Skip to main content

සාමයේ පණිවිඩය රැගෙන අපේ රටට එන සොඳුරු හිතැත්තෝ


ශ්‍රී ලංකාව යනු ලෝකය පුරා ව්‍යාප්ත ව ඇති රටවල් අතරින් සොබා සුන්දරත්වයෙන් පරිපූර්ණ වූ සොඳුරු දූපතකි. ලොව පුරා ව්‍යාප්ත ව ඇති ජෛව විවිධත්වයෙන් උණුසුම් රටවල් 34 අතරට අපේ රටත් අයත් වීම යනු ශ්‍රී ලංකාව තුළ මෙතෙක්‌ සුරැකී තිබූ ජෛව විවිධත්වය පිළිබඳ ව වරක්‌ දෙවරක්‌ නො ව යළි යළිත් සිතා බලන ලෙස දැනුවත් කිරීමක්‌ ලෙසත් අර්ථ දැක්‌විය හැකි ය. එනම් මේ රටවල් සතු සුවිශේෂී වූ ජෛව විවිධත්වයට යම් යම් බලපෑම් මේ වන විට දීත් එල්ල වීම යන කරුණ මුල් වී ලොව පුරා හඳුනාගත් එවැනි වූ රටවල් 34ක්‌ ප්‍රකාශයට පත් කර (Biodiversity Hotspot) ඇත.

කවුරුන් කෙලෙස විග්‍රහ කළ ද ශ්‍රී ලංකාව සතු සොබාවික පරිසරය සුරක්ෂත කිරීමට, සංරéණයට නිසි බලධාරී රාජ්‍ය ආයතනයන් නො වන්නට සිදු වන්නේ පරිසරයටත් කණකොකා හැඬිමක්‌ බව ද සිහිපත් කළ යුතු ය.

ඒ කෙසේ වතුදු විදෙස්‌ සංචාරකයෝ රොද බැඳගෙන අපේ රට සතු සුන්දරත්වය අත්විඳින්නට තමන්ගේ උපන් බිම්වල සිට වාර්ෂික ව පැමිණෙති. එසේ පැමිණෙන මිනිස්‌ විදෙස්‌ සම්පත මෙන් ගුණාකාර කිහිපයකින් වැඩි වූ ප්‍රතිශතයකින් අපේ රටට ඇතුළු වන, විදෙස්‌ සංචාරකයන් ගණයට ම අයත් වන තවත් ජීවීන් කොටසකුත් වසරේ එක්‌ කාලයක්‌ තුළ දී හමු වේ. ස්‌වකීය නේකවිධ වූ වර්ණ සුසංයෝජනයෙන් ඔපවත් වූ පිහාටු ගොමුවෙන් නිබඳව ම පවන් සලමින් මිහි මත සොඳුරු බවින් පුරවා ලන සුවිශේෂී වූ සත්ත්ව කාණ්‌ඩයට අයත් වන විහඟුන් ලෙස මේ ජීවීන් හැඳින්විය හැකි ය. පර්යටනික පක්ෂීන් නැතිනම් සංක්‍රමණික කුරුල්ලන් යන සිංහල නමින් මොවුන් හැඳින්වේ. වසරේ අග භාගයේ දී අපේ රටට ඇතුළු වී එළැඹෙන වසරේ මැද දක්‌වා ම රැඳී සිටිමින් සොබා සුන්දරත්වයට අලුත් මුහුණුවරක්‌ එක්‌ කරන සංචාරක විහඟ මිතුරන් පිළිබඳ තොරතුරු කතා කරන්නේ මේ වන විට දීත් ඔවුන් අපේ රටට ප්‍රවිෂ්ඨ ව ඇති නිසාවෙන් ය. ඔවුන්ගේ තතු පරිසරය පිළිබඳ ව, එහි ක්‍රියාකාරකම් පිළිබඳ ව උනන්දු වන ඔබට නවමු වූ අපූර්වත්වයක්‌ මෙන් ම ආරම්භ වී ඇති පර්යටනික පක්ෂ සමය ගැන වැඩි උනන්දුවකින් අධ්‍යයනය කරන්නට ද මෙය හොඳ ඇරැඹුමක්‌ ලබා දෙනු ඇත.

