Skip to main content

ආර්තවහරණය නිසා මතුවන කෝපය

කාන්තාවක් මැදිවියට පත්වන විට ඇයගේ සිරුරේ බොහෝ වෙනස්කම් සිදුවේ. එසේ සිදුවන වෙනස්කම් අතර ආර්ථව හරණය හෙවත් මාසික ඔසප්වීම නතරවීම විශේෂ තත්ත්වයකි. එබැවින් ඒ පිළිබඳව මෙවර අපි විමසා බලමු.

වෛද්‍යතුමියනි ඔසප්චක‍්‍රය නතරවීම හෙවත් ආර්තවහරණය සිදුවන්නේ කාන්තාවක් මැදිවියට පත්වී කුමන වයස් සීමාවේදීද?

කාන්තාවකගේ ඔසප්චක‍්‍රයේ සරු අවධිය ලෙස සලකන්නේ වයස අවුරුදු 16 ත් 40 ත් අතර කාලසීමාවයි. මෙම අවධිය යුවතී ලෙස හඳුන්වනවා. දැරියක් වයස අවුරුදු 10 ත් 12 ත් අතර කාලයේදී වැඩිවියට පත්වුවද ඇයගේ ඩිම්බකෝෂයෙන් නීරෝගී ඩිම්බයක් පිටවන්නේ වයස අවරුදු 16 පමණ වූ විටදීය. වයස අවුරුදු 40 න් පමණ පසු කාන්තාවකගේ ඩිම්බකෝෂයෙන් නිරෝගී ඩිම්බ පිටවීම ක‍්‍රමානුකූලව සීමාවේ. එතැන් පටන් ඇයගේ ඔසප්වීම දුර්වලවීමට පටන්ගනී. ඉන්පසු වයස අවුරුදු 50 පමන වන විට සම්පූර්ණයෙන්ම වාගේ ඔසප්වීම නතරවීම සිදුවේ. එසේ වූ විට එම කාන්තාව ආර්තවහරණයට ලක්වී ඇතැයි සලකනු ලබයි. වර්තමානයේදී මෙම වයස් සීමාව අවුරුදු 53 පමණ දක්වා ඉහළ ගොස් තබෙනවා. එනිසා අවුරුදු 50 ඉක්ම වූ පසුත් ආර්තවභාවය සහිත කාන්තාවන් දක්නට ලැබෙනවා.

වෛද්‍යතුමියනි නීරෝගී ඩිම්බ පිටවන ඔසප් චක‍්‍රයක් හඳුනාගන්නේ කෙසේද?

ආයුර්වේදයට අනුව නිරෝගි ඔසප් චක‍්‍රයක කාලසීමාව දින 28 කි. එම ඔසප් චක‍්‍රයට අනුව ඔසප්වීමේදී පිටවන්නේ හොඳින් මේරූ නිරෝගී ඩිම්බයකි. එවැනි ඩිම්බයක් පිටවන විට වේදනාවක් ඇති නොවේ. පිටවන රුධිරය ප‍්‍රමාණයද ඉතා අවමය. එම රුධිරයේ පැහැයද දීප්තිමත්ය. ඔසප්වීම පටන්ගෙන දින තුනකින් පමණ රුධිරය පිටවීමද නවතී.

නමුත් වර්තමානයේ මෙවැනි නිරෝගී ඔසප්වීම් සිදුවන යුවතියන් සිටින්නේ සුළු වශයෙනි. බොහෝ යුවතියන්ගේ ඔසප් චක‍්‍රයේ අක‍්‍රමවත් භාවයන් පවතී. එසේවී ඇත්තේ ඔවුන්ගේ අක‍්‍රමවත් ජීවන රටාවය. නිසි පෝෂ්‍යදායී ආහාර පාන නොගැනීම, මානසික පීඩනය, මේ සඳහා ප‍්‍රධාන වශයෙන් බලපා ඇත.

