නිවර්තන කලාපයට අයත් කුඩා දූපතක් වන ශ්‍රී ලංකාව උතුරු අන්තයේ සිට දකුණු අන්තයට කිලෝමීටර 432ක් පමණ ද, ඊසානයේ සිට බස්‌නාහිර දක්‌වා කිලෝමීටර 224ක් පමණ ද විහිදෙන අතර වර්ග කිලෝමීටර 65610ක පමණ සමස්‌ත භූමි ප්‍රමාණයකින් යුතු වේ. අසල්වැසි ඉන්දියානු උප මහාද්වීපය සමඟ සසඳන විට ප්‍රමාණයෙන් සාපේé ව කුඩා වුවත්, ශ්‍රී ලංකාව තුළ අතිශය විවිධ වූ දේශගුණික තත්ත්වයන් සහ භූ විෂමතාවන් දැකගත හැකි ය. වෙරළ තීරය සහ පහත් බිම්වල දී නිවර්තන කලාපීය දේශගුණයක් දක්‌නට ලැබුණත් මධ්‍යම කඳුකරය දක්‌වා යන විට සිසිල් වූත්, සෞම්‍ය වූත් දේශගුණයක් දක්‌නට ලැබේ. මෝසම් දේශගුණය, භූ විෂමතා සහ මිනිසුන්ගේ ක්‍රියකාරකම් වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින ශාක සංයුතිය තීරණය කරන ප්‍රධාන සාධක වේ.
ගොඩබිම් ශාකවල විවිධත්වය ඉතා සැකෙවින් සලකා බැලුව හොත්, මේ ශාක ඉතා සරල ව සනාල පටක සහිත (සනාල ශාක) සහ සනාල පටක රහිත (විනාල ශාක) ලෙස කොටස් දෙකකට බෙදා දැක්‌විය හැකි ය. වර්තමාන ශාක ලෝකයේ සියයට අනූ තුනක් (93%) පමණ නියෝජනය කරන්නේ සනාල ශාක වේ. මේ සනාල ශාක බීජ සාදන සහ බීජ නො සාදන (පර්ණාංග) ලෙස නැවත ප්‍රධාන කාණ්‌ඩ දෙකකට බෙදා දැක්‌විය හැකි ය. බීජ සහිත ශාක ආවෘත බීජක සහ විවෘත බීජක වශයෙන් ප්‍රධාන කාණ්‌ඩ දෙකකි. බීජය, බීජ පත්‍ර මත පරිසරයට නිරාවරණය වී පවතින ශාක විවෘත බීජක නැත හොත් 'නග්න බීජ' සහිත ශාක ලෙස හඳුන්වන අතර මේ ශාක බොහොමයක් කේතු සාදන බැවින් 'කේතුධර ශාක' ලෙස ද පොදුවේ හඳුන්වනු ලබයි. සපුෂ්ප ශාක ලෙස පොදුවේ හඳුන්වනු ලබන ආවෘත බීජක ශාක, පුෂ්ප සහ ඵල යන ප්‍රජනක ව්‍යුහයන් දරන බීජ ශාක වේ. අද වන විට හඳුනාගෙන ඇති සියලු ශාක විශේෂවලින් සියයට අනූවක් (90%) පමණ නියෝජනය කරන ආවෘත බීජක ශාක (සපුෂ්ප) වර්තමානයේ ගොඩබිමෙහි ප්‍රමුඛ ව දක්‌නට ලැබෙන සහ වඩාත් ම විවිධත්වයක් පෙන්නුම් කරන්නා වූත් පුළුල්තම පැතිරීමක් ඇත්තා වූත් ශාක කාණ්‌ඩය වේ. මෙසේ අතිශය විවිධත්වයක් පෙන්නුම් කරන සනාල ශාක වර්තමානයේ සියලු පරිසර පද්ධතිවල ආධිපත්‍යය අත්පත් කරගෙන ඇත.
