreement with the Chairman of the company, Upali left his job at Lever Brothers. Following the death of his uncle, the Late Senator Sarath Chandradasa, Upali took over  Kandos  with the substantial shares that were allocated to him. The company struggled with the lack of sales, Upali modernized the production process boosting their sales off the charts. Kando...

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළ...

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...