Skip to main content

ලජ්ජා හිතෙන අධික ආශාව!

ලජ්ජා හිතෙන අධික ආශාව!

2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30371
ලිංගික ආශාව කියන්නෙ මනුෂ්‍යයන්ට වගේම සතුන්ටත් ‍පොදු දෙයක්. හේතුව පරම්පරාව පවත්වාගෙන යාමට එය අත්‍යවශ්‍ය සාධකයක් වීමයි. නමුත් අසාමාන්‍ය අන්දමේ දැඩි ලිංගික ආශාවක් කෙනෙක් තුළ පවතිනවා නම් එය ඇතැම් විට රෝගයක් විය හැකිය. මෙසේ දිනකට පිරිමින් ගණනාවක් සමග හැසිරෙන්නට යම් කාන්තාවක් තුළ තදබල ආශාවක් ඇතිවීම හෝ එවැනි ආශාවක් යම් පිරිමියකු තුළ ඇතිවීම රෝගයක් වීමට අවකාශ තිබෙනවා. හැබැයි වෘත්තියක් වශයෙන් දිනකට පිරිමින් කිහිප දෙනකු සමග වුවද ලිංගිකව එක්වන ලිංගික සේවා සපයන්නියන් මෙයට අදාළ නෑ. දැන් අපි බලමු අසාමාන්‍ය අන්දමේ දැඩි ලිංගික ආශාව ඇති කරන හේතු.
හෝමෝනවල වෙනස්කම්
අධික ලිංගික ආවේග පළවීම හෝමෝනවල වෙනස්කම් නිසා ද හට ගැනීමට හැකියි.  ලිංගික හෝමෝන ස්‍රාවය වන්නේ පිටියුටරි ග්‍රන්ථිය ආශ්‍රිත ප්‍රදේශයෙන්. ඒ නිසා මෙහි ගෙඩියක්, පිළිකාවක් වැනි දෙයක් හටගත් විටද අධික ලිංගික ආශාවන් ඇතිවීමට අවකාශ තිබෙනවා. ඒ අනුව පෙර නොවූ ලෙස අධික අනුරාගී හැසිරීම් පළවන කෙනකු එය කායික හේතුවක් මත ඇති වන්නේද යන්න සොයාබැලීමට අන්තරාසර්ග ග්‍රන්ථි විශේෂඥ  වෛද්‍යවරයකු වෙත මුලින්ම යොමුවීම වඩා සුදුසුය. එහිදී හෝමෝන පරීක්ෂණයක්  මගින් ඉහත කී ආකාරයේ රෝග තත්ත්වයන් තිබේද යන්න සොයා බැලිය හැකියි. එවැනි කායික හේතුන් නැත්නම් ඊළඟට මනෝ වෛද්‍ය විශේෂඥයකු වෙත යොමුවිය යුතුයි. කාන්තාවන් තුළ අධික ලෙස ලිංගික හැසිරීම් පළවීම නිම්ෆොමේනියා ලෙසිනුත් පිරිමින්  තුළ එවැනි තත්ත්වයක් හට ගැනීම සැටරයිසිස් ලෙසිනුත් හඳුන්වනවා.
අධික ලිංගික හැසිරීම් පළ කිරීමට බලපාන මානසික හේතු
මනෝ වෛද්‍ය විද්‍යාවේ ද්වී ධ්‍රැවීය ආබාධය නමින් මානසික රෝග තත්ත්වයක් තිබෙනවා. ද්වී ධ්‍රැවීය යනු මානසික ස්වභාවයේ විටින් විට අන්ත දෙකක් පැවතීමයි. මේ රෝගයේද 1 සහ 2 ලෙසින් කොටස් දෙකක් තිබෙනවා.
මේ අනුව ද්වී ධ්‍රැවීය අංක 1 හි අන්ත දෙක නම් විශාදය සහ මේනියා රෝගයයි. මේ හේතුව මත ද්වී ධ්‍රැවීය අංක 1 වැළඳුනු රෝගියකු සමහර කාලවලදී විශාද රෝග ලක්ෂණ පළකරන අතර තවත් සමහර කාලවලදී මේනියා රෝග ලක්ෂණ පළ කරනවා.
