Skip to main content

විකල්ප බලශක්‌තියේ විකල්ප බලාපොරාත්තු



මිහිතලය මත මිනිසාට සුවිශේෂී තැනක්‌ අත්පත් කරගැනීමට හැකි වීමේ කතාන්තරය පිටුපස පවතින්නේ බලශක්‌තියයි. ගෝලීය උණුසුම ඉහළ ගොස්‌ මිනිසා මිහිතලයෙන් තුරන් ව යැමේ අවදානම පිටුපස පවතින්නේත් බලශක්‌තියයි. මේ නිසා බලශක්‌තිය යනු උණු නිසා බොන්නටත් බැරි කිරි නිසා අහක දාන්නටත් බැරි තත්ත්වයකට පත් ව ඇති දෙයක්‌. තම පැවැත්ම රැකගනිමින් අනාගතය වෙතට ශක්‌තිමත් ව පියමනින්නට නම් මිනිසාට දැනට බහුල ව භාවිත වන ෆොසිල ඉන්ධන වෙනුවට විකල්ප බලශක්‌ති ප්‍රභවයන් වෙත තල්ලු විය යුතු මයි. විකල්ප ඉන්ධන ලෙස ඇල්ගී භාවිතය, සූර්ය හා සුළං බලාගාර හරහා විදුලිය ලබාගැනීම, හයිඩ්‍රජන් ඉන්ධන කෝෂ භාවිතය, සාගර රැලි මඟින් විදුලිය නිපදවීම, න්‍යෂ්ටික විලයනය ආදිය ගැන අපට නිතර ම පාහේ අසන්නට දකින්නට ලැබෙනවා. එහෙත් දැනට භාවිත වන ක්‍රමවල ඇති අඩුපාඩු මඟහරවාගනිමින් ඊට වඩා වෙනස්‌ බලශක්‌ති උකහාගැනීමේ ක්‍රමවේද මිනිස්‌ වර්ගයා වෙත තිළිණ කිරීමට අනාගතයේ දී තාéණය සමත් වීමට ඉඩ තිබෙනවා. මෙහි දැක්‌වෙන්නේ නිතර අසන්නට නො ලැබෙන එබඳු බලශක්‌ති ජනන ක්‍රමවේද කිහිපයක්‌. මේවාට අදාළ පර්යේෂණ කටයුතු සහ මූලික මට්‌ටමේ යෙදීම් මේ වන විටත් සිදු කෙරෙමින් පවතින අතර මේවායෙන් සමහරක්‌ සමහර විට අනාගතයේ දී බලශක්‌ති නිපදවීමේ ප්‍රමුඛ ක්‍රමවේද බවට පත් වීමට ද ඉඩ තිබෙනවා.



