Skip to main content

අසීමිත ඩිජිටල් සබඳතාවෙන් උපදින නූතනත්වයේ හුදෙකලාව...




මීට දශක ගණනාවකට කලින් ජීවත් වූ සමාජයට අත්විඳින්නට නො ලැබුණු තාéණයේ ආශිර්වාදය අද ජීවත් වන ළමයින්ට හා වැඩිහිටියන්ට ලැබී තිබෙනවා. එදිනෙදා ජීවිතයේ අපේ වැඩකටයුතු පහසුවෙන් කරගැනීමටත්, හිතූ හිතූ සේ ආශ්වාදජනක අත්දැකීම්වලට ප්‍රවේශ වීමටත් මේ හරහා අවකාශය නිර්මාණය වී තිබෙනවා. එය ආශිර්වාදයක්‌ සේ සැලකිය හැක්‌කේ අපේ ජීවන තත්ත්වය මෙමඟින් උසස්‌ වී ඇතැයි පෙනී යන නිසයි. එහෙත් මේ තාéණය ම අපට බැලූ බැල්මට නො පෙනෙන සමහර පැතිවලින් අප ආපස්‌සට ගෙන යමින් සිටිනවා ද යන්න සිතා බැලිය යුතු කරුණක්‌, ආශිර්වාදයක්‌ සේ පෙනුණත් යම් යම් තැන්වල දී සමහර විටෙක එය සත්‍ය වශයෙන් ම සාපයක්‌ විය හැකියි.

තාéණය විසින් අපට දායාද කරන ලද එක්‌ ආකර්ශණීය ත්‍යාගයක්‌ නම් 'අසීමිත සබඳතාව'යි. දශක කිහිපයකට පෙර කලින් කලට යවන, මිලෙන් වැඩි ලියුමකින් පමණක්‌ ගනුදෙනු කිරීමට සිදු වූ, විදේශගත මිතුරකු හෝ ඥාතියකු සමඟ අද අපට සජීවී ව සංවාදයේ නිරත වීමට හැකියි. එමෙන් ම අතීතයේ දී පාසල් හැර යන විට, රැකියාවන් මාරු කරන විට අපේ පැරැණි මිතුරන් හා සබඳතාව දුරස්‌ වී නව මිතුරු සබඳතාවන් ඇති වුණා. එහෙත් අද යම් තැනක දී අපට දැන හඳුනගැනීමට හැකි වූ ඕනෑ ම අයකු සමඟ සමාජ මාධ්‍යජාල ඔස්‌සේ සදාකාලිකව ම සබඳතාවන් පවත්වාගෙන යා හැකියි. මේ හරහා බැලූ බැල්මට ම පෙනී යන්නේ අපේ සමාජ සබඳතා වර්ධනය වී අප ශක්‌තිමත් සමාජ සත්ත්වයකු බවට පත් වන බවයි. එහෙත් පුදුමයකට මෙන් පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මේ හරහා සත්‍ය වශයෙන් ම සිදු ව ඇත්තේ මීට පරස්‌පර සහගත සිදුවීමක්‌ බවයි. ඒ අප එයින් තව තවත් හුදෙකලාව තුළට ඇද වැටීමයි.

මෙතරම් අසීමිත සබඳතාවන් තුළ අප හුදෙකලාවට ඇද වැටෙන්නේ කෙසේ ද...? මේ පිළිබඳ ව විග්‍රහයන්හි යෙදෙන පර්යේෂිකාවක ලෙස Sherry Turkle ප්‍රකටයි. ඇය 'Alone Together' (එක්‌ ව, හුදෙකලාව) නමින් පොතක්‌ ද මේ පිළිබඳ ව ලියා තිබෙනවා. ඇය මෙහි දී පෙන්වා දෙන්නේ ජංගම දුරකථන ආදියෙහි ගනුදෙනු කරමින් විශාල කාලයක්‌ ගත කිරීම තුළින් අපි භෞතික ව අප සමීපයෙහි සිටින්නන් හා ගනුදෙනු කිරීම අප නො සලකා හරින බවයි. මෙනිසා අපට සමීප ව කවරකු සිටිය ද සත්‍ය වශයෙන් ම අප කාලය ගත කරන්නේ හුදෙකලාවයි.


