Skip to main content

ඩිම්බකෝෂ ගත වතුර බිබිලි සුවකරන ආයුර්වේද ප‍්‍රතිකාර

weda6 1ඩිම්බකෝෂවල කුඩා වතුර බිබිලි මතුවීම කාන්තාවන් අතර ඉතා බහුල රෝග තත්ත්වය ක් බවට පත්වී ඇත. මෙවැනි කාන්තාවන්ගේ විශේෂයෙන් දැකගත හැකි රෝග ලක්ෂණ කිහිපයකි.
 
 x අක‍්‍රමවත් ඔසප් චක‍්‍රය
 
 x තරබාරු බව
 
 x මුහුණේ හා සිරුරේ අනවශ්‍ය රෝම වර්ධනය
 
 x කුරුලෑ තත්වය
 
 x මාසික ඔසප්වීම් නතර වීම
 
 x මානසික ආතතිය
 
 x රුධිර පීඩනය වැඩි වීම
 
 x හිසකෙස් ගැලවීයෑම හා තුනී වීම
 
 x ඇල්කොහොල් සම්බන්ධතාවයක් නොමැතිව අක්මාවේ තෙල් තැම්පත් වීම (non alcoholic fatty liver)
 
 x ඉන්සියුලින් සඳහා ප‍්‍රතිරෝධය දැක්වීම නිසා රුධිර ගත් සීනි මට්ටම ඉහළ යාම
 
 x හෘදය ආශ‍්‍රිතව හටගන්නා රෝග තත්ත්ව
 
 x රුධිර ගත කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යෑම
 
 x දරුඵල අහිමි වීම
 
 මෙම රෝග ලක්ෂණ වලින් පෙලෙන කාන්තාවක් නම් නොපමාව වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමුවිය යුතුයි . මෙහි අවසානයේ දියවැඩියාව, කොලෙස්ටරෝල්, හෘද රෝග අක්මා රෝග ආදියට පවා ලක් විය හැකි වීම භයානක තත්ත්වයයි. ඊට අමතරව සුන්දර යුග දිවියක යුවලක් බලාපොරොත්තු වන සැනසීම දරු පැටවකු වේ. මේ හේතුවෙන් දරුඵල අහිමි වීම ඉතා
 
 අභාග්‍යසම්පන්න ක‍්‍රියාවකි. මෙම රෝග තත්ත්වයේදී ඩිම්බකෝෂයේ ඩිම්බ කිහිපයක් වර්ධනය වන නමුත් ඒ එකක් හෝ නිසි ප‍්‍රමාණයට වර්ධනය වීමක් සිදු නොවේ. එබැවින් ඩිම්බකෝෂ තුල එම ඩිම්බ වතුර බිබිලි මෙන් දිස් වෙයි.
 
 හෝමෝන සමතුලිතතා ජන්‍ය රෝගී තත්ත්වයක් ලෙස සැලකිය හැක. එබැවින් මෙයට ප‍්‍රතිකාර යෙදීමේදී හෝමෝන සමතුලිතතා ඇති කළ යුතුයි. බටහිර වෙදකමේදී මේ සඳහා හෝමෝන පෙති අභ්‍යන්තර ඔසු ලෙස ලබා දීම සිදුවේ. එමගින් ක‍්‍රමානුකූල මාසික ඔසප්වීම් පවත්වා ගත හැක. නමුත් දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තු වන යුවලකට මෙම හෝමෝන පෙති ලබා ගැනීම නුසුදුසු වේ. එවැනි අවස්ථාවන් වලදී ඩිම්බ මේරීම සඳහා එන්නත් ලබා දී බොහෝ විට සාර්ථක ගැබ් ගැනීම් සඳහා කාන්තාව යොමු කරවයි. එසේත් අසාර්ථක වූ විට ((IUI)  ක‍්‍රමය මගින් සංසේවනය කර තැම්පත් කරවයි. බොහෝ අයට මෙම ක‍්‍රමයද සාර්ථක වේ.
 
 නමුත් සමහර කාන්තාවන් හට මෙම එක් ක‍්‍රමයක් හෝ සාර්ථක නොවන අවස්ථා බහුලව අපි දැක තිබේ. එවැනි අසරණ කාන්තාවන් වෙනුවෙන් සාර්ථක ආයුර්වේද ප‍්‍රතිකාර යොදා ගැනීම සිදු කළ හැක. ලංකාව පුරා ව්‍යාප්තව පවතින සෑම ආයුර්වේද රෝහලකම පාහේ කාන්තා රෝග සායනයක් පවත්වනු ලැබේ. අභ්‍යන්තර ඖෂධ මෙන්ම තෛල අභ්‍යංග, වාෂ්ප ස්වේද ( body massage and steam bath) නස්න කර්ම, ශිරෝධාරා වැනි ප‍්‍රශස්ථ ඔසු රෝගීන් සඳහා නිර්දේශ කිරීම මෙහිදී සිදු වේ. මෙවැනි කාන්තාවන්ටද ඉතා පහසුවෙන් නොමිලේම එම රෝහල් වලින් ප‍්‍රතිකාර ලබා ගත හැක. ඡුඣ රෝගය සුව කළ හැක. නොබියව හා නොපමාව ආයුර්වේද ප‍්‍රතිකාර සඳහා යොමු වී සුවපත් වන්න.