ද්වී ද්‍රවීය අංක 2 ආබාධයෙහි එක් අන්තයක් විශාදය වන අතර අනෙක් අන්තය වන්නේ  හයි‍පොමේනියාවයි. මේ අනුව රෝගියා විශාද රෝගලක්ෂණ පළකරන කාලවලට තදබල දුකකින් නොසංසුන්කමකින් කාලය ගත කරන අතර ඒ කාලයට ලිංගික ආශාවද හීන වී යනවා. ඒ හේතුව මත ලිංගික හැසිරීම් පිළිබඳ කිසිදු උනන්දුවක් ඇති වන්නේ නෑ.
නමුත් මේ රෝගීන්ට හයි‍පොමේනියා තත්ත්වය ඇති වූ විට දැකිය හැක්කේ එහි අනික් පැත්තයි. ඒ අනුව සතුට අධිකයි. ලිංගික හැසිරීම් කෙරෙහි දැඩි කැමැත්තක් ඇති වෙනවා. නමුත් විශේෂය වන්නේ රෝගියාට තමන්ගේ ආශාවන් පාලනය කර ගත හැකිවීමයි. ඒ අනුව හයි‍පොමේනියා යනු මානසික රෝග වාට්ටුවක නතර කර ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක් නොවෙයි. මේ රෝගීන්ට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්.
ද්වී ධ්‍රැවීය පෞරුෂය අංක 1හි එක් අන්තයක් වන්නේ මේනියාවයි. මෙය සාමාන්‍යයෙන් තනි රෝගයක් වශයෙන් නොවැළඳෙන අතර එය ද්වී ධ්‍රැවීය රෝගයේ එක් අන්තයක් ලෙස පවතිනවා.
මෙසේ ද්වී ධ්‍රැවීය රෝගීන්ට මේනියා රෝගය තිබෙන කාලවලට අධික ලිංගික ආශාවන් සහ හැසිරීම් පළකරනු ලබනවා. විශේෂයෙන් කාන්තාවන් තුළ මේ තත්ත්වය වැඩියි. සාමාන්‍ය කෙනෙකුට තදබල ලිංගික ආශාවක් ඇති වූ විටෙක වුවත් එය අවස්ථානුකූලව පාලනය කර ගන්න හැකියාව තිබෙනවා. නමුත් මේනියා රෝගීන්ට එය අපහසුයි. රෝගය හේතුවෙන් ඔවුනට ලිංගික ආශාවන් පාලනය කරගත නොහැකිවීම මේ තත්ත්වය හට ගැනීමට බලපානවා. නමුත් අධික ලිංගික හැසිරීම් හා ආශාවන් තිබෙන හැම කෙනෙක්ම මේනියා රෝගීන් නොවන බවත් ඔබ වටහා ගත යුතුයි.
මත්පෙති ගැනීම
නීති විරෝධී ලෙස අලෙවි කරන මත්පෙති වර්ගවලට ඇබ්බැහි වූ තරුණ තරුණියන් අතරත් ලිංගික ආශාව අධිකයි. මේවායින් ශරීරය තුළ උත්තේජනයක් ඇති වන අතර දිගින් දිගටම ගැනීම තුළින් උත්තේජනය වැඩි කලක් රඳා පවත්වා ගත හැකි නිසා මේවාට ඇබ්බැහි වූ තරුණියන් කිසිදු ලජ්ජා බයකින් තොරව අධික ලෙස ලිංගික සේවනයෙහි යෙදීම සිදුවෙනවා.
පෞරුෂ දුබලතා
අධික ලිංගික හැසිරීම් පළ කරන තරුණියන් තුළ ඇතැම් විට පෞරුෂ දුබලතාද තිබිය හැකියි. ළමා වියේදී මව්පියන්ගේ නිසි ආදරයක් රැකවරණයක් හිමි නොවීම හෝ කුඩා කල අතවරවලට ලක්වීම මත නව යොවුන් වයසට එළඹුණු පසු ළමා වියේදී හිමි නොවූ ආදරය රැකවරණය වෙනත් පිරිමියෙකුගෙන් ලබා ගැනීමට උත්සාහ කළ හැකියි. මෙවැනි තරුණියන් තුළ හටගත හැකි පෞරුෂ විෂමතාවයක් වන්නේ මායිම් පෞරුෂ ආබාධයයි.  