පවුලේ හුදෙකලාව

එක්‌සත් රාජධානියේ Killian Mullan හා Stella Chatzitheochari ඇතුළු පර්යේෂකයන් පිරිසක්‌ තමන් විසින් මේ පිළිබඳව කරන ලද පර්යේෂණයක ප්‍රතිඵල පසුගිය දා ප්‍රකාශයට පත් කර තිබුණා. එහි දී ඔවුන් වසර 2000 සිට 2015 දක්‌වා කාලය තුළ වයස අටත් දහ සයත් අතර දරුවන් තම පවුල සමඟ ගත කළ කාලය පිළිබඳ ව සොයා බැලුවා. ඔවුන් මේ සඳහා 2000 - 2015 කාල පරාසය තෝරාගෙන තිබුණේ ඒ කාලය තුළ විශාල තාéණික වෙනසක්‌ සිදු වූ නිසයි. කෙසේ වෙතත් මේ පරීéණයේ දී ඔවුන්ට ලැබී තිබුණේ බලාපොරොත්තු වූවාට වඩා වෙනස්‌ ප්‍රතිඵලයක්‌. ඒ අනුව 2000ට වඩා වැඩි කාලයක්‌ 2015 වන විට තම නිවසේ ගත කිරීමට දරුවන් කටයුතු කර තිබුණා (2000 දී මිනිත්තු 347ක්‌ ව තිබූ අගය 2015 වන විට 379ක්‌ දක්‌වා ඉහළ නැඟ තිබුණා). ඒ අනුව පෙනී යන්නේ තාéණය වැඩිදියුණු වීමත් සමඟ තම පවුලේ උදවිය සමඟ කාලය ගත කිරීමට වැඩි නැඹුරුතාවක්‌ ඇති වී ඇති බවයි. එහෙත් මේ දත්ත පිළිබඳ වඩා සියුම් අධ්‍යයනයක්‌ කළ පර්යේෂකයන්ට පෙනී ගොස්‌ තිබුණේ මීට වෙනස්‌ කාරණයක්‌. නිවසේ වැඩි කාලයක්‌ එක්‌ ව සිටියත් ඔවුන් එකිනෙකා වෙනුවෙන් ගත කළ කාලය අඩු වී ඇති බවයි. එනම් එක්‌ ව නමුත් හුදෙකලාව සිටි කාලය ඉහළ ගොස්‌ ඇති බවයි.

මෙය අපගේ නිවෙස්‌වල පවා සැම දෙනා ම පාහේ ඉතා පැහැදිලි ව අත්දකින දෙයක්‌. නිවසේ සියලු දෙනා ම එකට එක්‌ ව වාඩි වී සිටියත් සියලු දෙනා ම පාහේ තම ජංගම දුරකතන හරහා වෙන ම ලෝකවල අතරමං වී සිටිනු දැකිය හැකියි. මේ අධ්‍යයනය අනුව බ්‍රිතාන්‍යයේ මවුපියන් හා දරුවන් යන දෙපිරිස ම මෙලෙස එක්‌ ව ගත කරන කාලයෙන් මිනිත්තු 90ක්‌ පමණ ම තම තමන්ගේ ලෝකවල හුදෙකලාව ගත කරන බව පෙනී ගොස්‌ තිබෙනවා. මෙලෙස ගත් විට පෙනී යන්නේ දරුවන් හා මවුපියන් එක්‌ ව ගත කරන ගුණාත්මක කාලය අඩු වී ඇති බවයි.


