රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...
* හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...
සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider" කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආසාවකින් පසු වූයෙමු.
‘‘සැන්දෑ සාදය.. නිෂ්පාදනය කෙරුණේ විනාඩි 60 ක කාලයක් වෙන් වූ සම්භාව්‍ය නාට්‍යය නම් වැඩසටහන සඳහා ය. එය විකාරරුපී ශෛලියේ පුරෝගාමියකු වූ ඉයුජින් අයනෙස්කෝ විසින් රචිත''The Bald Soprano'' නම් වේදිකා නාට්‍යයේ අනුවාදයක. එකී වැඩසටහනෙහි අරමුණ වූයේ ලෝක සාහිත්‍යයේ උසස්ම වේදිකා නාට්‍ය සිංහලෙන් ශ‍්‍රව්‍ය මාධ්‍යයට සකස් කොට අසන්නන් වෙත ඉදිරිපත් කිරීමය. සෑම මාසයකම පළමුවැනි ඉරිදා රාත‍්‍රි ‘‘ශාස්ත‍්‍රීය සංග‍්‍රහය.. යටතේ ප‍්‍රචාරය වූ මෙකී වැඩසටහන” ගුවන් විදුලියේ නාට්‍ය ඉතිහාසය අතැබුලක් සේ පසක් කර ඇති බව පළ කරන ඇතැම් නිල විචාරකයන්ගේ දැනුමෙන් ගිලිහී තිබීම විමතියට කරුණක.
රේඩියෝ සිලෝන් වැඩසටහනකට මා පළමුවෙන් ම සහභාගි වූයේ 1955 දීය. ඒ වසරේ කොළඹ දී පැවැත්වුණ පාඨශාලාන්තර සංගීත තරගවලින් ඒකල ගායනයෙක් පළමු තැනත් සමූහ වාදනයෙන් දෙවැනි තැනත්” මා ඉගෙනීම ලැබූ ඉබ්බගමුව මධ්‍ය විද්‍යාලයට හිමිවිය. අප පුහුණු කළ ආනන්ද ජයසිංහ ගුරුතුමා ඇතුළු අපේ සංගීත නඩය එදා රේඩියෝ සිලෝන් වෙත කඳවා ගෙන යන ලද්දේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සංගීත පරීක්‍ෂක මකුලොළුව විසින. 15 හැවිරිදි වූ මම මගේ කණ්ඩායමෙහි බටනලා වාදකයා වූයෙම. විද්‍යාලයේ අනෙක් බටනලා වාදකයා වූයේ පසු කලෙක ‘කුවේන. සහ ‘සිංහබාහු. නාට්‍යවල සංගීතය නිර්මාණය කළ (දැනට ජීවතුන් අතර නැති) එච්. එච්. බණ්ඩාරය.
ප‍්‍රතිභා සම්පන්න විචාරශීලී ලේඛකයකු වු සුගත් මෙහිදි ද පැරැන්නන් විසින් ගත් මඟම එකහෙළා අනුගත වීමට නොකැමති වූයේය. දෙබස් ඇසුරෙන්” සමතල චරිත රැගත් සරල කතාවක් ඉදිරිපත් කිරීමට වඩා හරවත් නිර්මාණ ගුවන්විදුලි නාට්‍ය මාධ්‍යයෙන් කරන්නට පුළුවන් බව ඔහු දකින්නට ඇත. ඒ වන විටත් කුරුළු බැද්ද” දියනිල්ලේ රාළ” මුවන්පැලැස්ස වැනි ඒකාංගික චරිත රැගත් විස්තීර්ණ නාට්‍ය මාලාවන්ට මෙන්ම විශ්ව සාහිත්‍යයෙන් වැඩසටහනට ද සවන් දීමට ලොල් වූ විශාල රසික පිරිසක් සිටි බව ද සැලකිය යුතුය. ගුවන් විදුලි නාට්‍යය යනු ඒකපුද්ගල නිර්මාණයන් නොවේ. කුමන නාට්‍යයක ද පදනම වන්නේ එහි රචකයය. දුබල නාට්‍ය පිටපතකින් උසස් නාට්‍යයක් නිෂ්පාදනය කිරීමට විශ්වකර්මයාට වුවත් නුපුළුවන. සුගත් මුහුණ දුන් අභියෝගය අභියෝගය වූයේ හරවත් යථාර්ථවාදී පිටපත් ලබා ගැනීමය.
ඒ අඩුපාඩුව සපුරා ගැනීම සඳහා ඔහු නැඹුරු වූයේ ඒ වන විටත් ඉස්මතු වෙමින් සිටි තරුණ ලේඛක පිරිසක් වෙතටය. ඉන් කිහිපදෙනෙක් ඔහුගේ හිතමිතුරෝ වූහ. නාට්‍ය පිටපතේ හැඩගැස්ම ගැන ඇතැම් විට ඔහු ඔවුන් සමග සාකච්ඡා කළේය. ඊඊක් ආයතනයෙන් ලැබුණ නාට්‍ය පිටපතක් කෙනෙකුට කියවා බලන්නට දී” පසුව ඒ ගැන අදහස් හුවමාරු කර ගත්තේය. නාට්‍ය රචනය සඳහා ලේඛකයන් ධෛර්යමත් කළේය. නාට්‍ය සහ කෙටිකතා පිටපත් එවන ලෙස දුර බැහැර විසූ දක්‍ෂ ලේඛකයන්ට ලියුම් මගින් ඇරයුම් කළේය. මේ ක්‍ෂේත‍්‍රයට මා යොමු වූයේත් ඔහුගෙන් ලත් ධෛර්යය සහ පෙළඹවීම නිසා ය.
