Skip to main content

ඡන්දදායකයා අඩුවෙන්ම ඡන්ද පොළට ගිය භීෂණයෙන් පිරුණු ජනාධිපතිවරණය


N3 1දකුණු ආසියාවේ සර්වජන ඡන්ද බලය ලැබූ ප‍්‍රථම රට බවට ශී‍්‍ර ලංකාව පත් වූයේ 1931 ඩොනමෝර් ආණ්ඩු ක‍්‍රමය මගින් රාජ්‍ය මන්ත‍්‍රණ සභා ක‍්‍රමය ඇරඹීමත් සමගය. ඒ නිසා මෙරට ඡන්දදායකයා දේශපාලන අත්දැකීම් බහුල පුද්ගලයෙක් බවට පත්ව සිටී. ඒ බව එක් එක් පාර්ලිමේන්තු මැතිවරණයේදී හා ජනාධිපතිවරණයේදී පාවිච්චි කර ඇති ඡන්ද ප‍්‍රතිශතයෙන් පෙනී යයි.
 
 1947 ප‍්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දදායකයන් 3048145 අතරින් 1701150 ක් හෙවත් 55.8% ක් ඡන්දය භාවිතා කළ අතර එතැන් පටන් 2015 දක්වා අවස්ථා තුනකදී හැර ඡන්දය භාවිතා කිරීමේ ප‍්‍රතිශතය 70% ඉක්මවා ඇත. පැවති ජාතික මැතිවරණ 22 කදී මේ තත්ත්වය පැහැදිලි වේ. ලංකාවේ වැඩිම ඡන්ද දායක ප‍්‍රතිශතයන් ඡන්දය භාවිතා කළ මැතිවරණය 1977 මහ මැතිවරණයයි. එම මැතිවරණයේදී ඡන්දය භාවිතා කළ ප‍්‍රතිශතය 86.7% ක් විය. දකුණු ආසියාවේ මැතිවරණයකදී ඡන්දය පාවිච්චි කිරීමේ ප‍්‍රතිශතය මෙතරම් ඉහළ මට්ටමක පවතින වෙනත් කිසිදු රටක් නොමැත.
 
 ජනාධිපතිවරණ ඉතිහාසයේ 1988 හැර අනෙකුත් සෑම මැතිවරණයකදීම ඡන්ද දායකයා 70% ට වැඩි ඡන්ද ප‍්‍රතිශතයක් වාර්තා කර තිබුණ ද 1988 දී එම ප‍්‍රතිශතය 55.32 ක් විය.
 
 ඉහත දැක්වෙන දත්ත සටහන අනුව 1982 දීත් 81.10% වූ ඡන්ද ප‍්‍රතිශතය 1988 දී මෙසේ ඡන්දය භාවිතා කිරීම කැපී පෙනෙන ලෙස 55.32% වීමට ප‍්‍රධාන හේතුව වූයේ 1988/89 දී රටේ පැවති භීෂණ තත්ත්වයයි. ජනතා විමුක්ති පෙරමුණ ගෙන ගිය භීෂණය වඩාත් තීව‍්‍ර කරමින් රජය මෙන්ම වෙනත් නීති විරෝධී කල්ලි කණ්ඩායම් ගෙනගිය ඝාතන රැුල්ල නිසා භීෂණය උග‍්‍ර කරමින් මැතිවරණය වර්ජනය කිරීමේ කි‍්‍රයාදාමය ද මේ තත්ත්වයට බලපෑවේය.
 
 1988 ජනාධිපතිවරණයට පෙර ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ලංකා ජනතා පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය, සමස්ත ලංකා ද්‍රවිඩ සංගමය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු සංගමය, ලිබරල් පක්ෂය සමඟ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සාකච්ඡුා වට කීපයක් පවත්වා පොදු අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටිය ද එක්සත් ජාතික පක්‍ෂය ආර්. පේ‍්‍රමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා බවට තෝරා ගැනීමත් සමඟ ඉහත ඇතැම් පක්‍ෂ සාකච්ඡුා වලින් ඉවත් විය. ඉන්පසුව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන සටන් පාඨය වූයේ ජනාධිපතිවරණය වර්ජනය කිරීමය. එය ප‍්‍රචණ්ඩ ලෙස කි‍්‍රයාවට නැංවූයේ ජනතා විමුක්ති පෙරමුණේ අවජාත දරුවා වූ දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරයේ සන්නද්ධ බළකායන්ගේ අණදෙන මූලස්ථානයයි.
 