මවුපියන්ට තරහව, දරුවන්ට දුක

මෙවැනි තත්ත්වයක්‌ නිර්මාණය වීම හරහා මා-පිය-දරු සබඳතාවලට මෙන් ම ඔවුන්ගේ පෞද්ගලික ජීවිතවලට ද එල්ල වන්නේ ඉතා ම සෘණාත්මක බලපෑමක්‌. නිවසේ සිටින විට දරුවන් තම පාසලේ ගත කළ කාලය ගැන හා මිතුරන් සමඟ ගත කරන කාලය ගැන විමසා සිටීමෙන් මවුපියන්ට තම දරුවන් මුහුණ දෙමින් සිටින මානසික අරගල හා ගැටලු ගැන අවබෝධයක්‌ ලබාගනිමින් ඊට උපක්‍රමශීලී ව විසඳුම් සපයාදිය හැකියි. එහෙත් දරුවන් හා මාපියන් එකිනෙකා වෙත විවෘත නො වන විට මේ අෙන්‍යාන්‍ය අවබෝධය දුරස්‌ වනවා.

මේ පිළිබඳ ව සිදු කෙරී ඇති තවත් පර්යේෂණවල දී හෙළිදරව් වී ඇත්තේ මවුපියන් මෙවැනි උපාංග භාවිත කිරීමෙන්, තම දරුවන්ට දක්‌වන අවධානය අඩු වනවා පමණක්‌ නො ව ඔවුන් කෙරෙහි සතුරු ආකල්පයක්‌ දැක්‌වීම ද සිදු වන බවයි. දරුවන්ගේ ක්‍රියාකාරම් නිසා ඔවුන්ට, තමා උපාංගය හරහා එල්බ සිටින දෙයින් තම අවධානය ඉවත් කරගැනීමට සිදු වන අතර ඉන් පසු ඔවුන් ක්‍රියාත්මක වන්නේ ඒ පිළිබඳ ව කෝපයකිනුයි. එමෙන් ම මවුපියන්ගේ අවධානය අඩු වීම නිසා දරුවන් දුකට, දුරස්‌ථභාවයට, අධි ක්‍රියාකාරිත්වයට හා éණික කෝපය පිට කිරීම්වලට ලක්‌ වන බව පර්යේෂණ මඟින් පෙන්වා දී තිබෙනවා.



දුරස්‌ථ මිතුරන්

මා-පිය-දූ දරු සබඳතා පමණක්‌ නො ව මිතුරු සබඳතා ද මේ 'එක්‌ ව හුදෙකලා වීමේ' ප්‍රවණතාවෙහි ගොදුරක්‌ වී ඇති බව දැකිය හැකියි. මීට වසර ගණනාවකට පෙර මිතුරන් පිරිසක්‌ එකට එක්‌ වූ විට ඔවුන් එකට එක්‌ ව කිසිවක්‌ ගැන කතා කරමින් සිටිනු දැකිය හැකි වුණා. මෙවැනි සාකච්ඡාවලට බඳුන් වූයේ බොහෝ විට අතීතයේ කළ කී වික්‍රමාන්විතයක්‌ හෝ අනාගතයේ කරන්නට සැලසුම් කරමින් සිටින එවැනි යමක්‌. කෙසේ වෙතත් දැන් මිතුරු මිතුරියන් ගෙන් යුතු කණ්‌ඩායම් එකට එක්‌ වූ විට සුළු සංවාදයක නිරත වී ඉන් අනතුරු ව තම තමන්ගේ ජංගම දුරකතනවලට එබීගෙන සිටිනු දැකිය හැකියි. තමන් සතුටින් මිතුරු හමුවක්‌ සමරන බව අනෙක්‌ අයට පෙන්වා දෙන්නට ඡායාරූපයක්‌ ගැනීමට නම් ඔවුන් මොහොතකට ඒ ලෝකයෙන් මිදීමට මැලිකමක්‌ දක්‌වන්නේ නැහැ. එහෙත් අහල පහළ සැබැවින් ම රැඳී සිටින මිතුරන් සමඟ කරන සැබෑ සංවාදයකින් තොර ව එබඳු සතුටක්‌ ජනනය වනවා ද යන්න ගැටලුවක්‌.

