Skip to main content

ලජ්ජා හිතෙන අධික ආශාව!

ලජ්ජා හිතෙන අධික ආශාව!

2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30371
ලිංගික ආශාව කියන්නෙ මනුෂ්‍යයන්ට වගේම සතුන්ටත් ‍පොදු දෙයක්. හේතුව පරම්පරාව පවත්වාගෙන යාමට එය අත්‍යවශ්‍ය සාධකයක් වීමයි. නමුත් අසාමාන්‍ය අන්දමේ දැඩි ලිංගික ආශාවක් කෙනෙක් තුළ පවතිනවා නම් එය ඇතැම් විට රෝගයක් විය හැකිය. මෙසේ දිනකට පිරිමින් ගණනාවක් සමග හැසිරෙන්නට යම් කාන්තාවක් තුළ තදබල ආශාවක් ඇතිවීම හෝ එවැනි ආශාවක් යම් පිරිමියකු තුළ ඇතිවීම රෝගයක් වීමට අවකාශ තිබෙනවා. හැබැයි වෘත්තියක් වශයෙන් දිනකට පිරිමින් කිහිප දෙනකු සමග වුවද ලිංගිකව එක්වන ලිංගික සේවා සපයන්නියන් මෙයට අදාළ නෑ. දැන් අපි බලමු අසාමාන්‍ය අන්දමේ දැඩි ලිංගික ආශාව ඇති කරන හේතු.
හෝමෝනවල වෙනස්කම්
අධික ලිංගික ආවේග පළවීම හෝමෝනවල වෙනස්කම් නිසා ද හට ගැනීමට හැකියි.  ලිංගික හෝමෝන ස්‍රාවය වන්නේ පිටියුටරි ග්‍රන්ථිය ආශ්‍රිත ප්‍රදේශයෙන්. ඒ නිසා මෙහි ගෙඩියක්, පිළිකාවක් වැනි දෙයක් හටගත් විටද අධික ලිංගික ආශාවන් ඇතිවීමට අවකාශ තිබෙනවා. ඒ අනුව පෙර නොවූ ලෙස අධික අනුරාගී හැසිරීම් පළවන කෙනකු එය කායික හේතුවක් මත ඇති වන්නේද යන්න සොයාබැලීමට අන්තරාසර්ග ග්‍රන්ථි විශේෂඥ  වෛද්‍යවරයකු වෙත මුලින්ම යොමුවීම වඩා සුදුසුය. එහිදී හෝමෝන පරීක්ෂණයක්  මගින් ඉහත කී ආකාරයේ රෝග තත්ත්වයන් තිබේද යන්න සොයා බැලිය හැකියි. එවැනි කායික හේතුන් නැත්නම් ඊළඟට මනෝ වෛද්‍ය විශේෂඥයකු වෙත යොමුවිය යුතුයි. කාන්තාවන් තුළ අධික ලෙස ලිංගික හැසිරීම් පළවීම නිම්ෆොමේනියා ලෙසිනුත් පිරිමින්  තුළ එවැනි තත්ත්වයක් හට ගැනීම සැටරයිසිස් ලෙසිනුත් හඳුන්වනවා.
අධික ලිංගික හැසිරීම් පළ කිරීමට බලපාන මානසික හේතු
මනෝ වෛද්‍ය විද්‍යාවේ ද්වී ධ්‍රැවීය ආබාධය නමින් මානසික රෝග තත්ත්වයක් තිබෙනවා. ද්වී ධ්‍රැවීය යනු මානසික ස්වභාවයේ විටින් විට අන්ත දෙකක් පැවතීමයි. මේ රෝගයේද 1 සහ 2 ලෙසින් කොටස් දෙකක් තිබෙනවා.
මේ අනුව ද්වී ධ්‍රැවීය අංක 1 හි අන්ත දෙක නම් විශාදය සහ මේනියා රෝගයයි. මේ හේතුව මත ද්වී ධ්‍රැවීය අංක 1 වැළඳුනු රෝගියකු සමහර කාලවලදී විශාද රෝග ලක්ෂණ පළකරන අතර තවත් සමහර කාලවලදී මේනියා රෝග ලක්ෂණ පළ කරනවා.