ඊසානදිග මෝසම් සුළං ප්‍රවාහයේ ඇරැඹුම හා සමඟ ම සංචාරක කුරුලු අමුත්තෝ බොහොමයක්‌ අප රට සොයා පැමිණීම ආරම්භ කරති. එය ද තනි තනි ව හොර රහසේ හැංගිමුත්තන් කෙළිමින් නම් නො වේ. පිටරැටි අමුත්තන්ගේ මේ පැමිණීම වූ කලී ලෝ පුරා ප්‍රසිද්ධියක්‌ උසුලන රහසක්‌ බව ද මෙහි ලා සටහන් කර තැබිය යුතු ම ය. තම නිජබිමෙන් පිටත් වී වීසා නැති ව ම ඕනෑ ම රටක්‌ තුළට ඇතුළු වීමට අවසරය ඇත්තේ මිහි මත සොඳුරු බවින් පිරවීමට නිබඳව ම වෙහෙසෙන සංචාරක පක්ෂීන්ට ම පමණි. ඔවුන් දුරු කතර ගෙවාගෙන එන මේ ගමනේ දී ශ්‍රී ලංකාවට ප්‍රවිෂ්ඨ වීම සඳහා ප්‍රධාන වශයෙන් භාවිතයට ගන්නා පිවිසුම් මාර්ග දෙකකි. එම මාර්ග දෙක නැඟෙනහිර පක්ෂ පියාසර මාර්ගය සහ බටහිර පක්ෂ පියාසර මාර්ගය වශයෙන් හඳුන්වයි. එම පක්ෂ පියාසර මාර්ග දෙක ඔස්‌සේ පැමිණෙන සංචාරක පක්ෂීන් විසින් අප රට තුළට ඇතුළු වීම සඳහා බහුල වශයෙන් ම භාවිතයට ගනු ලබන්නේ ඉන්දියාවේ ධනුස්‌කොඩි සිට ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම අතර දිවෙන සොබාවික පාලමක්‌ හා සමැ වූ පිහිටීමක්‌ සහිත 'ආදම්ගේ පාලම' දූපත් සමූහයයි.

බටහිර සයිබීරියාවේ, හිමාලය කඳුවැටියට බටහිරින් සහ වයඹ දෙසින් පැමිණෙන පක්ෂීහු ඉන්දියාවේ මහා ගිරිදුර්ග සහ ගංගා නිම්න ඔස්‌සේ බටහිර වෙරළ තීරය දිගේ පහළ දකුණුදිග අන්තයට වන්නට පිහිටා ඇති කොමරින් තුඩුව කරා පියඹා විත් හුස්‌මක්‌ කටක්‌ නො ගෙන ම ශ්‍රී ලංකාවේ ගල්කිස්‌ස සහ මන්නාරම අතර ප්‍රදේශයෙන් අප රටේ අභ්‍යන්තරයට පිවිසෙති. තවත් සංචාරකයන් පිරිසක්‌ හිමාලය කඳුවැටියට ඔබ්බට වන්නට ව්‍යාප්ත ව ඇති තිබ්බතය, නැඟෙනහිර සයිබීරියාව සහ මොංගෝලියාව ආදි වූ ප්‍රදේශවල සිට කඳු, බාධක පසු කරමින් ගංගා නිම්න හරහා නැඟෙනහිර වෙරළ තීරයේ දකුණු දෙසට පියාසර කර පෝක්‌ සමුද්‍ර සන්ධිය හරහා යාපනය අර්ධද්වීපයෙන් ඇතුළු වන අතරේ, සමහර කණ්‌ඩායම් තවත් ඉදිරියට නැඟෙනහිර ඉන්දියානු වෙරළ තීරය දිගේ විත් ධනුස්‌කොඩිය සහ මන්නාරම අතරින් 'ආදම්ගේ පාලම' වැලි පර දූපත් ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකාවට පිවිස, රට අභ්‍යන්තරයේ කඳුකරයටත් - දකුණු ලක සොඳුරු කුරුලු නැවතුම වන බූන්දල තෙත්බිම බලාත් පියාසර කර සිය දිගු වෙහෙසකර වූ ගමනේ විඩාව සංසිඳවාගනී. මෙසේ පැමිණෙන විදේශීය කුරුලු අමුත්තන් අතරට නැඟෙනහිර යුරෝපීය සහ බටහිර ආසියාතික කුරුලු විශේෂ බොහොමයක්‌ ඇතුළත් වේ. මේ අය සුලබ පර්යටනිකයෝ වෙත්. සැම වසරක දී ම සංක්‍රමණික පක්ෂ සමයේ දී මොවුන් දැක බලාගත හැකි ය. මේ ප්‍රධාන මාර්ග දෙකට අමතර ව අන්දමන් දූපත් හරහා වැටුණු, කලාතුරකින් තෝරාගන්නා මාර්ගය හරහා ද සංක්‍රමණික පක්ෂීහු අපේ රටට ඇතුළු වෙති.

