කාන්තාවක් මැදිවියට පත්වන විට ඇයගේ සිරුරේ බොහෝ වෙනස්කම් සිදුවේ. එසේ සිදුවන වෙනස්කම් අතර ආර්ථව හරණය හෙවත් මාසික ඔසප්වීම නතරවීම විශේෂ තත්ත්වයකි. එබැවින් ඒ පිළිබඳව මෙවර අපි විමසා බලමු.
වෛද්‍යතුමියනි ඔසප්චක‍්‍රය නතරවීම හෙවත් ආර්තවහරණය සිදුවන්නේ කාන්තාවක් මැදිවියට පත්වී කුමන වයස් සීමාවේදීද?
කාන්තාවකගේ ඔසප්චක‍්‍රයේ සරු අවධිය ලෙස සලකන්නේ වයස අවුරුදු 16 ත් 40 ත් අතර කාලසීමාවයි. මෙම අවධිය යුවතී ලෙස හඳුන්වනවා. දැරියක් වයස අවුරුදු 10 ත් 12 ත් අතර කාලයේදී වැඩිවියට පත්වුවද ඇයගේ ඩිම්බකෝෂයෙන් නීරෝගී ඩිම්බයක් පිටවන්නේ වයස අවරුදු 16 පමණ වූ විටදීය. වයස අවුරුදු 40 න් පමණ පසු කාන්තාවකගේ ඩිම්බකෝෂයෙන් නිරෝගී ඩිම්බ පිටවීම ක‍්‍රමානුකූලව සීමාවේ. එතැන් පටන් ඇයගේ ඔසප්වීම දුර්වලවීමට පටන්ගනී. ඉන්පසු වයස අවුරුදු 50 පමන වන විට සම්පූර්ණයෙන්ම වාගේ ඔසප්වීම නතරවීම සිදුවේ. එසේ වූ විට එම කාන්තාව ආර්තවහරණයට ලක්වී ඇතැයි සලකනු ලබයි. වර්තමානයේදී මෙම වයස් සීමාව අවුරුදු 53 පමණ දක්වා ඉහළ ගොස් තබෙනවා. එනිසා අවුරුදු 50 ඉක්ම වූ පසුත් ආර්තවභාවය සහිත කාන්තාවන් දක්නට ලැබෙනවා.
වෛද්‍යතුමියනි නීරෝගී ඩිම්බ පිටවන ඔසප් චක‍්‍රයක් හඳුනාගන්නේ කෙසේද?
ආයුර්වේදයට අනුව නිරෝගි ඔසප් චක‍්‍රයක කාලසීමාව දින 28 කි. එම ඔසප් චක‍්‍රයට අනුව ඔසප්වීමේදී පිටවන්නේ හොඳින් මේරූ නිරෝගී ඩිම්බයකි. එවැනි ඩිම්බයක් පිටවන විට වේදනාවක් ඇති නොවේ. පිටවන රුධිරය ප‍්‍රමාණයද ඉතා අවමය. එම රුධිරයේ පැහැයද දීප්තිමත්ය. ඔසප්වීම පටන්ගෙන දින තුනකින් පමණ රුධිරය පිටවීමද නවතී.
නමුත් වර්තමානයේ මෙවැනි නිරෝගී ඔසප්වීම් සිදුවන යුවතියන් සිටින්නේ සුළු වශයෙනි. බොහෝ යුවතියන්ගේ ඔසප් චක‍්‍රයේ අක‍්‍රමවත් භාවයන් පවතී. එසේවී ඇත්තේ ඔවුන්ගේ අක‍්‍රමවත් ජීවන රටාවය. නිසි පෝෂ්‍යදායී ආහාර පාන නොගැනීම, මානසික පීඩනය, මේ සඳහා ප‍්‍රධාන වශයෙන් බලපා ඇත.
වෛද්‍යතුමියනි කාන්තාවක් ආර්තවහරණයට ලක්වීමේදී ඇය තුළ කායික සහ මානසික වෙනස්කම් මතුවිය හැකිද?