මිනිසාගේ මේ තාéණික හුදෙකලාව ගෙදර දොරට පමණක්‌ නො ව රැකියා ස්‌ථානයට පවා පැමිණ තිබෙනවා. රැකියා ස්‌ථානවල රැස්‌වීම් පැවැත්වීමේ දී එසේත් නැතිනම් කිසියම් දේශනයක්‌ හෝ පැහැදිලි කිරීමක්‌ හෝ කරන විට එතැනට පැමිණ වාඩි වී සිටියත් බොහෝ දෙනා තම ජංගම දුරකතනය ගෙන එය පරීක්ෂා කර බලමින් සිටින අයුරු දැකිය හැකියි. තමා අවට සිටින අය හා සබඳතා පවත්වාගනිමින් ඔවුන්ගේ අදහස්‌ විශ්ලේෂණය කරමින් තම අදහස්‌ හුවමාරු කරගන්නවා වෙනුවට ඔවුන් වැඩි කැමැත්ත දක්‌වන්නේ තමාට අනන්‍ය ලෝකයකට වී හුදෙකලාව සිටීමටයි. මෙය ආයතනයක දියුණුව සම්බන්ධයෙන් ද ගත් කල විශාල පසුබෑමක්‌ ඇති කරවන්නක්‌ බව අමුතුවෙන් කිව යුතු නැහැ.

එමෙන් ම පෙර දී මෙන් රැකියා ආයතනවල අලුත් ශක්‌තිමත් මිතුරු සබඳතාවන් ගොඩ නො නැඟීමට ද මේ හුදෙකලාව හේතු වී තිබෙනවා. තම තමන්ගේ කෙළවරක්‌ නැති ඩිජිටල් සබඳතාවල ගිලී සිටීමට තම කාලය වැය කරනවා විනා රැකියා ස්‌ථානයේ පුද්ගලයන් සමඟ සැබෑ මිත්‍රත්වයක්‌ ගොඩනඟාගැනීමට බොහෝ දෙනකු උත්සාහ දරන්නේ නැහැ.


සැබෑ සංවාද වෙනුවට ඩිජිටල් සංවාද

එකිනෙකාගේ මුහුණු දෙස බලමින් ඔවුන්ගේ දෙනෙතින් හා මුහුණේ ඉරියව්වලින් කියෑවෙන හැඟීම් හඳුනාගනිමින් සංවාදයක නිරත වීම සබඳතාවන් ගොඩනඟාගැනීමේ ප්‍රධානතම මානව උපක්‍රමයයි. වචන හරහා සිදු වන පණිවිඩ හුවමාරුව පමණක්‌ නො ව කටහඬ හරහා, මුහුණේ ඉරියව් හරහා, ඉඟි හරහා ආදි වශයෙන් මාර්ග ගණනාවකින් එම පණිවිඩය පෝෂණය කර ඉදිරිපත් කිරීමට අපට හැකියි. සමාජ සබඳතා පවත්වාගැනීමේ දී තීරණාත්මක වන එකිනෙකාගේ අභ්‍යන්තරය කියවීමේ හැකියාව අපට ලැබෙන්නේ මේ හරහායි. අප කියන දෙය අනෙකාගේ සතුටට දුකට හෝ කලබලයට හේතු වන බව වහා හඳුනාගෙන එයට අනුරූප ව අපගේ ප්‍රතිචාරයන් සංස්‌කරණය කරගැනීමට අපට එමඟින් අවකාශය ලැබෙනවා. ඒ හරහා අපේ මානව කුසලතා දියුණු වන අතර වඩා හෘදයාංගම බැඳීමක්‌ ගොඩනැඟීමට ඉන් ඉඩ සැලසෙනවා.