මිනිස්‌ බලය

මේටි්‍රක්‌ස්‌ (Matrix) චිත්‍රපටය ඔබ නරඹා ඇත්නම් මිනිසාගේ අභ්‍යන්තරයේ ජනනය වන විදුලිය, යන්ත්‍රවල බලශක්‌ති අවශ්‍යතා සඳහා යොදාගැනෙන ආකාරය පිළිබඳව ඔබ දැක ඇතුවාට සැක නැහැ. එහෙත් මෙහි දී අප අදහස්‌ කරන්නේ එවැන්නක්‌ නො ව මිනිස්‌ ක්‍රියාකාරකම් නිසා ජනනය වන ශක්‌තිය උකහාගැනීම පිළිබඳ වයි. මිනිසාගේ ශරීරයෙන් ජනනය වන තාප ශක්‌තිය විද්යුත් ශක්‌තිය බවට පෙරළාගැනීමට හැකි ඇඳුම් පැළඳුම් පිළිබඳව දැනටමත් පර්යේෂණ පැවැත්වෙනවා. මේවායෙන් ජනනය කළ හැක්‌කේ කුඩා විදුලි බලයක්‌ වුවත් අප භාවිත කරන විද්යුත් ඔරලෝසු, mp3 යන්ත්‍ර ආදි උපකරණවලට අවශ්‍ය වන ශක්‌ති ප්‍රමාණය අඩු වෙමින් පවතින බැවින් මේ ශක්‌තිය ඉදිරියේ දී එවැනි උපාංග ක්‍රියාත්මක කරවීම සඳහා යොදාගනු හැකි වනු ඇති. එමෙන් ම එදිනෙදා ක්‍රියාකාරකම්වල දී ශරීරය චලනය වීමේ දී වැය වන චාලක ශක්‌තිය විදුලිය බවට පෙරළාගැනීමට ද හැකියි. ශරීර වර්ධන මධ්‍යස්‌ථානවල දී ව්‍යායාම කිරීමට ඇති උපකරණ හරහා විද්යුතය ජනනය කොට ඒවා විවිධ කටයුතු සඳහා යොදාගැනීම ද කළ හැකියි. බ්‍රසීලයේ එක්‌තරා සිරගෙයක මෙසේ විදුලිය නිපදවන සිරකරුවන්ට ඊට සාපේé ව දඬුවම් කාලය අඩු කිරීමේ ක්‍රමවේදයක්‌ පිළිබඳ ව ද කලකට පෙර අසන්නට ලැබුණා. ඒ විදුලිය යොදාගෙන තිබුණේ වීදි පහන් දැල්වීමටයි. මීට අමතර ව දුම්රිය ස්‌ථාන හා සාප්පු සංකීර්ණ වැනි ජනයා බහුල ව ගැවසෙන තැන්වල ශරීරයේ බර හරහා ඩයිනමෝවක්‌ කැරකැවීමට ඉඩ සැලැස්‌වීම මඟින් විද්යුතය ජනනය කළ හැකි ටයිල් සවි කිරීම ද දැනටමත් සිදු වෙමින් පවතින දෙයක්‌. Pavegen වැනි සමාගම් මේ කටයුත්තේ පෙරමුණේ සිටිනවා.



ලාවාවලින් විදුලිය

සූර්ය බලයේ සිට ෆොසිල ඉන්ධන දක්‌වා බලශක්‌ති ප්‍රභවයන් සියල්ල පාහේ සෘජු ව හෝ වක්‍ර ව හෝ සූර්යයා මත ර¹ පවතිනවා. මීට හේතුව ෆොසිල ඉන්ධන ලෙස දැනට පත් ව ඇති ශාක ස්‌තර පවා යම් දිනෙක වර්ධනය වී තිබී ඇත්තේ සූර්යයාගේ උපකාරයෙන් වීමයි. එහෙත් සූර්යයා ගෙන් පරිබාහිර ව තවත් බලශක්‌ති මූලාශ්‍රයක්‌ අප සතු ව තිබෙනවා. ඒ පෘථිවි ගෝලයේ ඇති උණුසුම් මධ්‍යයයි. පෘථිවිය අභ්‍යන්තරයේ ඇති උණුසුම භාවිත කරමින් භූ තාප ශක්‌තිය ලෙසින් හැඳින්වෙන මේ බලශක්‌තිය නිපදවා ප්‍රයෝජනයට ගැනීමට ඇමෙරිකාව, අයිස්‌ලන්තය ආදි රටවල් ගණනාවක්‌ කලෙක සිට කටයුතු කරනවා. එහි දී සිදු වන්නේ පොළොව තුළට සිදුරක්‌ විද, එය තුළට ජලය විද එහි උණුසුමෙන් රත් ව හුමාලය බවට පත් වන ජල වාෂ්ප ඉහළට ගෙන ඒ මඟින් ටර්බයින කරකැවීමයි.