ආර්තවහරණයට ලක්වීමේදී ඇයගේ කාන්තා හෝමෝන වන ඊස්ට‍්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් යන හෝමෝන සිරුරින් නිපදවීම නතරවීම ක‍්‍රමානුකූලව සිදුවෙනවා. එනිසා ඇය තුළ නොයෙකුත් වෙනස්වීම් දකින්නට ලැබෙනවා. විශේෂයෙන්ම ඇය තුළ වෙනිදා ඇති නොවූ නොසන්සුන්කාරී බවක් මතුවිය හැකියි. සමේ පැහැපත් බව අඩුවී යෑම මතුවීමට පටන්ගනු ලබනවා. සිරුර තුළ වෙනිදා ඇති නොවූ උණුසුම්කාරී බවක් හටගත හැකියි. ඒ සමග අධික ලෙස දහදිය දැමීමක් සිදුවෙනවා. ඒ අතර වෙනිදා ඇති නොවූ කේන්තියෑමක් ඇතැම් කාන්තාවන් අතර දැකිය හැකියි. මෙම ලක්ෂණ ආර්තවහරණය සිදුවීම ළංවන විට එහි පූර්ව ලක්ෂණ ලෙස සැලකිය හැකියි. වයස අවුරුදු 40 ඉක්මවූ විට ආර්තවහරණයේ මෙම පූර්ව ලක්ෂණ මතුවන විට කාන්තාවන් ඊට සූදානම් විය යුතුයි. මෙම ලක්ෂණ මතුවීම පටන්ගන්නේ කාන්තා හෝමෝනවල ක‍්‍රියාකාරීත්වය ඉතා වේගයෙන් අඩුවීයෑම පටන්ගෙන ඇති විටයි.
වෛiතුමියනි කාන්තාවක් ආර්තවහරණයට මුහුණ දෙන්නේ කෙසේද?
මැදිවියට පත්වන විට කාන්තාවන් බොහෝ දෙනා ¥ දරුවන් සමග පවුලේ අනෙකුත් සාමාජිකයන් අතර ගැටුම් ඇතිකර ගැනීමට එක් හේතුවක් වී ඇත්තේ මෙම ආර්තවහරණයේ පූර්ව ලක්ෂණ නිසි ලෙස හ`දුනා නොගෙන ජීවත් වීමයි. නොසන්සුන්කාරී බව සහ ඉක්මන් කෝපය නිසා මැදිවියේදී බොහෝ ගැටුම් මතුවූ අවස්ථා අසන්නට ලැබෙනවා. එනිසා මෙවැනි තත්ත්වයන් මගහරවා ගැනීම සඳහා ආගම දහමට වැඩි නැඹුරුවක් ඇතිකර ගැනීම තමා කැමති විනෝදාංශවල නිරතවීම ඉවසීම වර්ධනය කර ගැනීම ආදිය සිදුකළ යුතුයි.
කාන්තා හෝමෝනවල ක‍්‍රියාකාරීත්වය නතර වීමත් සමග සිරුරේ කැල්සියම් නිපදවීමේත් දුර්වලතා හටගන්නවා. එනිසා මැදිවියේදී කාන්තාවන්ගේ අස්ථි දුර්වලතා ඉතා ඉක්මනින් මතුවෙනවා. මෙය වලක්වා ගැනීම සඳහා කැල්සියම් බහුල ආහාර ගතයුතුයි.
එහිදී කතුරුමුරුංගා, කජු, හාල්මැස්සෝ සහ පොඩිමාළු වර්ග තමාගේ සාමාන්‍ය ආහාර වේලට වැඩිපුර එක්කර ගත යුතුයි. ඊට අමතරව මතුවන කාන්තා හෝමෝන අසමතුලිතතාවය පාලනය කරගැනීම සඳහා මුංඇට, පරිප්පු, කවුපි වැනි රනිල කුලයට අයත් ධාන්‍ය වර්ගද දිනපතා ආහාරයට එක්කරගත යුතුයි.
