Skip to main content

හරිත ආර්ථිකයක්‌ උදෙසා ජල කළමනාකරණයේ වැදගත්කම...



වඩා යහපත් වූ ජන ජීවිතයක කොඳු නාරටිය ආර්ථිකය බව ප්‍රකාශ කළ හොත් එය සාවද්‍ය යෑයි පැවසීම අපහසු ය. එයට හේතුව, එවැනි ජන ජීවිතයක්‌ උදෙසා ආර්ථිකය හැරුණු කොට තවත් සාධක අවැසි වුවත් ඒ සියල්ල උදෙසා ශක්‌තිමත් ආර්ථිකය ප්‍රබල ගාමක බලයක්‌ ලබා දෙන බැවිනි. පරිසර ආරéණය හා දිගුකාලීන පැවැත්ම පිළිබඳ ව ප්‍රකාශ වන තිරසාරත්වය මුල් කොටගෙන ලෝකයේ සැම ක්‍රියාකාරකමක්‌ ම හැඩගැන්වෙන මේ කාලයේ ආර්ථිකය ද ඒ සඳහා සූදානම් විය යුතු අතර හරිත ආර්ථිකය එවැන්නක්‌ වෙනුවෙන් නිර්මිත ආර්ථික රාමුවක්‌ ලෙස දැක්‌විය හැකි ය. ඒ යටතේ අපේෂිත සාධනීය පරිසරය හා මානව යහපැවැත්ම උදෙසා ස්‌වාභාවික සම්පත් කළමනාකරණය වැදගත් වන අතර ඒ අතරින් විශ්වීය වැදගත්කමකින් යුක්‌ත ජලය කළමනාකරණය සුවිශේෂී ය. මේ කෙටි ලිපියෙන් උත්සාහ කරනුයේ හරිත ආර්ථික ක්‍රියාවලිය උදෙසා ජල කළමනාකරණය කෙතරම් දුරට වැදගත් ද යන්න විග්‍රහ කිරීමට ය.

හරිත ආර්ථිකය යනු මුලින් සඳහන් කළ පරිදි මානව ජන ජීවිතය වඩාත් හොඳින් පවත්වාගැනීම ද, පරිසර ආරéණය ද අරමුණු කොටගත් ආර්ථික රාමුවක්‌ වන අතර මීට අමතර ව දීර්ඝකාලීන ව සමාජීය අසමානතාවන් මඟහැරීම හා අනාගත නිෂ්පාදන උදෙසා පරිසර සාධක අවදානමට ලක්‌ නො කිරීම හා සම්පත්වල හිඟතාවක්‌ ඇති නො කිරීම එහි දී අවධානයට ලක්‌ කෙරේ. මෙවැන්නක්‌ උදෙසා බලශක්‌තිය මෙන් ම සමාජීය වශයෙන් වූ සම්පත් භාවිත කාර්යéමතාව, අවම කාබන් විමෝචනය ආදි තිරසාර සංවර්ධනයක්‌ උදෙසා අපේෂිත අභිප්‍රායයන් රාශියක්‌ ඇතුළත් ය. මේ පුළුල් වපසරියක ක්‍රියාවලි තුළ ස්‌වාභාවික සම්පතක්‌ ලෙස ජල කළමනාකරණය ඉතා වැදගත් කොට සැලකේ.

ජලය බහුල ග්‍රහලොවක්‌ ලෙස පෘථිවිය පැවතුණ ද එහි මිනිස්‌ පරිභෝජනයට සුදුසු ජලය පවතිනුයේ ඉතා සීමිත ප්‍රමාණයක්‌ පමණ ය යන යථාර්ථය මෙන් ම දිනෙන් දින ඉහළ යන ජල අවශ්‍යතාව යන මූලික සංකල්ප පදනම් වෙමින් ජල කළමනාකරණයේ අවශ්‍යතාව ගොඩනැංවී තිබේ.

