71 අප්‍රේල් කැරැල්ලේ අරගල සම්ප්‍රදාය යළි ජීවමාන කිරීමේ වගකීම සිය උරමත තබාගෙන එහි නියමුවෙකු වශයෙන් කටයුතුකල ජනතා විමුක්ති පෙරමුණේ(ජවිපෙ) සාමාජික අනුමැතියෙන් පත්වූ ප්‍රථම ප්‍රධාන ලේකම් වශයෙන් 1978දී කටයතු කල දයා වන්නිආරච්චිගේ(68) අවසන් කටයුතු 2016 මැයි 25වැනිදා වීරකැටිය හීන්බුන්න පවුලේ සුසාන භූමියේදී සිදුකෙරේ.
දයා වන්නිආරච්චි අවසාන කාලයේ ගත් ඡායාරූපයක්
වීරකැටියේදී 1948දී 10දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා ලෙස උපන් දයා වන්නිආරච්චි මියයන විට තිදරු පියෙකි. ඔහුගේ දියණියන් දෙදෙනෙකු පේරාදෙණි සරසවියේ කෘෂි පීඨයේ සහ කොළඹ සරසවියේ වානිජ පීඨයේ උපාධිධාරින්ය. තෙවැන්නාවූ කණිටු දියණියද වර්තමානයේ මොරටු සරසවියේ උපාධි අපේක්ෂිකාවකි. ජවිපෙ ක්‍රියාකාරිනියක්ව සිටි දයාගේ බිරිඳ ඉන්ද්‍රා කඹුරුපිටියේ හක්මන පදිංචිය.
දයා වන්නිආරච්චිගේ නිසල දේහය වීරකැටිය නිවසේ තැන්පත් කර ඇති අයුරු
ජවිපෙට 1968දී එක්වූ දයා 71 කැරැල්ලට හසුව සිරදඬුවම් විඳ ජවිපෙ නායකයින් සහ ක්‍රියාකාරින් සමඟ 1977 නොවැම්බර් මස නිදහස් විය. ඔහුගේ පවුලේ සොහොයුරන් දෙදෙනෙක්ද ජවිපෙ වෙනුවෙන් අරගලයන්හිදි දිවි දුන් අතර පවුලේ තවත් තිදෙනෙකු ජවිපෙ 2වැනි කැරැළි සමයේදි වසර 2කට ආසන්න කාලයක් අත්අඩංගුවේ පසුවිය.
රෝහණ විජේවිර සමග මැයි දින පෙලපාලියකට එක්ව සිටි ජවිපෙ එකල ලේකම් දයා වන්නි ආරච්චි
දයා වන්නිආරච්චිගේ අවමඟුල් නිවසට ලියුම්කරු මැයි 24වැනිදා පස්වරුවේ ගිය අවස්ථාවේදී ජවිපෙ සහ පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රියාකාරිකයින් පසමිතුරු ආකල්පයකින් තොරව එක්ව කටයුතු කිරීම දකින්නට ලැබිණි.
ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර
ජවිපෙ පක්ෂ තහනම 1983 ජුලි මස සිදුවෙමින් අනතුරුව පූර්ණකාලීනව දේශපාලනයෙන් අක්‍රීයවූවද දයා වන්නිආරච්චි ජවිපෙ ඇතැම් නායකයින් සමඟ සෘජු සබදකම් පැවැත්වීය. පසුව 1989 මුල්භාගයේදි දීර්ඝ කාලයක් රහස් පොලිස් අත්අඩංගුවට පත්ව සිටියේය.
රෝහණ විජේවිර සමග මැයි දින පෙලපාලියකට එක්ව සිටි ජවිපෙ එකල ලේකම් දයා වන්නි ආරච්චි
ජවිපෙ 1983 තහනමට පෙර සහ පසු, ජවිපෙන් ඉවත්වූ සහ ඉවත්කල දේශපාලන මණ්ඩල සභිකයින් පක්ෂයේ ද්‍රෝහීන් බවට පත්වී එජාප ආණ්ඩුවේ සහ විදේශ ආධාර මත යැපෙන රාජ්‍ය නොවන සංවිධානවල එහෙයියන් බවට පත්වූවද දයා වන්නිආරච්චි මියයන තෙක්ම ජවිපෙට එරෙහි නොවී සිය විප්ලවීය දර්ශනය මත පෞද්ගලික ජීවිතය පවත්වාගෙන ගිය අයෙකි. මියයන විට ඔහු පෞද්ගලික ඉංග්‍රීසි භාෂා ප්‍රවීණ ගුරුවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියේය.
Comments
Post a Comment