Skip to main content

ඩිම්බකෝෂ ගත වතුර බිබිලි සුවකරන ආයුර්වේද ප‍්‍රතිකාර

weda6 1ඩිම්බකෝෂවල කුඩා වතුර බිබිලි මතුවීම කාන්තාවන් අතර ඉතා බහුල රෝග තත්ත්වය ක් බවට පත්වී ඇත. මෙවැනි කාන්තාවන්ගේ විශේෂයෙන් දැකගත හැකි රෝග ලක්ෂණ කිහිපයකි.
 
 x අක‍්‍රමවත් ඔසප් චක‍්‍රය
 
 x තරබාරු බව
 
 x මුහුණේ හා සිරුරේ අනවශ්‍ය රෝම වර්ධනය
 
 x කුරුලෑ තත්වය
 
 x මාසික ඔසප්වීම් නතර වීම
 
 x මානසික ආතතිය
 
 x රුධිර පීඩනය වැඩි වීම
 
 x හිසකෙස් ගැලවීයෑම හා තුනී වීම
 
 x ඇල්කොහොල් සම්බන්ධතාවයක් නොමැතිව අක්මාවේ තෙල් තැම්පත් වීම (non alcoholic fatty liver)
 
 x ඉන්සියුලින් සඳහා ප‍්‍රතිරෝධය දැක්වීම නිසා රුධිර ගත් සීනි මට්ටම ඉහළ යාම
 
 x හෘදය ආශ‍්‍රිතව හටගන්නා රෝග තත්ත්ව
 
 x රුධිර ගත කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යෑම
 
 x දරුඵල අහිමි වීම
 
 මෙම රෝග ලක්ෂණ වලින් පෙලෙන කාන්තාවක් නම් නොපමාව වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමුවිය යුතුයි . මෙහි අවසානයේ දියවැඩියාව, කොලෙස්ටරෝල්, හෘද රෝග අක්මා රෝග ආදියට පවා ලක් විය හැකි වීම භයානක තත්ත්වයයි. ඊට අමතරව සුන්දර යුග දිවියක යුවලක් බලාපොරොත්තු වන සැනසීම දරු පැටවකු වේ. මේ හේතුවෙන් දරුඵල අහිමි වීම ඉතා
 
 අභාග්‍යසම්පන්න ක‍්‍රියාවකි. මෙම රෝග තත්ත්වයේදී ඩිම්බකෝෂයේ ඩිම්බ කිහිපයක් වර්ධනය වන නමුත් ඒ එකක් හෝ නිසි ප‍්‍රමාණයට වර්ධනය වීමක් සිදු නොවේ. එබැවින් ඩිම්බකෝෂ තුල එම ඩිම්බ වතුර බිබිලි මෙන් දිස් වෙයි.
 
 හෝමෝන සමතුලිතතා ජන්‍ය රෝගී තත්ත්වයක් ලෙස සැලකිය හැක. එබැවින් මෙයට ප‍්‍රතිකාර යෙදීමේදී හෝමෝන සමතුලිතතා ඇති කළ යුතුයි. බටහිර වෙදකමේදී මේ සඳහා හෝමෝන පෙති අභ්‍යන්තර ඔසු ලෙස ලබා දීම සිදුවේ. එමගින් ක‍්‍රමානුකූල මාසික ඔසප්වීම් පවත්වා ගත හැක. නමුත් දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තු වන යුවලකට මෙම හෝමෝන පෙති ලබා ගැනීම නුසුදුසු වේ. එවැනි අවස්ථාවන් වලදී ඩිම්බ මේරීම සඳහා එන්නත් ලබා දී බොහෝ විට සාර්ථක ගැබ් ගැනීම් සඳහා කාන්තාව යොමු කරවයි. එසේත් අසාර්ථක වූ විට ((IUI)  ක‍්‍රමය මගින් සංසේවනය කර තැම්පත් කරවයි. බොහෝ අයට මෙම ක‍්‍රමයද සාර්ථක වේ.
 
 නමුත් සමහර කාන්තාවන් හට මෙම එක් ක‍්‍රමයක් හෝ සාර්ථක නොවන අවස්ථා බහුලව අපි දැක තිබේ. එවැනි අසරණ කාන්තාවන් වෙනුවෙන් සාර්ථක ආයුර්වේද ප‍්‍රතිකාර යොදා ගැනීම සිදු කළ හැක. ලංකාව පුරා ව්‍යාප්තව පවතින සෑම ආයුර්වේද රෝහලකම පාහේ කාන්තා රෝග සායනයක් පවත්වනු ලැබේ. අභ්‍යන්තර ඖෂධ මෙන්ම තෛල අභ්‍යංග, වාෂ්ප ස්වේද ( body massage and steam bath) නස්න කර්ම, ශිරෝධාරා වැනි ප‍්‍රශස්ථ ඔසු රෝගීන් සඳහා නිර්දේශ කිරීම මෙහිදී සිදු වේ. මෙවැනි කාන්තාවන්ටද ඉතා පහසුවෙන් නොමිලේම එම රෝහල් වලින් ප‍්‍රතිකාර ලබා ගත හැක. ඡුඣ රෝගය සුව කළ හැක. නොබියව හා නොපමාව ආයුර්වේද ප‍්‍රතිකාර සඳහා යොමු වී සුවපත් වන්න.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...