Skip to main content

ජවිපෙට එළියදී නිවී ගිය රතු තරුව – දයා වන්නිආරච්චි

71 අප්‍රේල් කැරැල්ලේ අරගල සම්ප්‍රදාය යළි ජීවමාන කිරීමේ වගකීම සිය උරමත තබාගෙන එහි නියමුවෙකු වශයෙන් කටයුතුකල ජනතා විමුක්ති පෙරමුණේ(ජවිපෙ) සාමාජික අනුමැතියෙන් පත්වූ ප්‍රථම ප්‍රධාන ලේකම් වශයෙන් 1978දී කටයතු කල දයා වන්නිආරච්චිගේ(68) අවසන් කටයුතු 2016 මැයි 25වැනිදා වීරකැටිය හීන්බුන්න පවුලේ සුසාන භූමියේදී සිදුකෙරේ.
dharman25051602දයා වන්නිආරච්චි අවසාන කාලයේ ගත් ඡායාරූපයක්
වීරකැටියේදී 1948දී 10දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා ලෙස උපන් දයා වන්නිආරච්චි මියයන විට තිදරු පියෙකි. ඔහුගේ දියණියන් දෙදෙනෙකු පේරාදෙණි සරසවියේ කෘෂි පීඨයේ සහ කොළඹ සරසවියේ වානිජ පීඨයේ උපාධිධාරින්ය. තෙවැන්නාවූ කණිටු දියණියද වර්තමානයේ මොරටු සරසවියේ උපාධි අපේක්ෂිකාවකි. ජවිපෙ ක්‍රියාකාරිනියක්ව සිටි දයාගේ බිරිඳ ඉන්ද්‍රා කඹුරුපිටියේ හක්මන පදිංචිය.
dharman25051603දයා වන්නිආරච්චිගේ නිසල දේහය වීරකැටිය නිවසේ තැන්පත් කර ඇති අයුරු
ජවිපෙට 1968දී එක්වූ දයා 71 කැරැල්ලට හසුව සිරදඬුවම් විඳ ජවිපෙ නායකයින් සහ ක්‍රියාකාරින් සමඟ 1977 නොවැම්බර් මස නිදහස් විය. ඔහුගේ පවුලේ සොහොයුරන් දෙදෙනෙක්ද ජවිපෙ වෙනුවෙන් අරගලයන්හිදි දිවි දුන් අතර පවුලේ තවත් තිදෙනෙකු ජවිපෙ 2වැනි කැරැළි සමයේදි වසර 2කට ආසන්න කාලයක් අත්අඩංගුවේ පසුවිය.
dharman25051604රෝහණ විජේවිර සමග මැයි දින පෙලපාලියකට එක්ව සිටි ජවිපෙ එකල  ලේකම් දයා වන්නි ආරච්චි

දයා වන්නිආරච්චිගේ අවමඟුල් නිවසට ලියුම්කරු මැයි 24වැනිදා පස්වරුවේ ගිය අවස්ථාවේදී ජවිපෙ සහ පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රියාකාරිකයින් පසමිතුරු ආකල්පයකින් තොරව එක්ව කටයුතු කිරීම දකින්නට ලැබිණි.
dharman25051605ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර
ජවිපෙ පක්ෂ තහනම 1983 ජුලි මස සිදුවෙමින් අනතුරුව පූර්ණකාලීනව දේශපාලනයෙන් අක්‍රීයවූවද දයා වන්නිආරච්චි ජවිපෙ ඇතැම් නායකයින් සමඟ සෘජු සබදකම් පැවැත්වීය. පසුව 1989 මුල්භාගයේදි දීර්ඝ කාලයක් රහස් පොලිස් අත්අඩංගුවට පත්ව සිටියේය.
dharman25051606රෝහණ විජේවිර සමග මැයි දින පෙලපාලියකට එක්ව සිටි ජවිපෙ එකල  ලේකම් දයා වන්නි ආරච්චි
ජවිපෙ 1983 තහනමට පෙර සහ පසු, ජවිපෙන් ඉවත්වූ සහ ඉවත්කල දේශපාලන මණ්ඩල සභිකයින් පක්ෂයේ ද්‍රෝහීන් බවට පත්වී එජාප ආණ්ඩුවේ සහ විදේශ ආධාර මත යැපෙන රාජ්‍ය නොවන සංවිධානවල එහෙයියන් බවට පත්වූවද දයා වන්නිආරච්චි මියයන තෙක්ම ජවිපෙට එරෙහි නොවී සිය විප්ලවීය දර්ශනය මත පෞද්ගලික ජීවිතය පවත්වාගෙන ගිය අයෙකි. මියයන විට ඔහු පෞද්ගලික ඉංග්‍රීසි භාෂා ප්‍රවීණ ගුරුවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියේය.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...