Skip to main content

රට ගිය අම්මා

"මම රට ගියේ දරුවට හොඳින් සලකන්න. එද්දි හොඳටම ලෙඩ වෙලා. අනේ ඩොක්ටර් බබාව දිගටම ක්ලිනික් ගෙනත් නෑ ගෙදර අය. ආයෙම ක්ලිනික් දාලා දෙන්න."
තරුණ මවක් පැමිණ අප හමුවේ බැගෑපත් වේ. අවුරුද්දකට වැඩි කාලයක් ක්ලිනික් හෙවත් සායන පරීක්ෂාවට නොපැමිණි දරුවාට මුත්‍රා ආසාදනයකට ප්‍රතිකාර කර ඉන්පසු සායනික පරීක්ෂාවට යොමු කළේය.
"මහත්තයා නැතුව මං තනිවම දරුවා හදන්නේ."
ඉස්සර නම් ඔහොම ඇහෙද්දී හිතුවේ සැමියා මියගොස් කියාය. ඒත් දැන්නම් මෙවැනි කතා අහල අහලම මේ කියන්නේ දරුවාගේ පියා වෙන කසාදයක් හෝ අඹුවක් හොයාගෙන මේ දරුවත් මවත් අසරණ කර ඇති බව අපිට වැටහෙයි.
"මම මෙහෙ රස්සාවක් හොයා ගත්තා නෝනා. ආයේ මම යන්නේ නෑ. ඉන්නේ මෙච්චරයිනේ මට."
මට ඇගේ මුහුණ යාන්තම් මතකය. මීට අවුරුද්දකට දෙකකට කලින් මෙහි නතරවී දරුවාගේ මුත්‍රා ආසාදනයට බෙහෙත් විදගත් බව මතකය. ඇගේ නෙත් තෙමමින් ගලා යන කඳුළු මගේ හිත තෙත් කරයි. හීන් ඉකියක් ඇයට නෑසෙන්නට මගේ හිතෙන් ඇසේ. අප සමඟ මේ තරමින් හෝ ඔවුන්ගේ දුක බෙදා ගැනීම කෙතරම් අගනේද?
දෑවුරුදු වයස් ඇති ජානගත සින්ඩ්‍රෝමයක ලක්ෂණ ගත් කුඩා මුහුණක් මගේ මතකයට නැඟේ. ඇගේ හෘදයේ රුධිර නාලවල තිබුණු අසාමාන්‍ය පිහිටීම නිසා ඇයට සැත්කමක් කළ යුතු විය.
එක්තරා දිනක ඇගේ ආච්චි අම්මා දැරිය ඔසවාගෙන පැමිණියේ ශ්වසන අපහසුතා සමඟය. මව කොහේදැයි ඇසූ විට ඇය කීවේ ඔවුන් සියල්ලන්ම පිටරටක ඉන්නා බවය. මෙතරම් කුඩා දරුවෙක් තනිකර දමා මව පියා යන දෙදෙනාම පිටරටකට ගොස් ඇත. ඔවුන්ගේ වැඩිමහල් දරුවාද රැගෙන ගොස් මේ දරුවා මෙහි දමා යෑම ගැන අපට ඇතිවූයේ කුකුසකි.
එහෙත් මේ මොහොත ඉතා අවදානම් තත්ත්වයකි. ඇගේ ශ්වසන අපහසුතා හෘද රෝගය නිසා ඇතිවූවකි. අවුරුදු දෙකක් නිවසේ තියාගෙන සිටියා මිසක ප්‍රතිකර්මයක් සොයා යන්නට ඒ ආච්චි අම්මාටද හැකිවී නැත. දරුවාගේ සින්ඩ්‍රෝම තත්ත්වය ගැන ඇය සිටින්නේ අනවබෝධයෙනි. මෙවන් දරුවන් බුද්ධි හීන වුවද නිසි උපකාර සහ ඉගැන්වීම තුළින් සමාජයේ වැඩදායක පුරවැසියන් කරගැනීමට හැකිය. බොහෝ දරුවන් නර්තනය, ගායනය වාදනයේ පවා දස්කම් දක්වනු අපට දකින්නට ලැබේ. අපේ පැහැදිලිකිරීම් හමුවේ ඒ ආච්චි අම්මා නිරුත්තරය.
“අම්මා අද රෑ ෆ්ලයිට් එකේ එනවා. නෝනා පොලිසියට කියන්න එපා” ආච්චි අම්මාගේ ආයාචනය එසේය.
