Skip to main content

මුහුදු රැල්ලක්‌ එනකොට දිවීම අනතුරුදායකයි...



විනෝද චාරිකාවකට සහභාගි වෙමින් සිටිය දී කිරින්ද මුහුදේ රළ පෑගීමට ගොස්‌ රළ පහරට හසු ව පියකු, මවක සහ දියණියන් දෙදෙනකු මිය යැමේ ශෝකජනක පුවත සංවේදී හදවත් ඇත්තන් කම්පාවට පත් කළ බව නොඅනුමාන ය. මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වරින් වර අසන්නට ලැබුණ ද මුහුදේ පිහිනීමේ දී හෝ මුහුදු රළ පෑගීමේ දී හෝ ඒ පිළිබඳව දක්‌වන නො සැලකිල්ල හා නොදැනුවත්කම නිසා බොහෝ දෙනා අනතුරුවලට ලක්‌ වන බව පෙනේ. ඒ නිසා ජනතාව මුහුදු වෙරළ ආශ්‍රිත ව සිදු වන අනතුරුවලින් වළක්‌වාගැනීමට ම`ගපෙන්වීමේ අරමුණෙන් සමුද්‍රීය පරිසර ආරක්‌ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය පී. බී. ටර්නි ප්‍රදිප්කුමාර මහතා සමග කළ සාකච්ඡාව මෙසේ සටහන් කරමු.


ප්‍රශ්නය

ලොකු කුඩා හැම කෙනෙක්‌ ම මුහුදු වෙරළේ කාලය ගත කරන්න, මුහුදු රළ පාගන්න කැමතියි. එනමුත් මුහුදු වෙරළේ විනෝද වීමට ගිය බොහෝ දෙනෙක්‌ අනතුරුවලට ලක්‌ වෙලා තියෙනවා. අනතුරුවලට ලක්‌ නො වී මුහුදු වෙරළේ විනෝද වීම කළ හැක්‌කේ කෙසේ ද?

පිළිතුර

බොහෝ දෙනා මුහුදු වෙරළේ විනෝද වෙන්න මුහුදු රළ පාගන්න කැමති මුහුද ස්‌වාභාවික සුන්දර තැනක්‌ නිසයි. එනමුත් අපි මුහුදට බහින්න හෝ රැල්ල පාගන්න හෝ කලින් මුහුද සහ මුහුදු රළ පිළිබඳව නිරීක්‌ෂණය කළ යුතු වෙනවා. ඒ ප්‍රදේශයේ මුහුද අනාරක්‌ෂිත ද, මුහුදු රැල්ලේ ස්‌වභාවය, එම ස්‌ථානයේ ඉතිහාසය සැලකිය යුතු වනවා. ඒ අවට පදිංචි වෙලා ඉන්න, ඒ අවට නිතර ගැවසෙන දේශීය හෝ විදේශීය හෝ කාගෙන් හරි ඒ ස්‌ථානයේ අනතුරු වෙලා තියෙනව ද, දියවැල්වලට අහු වෙලා තියෙනව ද, මරණයට පත් වෙලා තියෙනව ද ආදී දේවල් වගේ ම එම ස්‌ථානය නෑමට සුදුසු ද කියා අනිවාර්යයෙන් මුහුදට බහින්න කලින් දැනගැනීම වැදගත් වනවා.

තමන්ගේ හිතුමනාපයට අනතුරුදායක තැන්වලට යැම ඔබගේ වගේ ම ඔබ සම`ග යන අන් අයගේ ජීවිත අනතුරට ලක්‌ කිරීමක්‌ වනවා. ඒ නිසා යන්නන් වාලේ මුහුදේ නෑමට යැම, රළ පෑගීමට යැම නො කළ යුතු වනවා.

ප්‍රශ්නය

මිනිසුන් මුහුදේ දියවැල්වලට අහු වෙලා තියෙනව ද කියල විමසා බලන්න කියා ඔබ සඳහන් කළා. මොකක්‌ ද මේ දියවැලක්‌ කියල කියන්නෙ?

පිළිතුර

එක්‌ පැත්තකට ගමන් කරන දිය දහරාවක්‌ නැත්නම් පටු දිය ධාරාවක්‌ දියවැලක්‌ ලෙස හ`දුන්වනවා. දියවැලක්‌ එහි වේගය, පළල, ස්‌ථානය අනුව වෙනස්‌ විය හැකියි. මුහුදු වෙරළක ඉඳලා ගැඹුරු මුහුදට වේගයෙන් ගලා යන දියවැලකට මිනිත්තුවකට අඩු කාලයක දී මීටර් 300ක්‌ පමණ වෙරළෙන් ඈතට ඔබව රැගෙන යා හැකියි.

ප්‍රශ්නය

දියවැල් සහිත ස්‌ථාන හ`දුනාගන්න පුළුවන් ද?

පිළිතුර

මුහුද හොඳින් නිරීක්‌ෂණය කළ විට දෙපැත්තකින් එන රළ ඇවිත් ගැටෙන තැන මැද අසාමාන්‍ය ලෙස සන්සුන් ජලය රේඛාවක්‌ ලෙස මුහුදු වෙරළේ සිට මුහුදට යනවා නම්, මුහුදු රළ බොහෝ පෙණ සහිත නම්, කැළඹිලි වැඩියි නම්, වෙරළ ආසන්නයේ දී රළ බිෙඳන විට සුදු පැහැයක්‌ දක්‌නට ලැබේ නම්, මුහුද අ`දුරු පැහැයක්‌ ගන්නවා නම් එම ස්‌ථාන දියවැල් බහුල ස්‌ථාන ලෙස හ`දුනාගත හැකියි. මේ නිසා මුහුදට බැසීමට කලින් මුහුදු රළ, මුහුද හොඳින් නිරීක්‌ෂණය කිරීම වැදගත් වනවා. ඔබ පිහිනීමට කොයි තරම් දක්‌ෂයකු වුවත් මුහුදට බැසීමට පෙර මුහුද නිරීක්‌ෂණය කිරීම වැදගත් වනවා.