නාට්‍ය රචනය සඳහා සෑහෙන පිරිසක් අලූතින් එක් වූයේ සුගත්ගේ අවදියේදී ය. මා දන්න තරමින් සුනන්ද මහේන්‍ද්‍ර” කරුණාරත්න අමරසිංහ” අසෝක කොළඹගේ” ඇරැව්වල නන්දිමිත‍්‍ර” කපිල කුමාර කාලිංග” භද්‍රජී මහේන්‍ද්‍ර” කැත්ලින් ජයවර්ධන” කරුණා පෙරේරා ආදීහු ඒ පිරිස අතර වූහ. ඔහු ශිල්පීන් පිරිසක් ද හැඩගස්වා ගත්තේය. ලිලානී පෙරේරා” කුසුම් පීරිස්” කරුණාරත්න අමරසිංහ” බණ්ඩාර විජයතුංග” ගීතා කාන්ති සහ රත්නා ලාලනී ජයකොඩි” සාගරිකා ගෝමස් ඉන් කිහිප දෙනෙක. නාට්‍ය වැඩසටහන් වශයෙන් සුගත් විසින් නිෂ්පාදනය කරන ලද්දේ ‘රඟමඬල. සහ කෙටි කාලීන වූ සම්භාව්‍ය නාට්‍ය පමණ. ඒ අතර වැලිකල විශ්වසාහිත්‍යයෙන් බෞද්ධ නාට්‍ය මෙන්ම ඉඳහිට රඟමඬල ද නිෂ්පාදනය කළේය. සුගත් නිෂ්පාදනය කළ නාට්‍ය සඳහා යොදා ගැනුණ ශිල්පීන්” වැලිකල විසින් නිෂ්පාදනය කෙරුණ නාට්‍යවලට තෝරා ගැණුනේ නැත. එමෙන්ම සුගත් ද වැලිකලගේ නිෂ්පාදනය කළ නාට්‍යවලට දායක වූ ශිල්පීන්ව ඔහු ගේ නාට්‍යවලට තෝරා නොගත්තේ ඔවුන් අතර වූ නිහඬ ගිවිසුමකට අනුව මෙන. මුල් කාලීනයෙකු වූ ධර්ම ශ‍්‍රී මුණසිංහ” කෙසේ හෝ සුගත් ගේ කල්ලියට වැටුන. රංගනයෙහි මෙන්ම රචනයෙහි ද දක්‍ෂ වූ ආනන්ද සිරිසේන සහ ජේ. එච්. ජයවර්ධන කුමන පාර්ශ්වයට වැටුණේ දැයි මට සිහිපත් කළ නොහැකිය. වික්ටර් මිගෙල්” හල්වල” ප‍්‍රසන්න පියදාස” කේ. එච්. පී. සේනාරත්න” පී. බී. ඉලංගකෝන්” සෝමා කිරිඇල්ල” රත්නාවලී කැකුණවල” විජේරත්න වරකාගොඩ” මගේ පාසල් සමයේදී මට වීරයෙකු ලෙස පෙනුණා. ඇල්ප‍්‍රඞ් එදිරිමාන්න ආදි ශිල්පීන් සහභාගි වූයේ වැලිකලගේ නිෂ්පාදනවලට පමණක.
එකල ගුවන් විදුලි සංස්ථාවේ සිංහල අංශය සාරවත් කළ කෙතක් වී යැයි කිව හැකිය. මඩවල රත්නායක” සුනන්ද මහේන්‍ද්‍ර” දයානන්ද ගුණවර්ධන. අශෝක කොළඹගේ” ලූෂන් බුලත්සිංහල” බර්ටි ගලහිටියාව” නිවුටන් ගුණරත්න” පාලිත පෙරේරා” මහින්ද අල්ගම” කේ. ෆ්රැන්සිස්” ඩෝල්ටන් අල්විස් ආදී පිරිස එය වර්ණවත් කළහ. ඒ අතර සුනන්ද හෝ සුගත් හමුවීම පිණිස නාමෙල් වීරමුනි” සිරිල් බී. පෙරේරා වැනි කලාකරුවෝ සහ ලේඛකයෝ ද ඉඳහිට එහි යෑම් ඊම් පැවැත්වූහ. මා රැකියාව කළ කාර්යාලය සහ ගුවන් විදුලි සංස්ථාව අතර එතරම් දුරක් නොවූයෙන් ඇතැම් දිනවල දිවා විවේකයේදී මම ද එහි ගියෙම.