එහෙත් එන්න එන්න ම දකින්නට ලැබෙන්නේ මේ සැබෑ මානව සංවාද පැවැත්වීමට ඇති උනන්දුව සමාජය තුළ අවම වී යන අයුරුයි. නූතන පරම්පරාවල බොහෝ දෙනා මුහුණට මුහුණ කෙරෙන සෘජු සංවාද වෙනුවට තම ජංගම දුරකතන යෙදුම් හරහා කෙරෙන ලිත සංවාදවලට වැඩි ප්‍රියතාවක්‌ දක්‌වන බව පෙනෙන්නට තිබෙනවා. මෙයට හේතුව ලෙස සමහර යෞවනයන් පෙන්වා දෙන්නේ සැබෑ සංවාදයක්‌ මෙන් නො ව මේ කෙටි පණිවිඩ, සංස්‌කරණය කර ඉදිරිපත් කිරීමට හා මකා දැමීමට ඇති හැකියාවයි. කෙළින් ම කටින් පවසනවාක්‌ මෙන් නො ව කෙටි පණිවිඩයකින් යමක්‌ පවසන විට ඒ ගැන වැඩිදුර සිතා එය අවශ්‍ය පරිදි වෙනස්‌ කර ඉදිරිපත් කිරීමට හැකියි. මෙමඟින් සංවාද පිළිබඳ වැඩි පාලනයක්‌ කළ හැකි බව පෙනී යනවා. කෙසේ නමුත් මේ පුරුද්දේ ඇති හානිකර තත්ත්වය නම් එමඟින් සැබෑ සංවාදයක්‌ පවත්වන්නේ කෙලෙස ද යන දැනුම හා කුසලතාව මේ අයගෙන් ගිලිහී යැමයි. තාéණයට පසුකාලීන ව නිරාවරණය වූ අය තුළ මේ ලéණය එතරම් දැකිය නො හැකි වුවත් කුඩා කල සිට මෙබඳු ඩිජිටල් සංවාදවලට හුරු වූ පුද්ගලයකුට තවත් කෙනකු සමඟ සැබෑ සංවාදයක්‌ ගොඩනැඟීම දුෂ්කරයි. සැබෑ සංවාදයක්‌ ගොඩනැඟීමට අසීරු වීම හරහා තවත් පුද්ගලයකු සමඟ සැබෑ සබඳතාවක්‌ ගොඩනැඟීම ද අසීරුයි.

මේ තත්ත්වය වැඩිදියුණු වුව හොත් සිදු වන්නේ සමාජයීය වශයෙන් එකිනෙකා හා ගනුදෙනු කිරීම අපහසුතාවක්‌ ලෙස හැඟී යා හැකි, ආත්ම විශ්වාසය අවප්‍රමාණය වූ හුදෙකලා මිනිසුන් පිරිසක්‌ බිහි වීමයි. ජපානයේ හා චීනයේ යොවුන් පරපුරේ දැනටමත් මෙවැනි පුද්ගලයන් බොහෝ සේ දැකිය හැකියි. ලියුම්කරුට ද මෙවැනි චීන විශ්වවිද්‍යාල සිසුවකු පිළිබඳ අත්දැකීම් තිබෙනවා. සමාජජාල මාධ්‍ය හරහා කෙටි පණිවිඩ එවීමේ දී ඉතා මිත්‍රශීලී, සමාජශීලී තරුණයකු මෙන් පෙනී ගියත් සැබෑවට මුණගැසුණු විට පෙනී ගියේ ඔහු සෘජු ව සංවාදයක්‌ පවත්වන්නටත් නොහැකි ලැඡ්ජාශීලී තරුණයකු බවයි. අඩි කිහිපයක්‌ දුරින් සිටින මිතුරකු ගෙන් කිසිවක්‌ විමසන්නට වුවමනා වූ විට ඔහු වෙත ගොස්‌ එම පැනය විමසනවා වෙනුවට ඔහු කරන්නේ දුරකතනයෙන් කෙටි පණිවිඩයක්‌ හරහා එය විමසා සිටීමයි. සමාජ ජාල මාධ්‍ය තුළ දහස්‌ ගණනින් මිතුරන් සිටිය ද අසල සිටින මිතුරන් කිහිප දෙනකු සමඟ පවා ගනුදෙනු කරගත නොහැකි මට්‌ටමේ හුදෙකලාවකට මෙවැන්නන් ඇද වැටී සිටිනවා. මේ තත්ත්වය පිළිබඳව සංවේදී නො වුණ හොත් අපේ රටවල අනාගත තරුණ පරපුර ද මෙවැනි අවාසනාවන්ත තත්ත්වයකට ඇද වැටීම වැළැක්‌විය නො හැකියි.


