Skip to main content

ශ්‍රී ලාංකික විද්‍යාඥයන් කණ්‌ඩායමක්‌ ප්‍රථම වරට ග්‍රහ මණ්‌ඩලයක්‌ සොයාගනියි...



නවීන තාක්‌ෂණ පිළිබඳ ආතර් සී. ක්‌ලාක්‌ ආයතනයේ විද්‍යාඥයන් දෙදෙනකු ප්‍රමුඛ කණ්‌ඩායමක්‌ අප සෞරග්‍රහ මණ්‌ඩලයෙන් ඔබ්බෙහි පිහිටි ග්‍රහ මණ්‌ඩලයක්‌ සොයාගැනීමට සමත් ව ඇත.

පිටස්‌තර ග්‍රහ මණ්‌ඩල සොයාගැනීම පිණිස ක්‍රියාත්මක නාසා ආයතනයට අයත් කෙප්ලර් දුරේක්‌ෂ ව්‍යාපෘතියෙහි මූලික දත්ත පාදක කරගෙන මෙකී ගවේෂණය මෙරට විද්‍යාඥයන් අරඹා තිබෙන්නේ 2017 වසරේ දී වන අතර සොයාගැනීම තහවුරු කරගෙන කර තිබෙන්නේ මේ වසරේ ජූනි මාසයේ දී ය. මෙය පෘථිවියෙන් ආලෝක වර්ෂ 1133ක්‌ ඈතින් කන්‍යා රාශියේ පිහිටි eචසජ212737443 නමැති, අපේ හිරුට වඩා වයසින් වැඩි එහෙත් උෂ්ණත්වයෙන් අඩු තාරකාව වටා පරිභ්‍රමණය වන ග්‍රහලෝක දෙකකින් සමන්විත ග්‍රහ මණ්‌aඩලයක්‌ බව මේ සොයාගැනීම සඳහා මුල් වූ ආතර් සී. ක්‌ලාක්‌ ආයතනයේ අභ්‍යවකාශ තාක්‌ෂණ අංශයේ ප්‍රධාන පර්යේෂණ විද්‍යාඥ සරාඡ් ගුණසේකර මහතා විදුසරට පැවසී ය. ඔහුත් සමඟ මේ ගවේෂණයට එක්‌ ව ඇති අනෙක්‌ ශ්‍රී ලාංකිකයා වන්නේ ක්‌ලාක්‌ ආයතනයේ පර්යේෂණ විද්‍යාඥ මහේෂ් හේරත් ය. මෙය මහේෂ් සිය දර්ශනපති (MPhil) පශ්චාද් උපාධිය (කොළඹ විශ්වවිද්‍යාලය) සඳහා සිදු කර ඇති පර්යේෂණය ද වන අතර ඔහුගේ අධීක්‌ෂක ලෙස කටයුතු කර තිබෙන්නේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ය. දත්ත විශ්ලේෂණයේ දී මේ කණ්‌ඩායමට විදෙස්‌ රටවල තාරකා විද්‍යා ක්‌ෂේත්‍රයේ පර්යේෂකයන් 11 දෙනකුගේ සහාය ද ලැබී ඇත. මෙය, තාරකාව ඉදිරියෙන් ග්‍රහලෝක ගමන් කරන විට තාරකාවේ ආලෝකය මුවා වීම හේතුවෙන් එහි පෘථිවියට දිස්‌ වන දීප්තියෙහි දුර්වල වීම පදනම් කරගෙන (transit method) සිදු කළ සොයාගැනීමකි. මේ සොයාගැනීම ජාත්‍යන්තර තාරකා විද්‍යා ජර්නලයක්‌ වන MNRASහි පළ වීමට නියමිත ව තිබේ.

ඉදිරියට ද ග්‍රහලෝක සෙවීමෙහි නිරත වන බවත් තම ඉදිරි අපේක්‌ෂාව සහ උත්සාහය පෘථිවිය හා යම් සමානකමක්‌ දක්‌වන පිටස්‌තර ග්‍රහලොවක්‌ සොයාගැනීම බවත් විද්‍යාඥ සරාඡ් ගුණසේකර පවසයි.