අවකාශීය වශයෙන් ලෝකයේ ජල ව්‍යාප්තිය අන් බොහෝ කරුණු මෙන් ම විෂම වන අතර කාන්තාර ආශ්‍රිත ව පවතින ලෝකයේ වියළි ප්‍රදේශවල මෙන් ම විවිධ හේතු නිසා ජල සම්පත ගුණාත්මක බවින් පිරිහුණු ප්‍රදේශවල ජල ගැටලු උග්‍ර වී තිබේ. ලොව මිලියන 1.2කට වඩා වැඩි පිරිසකට පිරිසිදු පානීය ජලය උදෙසා ප්‍රවේශ වීම අපහසු වී ඇත. පසුගිය සියවස තුළ ලොව තෙත්බිම්වලින් 70%ක්‌ ඉවත් වී ගියා මෙන් ම බිලියන දෙකක්‌ පමණ පිරිසක්‌ ජල ආතතියකින් පෙළෙමින් සිටීම යන සංඛ්‍යාත්මක ප්‍රකාශන ද ඇතුළු ලොව ජල සම්පතේ ප්‍රවණතා දක්‌වන වාර්තා බොහෝ ගණනකින් ද ජල අර්බුදයේ තරම පෙන්වා දී තිබේ. ජල හිඟය අවස්‌ථා දෙකක්‌ යටතේ විග්‍රහ වන අතර ඉන් භෞතික ව ඇති වන ජල හිඟය ජල සම්පත් ඌනතාව, ඉල්ලුමට අනුව සැපයුම ලබා දීමේ ගැටලුවක්‌ නිසා නිර්මාණය වන්නකි. ආර්ථික ජල හිඟය නිර්මාණය වනුයේ ජල සම්පත් පැවතුණ ද ඒවා නිසි ලෙස කළමනාකරණය කර නො ගැනීම නිසා ය.

විශේෂයන් ලෝකයේ වර්ධනය වන ජනගහනය උදෙසා සම්පත් සම්පාදනය කරගැනීම උගහට වන අවස්‌ථාවක ජලය ද එම සම්පත් අතරට ඇතුළත් වන අතර ලොව දරිද්‍රතාවෙන් පෙළෙන බොහෝ ජන කණ්‌ඩායම් උදෙසා ජලය සීමාකාරී සාධකයක්‌ වී තිබේ. ç ලංකාව තුළ ද පර්යන්ත ප්‍රදේශවල විවිධ අවස්‌ථාවල දී ප්‍රකාශ වන ජල ගැටලු හඳුනාගත හැකි අතර ඒ සියල්ල නිසා වින්දිතයන් බවට පත් වන පිරිස බොහෝ විට ප්‍රාථමික ආර්ථික ක්‍රියාකාරකම්වල නිරත වන (කෘෂිකර්මය වැනි) වියළි කලාපීය ග්‍රාමීය ප්‍රජාව ය. කෙසේ වුව ද මෙරට තෙත් කලාපයේ පවා ජලය සම්බන්ධ ගැටලු පවතින අතර ඒ පිළිබඳ ව විශේෂයෙන් මීට පෙර ලිපියකින් විග්‍රහ කොට ඇත.

වඩා විධිමත් ආකාරයෙන් හරිත ආර්ථිකය හා ජල සම්පත තුළ පවතින සම්බන්ධතාව විස්‌තර කිරීමේ දී ප්‍රධාන අංශ කිහිපයක්‌ හරහා ඒ පිළිබඳව විග්‍රහ කළ හැකි යá හරිත ආර්ථිකයක්‌ කරා ගමන් කිරීමේ දී මේ අංශවල සාර්ථකභාවය අපේක්ෂා කෙරේ. වඩා සාධනීය සංවර්ධන පසුතලයක ආහාර නිෂ්පාදනය තිරසාර මට්‌ටමක පැවතීම ඉතා වැදගත් ය. හරිත ආර්ථිකය තුළ ද අපේෂිත 'හරිත'භාවය උදෙසා ඇති වන සාධනීය ආහාර අවශ්‍යතාව උදෙසා කෘෂිකර්මාන්තය වැදගත් වන අතර එය ජලය අතිශයින් අවැසි වන ආර්ථික ක්‍රියාකාරකමකි. ඒ අනුව වඩා සුදුසු ජල කළමනාකරණ ක්‍රියාවලියක්‌ තුළ ජලය අනිසි ලෙස පරිහරණය වෙනුවට අදාළ ක්ෂේත්‍රයට ගැළපෙන ලෙස ජලය මුදාහැරීම සිදු වන අතර එවැන්නක්‌ උදෙසා විවිධ ක්‍රමෝපායන් යොදාගැනෙයි. මතුපිට ජල පරිවහනයේ දී වාෂ්පීකරණයෙන් වන හානිය අවම කිරීමට බින්දු ජල සම්පාදනය වැනි උපක්‍රම යෙදීම දැක්‌විය හැකි ය. වර්ෂාපෝෂිත කෘෂිකර්මයට වඩා වාරි කෘෂිකර්මාන්තය තුළ වගාවේ අවදානම අවම ය. එසේ ම අවශ්‍ය පෝෂක ජලය හරහා සම්පාදනයටත් ජලය පාලනයක්‌ යටතේ ලබා දීමටත් හැකි ය.