සැබැවින් ම මේ ආකාරයට සැතපුම් දස දහස්‌ ගණන් ගෙවා තමන්ට නුපුරුදු රටක්‌ වෙත පළමු වරට සංක්‍රමණය කරන පක්ෂයකු තම මාපියන් සංක්‍රමණය කළ රටේ අදාළ බිම වෙත ම පැමිණෙන්නේ කෙසේ ද? මෙය බොහෝ දෙනකුට ඇති වන ගැටලුවකි. සංක්‍රමණික පක්ෂීන් යෑයි සඳහන් කළ විගස අපේ මතකයට එන පක්ෂීන් කිහිප දෙනා අතරේ අවිච්චියාට සහ සුදු රෙදි හොරාට හිමි වන්නේ පළමු තැනයි. මන්ද මේ දෙදෙනා වසරේ මුල භාගයේ දී අපට අපේ ගෙවතු ඇසුරේ දී සුලබ ව දැකගත හැකි කුරුල්ලන් දෙන්නකු ලෙස ප්‍රකට බැවිනි. එහෙත් සමහර අය සුදු රෙදි හොරා සහ සිවුරු හොරා පටලවාගන්නා අවස්‌ථාවන් නැතිවා ද නො වේ.

ශ්‍රී ලංකාව තුළ ආසියානු රැහැන් මාරාවන්ට අයත් (Asian paradise Flycatcher) උප විශේෂ දෙකක්‌ වාර්තා වේ. ඒ ඉන්දියාවේ හිමාලය අසල සිට අපේ රටට එන සුදු රෙදි හොරා නැතිනම් විද්‍යාත්මක ව ටර්ප්සිෆෝන් පැරඩිසි පැරඩිසි (Terpsiphone paradisi paradisi / Indian Paradise - Flycatcher) ලෙස හඳුන්වන සහ අපේ රට තුළ ජීවත් වන සිවුරු හොරා, ගිනි හොරා ලෙස ප්‍රකට විද්‍යාත්මක ව ටර්ප්සිෆෝන් පැරඩිසි සිලොනෙන්සිස්‌ (Terpsiphone paradisi ceylonensis / Brown Paradise - Flycatcher) වශයෙන් හඳුන්වන පක්ෂ විශේෂ දෙකයි. ශරීරයේ වර්ණය අනුව පැහැදිලි ලෙස ම මොවුන් වෙන් කර හඳුනාගත හැකි ය.

සුදු රෙදි හොරා අප රට තුළ සුලබ ව දැකගත හැකි වන්නේ සංචාරක පක්ෂීන්ගේ පැමිණීමට සමගාමී ව ය. එනම් ඊසානදිග මෝසම් සක්‍රීය වත් ම අප රටට සමීප ඉන්දියාවේ හිමාලය ආසන්නයේ සිට පැමිණේ. ශ්‍රී ලංකාව තුළ නිවැසි ව වසන ගහණයක්‌ ද සිටී. මේ උප විශේෂයේ, වයස අවුරුදු තුනට අඩු පිරිමි පක්ෂීන් නිවැසි සිවුරු හොරාගේ පැහැයෙනුත්, අවුරුදු තුන සපිරෙත් ම සුදු රෙදි හොරාගේ පැහැයෙනුත් දැකගත හැකි ය. අප දකින්නේ වැඩුණු පිරිමි පක්ෂීන් ය. ගැහැනු පක්ෂයාගේ වර්ණය සිවුරු හොරාගේ කිරිල්ලියගේ වර්ණය හා සමාන ය. වලිගයේ දිගු රැහැන් නො පිහිටයි.

අපේ රට තුළ නිවැසි ව වාසය කරන කුරුල්ලා සහ කිරිල්ලිය පැහැයෙන් එක හා සමාන වේ. ගිනි හොරා නැතිනම් සිවුරු හොරාගේ කුරුල්ලාගේ පමණක්‌ පෙඳ පිහාටු අගිසි රැහැන් හා සමැ ව දිගට පිහිටයි. එනම් ලිංගික ද්විරූපතාවක්‌ සහිත වේ. සුදු රෙදි හොරාගේ කිරිල්ලිය වයස අවුරුදු තුනට අඩු පිරිමි පක්ෂීන්ගේ පෙනුමට සමාන ය. අභිජනනය අප්‍රේල් - ජූලි අතර වේ. විවෘත කූඩුවකි. කෝප්පාකාර කැදැල්ල තැනීමට මකුළු දැල්, රොඩු, කෙඳි වර්ග භාවිතයට ගනී. රතු වන් දුඹුරු තිත් රටාවැති රෝස වන් බිත්තර 01 - 03ත් අතර සංඛ්‍යාවක්‌ දමයි. පහතරට වියළි කලාපයේ සහ කඳුකරයේ ව්‍යාප්ත වූ සුලබ නේවාසික පක්ෂයෙකි. සුද රෙදි හොරා ලංකාවට පැමිණෙන සමයේ දී සිවුරු හොරා තෙත් කලාපය ආශ්‍රිත ව, සුලබ ව දැකගත හැකි ය.