"භෞතික විභාග ප්‍රශ්න පත්‍රය අමාරු වීම පිළිබඳ ව බියක්‌ ඇති කරගත යුතු නැහැ"

- මහාචාර්ය එස්‌. ආර්. ඩී. රෝසා

පසුගිය සතියේ දී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගයේ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රය පළමු සහ දෙවැනි කොටස්‌ පැවැත්වුණු අතර එයට මුහුණ දුන් බොහෝ සිසුන් පිරිසක්‌ චෝදනා එල්ල කර තිබුණේ එම ප්‍රශ්න පත්‍රය පසුගිය වසරවලට වඩා බොහෝ අසීරු එකක්‌ බවටයි. විශේෂයෙන් ප්‍රශ්න පනහකින් යුත් බහුවරණ ප්‍රශ්න පත්‍රය නියමිත කාල වේලාව තුළ සම්පූර්ණ කර අවසන් කිරීමට නො හැකි එකක්‌ බවට චෝදනා එල්ල වී තිබුණා. මෙවර විභාග දෙපාර්තමේන්තුව භෞතික ප්‍රශ්න පත්‍රය සැකසීම නව සාමාජිකයන් ගෙන් සමන්විත මණ්‌ඩලයකට පවරා තිබීම මෙවන් අසීරුතාවක්‌ පැනනැඟීමට හේතුව ලෙස සමහරුන් අදහස්‌ පළ කරනවා. වසර ගණනාවක්‌ තිස්‌සේ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රය සැකසීම පිළිබඳ අත්දැකීම් ඇති කොළඹ විශ්වවිද්‍යාලයයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය එස්‌. ආර්. ඩී. රෝසා මහතා, සම්බන්ධ කරගනිමින් මේ පිළිබඳ ව විමසා සිටීමට විදුසර කටයුතු කළ අතර එහි දී ඇති වුණේ මෙවන් සංවාදයක්‌.

මෙවර භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රය අසීරු එකක්‌ යෑයි බොහෝ දෙනා චෝදනා නඟනවා. මීට හේතුව කුමක්‌ ද?

විභාග ප්‍රශ්න පත්‍රය අමාරුයි කියන එක සාපේé දෙයක්‌. විභාග ප්‍රශ්න පත්‍රය සකසන මණ්‌ඩලය පැත්තෙන් ගත්තහම කොහොමත් ඒගොල්ලො හදන්නේ සාධාරණ, තරමින් පහසු ප්‍රශ්න පත්‍රයක්‌. එහෙත් ළමයි හැම දෙනා ම අමාරුයි කියනවා නම් ඒක බැහැර කරන්නත් බැහැ.

මෙවර භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රය සැකසෙන්නේ විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන් ගෙන් සමන්විත අලුත් මණ්‌ඩලයක්‌ විසින්. මේක මේ අපහසුතාවට හේතු වෙන්නට ඇතැයි ඔබ හිතනවා ද?