පරිසර පද්ධතිවලින් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව අවධානයට ලක්‌ කිරීම ද හරිත ආර්ථිකයක දී ඉතා වැදගත් ය. විශේෂයෙන් ස්‌වාභාවික සම්පත් ආරක්ෂා කරගැනීම එහි දී ඉතා අවශ්‍ය ය. ස්‌වාභාවික වෘéලතා ඇතුළත් පරිසර පද්ධතිවල චිර පැවැත්ම උදෙසා ජලය ඉතා වැදගත් වන අතර නිවැරැදි වර්ෂාපතන රටාව තුළ සිදු වන වර්ෂණ ක්‍රියාවලිය එහි දී හිතකර සාධකයක්‌ වේ. මීට අමතර ව ගුණාත්මක ජල සම්පත ද එවැනි ස්‌වාභාවික පරිසර පද්ධතිවල දී තීරණාත්මක සාධකයක්‌ වන අතර බොහෝ අවස්‌ථාවල දී විවිධ කසළ හා වෙනත් රසායනික විෂ ද්‍රව්‍ය නිසා ජලයේ ගුණාත්මය පිරිහී, ජලජ පරිසර පද්ධතිවලට බලපෑම් සිදු වේ. මෙරට නගරාසන්න ව පිහිටි කඩොලාන වැනි තෙත්බිම්වල කසළ එකතු වී තිබෙනු ඇතැම් අවස්‌ථාවල දී දැකිය හැකි අතර ජලයට සංවේදී බොහෝ ජීවීහු ගුණාත්මක භාවයෙන් පිරිහුණු මෙවැනි තත්ත්ව තුළ අවදානමට ලක්‌ වෙති.

නාගරික සංවර්ධනය සියලු අංශවල සංවර්ධනය උදෙසා වැදගත් වන අතර හරිත ආර්ථිකයක ද තිරසාර නාගරික ජනාවාස අවැසි ය. ආකාර රාශියකින් හරිත ආර්ථිකයක්‌ උදෙසා සම්බන්ධ කළ හැකි සාධනීය නාගරීකරණය, ජල සම්පත කළමනාකරණය හරහා විස්‌තර කිරීමේ දී, නාගරික ජනාවාසය තුළ ජල ගැටලු ඇති නො වීම මෙන් ම නගරයෙන් ජල සම්පත අපවිත්‍ර වීම පාලනය ද එක සේ වැදගත් ය. විශේෂයෙන් සාමාන්‍යයෙන් හඳුනාගැනෙන පානීය හා වෙනත් අවශ්‍යතාවලට අමතර ව ප්‍රවාහන කාර්යයන් උදෙසා නගරවල ජල සම්පත යොදාගැනීම ç ලංකාව තුළ ද මෑතකාලීන ව අවධානයට ලක්‌ කොට ඇති නාගරික සංවර්ධන ප්‍රවණතාවකි. ඒ සඳහා අවහිර නො වූ ජල මාර්ග අවශ්‍ය වන අතර ඒ අනුව එවැනි අවශ්‍යතාවලට ගැළපෙන පරිදි ජල සම්පත කළමනාකරණය කරගැනීම පානීය ජල සම්පත් කළමනාකරණය හා සමගාමී ව වැදගත් වේ.