2009 වසරේ Iceland Deep Drilling Project(IDDP) ව්‍යාපෘතිය යටතේ අයිස්‌ලන්තයේ මෙවැනි භූ තාප බලාගාරයක්‌ සඳහා කැණීමක්‌ සිදු කරනු ලැබූ අතර අහම්බයෙන් ඔවුන් පොළොව ආසන්නයේ තිබූ මැග්මා තට්‌ටුවක්‌ දක්‌වා විද තිබුණා. එය බලාපොරොත්තු නො වූ තත්ත්වයක්‌ වුවත් එල්ල වූ බාධක මඟහරවාගනිමින් එමඟින් සෙල්සියස්‌ අංශක 450ක්‌ වැනි ඉහළ උෂ්ණත්වයකින් හුමාලය නිපදවාගෙන භාවිත කිරීමට ඉංජිනේරුවන් සමත් වී තිබුණා. සාමාන්‍ය භූ තාප ක්‍රම මඟින් ලබාගත හැකි උපරිම උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 300ක්‌ පමණ වන අතර මැග්මා භාවිතය හරහා භූ තාප ක්‍රමවලට වඩා 10 ගුණයකින් පමණ කාර්යéම අන්දමින් බලය ජනනය කළ හැකි බවයි පැවසෙන්නේ. මෙහි සාර්ථකත්වය අනුව ඉදිරියේ දී භූ තල මායිම් අසල ගිනිකඳු සහිත රටවල් ද මේ ක්‍රමය හරහා විදුලිය නිපදවීමට උනන්දු වනු ඇතැයි සැලකෙනවා. එසේ වුව හොත් මෙතෙක්‌ බොහෝ රටවලට හිසරදයක්‌ ව පැවැති ගිනිකඳු, ආශිර්වාදයක්‌ බවට පත් වීමට ඉඩ තිබෙනවා.


අභ්‍යවකාශයේ සිට එන සූර්ය ශක්‌තිය

සූර්යයා ගෙන් ශක්‌තිය ලබාගන්නා සූර්ය කෝෂ අනාගතයේ දී කෙතරම් කාර්යéම ව ක්‍රියාත්මක වුවත් ඒවාට මුහුණ දෙන්නට සිදු වන ප්‍රධාන බාධක වෙනස්‌ වන්නේ නැහැ. සූර්ය කෝෂවලට රාත්‍රී කාලයේ විදුලිය නිපදවීමට නො හැකි අතර වැසි ආදි කාලගුණ තත්ත්ව යටතේ ද එහි ක්‍රියාකාරීත්වයට බාධා පැමිණෙනවා. එහෙත් අභ්‍යවකාශයේ පිහිටුවා ඇති සූර්ය කෝෂ මඟින් බලය ජනනය කරන බලාගාරයකට මේ කිසිදු ගැටලුවක්‌ ඇති වන්නේ නැහැ. පැය විසි හතර පුරා ම එයට අඛණ්‌ඩ ව බලය නිපදවිය හැකියි. අභ්‍යවකාශයේ කéගත කර ඇති බලාගාරයක්‌ පිළිබඳ අදහස කලක පටන් කතාබහට ලක්‌ වී තිබෙන්නක්‌. මේ අදහස මුලින් ම ඉදිරිපත් වී ඇත්තේ අයිසැක්‌ ඇසිමෝව් විසින් 1941 දී රචිත Reason නම් විද්‍යා ප්‍රබන්ධ කෙටිකතාව හරහායි (ප්‍රභාත් මිරිහාගල්ල මහතා විසින් කරන ලද මේ කතාවේ පරිවර්තනයක්‌ 'තර්කය' නමින් විදුසරෙහි මෑතක දී පළ විය). චීනය මේ අදහස, ප්‍රායෝගික යථාර්ථයක්‌ බවට පත් කිරීමට පෙරමුණ ගෙන ඇති අතර 2050 වන විට එවැනි බලාගාරයක්‌ අභ්‍යවකාශයේ ස්‌ථාපනය කිරීමට අපේක්ෂා කරන බව චීන අභ්‍යවකාශ විද්‍යාඥයන් පවසා තිබුණා. මෙවැනි විදුලි බලාගාරයක්‌ කිලෝ මීටර් 22,000ක්‌ පමණ ඉහළ අහසේ කéගත කර ඇති ප්‍රකාශ විද්යුත් කෝෂ අඩංගු කුඩා චන්ද්‍රිකා දාමයකින් සමන්විත විය හැකි අතර ඒවා මඟින් එක්‌රැස්‌ කරනු ලබන ශක්‌තිය ක්ෂුද්‍ර තරංග (Microwaves) ලෙස පෘථිවිය මතට එල්ල කරනු ලබනවා. එම ක්ෂුද්‍ර තරංග පෘථිවිය මත ඉදි කර ඇති දැවැන්ත ආදායක මඟින් ලබාගෙන එය විද්යුත් ශක්‌තිය බවට පරිවර්තනය කර විදුලි සැපයුමට එක්‌ කළ හැකියි. මෙවැනි බලාගාරයකට ගිගාවොට්‌ 2,000ක්‌ පමණ ජනනය කළ හැකි වනු ඇතැයි සැලකෙන අතර ලෝකයේ දැනට පවතින විශාල ම සූර්ය කෝෂ බලාගාරයට ද ජනනය කළ හැකි ගිගාවොට්‌ 1.5ක බලයට සාපේé ව සැලකූ කල එය ඉතා විශාල අගයක්‌ බව අමුතුවෙන් කිව යුතු නැහැ. පරිසර හිතකාමී තිරසාර අනාගතයක්‌ පිළිබඳ බලාපොරොත්තුවට මෙය විශාල ශක්‌තියක්‌.



න්‍යෂ්ටික අපද්‍රව්‍ය

න්‍යෂ්ටික බලයෙන් විදුලිය නිපදවීම දැනට පවතින අන් සැම විදුලි නිෂ්පාදන ක්‍රමවේදයකට ම වඩා, සාර්ථකත්වයෙන් ඉහළයි. මේ හරහා පෘථිවියේ සමතුලිතතාවට එල්ල වන්නේ අවම බලපෑමක්‌. එහෙත් න්‍යෂ්ටික බලයට එයට හිමි විය යුතු තරම් ආකර්ෂණයක්‌ ලැබී නැහැ. මීට හේතුව න්‍යෂ්ටික අපද්‍රව්‍යයි. ඇත්ත වශයෙන් ම විදුලිය නිපදවීම සඳහා ප්‍රයෝජනයට ගැනෙන විකිරණශීලී මූලද්‍රව්‍යවලින් භාවිතයට ගැනෙන්නේ සියයට 5ක්‌ පමණක්‌ වන අතර ඉතිරි සියල්ල න්‍යෂ්ටික අපද්‍රව්‍ය ලෙස බැහැර කෙරෙනවා. මෙය න්‍යෂ්ටික බලාගාර හා බැඳී තිබෙන ප්‍රධාන අවාසියක්‌. ඉතා විශාල අර්ධ ආයු කාලයකින් යුතු මේ විකිරණශීලී න්‍යෂ්ටික අපද්‍රව්‍ය මිනිසාට හානියක්‌ නො වන අයුරින් බැහැර කිරීම විශාල අභියෝගයක්‌. ඇමෙරිකාවේ පමණක්‌ මෙසේ ගොඩගැසී ඇති න්‍යෂ්ටික අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් 77,000කට වඩා වැඩියි.