චැට්‌ බොට්‌ස්‌ සමඟ වාසේ

මෙලෙස සැබෑ සංවාද පැවැත්වීමෙහි අසමර්ථ්‍යතාව මත ඉදිරියේ දී හුදෙකලාවේ තවත් අන්තයක්‌ වෙත මිනිසුන් තල්ලු වීමේ ඉඩක්‌ පවතිනවා. ඒ තම හොඳ ම මිතුරන් ලෙස කෘත්‍රිම බුද්ධි මිතුරන් තෝරාගැනීමට ඇති ඉඩකඩයි. සාමාන්‍ය ලෝකයේ සබඳතාවන් පවත්වාගැනීම එක්‌ අතකින් ගත් කල අභියෝගාත්මක කාරියයක්‌. ඒ, අප ඇසුරු කරන සියලු දෙනා අප මෙන් ම සිතන පතන අය නො වීමයි. මිත්‍රත්වයක්‌ ගොඩනඟාගැනීමේ දී ඒ වෙනස්‌කම් අවබෝධ කරගනිමින් ඒ කෙරෙහි නම්‍යශීලී වෙමින් කටයුතු කිරීමට සිදු වනවා. එහෙත් සමාජ කුසලතාවන් ගිලිහී යත් ම සැබෑ මිතුරන් පවත්වාගැනීම තවත් දුෂ්කර විය හැකියි. එවිට ඔවුන් මේ සඳහා ඊට වඩා පහසුවෙන් ගනුදෙනු කළ හැකි විකල්පයක්‌ වෙත නැඹුරුවීමේ අවදානමක්‌ තිබෙනවා. සැලකිය යුතු දුරකට තථ්‍යාසන්න ව සජීවී සංවාදයක නිරත වීමට සමත් කෘත්‍රිම බුද්ධි දැනටමත් සැම ජංගම දුරකතනයක ම පාහේ දකින්නට ඇති අතර ඉදිරියේ දී වඩා ඉඩ ඇත්තේ ඒවා තථ්‍යාසන්න පුද්ගලයන්ගේ තත්ත්වයට ම පරිණාමය වීමටයි. මේවාට අපගේ සමාජජාල අඩවිවල ඇති තොරතුරු උකහාගනිමින් අප වඩාත් කැමැති හා අකැමැති දේ මොනවා දැයි තේරුම්ගෙන ඒවාට අනුරූප ව ප්‍රතිචාර දැක්‌විය හැකියි. එබැවින් මිතුරන් ලෙස මේවා වඩා ආකර්ෂණීය විකල්පයක්‌ බවට පත් වීමට ඉඩ තිබෙනවා. 'Her' වැනි චිත්‍රපටයක්‌ ඔබ නරඹා තිබේ නම් මෙය කෙතරම් දුරකට සමාජයක මිනිසුන් හුදෙකලා කිරීමට හේතු වනු ඇත් දැයි ඔබට වඩාත් විචිත්‍රවත් චිත්‍රයක්‌ ගොඩනඟාගැනීමට හැකි වනු ඇති.


ව්‍යාජ ඩිජිටල් සබඳතා

මවුපියන් හා මිතුරන් සමඟ පවතින සබඳතා පමණක්‌ නො ව සැම සමාජ සබඳතාවකට ම මේ තාéණික ප්‍රවේශයන් අයහපත් ලෙස බලපෑම් එල්ල කර තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. අතීතයේ දී ආච්චිලාට සීයලාට පැවරී තිබූ වැදගත් කාර්යභාරයක්‌ නම් තම මුණුපුරු මිණිපිරියන්ට කවි කතාන්දර කියා දීමයි. ඒ හරහා ආශ්වාදය මුසු වූ සදාචාරය හා සංස්‌කෘතිය ගැන වැදගත් දැනුමක්‌ කුඩා දරුවන්ට සම්ප්‍රේෂණය වුණා. අද බොහෝ දරුවන් මේ අවශ්‍යතාව තෘප්ත කරගන්නේ 'යූ ටියුබ්' හරහා ගෙන එන විදේශ චැනලවලින්. මේ හරහා වැඩිහිටි පරම්පරාව සමඟ ඇති බැඳීම දුර්වල වන අතර අපේ සමාජ සංස්‌කෘතික වටිනාකම්වලට පරිබාහිර මූල දැනුමක්‌ සමඟ දරුවන් හැදී වැඩෙනවා. අපේ වටිනාකම් ඇති භෞතික පරිසරයක්‌ තුළ ආගන්තුක වටිනාකම් ඇති දරුවකු බිහි වීම ද එක්‌තරා අන්දමක හුදෙකලා වීමක්‌ ලෙස පෙන්වා දිය හැකියි.