එවැනි ම වූ සුලබ සංක්‍රමණික පක්ෂ ගණයට නිල් පෙඳ බිඟුහරයා ද අයත් වේ. ඊසානදිග මෝසමට සමගාමී ව අප රටට පැමිණේ. සංක්‍රමණික සමයේ දී දිවයින පුරා සුලබ ව නිරීéණය කළ හැකි ය. නේවාසික ගහණයක්‌ ද වාර්තා වේ. මේ විශේෂයේ කැදැලි තැනීම් පිළිබඳ ව 1968 වසරේ දී 'කුමන' ආශ්‍රිත ව සහ 1980 දී 'යාල' ආශ්‍රිත වත් වාර්තා වී ඇත. එනම් නේවාසික ගහණය ව්‍යාප්ත ව ඇත්තේ ශ්‍රී ලංකාවේ ගිනිකොන කලාපයට වන්නට ය. රාත්‍රියට ලැගීම සඳහා නිල් පෙඳ බිඟුහරයන්

රැළක්‌ ලෙස එකට ඒකරාශී වේ. කොළඹ අවටින් වාර්තා වන නිල් පෙඳ බිඟුහර සංක්‍රමණිකයන් රාත්‍රියේ ලැගීම සඳහා කැලණි ගං මිටියාවතට ඒකරාශී වන බව වාර්තා වී ඇත. නිල් පෙඳ බිඟුහරයන්ගේ අභිජනන සමය මාර්තු - ජූලි දක්‌වා ව්‍යාප්ත වේ. ආවරණය වූ කූඩුවක්‌ තනයි. පොළොවේ පිහිටි හෝ හොට ආධාරයෙන් වැලි සහිත පසෙහි මීටර් 01 - 02ත් අතර ගැඹුරට හාරාගත් කුහරයක කෙළවර කුටියක්‌ තම කැදැල්ල ලෙස භාවිතයට ගනී. වරකට සුදු පැහැති බිත්තර 04 - 05ත් අතර සංඛ්‍යාවක්‌ දමයි. අපේ රටේ නේවාසික පුංචි බිඟුහරයාට බොහෝ සෙයින් සමාන පෙනුමක්‌ ඇතත්, හොඳින් නිරීéණය කරන්න. එවිට නිල් පෙඳ බිඟුහරයාගේ ගෙල යටට වන්නට ඇති මළකඩ පැහැයත්, නිල් පැහැති පෙඳයත්, පුංචි බිඟුහරයාගේ කම්මුල් ආසන්නයේ ඇති, ළා නිල් පැහැය සහ සාපේé ව පුංචි බිඟුහරයා ප්‍රමාණයෙන් කුඩා බවත් යන කරුණු මේ විශේෂයන් දෙකේ එකිනෙකට වෙනස්‌ ශාරීරික ලකුණු වන බැවින් එම විශේෂයන් වෙන් වෙන් ව හඳුනාගැනීමට පහසුවක්‌ වනු ඇත. ආහාර සපයාගැනීමේ දී පළමු ව ආවරණය රහිත වූ ස්‌ථානයක සිට ගුවන නිරීéණය කරමින් සිට ඉගිල යන මැස්‌සෙක්‌, කෘමියෙක්‌ දුටු සැණින් ඉලක්‌කය හඹා ගොස්‌ 'ටක්‌' හඬින් හොට වසාගනිමින් ගොදුර ඩැහැගැනීමට කැමැති ය. බොහෝ විට දී එවැනි වූ ගොදුරු කරගත් කෘමීන්ගේ නො දිරවූ කොටස්‌ වැමෑරුම් ගුලි වශයෙන් මුඛයෙන් බැහැර කිරීමට පෙලඹේ. මොවුන් රාත්‍රියට ලගින ස්‌ථාන ආසන්නයේ ඇති එවැනි වූ වැමෑරුම් කොටස්‌ නිරීéණය කළ හැකි ය. ශ්‍රී ලංකාව තුළ දී බිඟුහර කුලයට අයත් බිඟුහරයන් විශේෂ හතරක්‌ නිරීéණය කළ හැකි ය. පුංචි බිඟුහරයා සහ පි`ගු (පඬු රැ තද දුඹුරු වර්ණය) හිස්‌ බිඟුහරයා සුලබ නිවැසි පක්ෂීන් වන අතර යුරෝපීය බිඟුහරයා සහ නිල් පෙඳ බිඟුහරයා අයත් වන්නේ සංක්‍රමණික පක්ෂ කොටසට ය. නිල් පෙඳ බිඟුහරයා, අවිච්චියා සහ සුදු රෙදි හොරා වැනි ම වූ සුලබ සංචාරකයෙකි.