 1987 අත්සන් කළ උතුරේ ප‍්‍රශ්නයට විසඳුම් ලෙස ඉන්දියාව ලංකාව මත පැටවූ පළාත් සභා ක‍්‍රමය අඩංගු වන ජේ. ආර්. රජිව් ගිවිසුමට එරෙහිව නැඟුණු ජනතා විරෝධයත් සමඟ කරලියට පැමිණි මෙම සන්නද්ධ බළකාය එක් තුණ්ඩු කැබැල්ලකින් රට පුරා ජාතික ශෝක දින ප‍්‍රකාශ කිරීමටත්, කඩ සාප්පු ඇතුළු ව්‍යාපාරික ස්ථාන වසා දැමීමටත්, ප‍්‍රවාහන සේවා වැනි ජනතා ව්‍යාපාර අඩපණ කිරීමටත් හැකි වූයේ තුවක්කුවේ හා බෝම්බයේ බලයෙනි. තමන් අනුමත නොකරන දේශපාලන කටයුතුවල යෙදුණු පුද්ගලයන් කිසිදු අනුකම්පාවක් නැතිව මරා දමනු ලැබූ දේශපේ‍්‍රමී ජනතා සන්නද්ධ බළකාය මරණයට පත් කළ අයගේ අවසන් කටයුතු කළ යුතු අන්දම පවා දන්වා නියෝග පැනවූහ. ඇතැම් අයගේ මළ සිරුරු දණින් උඩට ඔසවා ගෙන යෑම පවා තහනම් කෙරිණි.
 
 ඡන්දය දීම සඳහා යන පළමු පස්දෙනා ඝාතනය කරනු ලබන බවට දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරය තර්ජනය කළේය. ඇතැම් ස්ථානවල ඒ අනුවම කි‍්‍රයා කළේය. ශී‍්‍ර ල. නි. පක්ෂයේ ආසන සංවිධායකවරුන් ඇතුළු පාක්ෂිකයන් 104 ක් ජනාධිපතිවරණය වනවිට මරා දමා තිබිණි.
 
 මැතිවරණයට පෙර මැතිවරණ කොමසාරිස්ගේ ලිපියක් අනුව දිස්ති‍්‍රක්ක 11 ක සිවිල් පාලනය බිඳවැටී තිබිණ. විශ‍්‍රාම වැටුප් ගෙවීම, ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම හැර වෙනත් කටයුතු සම්බන්ධයෙන් ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුර, පොළොන්නරුව වැනි ඇතැම් දිස්ති‍්‍රක්ක සම්පූර්ණයෙන්ම වාගේ අකර්මණ්‍ය විය. කුරුණෑගල දිස්ති‍්‍රක් කාර්යාලයේ අතිරේක දිසාපති හා මූලස්ථාන සහකාර දිසාපතිගේ නිවාසවලට වෙඩි තැබීම නිසා නිලධාරීන් 700 පමණ ඡන්ද කටයුතු කිරීම ප‍්‍රතික්ෂේප කරන ලදී. කෑගල්ල මැතිවරණ කාර්යාලයට ගිනි තැබීමට ප‍්‍රයත්න දරන ලද අතර එහිදී දෙදෙනෙක් මරුමුවට පත් වී දෙදෙනෙක් තුවාල ලැබීම නිසා කෑගල්ල දිස්ති‍්‍රක් මැතිවරණ කටයුතු අඩපණ විය.
 