වෛද්‍යතුමියනි කාන්තාවක් ආර්තවහරණයට ලක්වීමේදී ඇය තුළ කායික සහ මානසික වෙනස්කම් මතුවිය හැකිද?

suwa2ආර්තවහරණයට ලක්වීමේදී ඇයගේ කාන්තා හෝමෝන වන ඊස්ට‍්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් යන හෝමෝන සිරුරින් නිපදවීම නතරවීම ක‍්‍රමානුකූලව සිදුවෙනවා. එනිසා ඇය තුළ නොයෙකුත් වෙනස්වීම් දකින්නට ලැබෙනවා. විශේෂයෙන්ම ඇය තුළ වෙනිදා ඇති නොවූ නොසන්සුන්කාරී බවක් මතුවිය හැකියි. සමේ පැහැපත් බව අඩුවී යෑම මතුවීමට පටන්ගනු ලබනවා. සිරුර තුළ වෙනිදා ඇති නොවූ උණුසුම්කාරී බවක් හටගත හැකියි. ඒ සමග අධික ලෙස දහදිය දැමීමක් සිදුවෙනවා. ඒ අතර වෙනිදා ඇති නොවූ කේන්තියෑමක් ඇතැම් කාන්තාවන් අතර දැකිය හැකියි. මෙම ලක්ෂණ ආර්තවහරණය සිදුවීම ළංවන විට එහි පූර්ව ලක්ෂණ ලෙස සැලකිය හැකියි. වයස අවුරුදු 40 ඉක්මවූ විට ආර්තවහරණයේ මෙම පූර්ව ලක්ෂණ මතුවන විට කාන්තාවන් ඊට සූදානම් විය යුතුයි. මෙම ලක්ෂණ මතුවීම පටන්ගන්නේ කාන්තා හෝමෝනවල ක‍්‍රියාකාරීත්වය ඉතා වේගයෙන් අඩුවීයෑම පටන්ගෙන ඇති විටයි.

වෛiතුමියනි කාන්තාවක් ආර්තවහරණයට මුහුණ දෙන්නේ කෙසේද?

මැදිවියට පත්වන විට කාන්තාවන් බොහෝ දෙනා ¥ දරුවන් සමග පවුලේ අනෙකුත් සාමාජිකයන් අතර ගැටුම් ඇතිකර ගැනීමට එක් හේතුවක් වී ඇත්තේ මෙම ආර්තවහරණයේ පූර්ව ලක්ෂණ නිසි ලෙස හ`දුනා නොගෙන ජීවත් වීමයි. නොසන්සුන්කාරී බව සහ ඉක්මන් කෝපය නිසා මැදිවියේදී බොහෝ ගැටුම් මතුවූ අවස්ථා අසන්නට ලැබෙනවා. එනිසා මෙවැනි තත්ත්වයන් මගහරවා ගැනීම සඳහා ආගම දහමට වැඩි නැඹුරුවක් ඇතිකර ගැනීම තමා කැමති විනෝදාංශවල නිරතවීම ඉවසීම වර්ධනය කර ගැනීම ආදිය සිදුකළ යුතුයි.

කාන්තා හෝමෝනවල ක‍්‍රියාකාරීත්වය නතර වීමත් සමග සිරුරේ කැල්සියම් නිපදවීමේත් දුර්වලතා හටගන්නවා. එනිසා මැදිවියේදී කාන්තාවන්ගේ අස්ථි දුර්වලතා ඉතා ඉක්මනින් මතුවෙනවා. මෙය වලක්වා ගැනීම සඳහා කැල්සියම් බහුල ආහාර ගතයුතුයි.

එහිදී කතුරුමුරුංගා, කජු, හාල්මැස්සෝ සහ පොඩිමාළු වර්ග තමාගේ සාමාන්‍ය ආහාර වේලට වැඩිපුර එක්කර ගත යුතුයි. ඊට අමතරව මතුවන කාන්තා හෝමෝන අසමතුලිතතාවය පාලනය කරගැනීම සඳහා මුංඇට, පරිප්පු, කවුපි වැනි රනිල කුලයට අයත් ධාන්‍ය වර්ගද දිනපතා ආහාරයට එක්කරගත යුතුයි.

මීට අමතරව හාතාවාරිය කැඳ, ඉරමුසු පානවර්ග නිතර ගැනීමටත් යොමුවීම ගුණදායකයි.

මේ සියලූ පිලිවෙත්හි යෙදෙන අතර පවුලේ අනෙකුත් සාමාජිකයන්ද මැදිවියට පත්ව සිටින කාන්තාවන්ගේ මතුවන මෙම වෙනස්කම් අවබෝධ කරගෙන කටයුතු කිරීමට පියවර ගතයුතුයි.

ආර්තවහරණයත් සමග ඇතිවන මෙම වෙනස්කම් පාලනය සඳහා ආයුර්වේදයේ නොයෙකුත් ප‍්‍රතිකාර වර්ග තිබෙනවා. ඒ සඳහා සුදුසු වෛiවරයෙක් හමුවී තමාට මතුව තිබෙන අපහසුතාවයට අදාළ ප‍්‍රතකාර ලබාගත හැකියි.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...