මීට අමතරව හාතාවාරිය කැඳ, ඉරමුසු පානවර්ග නිතර ගැනීමටත් යොමුවීම ගුණදායකයි.
මේ සියලූ පිලිවෙත්හි යෙදෙන අතර පවුලේ අනෙකුත් සාමාජිකයන්ද මැදිවියට පත්ව සිටින කාන්තාවන්ගේ මතුවන මෙම වෙනස්කම් අවබෝධ කරගෙන කටයුතු කිරීමට පියවර ගතයුතුයි.
ආර්තවහරණයත් සමග ඇතිවන මෙම වෙනස්කම් පාලනය සඳහා ආයුර්වේදයේ නොයෙකුත් ප‍්‍රතිකාර වර්ග තිබෙනවා. ඒ සඳහා සුදුසු වෛiවරයෙක් හමුවී තමාට මතුව තිබෙන අපහසුතාවයට අදාළ ප‍්‍රතකාර ලබාගත හැකියි.
වෛද්‍යතුමියනි ඔසප්චක‍්‍රය නතරවීම හෙවත් ආර්තවහරණය සිදුවන්නේ කාන්තාවක් මැදිවියට පත්වී කුමන වයස් සීමාවේදීද?
කාන්තාවකගේ ඔසප්චක‍්‍රයේ සරු අවධිය ලෙස සලකන්නේ වයස අවුරුදු 16 ත් 40 ත් අතර කාලසීමාවයි. මෙම අවධිය යුවතී ලෙස හඳුන්වනවා. දැරියක් වයස අවුරුදු 10 ත් 12 ත් අතර කාලයේදී වැඩිවියට පත්වුවද ඇයගේ ඩිම්බකෝෂයෙන් නීරෝගී ඩිම්බයක් පිටවන්නේ වයස අවරුදු 16 පමණ වූ විටදීය. වයස අවුරුදු 40 න් පමණ පසු කාන්තාවකගේ ඩිම්බකෝෂයෙන් නිරෝගී ඩිම්බ පිටවීම ක‍්‍රමානුකූලව සීමාවේ. එතැන් පටන් ඇයගේ ඔසප්වීම දුර්වලවීමට පටන්ගනී. ඉන්පසු වයස අවුරුදු 50 පමන වන විට සම්පූර්ණයෙන්ම වාගේ ඔසප්වීම නතරවීම සිදුවේ. එසේ වූ විට එම කාන්තාව ආර්තවහරණයට ලක්වී ඇතැයි සලකනු ලබයි. වර්තමානයේදී මෙම වයස් සීමාව අවුරුදු 53 පමණ දක්වා ඉහළ ගොස් තබෙනවා. එනිසා අවුරුදු 50 ඉක්ම වූ පසුත් ආර්තවභාවය සහිත කාන්තාවන් දක්නට ලැබෙනවා.
වෛද්‍යතුමියනි නීරෝගී ඩිම්බ පිටවන ඔසප් චක‍්‍රයක් හඳුනාගන්නේ කෙසේද?
ආයුර්වේදයට අනුව නිරෝගි ඔසප් චක‍්‍රයක කාලසීමාව දින 28 කි. එම ඔසප් චක‍්‍රයට අනුව ඔසප්වීමේදී පිටවන්නේ හොඳින් මේරූ නිරෝගී ඩිම්බයකි. එවැනි ඩිම්බයක් පිටවන විට වේදනාවක් ඇති නොවේ. පිටවන රුධිරය ප‍්‍රමාණයද ඉතා අවමය. එම රුධිරයේ පැහැයද දීප්තිමත්ය. ඔසප්වීම පටන්ගෙන දින තුනකින් පමණ රුධිරය පිටවීමද නවතී.