සාමාන්‍යයෙන් ළමයි විභාග ප්‍රශ්න පත්‍රය විදිහට බලාපොරොත්තු වෙන්නේ පහුගිය විභාග ප්‍රශ්න පත්‍රවල රටාවට සමීප එකක්‌. එහෙත් අලුත් ම මණ්‌ඩලයක්‌ මඟින් ප්‍රශ්න පත්‍ර සැකසීමේ දී ඒ අයගේ ප්‍රවේශය, භාෂා භාවිතය, ප්‍රශ්න රටාව වගේ දේවල් වෙනස්‌ වෙන්න පුළුවන්. මේකේ ප්‍රතිඵලයක්‌ විදිහට ප්‍රශ්න පත්‍රය වෙනස්‌ වීමට ලක්‌ වෙන්න පුළුවන්. ළමයි මේ වගේ වෙනස්‌කම් පිළිබඳව බොහොම සංවේදීයි. මේ නිසා ළමයින් මානසික ව කඩා වැටීමට ඉඩ තිබෙනවා. ප්‍රශ්න පත්‍ර සැකසීමේ මණ්‌ඩලය විදිහට හැම දා ම එක ම කණ්‌ඩායමක්‌ කටයුතු කරන්න අවශ්‍ය නැහැ. එහෙත් ගැටලුව තිබෙන්නේ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රය සැකසීමේ මණ්‌ඩලයේ වසර 30ක්‌ පමණ තිස්‌සේ අඛණ්‌ඩ ව සේවය කළ ප්‍රධාන පාලක පරීéකතුමා ස්‌වෙච්ඡාවෙන් ඉවත් වීමත් සමඟ ප්‍රශ්න පත්‍ර සැකසීම සඳහා අලුතෙන් ම මණ්‌ඩලයක්‌ පත් කිරීමේයි. පැරැණි කණ්‌ඩායමෙන් එක්‌ කෙනකු හෝ කෙටි කාලයකට රඳවාගෙන ප්‍රශ්න පත්‍ර සැකසීම සිදු කළා නම් මේ හුවමාරුව ළමයින්ට නො දැනෙන විදිහට සුමට ව සිදු වෙන්න තිබුණා.

විභාග ප්‍රශ්න සැකසීමේ දී ඒවා යම් යම් නිශ්චිත රටාවන්ට අනුව කළ යුතු යෑයි කිසියම් පිළිගත් ආකෘතියක්‌ තිබෙනවා ද?

ප්‍රශ්න පත්‍ර සැකසීමේ මණ්‌ඩලයට මේ මේ අනුව ප්‍රශ්න සැකසිය යුතුයි කියලා අනිවාර්යයෙන් පිළිපැදිය යුතු නීතිමය වගවීමක්‌ ඇති ආකෘතියක්‌ නැහැ. ඒවා හදන්නේ විෂය නිර්දේශයට අනුකූලවයි. එහෙත් වසර ගණනාවක්‌ තිස්‌සේ ප්‍රශ්න පත්‍රය මේ ආකාරයෙන් සැකසිය යුතු යෑයි පවත්වාගෙන එන සම්ප්‍රදායන් තිබෙනවා. එනමුත් සම්පූර්ණයෙන් ම අලුත් මණ්‌ඩලයක්‌ එක්‌ වර ම පත් කිරීම නිසා මේ සම්ප්‍රදායන් නිසි පරිදි සන්නිවේදනය වී නැති බවයි පෙනෙන්නට තිබෙන්නේ.

දක්ෂ ම සිසුන්ට පවා කෙටි ප්‍රශ්න පත්‍රයට නියමිත කාලය තුළ පිළිතුරු සපයාගැනීමට බැරි වූ බවට චෝදනා එල්ල වෙනවා. මේක ගැටලුවක්‌ නෙවෙයි ද?

කෙටි ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමට වැය වන කාලය අනුමාන වශයෙන් සැලකීම මිස නිශ්චිත ව කල් තබා පිරික්‌සා බැලීමේ ක්‍රමවේදයක්‌ දැනට අපට නැහැ. ප්‍රශ්න පත්‍රයේ රහස්‍යභාවය ආරක්ෂා කරගැනීමේ අවශ්‍යතාව නිසා මෙය සිදු කිරීමට සීමා පැනවෙනවා. කණ්‌ඩායමේ කිහිප දෙනකු විසින් නිර්මාණය කරනු ලබන ප්‍රශ්න එක්‌ කර ප්‍රශ්න පත්‍රය සැකසීමේ දී මෙවැනි ගැටලු ප්‍රායෝගික ව ඇති විය හැකියි.


භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රය අසීරු වීම විභාගයට මුහුණ දුන් සිසුන්ට කෙබඳු අන්දමින් බලපා වි ද?