මෙයට සාර්ථක විසඳුමක්‌ සොයාගැනීමට විද්‍යාඥයන් දැන් සමත් ව තිබෙනවා. ඒ මේ න්‍යෂ්ටික අපද්‍රව්‍ය භාවිත කරමින් නැවත බලශක්‌තිය උපදවාගැනීමට හැකි වීම හරහායි. GE HITACHI සමාගම විසින් PRISM (PowerReactor Innovative Small Modular) නම් න්‍යෂ්ටික අපද්‍රව්‍ය හරහා විදුලි බලය නිපදවන බලාගාරයක්‌ නිපදවා ඇති අතර එය මේ වන විට පවතින්නේ අවසන් අදියරේයි. සෝඩියම් සහ ජලය, සිසිලන මාධ්‍ය ලෙස යොදාගනිමින් බලශක්‌තිය නිපදවන මේ ප්‍රතික්‍රියාකාරකය 1964 දී ඇමෙරිකාවේ Argonne ජාතික පර්යේෂණාගාරය මඟින් අත්හදා බලනු ලැබූ Experimental Breeder Reactor - II (EBR -II) නම් ප්‍රතික්‍රියාකාරකය පාදක කරගනිමින් වැඩිදියුණු කරන ලද්දක්‌. කර්මාන්ත ශාලාවක්‌ වැනි ප්‍රමාණයෙන් කුඩා ඉඩක ඉදිකිරීමට හැකි වීම හරහා අඩු වැයකින් බලාගාරය ඉදිකිරීමට හැකි වීම, බලය විසන්ධි වීමක දී හෝ තාපය ඉහළ යැමේ දී මැදිහත් වීමකින් තොර ව ම ක්‍රියාවලිය නතර වීම නිසා ආරක්ෂිත බවින් ඉහළ වීම මෙහි ඇති කැපී පෙනෙන වාසි කිහිපයක්‌. මේ හරහා න්‍යෂ්ටික අපද්‍රව්‍යවල ඇති යුරේනියම් සියයට 96ක්‌ පමණ බලශක්‌තිය නිපදවීමට යොදාගත හැකි යෑයි පැවසෙන අතර එමඟින් ඉතිරි වන අපද්‍රව්‍යවල අර්ධ ආයුෂ කාලය වන්නේ අවුරුදු 300ක්‌ පමණ කාලයක්‌. සාමාන්‍ය න්‍යෂ්ටික අපද්‍රව්‍යවල අර්ධ ආයුෂ කාලය වර්ෂ 240,000ක්‌ පමණ වන අතර ඒ අනුව ගත් කල මෙය ඉතා පරිසර හිතකාමී ක්‍රමවේදයක්‌. PRISM මේ වර්ගයේ පළමු බලාගාරය වන අතර එහි සාර්ථකත්වය අනුව ඉදිරියේ දී තවත් මේ පන්නයේ බලාගාර ඉදි වනු ඇතැයි සැලකෙනවා. එවිට න්‍යෂ්ටික අපද්‍රව්‍යවල හිසරදය නොමැති ව පරිසර හිතකාමී ව න්‍යෂ්ටික බලය නිපදවීමට අපට හැකි වනු ඇති.



තෝරියම්

න්‍යෂ්ටික බලාගාර සඳහා අප සාමාන්‍යයෙන් භාවිත කරන්නේ යුරේනියම්. එහෙත් මෙයට වඩා සාර්ථක ව භාවිත කළ හැකි විකල්පයක්‌ අප සතු ව තිබෙනවා. ඒ තෝරියම්. සුලබතාව අතින් ගත් කල යුරේනියම් මෙන් තුන් ගුණයකට වැඩි ප්‍රමාණයකින් තෝරියම් ස්‌වාභාවික පරිසරයේ දකින්නට ලැබෙනවා. එම නිධි, රටවල් කිහිපයකට සීමා නො වී ලොව පුරා බොහෝ රටවල තිබීමත් එහි ඇති විශේෂත්වයක්‌. කෙසේ වෙතත් තෝරියම් (Th - 232), යුරේනියම් (U - 235) මෙන් අස්‌ථායී අවස්‌ථාවක නැහැ. එම නිසා එමඟින් එක එල්ලේ න්‍යෂ්ටික බලය නිපදවිය නො හැකියි. එහෙත් විද්‍යාඥයන් මේ වන විට තෝරියම්වලින් බලය නිපදවාගැනීමට උපක්‍රමයක්‌ සොයාගෙන තිබෙනවා. ඒ තෝරියම් වෙත නියුට්‍රොaන කදම්බයක්‌ එල්ල කිරීම හරහා එය අස්‌ථායි යුරේනියම් සමස්‌ථානිකයක්‌ වන යුරේනියම් 233 (U - 233) බවට පෙරළාගැනීම හරහායි.