Comments

Popular posts from this blog

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළු සිසුන්

මානසික ආතතියත් සමඟ අපි ලෙඩ වන අයුරු

මානසික ආතතියත් සමඟ අපි ලෙඩ වන අයුරු   2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30   113 ඔබ උදේ නැගිටිනවා. වැඩට යන්න ලෑස්ති වෙනවා. ගෙදර වැඩ ටික වෙලාවට ඉවර කරගන්න බැරි වෙනවා. පාරට ආවත් වෙලාවට බස් එක ගන්න බැරි වෙනවා. වැඩට යනකොට විනාඩි 45ක් පරක්කු වෙනවා. වැඩ ගොඩගැහිලා. ඔබට ඔබ සටහන් ගෙදර අය සමඟත් මුළු ජීවිතේ ගැනත් තරහක් වගේම කලකිරීමක් ඇති වෙනවා. එදා මුළු දවසම අසුබවාදී සිතුවිලිවලින් පිරිලා. ඉතින් ඔබ දන්නවද මේක තමයි ‘කල් පවතින ආතතිය’ (Chronic stress) ඔබේ ජීවිතයේ පසුගිය එක සතියක් අරගෙන බලන්න. මනසට වද දෙන තරහා යන නොසන්සුන් වෙන, ඊර්ෂ්‍යා සහගත, සිතුවිලි ඇතිවෙන, දුක හිතෙන අවස්ථා සහ සිතුවිලිවලින් පිරිලා. මෙම ආතතිය සමඟ එන කෝටිසෝල් නැමති හෝමෝනය පමණක් නෙවෙයි අපේ ප්‍රතිශක්තිය බිඳ දමන සයිටොකයින් (Cytokines) නැමැති ප්‍රෝටීන ද ශ්‍රාවය වෙනවා. ඉක්මනින් ඔබ ලෙඩ වෙනවා. හෘදයාබාධ, දියවැඩියාව, අංශභාගය, මානසික අවපීඩනය වැනි තත්ත්වයන්ට ඔබ ගොදුරු වෙනවා. අපි සුගත් සහ ධම්මිගේ කතාව ඇසුරින් මේ ගැන තවත් ගැඹුරින් සොයා බලමු. 1. සුගත් සහ ධම්මිගේ කතාව සුගත්ගේ වයස අවු. 40යි. ඔහු බැංකුවක කළමනාකරුවෙක්. ධම්මිගේ වයස

ඡන්දදායකයා අඩුවෙන්ම ඡන්ද පොළට ගිය භීෂණයෙන් පිරුණු ජනාධිපතිවරණය

ඡන්දදායකයා අඩුවෙන්ම ඡන්ද පොළට ගිය භීෂණයෙන් පිරුණු ජනාධිපතිවරණය දකුණු ආසියාවේ සර්වජන ඡන්ද බලය ලැබූ ප‍්‍රථම රට බවට ශී‍්‍ර ලංකාව පත් වූයේ 1931 ඩොනමෝර් ආණ්ඩු ක‍්‍රමය මගින් රාජ්‍ය මන්ත‍්‍රණ සභා ක‍්‍රමය ඇරඹීමත් සමගය. ඒ නිසා මෙරට ඡන්දදායකයා දේශපාලන අත්දැකීම් බහුල පුද්ගලයෙක් බවට පත්ව සිටී. ඒ බව එක් එක් පාර්ලිමේන්තු මැතිවරණයේදී හා ජනාධිපතිවරණයේදී පාවිච්චි කර ඇති ඡන්ද ප‍්‍රතිශතයෙන් පෙනී යයි.    1947 ප‍්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දදායකයන් 3048145 අතරින් 1701150 ක් හෙවත් 55.8% ක් ඡන්දය භාවිතා කළ අතර එතැන් පටන් 2015 දක්වා අවස්ථා තුනකදී හැර ඡන්දය භාවිතා කිරීමේ ප‍්‍රතිශතය 70% ඉක්මවා ඇත. පැවති ජාතික මැතිවරණ 22 කදී මේ තත්ත්වය පැහැදිලි වේ. ලංකාවේ වැඩිම ඡන්ද දායක ප‍්‍රතිශතයන් ඡන්දය භාවිතා කළ මැතිවරණය 1977 මහ මැතිවරණයයි. එම මැතිවරණයේදී ඡන්දය භාවිතා කළ ප‍්‍රතිශතය 86.7% ක් විය. දකුණු ආසියාවේ මැතිවරණයකදී ඡන්දය පාවිච්චි කිරීමේ ප‍්‍රතිශතය මෙතරම් ඉහළ මට්ටමක පවතින වෙනත් කිසිදු රටක් නොමැත.    ජනාධිපතිවරණ ඉතිහාසයේ 1988 හැර අනෙකුත් සෑම මැතිවරණයකදීම ඡන්ද දායකයා 70% ට වැඩි ඡන්ද ප‍්‍රතිශතයක් වාර්තා ක