සුලබ සංචාරක පක්ෂීන්ට අමතර ව දුලබ සංක්‍රමණික ගණයට අයත් විහඟුන් ද සංක්‍රමණික සමයට අපේ රටට පිවිසෙනු දක්‌නට ලැබේ. එවැනි වූ දුලබ සහ 'අයාල' ගණයට අයත් වූ විහඟ විශේෂයන් දෙකක්‌ ගිය වර පක්ෂ පර්යටනික සමය තුළ දී වාර්තා විය. ඒ අතරට හිස කළු පිළිහුඬුවන් වැනි දුලබ පර්යටනික පක්ෂීන් සහ 'අයාලයන්' ගණයට අයත් වන එක්‌ වරක දී පමණක්‌ අපේ රට තුළ දී නිරීéණය වූ පොදු කඳුකර තිරාසිකයන් ගිය වර පක්ෂ පර්යටනික සමය තුළ දී අපේ රට තුළ දී වාර්තා වීම විශේෂිත ය.

සැබැවින් ම 'අයාලයෝ' යන්නෙන් ගම්‍ය වන්නේ, මිනිසුන්ට සාපේé ව නම් නොසිරිත් ක්‍රියාවන්හි නිරත වෙමින් ඉබාගාතේ යන වැනි වූ අරුතකි. එහෙත් මේ පුංචි කුරුල්ලෝ නම් කිසි විටෙක දී වත් නමින් 'අයාල' වුවත් පටබැඳි නමට සරිලන අයුරින් නොසිරිත්හි නො යෙදෙති. ජීවිතේ සොය සොයා ඉබාගාතේ නො යති. මෙතැන දී පොදු කඳුකර තිරාසිකයන් අයාලයන් වශයෙන් හැඳින්වීමට හේතුව වී ඇත්තේ තම සුපුරුදු ගමන් මාර්ගයෙන් වෙන් වී වෙනත් රටකට සේන්දු වීමට සිදු වීම ය. නමින් පොදු කඳුකර තිරාසිකයා (Common Rock Thrush / Rufous - Tailed Rock Thrush) නමින් හඳුන්වන මේ පක්ෂීන් අයත් වන්නේ ටර්ඩිඩේ (Turdidae) නමින් හඳුන්වන තිරාසික කුලයට ය. පොදු කඳුකර තිරාසිකයන්ගේ ව්‍යාප්තිය දකුණු යුරෝපය, මධ්‍යම ආසියාව හා උතුරු චීනය ආශ්‍රිත ව වාර්තා වේ. දකුණු යුරෝපයට සාමාන්‍ය නිවැසියන් වන කඳුකර තිරාසිකයන් උතුරු යුරෝපයට නම් ආගන්තුක ය. හරියට මේ අපේ රටට වැනි ම ය. තමන් වාසය කරන නිජබිම්වලට සිසිර සෘතුව පැමිණෙත් ම ඒ බිම් අතහැර ආහාර, ගොදුරුබිම් සොයාගෙන (තාවකාලික ව) අප්‍රිකාවේ දකුණු සහරා ප්‍රදේශයන් බලා පර්යටනය කිරීම කඳුකර තිරාසිකයන්ගේ සංක්‍රමණික ගමන් මාර්ගය වේ. පර්යටනික විහඟුන් අතරේ ශක්‌තිමත් සංක්‍රමණිකයන් ලෙස මේ අය හැඳින්විය හැකි ය. ගිය වර පක්ෂ පර්යටනික සමය තුළ දී උඩවලව ඇසුරේ මේ පක්ෂයා වාර්තා වීමත් සුවිශේෂී වූ අවස්‌ථාවක්‌ වශයෙන් හැඳින්විය හැකි ය.