තෝරියම් යොදාගනිමින් විදුලි බලය නිපදවන ප්‍රතික්‍රියාකාරක Molten Salt Reactor (MSR) ලෙසින් හැඳින්වෙන අතර මෙයින් බහුල ව කතාබහට ලක්‌ වන්නේ ද්‍රව ෆ්ලෝරයිඩ් තෝරියම් ප්‍රතික්‍රියාකාරකය (Liquid Fluoride ThoriumReactors - LFTR) නම් ප්‍රතික්‍රියාකාරකයයි. සාමාන්‍ය න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකවල ඝන කුට්‌ටි ලෙස පවතින යුරේනියම් භාවිත වන අතර මෙහි දී තෝරියම් බලශක්‌තිය නිපදවන්නේ ද්‍රව තත්ත්වයෙහි දී වීම විශේෂත්වයක්‌. සාමාන්‍ය න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකවල න්‍යෂ්ටික ප්‍රතික්‍රියා සිදු වන්නේ අධික පීඩනයක්‌ යටතේ වුවත් මේ ක්‍රමයේ දී සාමාන්‍ය පීඩනයක්‌ යටතේ ප්‍රතික්‍රියා කරවීමට හැකි බැවින් එහි ආරක්ෂිත බව ඉහළ නැංවී තිබෙනවා. යුරේනියම්වලට වඩා තෝරියම්වලට ඉහළ ලකුණු හිමි වීමට තවත් හේතුවක්‌ වන්නේ යුරේනියම්වලට වඩා 200 ගුණයක්‌ වැඩි ශක්‌ති ධාරිතාවක්‌ තෝරියම් සතු වීමයි. එනම් යුරේනියම් ටොන් 200ක්‌ වැය කර නිපදවන විදුලිය නිපදවීමට අවශ්‍ය වන්නේ තෝරියම් ටොන් 1ක්‌ පමණයි. එබැවින් මෙය පරිසරයට මෙන් ම ආර්ථිකයට ද හිතකර බව අමුතුවෙන් කිව යුතු නැහැ. මීට අමතර ව මේ හරහා නිපදවන න්‍යෂ්ටික අපද්‍රව්‍යවල අර්ධ ආයු කාලය වසර 500ක්‌ පමණ වන බැවින් එහි පාරිසරික අවදානම ද ඇත්තේ පහළ අගයකයි. එමෙන් ම සාමාන්‍ය න්‍යෂ්ටික අපද්‍රව්‍ය න්‍යෂ්ටික අවි සඳහා යොදාගැනීමේ අවදානමක්‌ පැවතුණත් තෝරියම් සමඟ එවැනි අවදානමක්‌ මතු වන්නේ නැහැ.

ඇමෙරිකාවේ Oak Ridge ජාතික පර්යේෂණාගාරයේ දී 1960 ගණන්වල දී මේ ක්‍රමවේදය පිළිබඳ පර්යේෂණ පැවැත්වී ඇති අතර දශක ගණනාවක්‌ මෙලෙස පර්යේෂණයට ලක්‌ වීමෙන් අනතුරු ව නුදුරු අනාගතයේ දී ම මෙවැනි බලාගාරයක්‌ වාණිජ වශයෙන් ක්‍රියාත්මක වීම ඇරඹෙනු ඇති බවට විශ්වාස කෙරෙනවා. චීනය මේ උත්සාහයේ පෙරමුණේ සිටින අතර ඉන්දියාව, ඉන්දුනීසියාව වැනි රටවල් පවා මීට අදාළ පර්යේෂණ කටයුතු සිදු කරමින් සිටින්නේ එහි ඇති විශාල විභවය හඳුනාගැනීම නිසයි. මේ සියලු කටයුතු සාර්ථක ව සිදු වුව හොත් පිරිසිදු බලශක්‌තිය යනු දුර ඈත ඇති සිහිනයක්‌ නො වනු ඇති.