ද්වී ද්‍රවීය අංක 2 ආබාධයෙහි එක් අන්තයක් විශාදය වන අතර අනෙක් අන්තය වන්නේ  හයි‍පොමේනියාවයි. මේ අනුව රෝගියා විශාද රෝගලක්ෂණ පළකරන කාලවලට තදබල දුකකින් නොසංසුන්කමකින් කාලය ගත කරන අතර ඒ කාලයට ලිංගික ආශාවද හීන වී යනවා. ඒ හේතුව මත ලිංගික හැසිරීම් පිළිබඳ කිසිදු උනන්දුවක් ඇති වන්නේ නෑ.
නමුත් මේ රෝගීන්ට හයි‍පොමේනියා තත්ත්වය ඇති වූ විට දැකිය හැක්කේ එහි අනික් පැත්තයි. ඒ අනුව සතුට අධිකයි. ලිංගික හැසිරීම් කෙරෙහි දැඩි කැමැත්තක් ඇති වෙනවා. නමුත් විශේෂය වන්නේ රෝගියාට තමන්ගේ ආශාවන් පාලනය කර ගත හැකිවීමයි. ඒ අනුව හයි‍පොමේනියා යනු මානසික රෝග වාට්ටුවක නතර කර ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක් නොවෙයි. මේ රෝගීන්ට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්.
ද්වී ධ්‍රැවීය පෞරුෂය අංක 1හි එක් අන්තයක් වන්නේ මේනියාවයි. මෙය සාමාන්‍යයෙන් තනි රෝගයක් වශයෙන් නොවැළඳෙන අතර එය ද්වී ධ්‍රැවීය රෝගයේ එක් අන්තයක් ලෙස පවතිනවා.
මෙසේ ද්වී ධ්‍රැවීය රෝගීන්ට මේනියා රෝගය තිබෙන කාලවලට අධික ලිංගික ආශාවන් සහ හැසිරීම් පළකරනු ලබනවා. විශේෂයෙන් කාන්තාවන් තුළ මේ තත්ත්වය වැඩියි. සාමාන්‍ය කෙනෙකුට තදබල ලිංගික ආශාවක් ඇති වූ විටෙක වුවත් එය අවස්ථානුකූලව පාලනය කර ගන්න හැකියාව තිබෙනවා. නමුත් මේනියා රෝගීන්ට එය අපහසුයි. රෝගය හේතුවෙන් ඔවුනට ලිංගික ආශාවන් පාලනය කරගත නොහැකිවීම මේ තත්ත්වය හට ගැනීමට බලපානවා. නමුත් අධික ලිංගික හැසිරීම් හා ආශාවන් තිබෙන හැම කෙනෙක්ම මේනියා රෝගීන් නොවන බවත් ඔබ වටහා ගත යුතුයි.
මත්පෙති ගැනීම
නීති විරෝධී ලෙස අලෙවි කරන මත්පෙති වර්ගවලට ඇබ්බැහි වූ තරුණ තරුණියන් අතරත් ලිංගික ආශාව අධිකයි. මේවායින් ශරීරය තුළ උත්තේජනයක් ඇති වන අතර දිගින් දිගටම ගැනීම තුළින් උත්තේජනය වැඩි කලක් රඳා පවත්වා ගත හැකි නිසා මේවාට ඇබ්බැහි වූ තරුණියන් කිසිදු ලජ්ජා බයකින් තොරව අධික ලෙස ලිංගික සේවනයෙහි යෙදීම සිදුවෙනවා.
පෞරුෂ දුබලතා
අධික ලිංගික හැසිරීම් පළ කරන තරුණියන් තුළ ඇතැම් විට පෞරුෂ දුබලතාද තිබිය හැකියි. ළමා වියේදී මව්පියන්ගේ නිසි ආදරයක් රැකවරණයක් හිමි නොවීම හෝ කුඩා කල අතවරවලට ලක්වීම මත නව යොවුන් වයසට එළඹුණු පසු ළමා වියේදී හිමි නොවූ ආදරය රැකවරණය වෙනත් පිරිමියෙකුගෙන් ලබා ගැනීමට උත්සාහ කළ හැකියි. මෙවැනි තරුණියන් තුළ හටගත හැකි පෞරුෂ විෂමතාවයක් වන්නේ මායිම් පෞරුෂ ආබාධයයි.  

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...