Comments

Popular posts from this blog

කොරියානු කතා

කොරියානු කතා රූපවාහිනියේ කොරියානු කතා මාලාවන් සිංහල භාෂාවෙන් හඬකවා විකාශනය කිරීම ආරම්භ කරාට පස්සෙ අපේ රටේ ජනතාවත් කොරියානු කතාමාලා බලන්න පුරුදු වුනා.කොරියානු නළු නිළියන් ඉන්න day card, poster වගේ දේවල් උණු කැවුම් වගේ විකිණෙන්න පටන්ගත්තා.ගොඩක් අය ආස කරන කොරියානු කතා ගැන තමයි මේ post එකෙන් මන් කතා කරන්න යන්නෙ.              චංගුමී ඉන්න සුජාත දියණි ටෙලිනාට්‍යයෙන් පටන්ගත්ත කොරියානු කතාවල ජනප්‍රියත්වය Boys over flowers ටෙලිනාට්‍යත් සමගම තවත් වැඩි වුණා.            මම සාමාන්‍යයෙන් බලන්න කැමති American TV series. කුතුහලය,ත්‍රාසය, ආදරය මේ හැම දෙයක්ම එකට මිශ්‍ර වුන , කොයිතරම් බැලුවත් එපා නොවෙන කතාමාලාවන් බලලා ඉවර කරන්න බැරි තරම් තියනව.ඒ වගේම කොරියන් TV series වුණත් නරකම නෑ කියල මට පස්සේ තේරුණා. :) :D              මමත් මුලින්ම කොරියානු කතාවලට වැඩි කැමැත්තක් දැක්වුවේ නෑ.හැමෝම වගේ චංගුමීට පිස්සු වැටිල ඉන්න එක විකාරයක් විදියටයි මට දැනුනේ.මම සුජාත දියණිය නම් කොහොමටවත් බැලුවෙම නෑ.දවසක් මගේ හොඳම යාළුවෙක් මට කොරියානු TV Series වගයක් දුන්නා.මට බලන්නම දෙයක් තිබුණේ නැති දවසක මම ඒවා බලන්න පටන්ගත්තෙ. මම බල

රැජනට ගිය නුවර මැද ‘වලව්ව’.... ඉපැරණි දූල්ලෑව වලව්ව දැයි නිශ්චිත නොවන මතයක්...

- ඇන්ටන් චෙකොෆ් කුවින්ස් හෝටලයේ නවාතැන්ගත් අයෙක්... - ඉංග‍්‍රීසි ජාතික පියාෂෝ  මැතිණිය මිලට අරගෙන - ඉපැරණි දූල්ලෑව වලව්ව දැයි නිශ්චිත නොවන මතයක්... මහනුවර නග රයට පා තබන විට මේ අපේ අවසන් රාජධානිය වග හිතට කාවද්දන ප‍්‍රබලතම සාධකය මහනුවර ක්වීන්ස් හෝටල් ගොඩනැගිල්ලය. දළදා වීදිය ඔස්සේ ඉහළට වැව දෙසට යන විට වම්පසින්ද , මහයියාව දෙස සිට පැමිණ ඞී. එස් සේනානායක වීදිය දිගේ පැමිණෙන විට දළදා මැඳුර අභිමුවේදීද ඇස ගැටෙන ප‍්‍රතාපවත් කිරිසුදු තෙමහල් ගොඩනැගිල්ල රාජ තේජස් විදහා පාන්නේය. මේ ගොඩනැගිල්ල ඉපැරණි වලව්වක් වන දූල්ලෑව වලව්වම බවට ජන මතයයි. නමුත්, මෙය වලව්වක් නොව වලව් ත‍්‍රිත්වයක එකතුවක් බව මහනුවර ලෝක උරුම උපදේශක කමිටු සාමාජික පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්, ගවේෂණ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යය විද්‍යා මානව වංශ ජනශ‍්‍රැති පර්යේෂක විරාජ් නිරංජන් බාලසූරිය මහතා කියා සිටී. අද මෙම ගොඩනැගිල්ලේ ඇත්තේ ක්වීන්ස් හෝටලයය. මෙය ඉංග‍්‍රීසි ආණ්ඩුවේ අනුමැතිය ලබමින් බි‍්‍රතාන්‍ය මහරැුජිණට ගෞරවයක් වනු පිණිස යොදා ඇති නමකි. යුරෝපා රටවල් අතර තෝරා ගත් ගොඩනැගිලි කිහිපයක පමණක් ඇති හෝටල් සඳහා ක්වී

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළු සිසුන්