මේ ගොඩබිම් ශාකවල සම්භවය සහ පරිණාමය පිළිබඳ ව විද්‍යාඥයන්ගේ දැඩි අවධානයට ලක් වී ඇති අතර ඒ සඳහා ශාක ෆොසිල සාක්ෂි පිළිබඳ ව, ශාකවල ව්‍යුහාත්මක සහ කාය කර්මය පිළිබඳ ව, ශාකවල රසායන සංයුතිය සහ විශේෂයෙන් ශාකවල ජාන සම්බන්ධ ව පුළුල් පරීéණ රැසක් ක්‍රියාත්මක කොට ඇත. මේ පරීéණවලින් සොයාගෙන ඇති වර්ෂ මිලියන 470ක් පමණ වයසැති ෆොසිල බීජාණු, ගොඩබිම් ශාකවල සම්භවය පිළිබඳ ව ඇති ප්‍රධාන සාක්ෂියකි. මේ ෆොසිල දත්ත, බාහිර රූපාකාරය, ජෛව රසායනය සහ ජාන විද්‍යාව මත පදනම් වූ ශාකවල පරිණාමික බන්ධුතා විශ්ලේෂණය කිරීමේ දී සියලු ගොඩබිම් ශාක හරිත ඇල්ගී විශේෂයකින් පරිණාමය වී ඇති බවත් ප්‍රථමයෙන් ගොඩබිමට පරිණාමය වී ඇත්තේ සනාල පටක නොමැති එනම් විනාල ගොඩබිම් ශාක කාණ්‌ඩය බවත් තහවුරු වී ඇත.
මේ විනාල ශාක කාණ්‌ඩය 'බ්‍රයෝෆයිට්‌ස්' (Bryophytes) යන පොදු නාමයෙන් හඳුන්වනු ලබයි. බ්‍රයෝෆයිට්‌ස් ශාක හැඳින්වීමට සිංහල භාෂාවේ නිවැරැදි වචනයක් නොමැති වුවත් බොහෝ විට මේ ශාක හැඳින්වීමට 'පාසි' යන පොදු නාමය භාවිත වේ. සනාල ශාක සම්භවය වී ඇත්තේ බ්‍රයෝෆයිට්‌ස් (පාසි) ශාක ගොඩබිමට අනුවර්තනය වීමෙන් තවත් වසර මිලියන ගණනකට පසුව ය. එබැවින් ශාක රාජධානියේ අනෙකුත් සියලු සනාල ශාක කාණ්‌ඩවල මුතුන් මිත්තන් ලෙස බ්‍රයෝෆයිට්‌ස් (පාසි) ශාක හඳුන්වා දිය හැකි ය.
බ්‍රයෝෆයිට්‌ස් (Bryophytes) යන පොදු නාමයෙන් මේ වංශ තුනට (3) ම අයත් ශාක ගැන කියවෙන බවත්, බ්‍රයෝෆයිටා (Bryophyta) යනු ඉන් එක් වංශයක් පමණක් බවත් මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතු වේ.
ජීවන චක්‍රයේ, ජන්මාණු ශාක පරම්පරාව ප්‍රමුඛ වූ එක ම ගොඩබිම් ශාක කාණ්‌ඩය මේ බ්‍රයෝෆයිට්‌ස් (අක්‌මා, පාසි සහ අං ශාක) ශාක කාණ්‌ඩයයි. ඒවා ප්‍රමාණයෙන් ඉතා කුඩා, සියුම් වූ පැළෑටි වන අතර සපුෂ්ප ශාක සහ අනෙකුත් ශාකවල මෙන් විශේෂණය වූ සනාල පටක (ශෛලම සහ ෆ්ලෝයම) මේ ශාකවල නොමැත. බොහෝ විට මේ ශාක වාසස්‌ථන කොට ගන්නේ සෙවණ සහිත තෙතමනයෙන් යුත් පෙදෙස් ය. දිය ඇලි සහ ගංගා අසල, තෙත් ගල් සහ පස මතුපිට, වෙනත් ශාකවල කඳන් හෝ පත්‍ර මත වැඩෙන මේ ශාකවලින් එම පරිසර පද්ධතීන්ට වන මෙහෙය සලකා බැලීම ඉතා අගනේ ය. තෙතමනය අවශෝෂණය කර රඳවා තබාගැනීමෙන් අවට පරිසරය සිසිල් ව තබාගැනීම, විශාල ගහණ වශයෙන් පස මතුපිට වැඩීම මඟින් පස බැඳ තබාගනිමින් පාංශු ඛාදනය වැළැක්‌වීම සහ කුඩා මකුළුවන්, කුහුඹුවන් වැනි අපෘෂ්ඨවංශී සත්ත්ව විශේෂවලට වාසස්‌ථාන සැපයීම මේ ශාකවලින් පරිසරයට ඇති හිතකර බලපෑම්වලින් ස්‌වල්පයකි. ජපානය වැනි රටවල මේ පාසි ශාක, උද්‍යාන වගා කටයුතු සඳහා බහුල වශයෙන් යොදාගැනේ. අධික ලෙස තෙතමනය රඳවා තබාගැනීම නිසාවෙන් ශාක බද්ධ කිරීම් (Air Layering) සහ බොන්සායි කලාවේ දී පිරවිලි ද්‍රව්‍යයක් ලෙස ද පාසි ශාක යොදාගැනේ. බොහෝ රටවල මේ ශාක ඖෂධයක් වශයෙන් භාවිත කිරීම සඳහා පරීéණ කරගෙන යන අතර එහි ප්‍රතිඵලයක් ලෙස දියවැඩියාව සහ විවිධ පිළිකා වැනි රෝග නිවාරණය සඳහා ඖෂධයක් ලෙස මේ ශාකවලින් නිස්‌සාරණය කරන රසායනිකයන් යොදාගැනීමට හැකි වී තිබේ. මේ ශාක, අවට පරිසරයේ සිදු වන දේශගුණික විපර්යාසවලට දැඩි සංවේදීතාවක් දක්‌වයි. මේ ලéණය මැනැවින් පෙන්නුම් කරන බ්‍රයෝෆයිට් විශේෂ බොහොමයක් සොයාගෙන ඇති අතර ලෝකයේ වෙනත් රටවල් මේ විශේෂ සාර්ථක ජෛව අධීක්‌ෂකයන් (Biomonitors) සහ දේශගුණික විපර්යාස නිර්ණාකයන් (Indicators of Climate Change) ලෙස යොදාගෙන ඇත.
මෙලෙස පාරිසරික සහ ආර්ථික වශයෙන් වැදගත් වන 'පාසි' ශාක සංරéණය කිරීම ද සලකා බැලිය යුතු වැදගත් කරුණකි. බොහෝ දෙනාගේ නොදැනුවත්කම හේතු කොටගෙන මේ ශාක, බොහෝ පරිසර පද්ධතිවලින් ඉවත් කෙරෙන අතර එමඟින් මේ වටිනා ශාකවලට ඒවාට හිමි වාසස්‌ථාන ද අහිමි වී යයි. එබැවින් මේ ශාක සංරéණය කිරීමේ දී ඒවාට අයත් වාසස්‌ථාන සංරéණය කිරීමට මූලිකත්වය දිය යුතු ය.
කෙසේ වෙතත් බොහෝ දෙනාගේ අධ්‍යයන සහ පර්යේෂණයන්ට බඳුන් වන ශ්‍රී ලංකාවේ ශාක විශේෂ අතර විද්‍යාඥයන්ගේ අවම අවධානයට ලක් වන ශාක කොට්‌ඨාසයක් ලෙස 'බ්‍රයෝෆයිට්‌ස්' (Bryophytes) ශාක හැඳින්විය හැකි ය. මෙයට මූලික හේතුව වන්නේ මේ ශාකවල වැදගත්කම පිළිබඳ ව ඇති නොදැනුවත්කමත්, මේ ශාක හඳුනාගැනීම පිළිබඳ ව ඇති විශේෂත්ව දැනුමේ මඳ බවත් ය.
ශ්‍රී ලංකාවේ පාසි ශාක අධ්‍යයනය ආරම්භ වන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ය. මේ අධ්‍යයනයන් ප්‍රධාන වශයෙන් සිදු කරනු ලැබ ඇත්තේ එකල සිටි බ්‍රිතාන්‍ය සහ අනෙකුත් විදේශිකයන් වේ. කෙසේ වෙතත් විවිධ ස්‌ථානවලින් හඳුනාගත් විශේෂවල නාමික වාර්තා හැරුණු විට මේ ශාක පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදු වී නැත.
Comments
Post a Comment