හරිත රැකියා යනු හරිත ආර්ථිකයක තවත් අංශයකි. මෙහි දී කාබන් විමෝචනය අවම වන හා පරිසරයට හානි කරන ද්‍රව්‍ය එකතු වීම අවම වෙමින් පරිසර හිතකාමීභාවය අපේක්ෂා කරයි. ඒ අනුව දැනට පවතින රැකියාවලට පරිසර ආරéණ හා ක්‍රමෝපායන් ආකලනය කිරීම සිදු කෙරේ. නිදසුනක්‌ ලෙස ගොවියකුට පරිසර ආරéණ ක්‍රමෝපායන් ඔස්‌සේ සම්පත් පරිහරණය සිය කෘෂිබිමේ දී කළ හැකි ය. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත වන්නන් (ශ්‍රමිකයන් හා සැලසුම්කරුවන් ආදි) හරිත ඉදිකිරීම්වලට සහභාගී වීම ප්‍රවර්ධනය කළ හැකි ය. මීට අමතර ව තිරසාර බලශක්‌ති නිෂ්පාදන බලාගාරවල තනතුරු ද මේ යටතට ගැනේ. මේ හරහා ජල සම්පත කළමනාකරණය වීම ඒ ඒ වෘත්තිය අනුව සිදු කළ හැකි ය. ගොවියකුට, පෙර දැක්‌වූ කෘෂිකාර්මික ජල සම්පත් සංරéණය උදෙසා ගත හැකි ක්‍රියාකාරකම් අනුගමනය කළ හැකි ය. ඉදිකිරීම් තුළ දී ජල සංරéණය උදෙසා භාවිත කළ ජල පිරිපහදු උපක්‍රම, වැසි ජලය භාවිත කිරීමේ ක්‍රමවේද යොදාගැනීම ගැන අදාළ පරිදි සැලසුම් සකස්‌ කළ හැකි ය.

කර්මාන්ත, ආර්ථික සංවර්ධනය උදෙසා අවශ්‍ය වන අතර හරිත ආර්ථිකයක දී ද එය වැදගත් ය. කර්මාන්ත ආශ්‍රිත ජල සම්පත් කළමනාකරණය උදෙසා කාර්මික අපද්‍රව්‍ය මඟින් ජලය අපවිත්‍ර වීම පාලනය වැදගත් ය. බොහෝ කාර්මික ප්‍රදේශ අවට ජල මූලාශ්‍ර අපවිත්‍ර වනු හඳුනාගත හැකි ය. එසේ ම අධික ලෙස ජල සම්පත් භාවිත කිරීම වෙනුවට උපරිම කාර්යéමතාවකින් යුක්‌ත ව භාවිත කිරීම හරිත ආර්ථිකයක දී අවැසි ය. විශේෂයෙන් අධික භාවිත ජල පරිමාවක්‌ පිරිපහදු කිරීමට වැඩි පිරිවැයක්‌ දැරීමට සිදු වීම එක අතකින් කර්මාන්තයේ ප්‍රතිලාභවලට බලපාන අතර ඇතැම් විට ඒ නිසා ම එම පිරිපහදුව නිසි ලෙස නො වීමට ඉඩ තිබේ.

ජලය පරිහරණය හා සනීපාරක්ෂාව ද හරිත ආර්ථිකයක ඉතා වැදගත් කොට සැලකිය හැකි ය. දරිද්‍රතාව හා එය ද හේතු වෙමින් බලපත්වන නොදැනුවත්භාවය නිසා ම ජල පරිහරණ ගැටලු නිර්මාණය බොහෝ විට සිදු වේ. හරිත ආර්ථිකයක දී මේ පිළිබඳ ව සාකච්ඡා කිරීම වැදගත් ය. අවිධිමත් ජනාවාස ආශ්‍රිත ජල මූලාශ්‍රවලින් ලබාගන්නා විවිධ දැ මිශ්‍රිත ජලය, එක්‌ අතකින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයට ගැටලු ඇති කරන අතරතුර එවැනි ජනාවාස හරහා බැහැර වන අපද්‍රව්‍යවල නැවතුම ද ආසන්නයේ ඇළ මාර්ගයක්‌ වැනි ජල මූලාශ්‍රයක්‌ විය හැකි ය. අවසානයේ අවිධිමත් ජනාවාසයේ වැසියන්ට මෙන් ම ගලා යන ජලය නිසා වෙනත් ප්‍රදේශවල ජීවත් වන්නන්ට ද ගැටලු ඇති වෙයි. මේ නිසා නගර හා ජනාවාස සංවර්ධනය තුළ හා සැලසුම්කරණය තුළ ජල සම්පත් කළමනාකරණය අත්‍යවශ්‍ය සාධකයක්‌ බවට පත් කිරීම ඉතා යෝග්‍ය වන අතර ජනතාවගේ දැනුවත්භාවය මේ පිළිබඳ ව ඇති කිරීම ද එහි ලා ඉතා වැදගත් ය.