 මේ තත්ත්වයන් යටතේ 1988 දෙසැම්බර් 19 වැනිදා දෙවැනි ජනාධිපතිවරණය පැවැත්වූ අතර ප‍්‍රතිඵලය වූයේ වැඩි ඡන්ද 227339 කින් එ. ජා. පක්ෂයේ ආර්. පේ‍්‍රමදාස මහතා ජය ලැබීමයි.
 
 1. ආර්. පේ‍්‍රමදාස මහතා - එ. ජා. ප. - 2569199 - 50.43%
 
 2. සිරිමාවෝ බණ්ඩාරනායක - ශී‍්‍රලනිප - 2289860 - 44.95%
 
 3. ඔස්වින් අබේගුණසේකර - ශී‍්‍ර ල. ම. ප. - 235719 - 4.63%
 
 මුළු ඡන්ද - 9375742
 
 දෙන ලද ඡන්ද - 5186223 - 55.37%
 
 ප‍්‍රතික්ෂේප ඡන්ද - 91445 - 1.76%
 
 වලංගු ඡන්ද - 5094778
 
 වැඩි ඡන්ද - 227339
 
 මෙම මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කළ ප‍්‍රතිශතය 55.32% වෙද්දී එය ලංකා ජාතික මැතිවරණ 22 ලද අඩුම ඡන්ද ප‍්‍රතිශතය වේ.
 
rgsrsr මොනරාගල දිස්ති‍්‍රක්කයේ ඡන්ද මධ්‍යස්ථාන 49 ක ඡන්ද නොපැවැත්වූ අතර දිස්ති‍්‍රක්ක 13 ක ඡන්ද පළවල් 207 ක ඡන්ද පෙට්ටිවල එකම ඡන්ද පති‍්‍රකාවක්වත් දක්නට නොවීය. 207 ක් ඡන්ද පළවල් 79 ක්ම මාතර දිස්ති‍්‍රක්කයේ විය. මැතිවරණ කොමසාරිස්ගේ වාර්තාව අනුව ඡන්ද මධ්‍යස්ථාන 50 කට වැඩි ස්ථානවල බෝම්බ පිපිරීම් සිදුව තිබිණි. එම වාර්තාවට අනුව අනාරක්ෂිත භාවය නිසා ඡන්ද නිලධාරීන් වෙනත් ස්ථානවල නතර කිරීම් ඡන්දය විමසීම ප‍්‍රමාද වීම්, ඡන්ද මධ්‍යස්ථාන වෙනත් තැන්වලට ගෙන යාම්,
 
 ගස් කපා පෙරළා දමා මාර්ග අවහිර කිරීම්, විදුලි කණු හා දුරකථන කණු පාර හරහා පෙරළා දැමීම් අවට වෙඩි තැබීම් හා බෝම්බ පිිපිරීම් ආදිය සිය ගණන් සෑම දිස්ති‍්‍රක්කයකින්ම වාර්තා වී තිබිණ. මැතිවරණ ඉතිහාසයේ මැතිවරණ නිලධාරීන් මරා දැමීම සිදුවූයේ ද මෙම මැතිවරණයේදීය. මොනරාගල දිස්ති‍්‍රක්කයේ සහකාර තේරීම් භාර නිලධාරියකු ලෙස පත්වීම් ලැබූ සහකාර රබර් පාලක එස්. එස්. අබේසුන්දර මහතා එක් ඡන්ද පළක නිලධාරි අඩුවක් ආවරණය කිරීමට ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති ලෙස යෑමට බුදුරුවගල මාර්ගයේ ගමන් කරමින් සිටියදී ආරක්ෂක නිලධාරීන්ට හා ඔහුට වෙඩි වරුෂාවකට මුහුණ දීමට සිදු විය. ඔහු මියගිය අතර ආර්ක්‍ෂක නිලධාරීන් තුවාල ලැබීය. බදුල්ලේදී ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති ලෙස පත්ව ඡන්ද පෙට්ටි රැුගෙන බදුල්ල කච්චේරියට යමින් සිටි ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ලූණුගල ප‍්‍රාදේශීය නිලධාරි එම්. ඒ ගුණවර්ධන මහතා සහ රියැදුරු ඩබ්. ජී. ජයරත්න වෙඩි පහරකට ලක්ව මිය ගියහ.
 