පොදු කඳුකර තිරාසිකයා ප්‍රමාණයෙන් මයිනාගේ සහ කොණ්‌ඩ කුරුල්ලාගේ අතරමැදියෙකි. දිග සෙන්ටිමීටර් 17 - 20ත් (17 - 20 ජප) අතර වේ. වර්ණයෙන් උඩු කය නිල් මිශ්‍රිත කළු පැහැයකි. යටි කය ගඩොල් මිශ්‍ර දුඹුරු පැහැයකි. පපුව, බඩ වත, කළු දුඹුරු කැඩි ඉරි සහිත ය. පිටකොන්ද ප්‍රදේශයේ සුදු පැහැය කැපී පෙනේ. හොට, පාද සහ ඇස්‌ කළු පාටකි. ප්‍රධාන වශයෙන් ලිංගික ද්විරූපතාවක්‌ සහිත ය. එනම් කුරුල්ලාට සාපේé ව කිරිල්ලිය අඳුරු පාටකි. සිරුර පුරා තිත් රටා සහිත බැව් සඳහන් ය. එසේ නම් මේ අපේ රටට අතරමං වී පැමිණ සිටියේ කුරුල්ලෙකි. නිවැසි පරිසරයේ වියළි කඳුකර බිම් මොවුන්ගේ ගැවැසුම් කලාපය වේ. ඒ බිම්හි පිහිටි ගල් කුහරවල බිජු ලයි. බිත්තර 04 - 05ත් අතර ගොනුවකි. මේ පක්ෂයා පිළිබඳ ව අප සිදු කළ අධ්‍යයන කාලසීමාව තුළ දී වැඩිමනත් ශබ්ද නො කළත්, මේ පක්ෂයා පත් ව ඇති නො සිතූ විරූ තත්ත්වය නිසාවෙන් අයාලයන් ලෙස හඳුන්වයි (Vagrant). නිදහස්‌ නිජබිම් ඇසුරේ දී මිහිරි හඬින් ගී ගයන පක්ෂයකු ලෙස වාර්තා වේ. මෙවැනි වූ ආගන්තුක විහඟ මිතුරන් කුරුලු ලොව හඳුන්වන්නේ අයාලයන් වශයෙනි. මන්ද යත් යළිත් වරක්‌ මොහු අප රට තුළ දී වාර්තා නො වීමට ද පුළුවන. ගිය වර දැකුම අවසන් දැකුම ද විය හැකි ය.

කඳුකර තිරාසිකයා ගැන මෙන් ම තවත් එවැනි ම වූ ආගන්තුක විහඟ මිතුරන් කිහිප දෙනකු ම ගිය වර පක්ෂී පර්යටනික සමය තුළ දී දකුණු වනජීවී කලාපය ආශ්‍රිත ව වාර්තා විය. රෙඩ් හෙඩඩ් බන්ටිං (Red Headed Bunting) සහ රයිනෙක්‌ වුඩ්පෙකර් (Wryneck Woodpeckers) නම් වූ සංක්‍රමණික කුරුල්ලන් දෙදෙනා ද උඩවලව ජාතික උද්‍යානය ආශ්‍රිත ව හමු වූ දුර්ලභ සංක්‍රමණික විහඟුන් ලෙස සඳහන් කළ හැකි ය. මේ අය සියල්ලන් ගේ ම ගිම්හාන නැවතුම්පළ වූයේ අපේ රට ය යන සිතිවිල්ල අපට සැබැවින් ම ආඩම්බරයක්‌ නො වන්නේ ද?