ඉහත දැක්‌වූ සියලු කරුණු තුළින් හරිත ආර්ථිකයක්‌ උදෙසා ක්ෂේත්‍ර කිහිපයකින් ජල සම්පත සම්බන්ධ වන ආකාරය පැහැදිලි වේ. මෙහි දැක්‌වෙන සංරෝධක ඇතුළු ජල සම්පත නිෂේධනීය ලෙස භාවිත වන අවස්‌ථා පාලනයට සැලසුම්, විවිධ පාර්ශ්ව විසින් ගනු ලැබ ඇත. ඒ යටතේ ජල කළමනාකරණය ආශ්‍රිත පර්යේෂණ ක්ෂේත්‍රය පුළුල් වන අතර විශේෂයෙන් භූමිය හා ජලය තිරසාර අයුරින් සංවර්ධන කාර්යයන් උදෙසා යොදාගැනීම ඒවායේ අන්තර්ගත වේ. ජලය කළමනාකරණය කරමින් කෘෂි කටයුතුවල යෙදීම මෙන් ම ජලජ කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය හරහා අඩු ආදායම් පිරිසට සහන සැපයීම හා සමාජයේ දරිද්‍රතාව සමඟ ඇති වන අවදානම තුරන් කිරීම මෙවැනි අධ්‍යයනවල ඉලක්‌ක අතර ඇතුළත් ය. විශේෂයෙන් තිරසාර සංවර්ධන අභිමතාර්ථ තුළ ජල සම්පත් සංරéණය සාකච්ඡාවට බඳුන් වන අතර එහි හයවැනි අභිමතාර්ථය පිරිසිදු ජලය හා සනීපාරක්ෂාව කෙරෙහි යොමු වේ.

සමස්‌තයක්‌ ලෙස ප්‍රකාශ කළ හැකි වනුයේ තිරසාර සංවර්ධන ප්‍රවේශ - ජල කළමනාකරණය - හරිත ආර්ථිකය යනු එකිනෙකට සම්බන්ධ වන එකකින් අනෙකට බලපෑම් වන සංරචක වන බවයි. එසේ ම ඵලදායී හරිත ආර්ථිකයක්‌ ස්‌ථාපනය වීමට ජල කළමනාකරණ උපාය මාර්ග වඩා තිරසාරභාවයකින් සිදු කිරීම අත්‍යවශ්‍ය වන බව පැහැදිලි වේ.

Comments

Popular posts from this blog

7 Riveting Facts about the Kandos Man – Upali Wijewardene

Source:  abpic.co.uk  Written by – Ranuli at Omebiz Philip Upali Wijewardene, better known as Upali Wijewardene was one of the most flamboyant and prominent businessman with an empire that not only dominated the Sri Lankan business landscape but also went global. He was Sri Lanka’s first homegrown tycoon and the founder and Chairman of Upali Group, Sri Lanka’s first multi-national business. Upali Wijewardene kick-started his career as a management trainee at Lever Brothers (now known as  Unilever ) where he managed to lock down the job simply based on his basic dining etiquette. However, due to a disagreement with the Chairman of the company, Upali left his job at Lever Brothers. Following the death of his uncle, the Late Senator Sarath Chandradasa, Upali took over  Kandos  with the substantial shares that were allocated to him. The company struggled with the lack of sales, Upali modernized the production process boosting their sales off the charts. Kando...

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළ...

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...