 මේ තත්ත්වයන් යටතේ ශී‍්‍ර ලංකා මැතිවරණ ඉතිහාසයේ මෙතරම් භීෂණයට ලක්වූ මැතිවරණයක් නොවූ තරම්ය. ආර්. පේ‍්‍රමදාස මහතා ජය ගත්තද ප‍්‍රතිඵලයට විරුද්ධව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 1989 ජනවාරි 09 දින ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කළ අතර ඇය වෙනුවෙන් සාක්ෂිකරුවන් 546 ක් සාක්‍ෂි ලබා දුන්නේය. පළමු වගඋත්තරකාර ආර්. පේ‍්‍රමදාස මහතා වෙනුවෙන් 399 ක් ද තුන්වන වගඋත්තරකරු මැතිවරණ කොමසාරිස් වෙනුවෙන් සාක්ෂිකරුවන් 32 ක් ද සාක්ෂි දුන් නමුත් ඡන්ද පෙත්සම නිෂ්ප‍්‍රභ විය. මේ අනුව එම තීන්දුව කෙසේ වුවත් 1988 ජනාධිපතිවරණය වාර්තාගත වන්නේ භීෂණයෙන් පිරුණු මැතිවරණයක් ලෙසය.
 
 බණ්ඩාරගම - සමරසේන මුදලිගේ
 

N3 2

Comments

Popular posts from this blog

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළු සිසුන්

මානසික ආතතියත් සමඟ අපි ලෙඩ වන අයුරු

මානසික ආතතියත් සමඟ අපි ලෙඩ වන අයුරු   2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30   113 ඔබ උදේ නැගිටිනවා. වැඩට යන්න ලෑස්ති වෙනවා. ගෙදර වැඩ ටික වෙලාවට ඉවර කරගන්න බැරි වෙනවා. පාරට ආවත් වෙලාවට බස් එක ගන්න බැරි වෙනවා. වැඩට යනකොට විනාඩි 45ක් පරක්කු වෙනවා. වැඩ ගොඩගැහිලා. ඔබට ඔබ සටහන් ගෙදර අය සමඟත් මුළු ජීවිතේ ගැනත් තරහක් වගේම කලකිරීමක් ඇති වෙනවා. එදා මුළු දවසම අසුබවාදී සිතුවිලිවලින් පිරිලා. ඉතින් ඔබ දන්නවද මේක තමයි ‘කල් පවතින ආතතිය’ (Chronic stress) ඔබේ ජීවිතයේ පසුගිය එක සතියක් අරගෙන බලන්න. මනසට වද දෙන තරහා යන නොසන්සුන් වෙන, ඊර්ෂ්‍යා සහගත, සිතුවිලි ඇතිවෙන, දුක හිතෙන අවස්ථා සහ සිතුවිලිවලින් පිරිලා. මෙම ආතතිය සමඟ එන කෝටිසෝල් නැමති හෝමෝනය පමණක් නෙවෙයි අපේ ප්‍රතිශක්තිය බිඳ දමන සයිටොකයින් (Cytokines) නැමැති ප්‍රෝටීන ද ශ්‍රාවය වෙනවා. ඉක්මනින් ඔබ ලෙඩ වෙනවා. හෘදයාබාධ, දියවැඩියාව, අංශභාගය, මානසික අවපීඩනය වැනි තත්ත්වයන්ට ඔබ ගොදුරු වෙනවා. අපි සුගත් සහ ධම්මිගේ කතාව ඇසුරින් මේ ගැන තවත් ගැඹුරින් සොයා බලමු. 1. සුගත් සහ ධම්මිගේ කතාව සුගත්ගේ වයස අවු. 40යි. ඔහු බැංකුවක කළමනාකරුවෙක්. ධම්මිගේ වයස