එසේ ම ගිය වර පර්යටනික පක්ෂ සමය තුළ දී සිදු වූ විශේෂ සිදු වීම වන්නේ රජ සියක්‌කාරයන් ලෙස හඳුන්වන සුලබ වූ පර්යටනික විහංගයා පර්යටනික පක්ෂ සමය තුළ දී බූන්දල ආශ්‍රිත ව දැක බලාගැනීමට හැකි වීම ය. කොහොමටත් බූන්දල යනු කුරුල්ලන් දැක බලාගන්නට හොඳ තැනකි. ශ්‍රී ලංකාවට ඇතුළු වන කුරුලු විශේෂ අතරින් වනගත පාරිසරික තත්ත්වයන් ආශ්‍රිත ව දිවි ගෙවීමට ප්‍රිය ඇත්තෝ, සමුදුර සොයා ගලා බස්‌නා ගංගා නිම්න ඔස්‌සේ රට අභ්‍යන්තරයටත්, ජලාශ්‍රිත ව දිවි ගෙවන විහඟ මිතුරෝ සිරිලක නැඟෙනහිර සහ බටහිර වෙරළ තීරයන් ඔස්‌සේ පියාසරමින් දකුණු අන්තයට වන්නට පිහිටා ඇති බූන්දල තෙත්බිම් පරිසර පද්ධතිය තුළත් ව්‍යාප්ත ව ඇති කලපු, වගුරුබිම්, ලවණ හැල් සහ තෘණබිම් ආශ්‍රිත ව නවාතැන් ගනිති. එයට හේතුව ඉන්දු - ආසියානු පක්ෂ සංක්‍රමණික ගමන් මාර්ගයේ කෙළවර, එනම් වෙරළ දිගේ දකුණට වන්නට ඇති අවසන් නවාතැන් පළ වශයෙන් බූන්දල ආරක්ෂත වනජීවී රක්ෂතය තුළ ජලාශ්‍රිත කුරුලු මිතුරන් සඳහා අවැසි ආහාර සහ ලැගුම්බිම්, සොබාදහම විසින් නිර්මාණ කරනු ලැබ තිබීමයි. නිදහසේ හැසිරෙන කුරුල්ලන් අතරේ ගැවසෙමින්, එහෙත් ඔවුන්ගේ නිදහසට බාධා නො වන පරිදි කුරුල්ලන් පිළිබඳ ව අධ්‍යයනය සඳහා ඔබ බූන්දල තෝරාගන්නේ නම් එය කදිම වූ තීරණයක්‌ බවට ප්‍රත්‍යé වනු නොඅනුමාන ය.

බොහෝ විට දී තමන් පැමිණි ස්‌ථානයට ම යළි, යළිත් මතකයේ තබාගෙන පැමිණීමේ හැකියාව පර්යටනික විහඟුන් සතු අපූර්ව වූ හැකියාවක්‌ ලෙස හැඳින්විය හැකි ය. එය ඔවුන්ට හිමි වන්නේ ජන්මයෙන් ම ය. හරියට බිත්තරයෙන් එළියට ආ පුංචි පැටියා ද අම්මාත්, තාත්තාත් ගිය පරණ පාරේ ම ඒ අයගේ මඟ පෙන්වීමක්‌ නැති ව පියාසර කරනවා වගේ ය. මේ හුරුතාව සංක්‍රමණික විහඟුන්ට හිමි වන්නේ වසර මිලියන ගණනක පරිණාමයේ ප්‍රතිඵලයක්‌ ලෙස ය.

හිස කළු පිළිහුඬුවා දුලබ සංක්‍රමණිකයෙකි. ගිය වර සංක්‍රමණික සමය තුළ දී අපේ රටට ඒම සඳහා මේ අය භාවිතයට ගත්තේ අන්දමන් දූපත් මාර්ගයයි. ඒ මාර්ගයෙන් අපේ රටට කුරුල්ලන් පැමිණීමේ සම්භාවිතාව අඩු ය. එනම් ගිනිකොන ආසියාතික රටවල් නිවැසි කරගෙන වාසය කරන මේ අය අන්දමන් දූපත් මාර්ගය භාවිතයට ගෙන අපේ රටට ඇතුළු වන, හඳුනාගත් එක ම පක්ෂ විශේෂය ලෙසත් හැඳින්විය හැකි ය.

හිස කළු පිළිහුඬුවන්ගේ ව්‍යාප්තිය ගත් විට මේ විශේෂයට අයත් කුරුල්ලන් වාසය කරන්නේ අග්නිදිග ආසියාතික රටවල් ආශ්‍රිත ව ය. ඉන්දියාව සහ තායිලන්තය අතර නිවැසි ව වාසය කරන මේ පක්ෂීන් අපේ රටට පැමිණෙන්නේ ඉතා ම කලාතුරකින් වීම විශේෂත්ත්වයකි. ඒ විශාල රංචු සෑදී නම් නො වේ. බොහෝ විට දී වාර්තා වන්නේ එක්‌කෙනා ය. ශ්‍රී ලංකාව තුළ වාර්තා වුණේ විල්පත්තුවේ නෙළුම් විලෙන් පමණි. තමන් වාසය කරන නිජබිම්වලට සිසිර සෘතුව පැමිණෙත් ම ඒ බිම් අතහැර ආහාර, ගොදුරු බිම් සොයාගෙන (තාවකාලික ව) සමකාසන්න උණුසුම් රටවල් සොයාගෙන පිටත් ව යැම පර්යටනික විහඟුන්ගේ සුලබ වූ තේරීම ය.