එබ්බවූ සූර්ය කෝෂ

සූර්ය කෝෂ මඟින් විදුලිය නිපදවීම ඉතා ම පරිසර හිතකාමී ක්‍රමවේදයක්‌ වුවත් සූර්ය කෝෂ සඳහා කැපී පෙනෙන ඉඩක්‌ වැය වන අතර එම ඉඩ වෙනත් කටයුත්තකට වැය කළ හැක්‌කේ නැහැ. විශාල සූර්ය කෝෂ ගොවිපොළවල් මිනිස්‌ වාසයෙන් ඉතා ඈතින් තිබෙන්නේ මේ නිසයි. එහෙත් සාමාන්‍යයෙන් අප කටයුතු කරන නාගරික පරිසරයේ අලංකාරයට බාධා නො කර ඒ තුළට ම මේ සූර්ය කෝෂ ගෙන ඒමට හැකි තාéණික හැකියාවන් දැන් දැන් බිහි වෙමින් පවතිනවා. Onyx Solar සමාගම විසින් නිපදවනු ලබන සූර්ය කෝෂ එබ්බවූ විනිවිද පෙනෙන වීදුරු මීට උදාහරණයක්‌. මේවා තුළින් ආලෝකය යම් තරමකින් පෙරී ඇතුළට පැමිණෙනවා. නාගරික පරිසරවල අහස උසට නැඟුණු දැවැන්ත ගොඩනැඟිලි පවතින අතර ඒවායේ දැවැන්ත වීදුරු ජනේල මේවා මඟින් ප්‍රතිස්‌ථාපනය කිරීමට මේ හරහා අවකාශය ලැබෙනවා. මේවා මඟින් සාම්ප්‍රදායික සූර්ය කෝෂ තරම් විදුලිය නිපදවීමට නො හැකි වුවත් ආලෝකයේ පැමිණීමට බාධා නො කර සැලකිය යුතු විදුලියක්‌ ජනනය කිරීමට හැකි වීම විශාල වාසියක්‌. ටෙස්‌ලා සමාගම මඟින් ද සාමාන්‍ය උළු කැටයකින් වෙනස්‌ ව හඳුනාගත නො හැකි තරම් සියුම් ව සැකසූ සූර්ය කෝෂ උළු හඳුන්වා දී තිබෙනවා. ගොඩනැඟිල්ලට අවශ්‍ය බලශක්‌තිය ගොඩනැඟිල්ල හරහා ම නිෂ්පාදනය කරගැනීමේ හරිත සංකල්පයට බොහෝ රටවල ප්‍රතිපත්තිමය සහාය හිමි වන අතර ඒ අනුව ඉදිරියේ දී නිර්මාණය වන ගොඩනැඟිලිවල ජනේල හා බිත්ති මෙවැනි සූර්ය කෝෂ එබ්බවූ ඒවා වීමට ඉඩ තිබෙනවා.

මීට අමතර ව නෙදර්ලන්තය සූර්ය කෝෂ ඇතිරූ මාර්ගයක්‌ ද මේ වන විට සකසා අත්හදා බලමින් සිටිනවා. එමෙන් ම සූර්ය කෝෂ එබ්බවූ ඇඳුම්, සූර්ය කෝෂ එබ්බවූ ජංගම දුරකතන ආදිය දැනටමත් අත්හදා බලමින් පවතින අතර ඉදිරියේ දී අප එදිනෙදා භාවිත කරන සැම දෙයක්‌ තුළට ම සූර්ය කෝෂ පැමිණීමට ඉඩ තිබෙනවා. මේ ප්‍රවණතාව බලශක්‌ති ක්ෂේත්‍රයේ විප්ලවයක්‌ ඇති කරනු ඇත්තේ එමඟින් සාම්ප්‍රදායික බලශක්‌ති ප්‍රභවයන් මත පැවරී ඇති බර කැපී පෙනෙන ලෙස සැහැල්ලු වී යැම නිසයි.

Comments

Popular posts from this blog

7 Riveting Facts about the Kandos Man – Upali Wijewardene

Source:  abpic.co.uk  Written by – Ranuli at Omebiz Philip Upali Wijewardene, better known as Upali Wijewardene was one of the most flamboyant and prominent businessman with an empire that not only dominated the Sri Lankan business landscape but also went global. He was Sri Lanka’s first homegrown tycoon and the founder and Chairman of Upali Group, Sri Lanka’s first multi-national business. Upali Wijewardene kick-started his career as a management trainee at Lever Brothers (now known as  Unilever ) where he managed to lock down the job simply based on his basic dining etiquette. However, due to a disagreement with the Chairman of the company, Upali left his job at Lever Brothers. Following the death of his uncle, the Late Senator Sarath Chandradasa, Upali took over  Kandos  with the substantial shares that were allocated to him. The company struggled with the lack of sales, Upali modernized the production process boosting their sales off the charts. Kando...

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළ...

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...