මචං උඹ දන්නව නෙ වැලිකලගෙ හැටි? මොහොතක නිහැඬියාව බිඳිමින් ඔහු ඇසුවේය. කොටට කපන ලද සුදෝ සුදු කෙස් බිස්සක් සහිත හිසකින් සුදු පැහැති උඩු රැවුලකින් හැඩ වූ හැඟීම් රහිත මුහුණකින් සහ උස් වු සෘජු සිරුරකින් හෙබි වැලිකල මට පෙනුණේ කිසිවෙකු ගැන කිසිම තැකීමක් නැති තනි අලියකු ලෙසින. වැඩි කතාබහට රුචියක් නොදැක්වූ ඔහුගේ උදාරම් කතා විලාශයෙහිද එතරම් සුහදශීලී බවක් නොතිබිණ.
‘‘මං දන්නව.. මම සුගත්ට කීවෙම.
‘‘මං කියන්නං. කෝකටත් උඹ හොඳ කෙනෙක් තෝරගනින්. එපිසෝඞ්ස් දෙකක් විතර ලියාගෙන ගිහින් වැලිකලට කතා කරපන්.. ඔහු මට උපදෙස් දුන්නේය.
එහෙත් විශ්වාසයක් තැබිය නොහැකි වැඩකට කාලය මිඩංගු කිරීමට මැලි වූ මම දිනක් කෙළින්ම වැලිකල වෙත ගොස් මගේ අදහස කියා සිටියෙම. ඔහු මා දෙස මොහොතක් බලා සිටියේය. මා වෙත ඔහු යොමු කළේ” ජවසම්පන්න” අශ්වයන්ට හුරු පුරුදු ජොකියෙකු තමා වෙත ළං වූ කොටළුවකු වෙත යොමු කරන්නට ඉඩ ඇති ආකාරයේ බැල්මක් යැයි මට සිතිණ.
‘අයිසේ...ඒක එච්චර ලේසි වැඩක් නෙමේ ගුවන් විදුලියට නාට්‍ය ලියල හොඳ පළපුරුද්දක් තියෙන්න ඕනා තේරුණාද?.. වැලිකල කීයේය.
මම නාට්‍ය පිටපත් සෑහෙන ගානක් ලියල තියෙනව රඟමඬලට ‘‘මේ මේ මේ අයියේ සුගත්ට ලියන විදිහ අපට හරියන්නෙ නෑ. ඒ ඇරත් දැනට අපට පොත් රෙකමෙන්ඞ් කරලා තියෙන විදිහටයි අපි කරන්නේ. අයිසේ මොන යකෙක්ද මන්ද අපට රෙකමෙන්ඞ් කරලා තියනව.‘ නාසීස් ඇන්ඞ් ගෝල්ඞ්මන්ට් කියල කෙනෙක්. ඊළඟට කරන්න. මම ඒක දැකලවත් නෑ. කියෝපු කෙනෙක් ගැන අහලවත් නෑ...
‘‘ඒක හර්මන් හෙස ගෙ නවකතාවක් මං දන්නවා... මා ජයග‍්‍රාහී ලෙස පැවසුවේ මා එය කියවා තිබුණ නිසා නොව” අපේ කාර්යාල පුස්තකාලයේ එය තිබුණ බව මට සිිහිපත් වූ නිසාය.
‘‘ආ මොනව? තමුසෙ කියෝල තියෙනව? එහෙම නං මං කියන්නං. ලේඛකයා ගැනයි නවකතාව ගැනයි කෙටි විස්තරේකුත් එක්ක එපිසෝඩිස් දෙකක් ලියාගෙන එනව. ඒක බලල මං කියන්නං එහෙම කරමු...
මා ‘‘විශ්වසාහිත්‍යයෙන්.. වැඩසටහනට ලිවීමේ ප‍්‍රවේශ විභාගයෙන් සමත් වූයේ ඒ අයුරින. මට මතක හැටියට නිරංජලා සරෝජිනී සහ ගීතා කාන්ති ජයකොඩි දෙදෙනා ද මුල්වරට ඒ වැඩසටහනට පිවිසුණේ මං රචනා කළ ‘‘නාසීස් උන්ඩි ගෝල්ඞ්මූන්ඞ්.. නාට්‍ය මාලාවෙන.
මා ලෝක සාහිත්‍යය ගැන කිසියම් දැනුමක් සහ දැඩි උනන්දුවක් ඇති අයෙකු බව වැලිකල ඒත්තු ගැනීමෙන් පසු අප අතර මා දුටු පරතෙරය ඉක්මනින් ම අහෝසි විය. කතා විලාසයෙන් හා හැසිරීම් ලීලාවෙන් කෙබඳු වුවත්” ඔහු ඉතා සුහදශීලී” ගුණ යහපත් පුද්ගලයකු වූ බව වටහා ගන්නට මට වැඩි දවසක් ගත වූයේ නැත. ඊළඟ වැඩසටහන් සඳහා තෝරා ගැනීමට සුදුසු ශ්‍රේෂ්ඨ නවකතා ගැන ද අපි ඇතැම් විට සාකච්ඡා කළෙමු.
Comments
Post a Comment