තම නිජබිම්වලින් නික්‌මී පර්යටනික බිම් වෙත පැමිණෙන අටියෙන් පියාසරන විහඟුන් දිවා සමයේ දී මෙන් ම රාත්‍රී කාලයේ දීත් ගමන් කිරීම සිරිතකි. දිවා සමයේ පියාසරන්නන් පියාසර මඟ සොයාගැනීම සඳහා භාවිතයට ගන්නේ පෘථිවියට සාපේé ව සූර්යයාගේ පිහිටීම ය. ඒ අය රාත්‍රියට විවේක ගනිති. රාත්‍රියට පියාසරන විහඟුන් (බොහෝ විට දී කුඩා පක්ෂීන්) ගමන්මඟ සොයාගන්නේ තරු රටා සහ සඳෙහි පිහිටීම සැලකීමට ගෙන ය. ඔවුහු සූර්යයා උදා වෙත් ම ආහාර බුදිමින් විවේක ගනිති. තාරාවන්, පාත්තයන්, හංසයන් වැනි විසල් පක්ෂීන් පියාසරන්නේ රැළේ සියල්ලන් ම සියලු දෙනාට ම පෙනෙන සේ විවිධ වූ හැඩයන් අනුගමනය කරමිනි. ඒ, සියල්ලන්ගේ ම පහසුව පිණිස ය. ඉංග්‍රීසි හෝඩියේ වී (V) අéරය, ඩබ්ලිව් (W) අéරය ආදි වූ හැඩයන් මෙහි දී දැකගත හැකි ය. එවිට රංචුවේ සියලු දෙනාට ම මුලින් ගමන් කරන කුරුල්ලන් ව නිරීéණය කිරීමේ හැකියාව පවතියි. මුල් පෙළ නියෝජනය කරන්නේ රැළේ අත්දැකීම් බහුල ම පක්ෂයා ය.

අපේ රටට ගිය වාරයේ විහඟ සංක්‍රමණික සමය තුළ දී ආ මෙන් ම ඉදිරියට එන්නට සිටින සාමාජිකයන් ගැනත් හදාරනවා නම් බොහෝ කරුණු කාරණාවන් ඔවුන්ගේ ජීවිත කතාන්දරයන් තුළ අන්තර්ගත වී ඇත. ඒවා ඉතා ම රසවත් ය. ඉදින් මේ උදා වී ඇත්තේත් එවැනි වූ රසවත් පුවත් අපමණවත් ගවේෂණය කළ හැකි වන පක්ෂ පර්යටනික සමයයි. අවැසි වන්නේ ඒ සඳහා ඔබ දක්‌වන උනන්දුව සහ හික්‌මීම පමණි. මාර්ගෝපදේශකත්වය සඳහා අත්පොත් එමට ය. හදාරන්න. ඒ සමඟ ම හිතට ගන්න, පාරිසරික සුන්දරත්වය සහ පරිසර හිතකාමීත්වය ඒ අයුරින් ම සුරක්ෂත කිරීමට තමන්ට හැකි අයුරින් දායකත්වය ලබා දීමට. මන්ද යත් පිටරට සිට අපේ රටට මේ ආකාරයට විහඟ මිතුරන් අසීමිත ව පැමිණෙන්නේ අපේ රට සතු ව ඔවුන්ට හිතකර වූ පාරිසරික තත්ත්වයන් පවතින බැවිනි. එබැවින් රටට උරුම වූ ජෛව විවිධත්වයේ සුරක්ෂතතාව ආරéd කිරීමට තමන්ට හැකි පමණින් දායක වීම, සහාය වීම පුරවැසියකු සතු යුතුකමක්‌ සහ වගකීමක්‌ බවත් මතක්‌ කළ යුතු ම ය.

Comments

Popular posts from this blog

7 Riveting Facts about the Kandos Man – Upali Wijewardene

Source:  abpic.co.uk  Written by – Ranuli at Omebiz Philip Upali Wijewardene, better known as Upali Wijewardene was one of the most flamboyant and prominent businessman with an empire that not only dominated the Sri Lankan business landscape but also went global. He was Sri Lanka’s first homegrown tycoon and the founder and Chairman of Upali Group, Sri Lanka’s first multi-national business. Upali Wijewardene kick-started his career as a management trainee at Lever Brothers (now known as  Unilever ) where he managed to lock down the job simply based on his basic dining etiquette. However, due to a disagreement with the Chairman of the company, Upali left his job at Lever Brothers. Following the death of his uncle, the Late Senator Sarath Chandradasa, Upali took over  Kandos  with the substantial shares that were allocated to him. The company struggled with the lack of sales, Upali modernized the production process boosting their sales off the charts. Kando...

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළ...

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...