ඒ වගේ ම සමාජ දැනුම අතින් ගත් කල ද මේ හුදෙකලාවේ විවිධ ස්‌වරූපයන් දැකිය හැකියි. අතීතයේ විවිධ පොත් කියවා පොදු දැනුමකින් පෝෂණය වීම සාමාන්‍ය දෙයක්‌ වුවත් අද වන විට ඒ උනන්දුව පහළ බැස තිබෙනවා. මීට හේතුව ලෝකය පිළිබඳ පුළුල් දැනුමැත්තකු වීම අද එතරම් ඇගයීමට ලක්‌ නො වීමයි. ඕනෑ ම කෙනෙකුට යම් පැනයක්‌ පැනනැඟුණු කල අන්තර්ජාලයෙන් ඒ පිළිබඳ ව ගැඹුරින් සොයා බැලිය හැකියි. එබැවින් සාමාන්‍ය දැනුම වූ කලී යල් පැනගිය දෙයක්‌ බවට පත් වී තිබෙනවා. එහෙත් ගැටලුව පැන නඟින්නේ එදිනෙදා ජීවිතයේ තීන්දු තීරණ ගන්නා විටයි. එබඳු විටක අප වඩාත් හොඳ තීන්දුව කුමක්‌ විය යුතු දැයි අන්තර්ජාලයෙන් සොයා බලමින් සිටින්නේ නැහැ. මනුෂ්‍යයන් ලෙස අපට ඉක්‌මනින් තීන්දු ගැනීමට සිදු වනවා. එවැනි විටෙක අපේ තීන්දුව බුද්ධිමත් සාධාරණ එකක්‌ බවට පෙරැළීමට උපකාරී වන්නේ අප තුළ ඇති සාමාන්‍ය දැනීමයි. එබන්දක්‌ නොමැති විට අප ගන්නා තීන්දු තීරණ තාර්කික බවින් අඩු ඒවා වන අතර බාහිර පුද්ගලයකුට පහසුවෙන් තමන්ට ඕනෑ පරිදි හැසිරවීමට ද හැකියි.


අප කළ යුත්තේ කුමක්‌ ද...?

මින් අදහස්‌ වන්නේ අප තාéණය භාවිතය අතහැර දැමිය යුතු බව නො වෙයි. තාéණයට අපේ ජීවිතවල පවරා දී ඇති ආධිපත්‍යයෙන් අප මිදිය යුතු බවයි. තාéණය අපේ කටයුතු ඉටු කරදීමට යොදාගන්නා මෙවලමක්‌ විය යුතු බව විනා අප ඇල්ගෝරිදමවල පදයට නැටෙන ජීවීන් පිරිසක්‌ නො විය යුතු බවයි. තාéණය හරහා සැබෑ ජීවිතයේ සබඳතාවන් බිඳ වැටීමට ඇති ඉඩ අහුරාලිය යුතුයි. මේ සඳහා මුලින් ම කළ යුතු කටයුත්ත නම් සමාජ මාධ්‍යජාල හරහා කෙනකුගේ සිත තුළ ඇති වන මේ ව්‍යාජ සමාජශීලී බවෙහි සීමාකාරීත්වය තේරුම්ගැනීමයි. එය සැබෑ ලෝකයේ සමාජ ඇසුර සමඟ තුලනය කළ නොහැකි බව සියලු දෙනා තේරුම්ගත යුතුයි. ප්‍රායෝගික වැඩපිළිවෙළකට එළැඹිය හැක්‌කේ, ඒ තේරුම් ගැනීම මඟින් පමණයි.