විභාග ප්‍රශ්න පත්‍රය අමාරු වීම පිළිබඳව මා දැක්‌කා බොහෝ සිසුන් මානසික ව කඩා වැටීමට ලක්‌ වෙලා තිබුණු බව. අද කාලේ ළමයි තරගකාරීත්වයත් එක්‌ක මේ වගේ දේවලට හුඟක්‌ සංවේදීයි. එහෙත් සිසුන් කිසිසේත් ම මානසික ව කඩාවැටීමට හෝ කලබල වීමට හෝ අවශ්‍ය නැහැ. හුඟ දෙනෙක්‌ හිතලා තිබුණේ මේක තමන්ට විතරක්‌ මුහුණ දීමට සිදු වුණු දෙයක්‌ කියලා. එහෙත් මේක විභාගයට මුහුණ දුන් සියලු දෙනාට ම මුහුණ දීමට සිදු වුණු පොදු තත්ත්වයක්‌ නිසා අවසන් ප්‍රතිඵලයට මෙමඟින් කිසිදු බලපෑමක්‌ වන්නේ නැහැ. හැමෝගෙ ම ලකුණු අඩු වීම නිසා ලකුණුවල මධ්‍යන්‍ය අගය අඩු වුණත් එමඟින් ඉසෙඩ් අගයට බලපෑමක්‌ වෙන්නේ නැහැ. ඒ ඒ පීඨය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට තෝරාගන්නා ළමයින් ප්‍රමාණය අඩු නො වන නිසා ඉහළ ලකුණු ඇති සියලු දෙනාට ම විශ්වවිද්‍යාලයයට ප්‍රවේශ වීමේ හැකියාව වෙනසක්‌ නැති ව ඒ විදිහට ම ලැබෙනවා.


විශ්වවිද්‍යාල ප්‍රවේශයේ දී බාධාවක්‌ එල්ල නො වුණත් භෞතික විද්‍යා විෂයට ඉහළ සාමර්ථ්‍යයක්‌ පිළිබඳව ළමයින් තුළ ඇති බලාපොරොත්තුවට මෙමඟින් බලපෑමක්‌ ඇති විය හැකියි නේ ද?

නැහැ. ප්‍රශ්න පත්‍රයට ලැබී ඇති ලකුණු ප්‍රමාණය සමස්‌තයක්‌ ලෙස අඩු වුණු අවස්‌ථාවල දී විභාග දෙපාර්තමේන්තුව සාමර්ථ්‍ය සඳහා වන කඩඉම් ලකුණු වෙනස්‌ කරන්න කටයුතු කරනවා. උදාහරණයක්‌ විදිහට සාමාන්‍යයෙන් විද්‍යා විෂයන්වලට වාර්ෂික ව ලැබෙන A සාමර්ථ්‍ය ප්‍රමාණය පවතින්නේ සියයට 3, 4, 5ක්‌ වැනි අගයකයි. සාමාන්‍යයෙන් A සාමර්ථ්‍යයක්‌ ලබා දෙන්නේ ලකුණු 75ට ඉහළ ලකුණු ප්‍රමාණයක්‌ ගත් අයට වුණත් A ප්‍රතිශතය එම සාමාන්‍ය අගයට ළඟා වෙන්නේ නැතිනම් එය ළඟා කරගැනීම සඳහා 75 ලකුණු සීමාව පහළට දැමීමට කටයුතු කරනවා. A සාමර්ථ්‍යයේ සිට S සාමර්ථ්‍යය දක්‌වා ම මේ විදිහට කඩඉම් ලකුණු පහළ වැටෙනවා. 2015 වසරේ ප්‍රශ්න පත්‍රය අසීරු වූ අවස්‌ථා වේත් මෙවැනි වෙනසක්‌ සිදු කෙරුණා. ඒ නිසා දක්ෂකමට සාපේé ව ඉහළ සාමර්ථ්‍යයක්‌ බලාපොරොත්තුවෙන් සිටින අයකුට වුණත් මේ හරහා අසාධාරණයක්‌ සිදු වන්නේ නැහැ.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...