නමුත් වර්තමානයේ මෙවැනි නිරෝගී ඔසප්වීම් සිදුවන යුවතියන් සිටින්නේ සුළු වශයෙනි. බොහෝ යුවතියන්ගේ ඔසප් චක‍්‍රයේ අක‍්‍රමවත් භාවයන් පවතී. එසේවී ඇත්තේ ඔවුන්ගේ අක‍්‍රමවත් ජීවන රටාවය. නිසි පෝෂ්‍යදායී ආහාර පාන නොගැනීම, මානසික පීඩනය, මේ සඳහා ප‍්‍රධාන වශයෙන් බලපා ඇත.
වෛද්‍යතුමියනි කාන්තාවක් ආර්තවහරණයට ලක්වීමේදී ඇය තුළ කායික සහ මානසික වෙනස්කම් මතුවිය හැකිද?
වෛiතුමියනි කාන්තාවක් ආර්තවහරණයට මුහුණ දෙන්නේ කෙසේද?
මැදිවියට පත්වන විට කාන්තාවන් බොහෝ දෙනා ¥ දරුවන් සමග පවුලේ අනෙකුත් සාමාජිකයන් අතර ගැටුම් ඇතිකර ගැනීමට එක් හේතුවක් වී ඇත්තේ මෙම ආර්තවහරණයේ පූර්ව ලක්ෂණ නිසි ලෙස හ`දුනා නොගෙන ජීවත් වීමයි. නොසන්සුන්කාරී බව සහ ඉක්මන් කෝපය නිසා මැදිවියේදී බොහෝ ගැටුම් මතුවූ අවස්ථා අසන්නට ලැබෙනවා. එනිසා මෙවැනි තත්ත්වයන් මගහරවා ගැනීම සඳහා ආගම දහමට වැඩි නැඹුරුවක් ඇතිකර ගැනීම තමා කැමති විනෝදාංශවල නිරතවීම ඉවසීම වර්ධනය කර ගැනීම ආදිය සිදුකළ යුතුයි.
කාන්තා හෝමෝනවල ක‍්‍රියාකාරීත්වය නතර වීමත් සමග සිරුරේ කැල්සියම් නිපදවීමේත් දුර්වලතා හටගන්නවා. එනිසා මැදිවියේදී කාන්තාවන්ගේ අස්ථි දුර්වලතා ඉතා ඉක්මනින් මතුවෙනවා. මෙය වලක්වා ගැනීම සඳහා කැල්සියම් බහුල ආහාර ගතයුතුයි.
එහිදී කතුරුමුරුංගා, කජු, හාල්මැස්සෝ සහ පොඩිමාළු වර්ග තමාගේ සාමාන්‍ය ආහාර වේලට වැඩිපුර එක්කර ගත යුතුයි. ඊට අමතරව මතුවන කාන්තා හෝමෝන අසමතුලිතතාවය පාලනය කරගැනීම සඳහා මුංඇට, පරිප්පු, කවුපි වැනි රනිල කුලයට අයත් ධාන්‍ය වර්ගද දිනපතා ආහාරයට එක්කරගත යුතුයි.
මීට අමතරව හාතාවාරිය කැඳ, ඉරමුසු පානවර්ග නිතර ගැනීමටත් යොමුවීම ගුණදායකයි.
මේ සියලූ පිලිවෙත්හි යෙදෙන අතර පවුලේ අනෙකුත් සාමාජිකයන්ද මැදිවියට පත්ව සිටින කාන්තාවන්ගේ මතුවන මෙම වෙනස්කම් අවබෝධ කරගෙන කටයුතු කිරීමට පියවර ගතයුතුයි.
ආර්තවහරණයත් සමග ඇතිවන මෙම වෙනස්කම් පාලනය සඳහා ආයුර්වේදයේ නොයෙකුත් ප‍්‍රතිකාර වර්ග තිබෙනවා. ඒ සඳහා සුදුසු වෛiවරයෙක් හමුවී තමාට මතුව තිබෙන අපහසුතාවයට අදාළ ප‍්‍රතකාර ලබාගත හැකියි.
Comments
Post a Comment