ප්‍රායෝගික විසඳුමක්‌

මේ ගැටලුවට පිළිතුරු සෙවීම සඳහා අපට කිරීමට සිදු වන අනිවාර්ය කටයුත්ත නම් ජංගම දුරකතන සහ ටැබ්, ලැප්ටොප් වැනි තාéණික උපාංග භාවිත කිරීමට සීමාවක්‌ පනවාගැනීමයි. බිල් ගේට්‌ස්‌, ස්‌ටීව් ජොබ්ස්‌ වැනි තාéණික ලෝකයේ ප්‍රබලයන් ද මේ කටයුත්ත නොවරදවා කළ බැවින් සාමාන්‍ය මවුපියන්ට එය අපහසු වීමට හේතුවක්‌ නැහැ. මේ අනුව දරුවන් හා මවුපියන් යන සියලු දෙනා ම මෙවැනි උපාංග භාවිත නො කරන කාල සීමාවක්‌ පනවාගත යුතු අතර සියලු දෙනා ඊට අනුව කටයුතු කිරීමට විනයවත් විය යුතුයි. උදාහරණයක්‌ ලෙස රාත්‍රී ආහාරය ගැනීම ඇතුළු කටයුතු කරන පැයක්‌ දෙකක්‌ මෙවැනි උපාංගවලින් නිදහස්‌ කාල සීමාවක්‌ ලෙස නම් කරගත හැකියි. ඒ කාල සීමාව තුළ සියලු දෙනාගේ ම මෙවැනි උපාංග සියල්ල අවශ්‍ය නම් එක්‌ පැසකට දමා පසෙකින් තැබිය හැකියි.

එමෙන් ම පවුල සමඟ එකට ගත කරන විනෝද ගමනක්‌ වැනි සතුටු අවස්‌ථාවන්හි දී එය ඡායාරූපයට නඟා තම සමාජජාල මිතුරන්ට ප්‍රදර්ශනය කිරීමට ඇති වන ආසාව ද මැඬපවත්වාගැනීම ශක්‌තිමත් පවුලක්‌ ගොඩනඟාගැනීමට කළ හැකි වැදගත් ම දෙයක්‌. ඒ මොහොතේ ඔබේ අවධානය යොමු විය යුත්තේ ඒ සතුට බොහෝ දුර ඈත සිටින හිස්‌ ඩිජිටල් හිතවතුන් සමඟ බෙදා හදාගැනීමට නො ව සජීවී ව ළඟ සිටින පවුලේ අය සමඟ ඒ මොහොත උපරිම වශයෙන් භුක්‌ති විඳීමටයි.

කාර්යබහුල ජීවිතයක්‌ ගත කරන බොහෝ දෙනා තමාගේ ආතතිය නිදහස්‌ කරගැනීමේ පහසු මාධ්‍යයක්‌ ලෙස සමාජජාල භාවිත කිරීමට හුරු වී සිටිනවා. මේ පුරුද්ද මඟහැරගෙන ඒ සඳහා 'යෝගා' කිරීම, භාවනා කිරීම, පවුලේ අය සමඟ උද්‍යානයක ඇවිද යැම වැනි ක්‍රියාකාරකමක යෙදිය හැකි නම් එකිනෙකා ගෙන් හුදෙකලා නො වුණු සැබෑ සබඳතාවකින් පිරුණු පවුලක්‌ ගොඩනඟාගැනීමට එය මහෝපකාරී වනු ඇති.

Comments

Popular posts from this blog

7 Riveting Facts about the Kandos Man – Upali Wijewardene

Source:  abpic.co.uk  Written by – Ranuli at Omebiz Philip Upali Wijewardene, better known as Upali Wijewardene was one of the most flamboyant and prominent businessman with an empire that not only dominated the Sri Lankan business landscape but also went global. He was Sri Lanka’s first homegrown tycoon and the founder and Chairman of Upali Group, Sri Lanka’s first multi-national business. Upali Wijewardene kick-started his career as a management trainee at Lever Brothers (now known as  Unilever ) where he managed to lock down the job simply based on his basic dining etiquette. However, due to a disagreement with the Chairman of the company, Upali left his job at Lever Brothers. Following the death of his uncle, the Late Senator Sarath Chandradasa, Upali took over  Kandos  with the substantial shares that were allocated to him. The company struggled with the lack of sales, Upali modernized the production process boosting their sales off the charts. Kando...

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළ...

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...