අවුරුදු 3ට අඩු දරුවන් ඇති අම්මලාට පිටරට යා නොහැකි බවට නීති ඇති බව අපට සිහිවේ.
මහ පාන්දර අම්මා පැමිණ සිටියාය. යම් තරමකට දරුවාගේ ශ්වසනය, හෘදස්පන්දනය වැනි දේ ස්ථාවර කරගන්නට උදෑසන වනවිට අපට හැකි විය. දැන් තිබෙන්නේ ළමා රෝහලේ හෘද රෝග ඒකකය වෙත යැවීමය. ඒ කඩිනම් ප්‍රතිකාර සඳහාය. සැත්කම වුවද කඩිනමින් කළ යුතුව තිබේ.
එවැනි බොහෝ ආබාධ තිබෙන දරුවෙක් මිත්තනිය වෙත දමා යෑමේ බරපතළකම අපි මවට අවධාරණය කළෙමු. යළි එසේ නොකරන බවද යළිත් පිටරට නොයන බවද අප හමුවේ වැඳ වැටෙමින් ප්‍රතිඥා දෙයි. ඒවා කොයිතරම් සත්‍යදැයි සොයා බලන්නට අප රටේ යාන්ත්‍රණ ක්‍රියාත්මක වේදැයි සැක සහිතය. ප්‍රාදේශීය පවුල් සෞඛ්‍ය ඒකකයට එහි නිලධාරීන්ට දැනුම් දෙනු මිසක වෙන විසඳුමක් නොමැත.
මෑතක මා සහභාගි වූ ලේ දන් දීමේ පින්කමකදී මවෙත දිව ආවේ දන්නා හඳුනන මුහුණකි.
“මේ අපේ ඩොක්ටර්නේ” ඇය කට පුරා හිනාවෙමින් අනෙක් අයට පවසයි. දරු දරියන් තිදෙනෙක් පිරිවරා ළමා සායනයට පැමිණෙන මේ සිරියාවන්ත ආත්තම්මා මට හොඳට මතකය. වකුගඩුවක් දන්දී ඇති ඇය ස්වාමියා හැර ගොස් තනිවූ දියණිය මැදපෙරදිග ගෘහ සේවිකා රැකියාවකට යද්දී ඇගේ දරුවන් තිදෙනාගේ බර කරට ගත්තාය. දරුවන්ගේ කුමක් හෝ රෝග තත්ත්වයකදී වුවද අප ඒකකය සොයා ඒම නිසාම මම ඇයව හොඳින් හඳුනමි.
“මට මේ තුන්දෙනා කිසි බරක් නෑ නෝනා.” හිනා මුහුණින් කිසිම කෝපයක් නොගෙන දරුවන් වෙත අපිරිමිත සෙනෙහසින් කටයුතු කරන මේ අත්තම්මා යළිත් මුණගැසුණේ අදය. දුව තවම පිටරට බවද ලබන අවුරුද්දේ යළි එහි නොයන්නටම එන්න ඉන්නා බවද ඇය පවසයි. මෙසේ මීට කලින් අවුරුදුවලද පැවසූ බව මට මතක් වේ. ඛේදාන්ත නොවූවත් මව සහ පියා නොමැතිව හැදී වැඩෙන මේ දරුවන් බිහිසුණු සමාජයට නිරන්තරයෙන් ගොදුරුවේ. කුඩා අවදියේ තම මව මියගිය වැඩිහිටියෙක් කඳුළු පිරි දෑසින් මා හට කීවේ තමන්ගේම නිවසේ සිටි නෑදෑයකු ඇයට කළ අපචාරයන්ය. ආර්ථික යුද්ධයෙන් බැටකන අපේ රටේ මිනිසුන් වෙනුවෙන් ඔවුන්ට සහනයක් සැලසිය හැකි ක්‍රමවේදයක් සකසන තුරු මේ මිනිසුන්, ගැහැනුන් 'රියාල්' සොයා රට යන එක වළක්වා ගත නොහැකිය. එතෙක් මේ දුවා දරුවන්ගේ කඳුළු අප හදවත් පුරා දෝරේ ගලා යනු දකිමින් සේවයේ යෙදෙන්නට සිදුවේ. මවුවරුන් පියවරුන් රට යෑම ඛේදවාචකයකි.
වෛද්‍ය [බෝධිනී සමරතුංග

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...