ප්‍රශ්නය

වෙරළ ආසන්නයේ තියෙන ගල්පරවල නැ`ගී සමහරු විනෝද වන අයුරු දක්‌නට ලැබෙනවා. එවැනි තැන්වල විනෝද වන අයත් අනතුරුවලට ලක්‌ වෙලා තියෙනවා. මේ අවදානම කෙතරම් ද?

පිළිතුර

වෙරළ ආසන්නයේ තිබෙන ගල්පර තෙත සහිත නම් කිසි ම අවස්‌ථාවක එවැනි ගල්පර මත නැ`ගී විනෝද වීම සුදුසු නැහැ. සමහර අවස්‌ථාවල එක වර ම මුහුද සැර වනවා. මේකට කියන්නේ freak waves කියලයි. මේක ක්‌ෂණිකව ම ගල් පරය වැහෙන ලොකු රැල්ලක්‌ විදියට එනවා. ගල් පරයක ඉන්න කොට එවැනි ලොකු රැල්ලක්‌ ආවොත් බයට දිවීම සුදුසු නැහැ. තමන් ඉන්න තැන ම බිමට ගුලි වෙලා ගල බදාගැනීම තමයි ඒ අවස්‌ථාවේ දී අනතුරෙන් මිදීමට කළ යුතු නිවැරැදි ම පිළිවෙළ. දුවන විට අපේ ශරීරය සමබර නැති ව වැටෙන්න සහ මුහුදු රැල්ලත් සම`ග මුහුදට ගසාගෙන යන්න පුළුවන්. මුහුදු රැල්ලක්‌ එනකොට දිවීම අනතුරුදායකයි.

ඒ වගේ ම මුහුද ඇතුළත හදා තියෙන ගල්වැටි, බෝට්‌ටු නවත්වන ජැටි, පාලම් වගේ ස්‌ථාන අසල දියවැල් ඇති වීමට හැකි නිසා එම ස්‌ථානවලින් මීටර් 150ක්‌ වත් දුරකින් නෑම සුදුසු වනවා.

ප්‍රශ්නය

මෝසම් සුළං කාලයට මුහුද වඩාත් සැර වන බව දක්‌නට ලැබෙනවා. එවැනි කාලවල අනතුරුදායක තත්ත්වය වැඩි වන ආකාරය විස්‌තර කරන්න.

පිළිතුර

මෝසම් සුළං සමය කියන්නේ ගල්පර වැසී යන තරමට මුහුද සැර වන කාලයයි. මේ තත්ත්වය බොහෝ දෙනෙක්‌ අ`දුරන්නේ නෑ. මෝසම් සුළං නැති කාලයට ගල් පර මත නැ`ගී විනෝද වුණාට මෝසම් සුළං කාලවල ගල් පර මත නැ`ගී විනෝද වීම, එම ස්‌ථානවල රැල්ල පෑගීම සුදුසු නෑ. ක්‌ෂණිකව ම එන දිය රැල්ල සම`ග කෙනකුට පොර බදන්aන අමාරුයි. එවැනි කාලවල රැල්ල දියවැලක්‌ වගේ මුහුදට අරගෙන ගිහින් තමයි අවසන් වෙන්නේ.

වෙරළ කලාපයේ ප්‍රධාන දියවැල් වර්ග දෙකක්‌ තියෙනවා, Rip currents සහ Low shorecurrents කියල. වෙරළෙන් මුහුද මැදට ගමන් කරන දියවැල Rip current ලෙසත්, වෙරළ දිගේ ගමන් කරන දියවැල් Low shore currents ලෙසත් හ`දුන්වනවා.

ප්‍රශ්නය

දියවැල්වලට හසු වන බොහෝ දෙනා මරණයට පත් වනවා. දියවැල්වලට හසු වන අය මරණයට පත් වන ආකාර මොනවා ද?

පිළිතුර

වෙරළෙන් මුහුද මැදට ගමන් කරන දියවැලකින් පුද්ගලයකු නොදැනුවත්ව ම මුහුදට ඇදගෙන යැම සිදු වනවා. බොහෝ අය අනතුරට මරණයට පත් වන්නේ මේ Rip currents කියන දියවැලෙන්. ඉතා ම නිසල මුහුදේ පවා ඇති වන මෙවැනි දියවැල් මඟින් මුහුදේ පිහිනමින් සිටින අය මෙන්ම ඉන තෙක්‌ මුහුදට බැස රැල්ල පාගමින් සිටින අය පවා ගැඹුරු මුහුදට ඇදගෙන යා හැකියි.

ප්‍රශ්නය

දියවැලකට හසු වූ කෙනකු කුමක්‌ කළ යුතු ද?

පිළිතුර

දියවැලකට හසු වුණොත් කිසි ම විටක ඊට එරෙහි ව පිහිනීමට උත්සාහ නො කළ යුතුයි. අපි මුහුදට විරුද්ධ ව ගොඩට පීනන්න උත්සාහ කළත් අපි පීනන්නේ එක ම තැනයි. හේතුව දියවැලේ වේගය ඔබේ පිහිනීමේ වේගයට වඩා වැඩි නිසා. දියවැල සම`ග සමාන්තරව පිහිනීමෙන් හා හරහට පිහිනීමෙන් දියවැලෙන් ඉවත් විය හැකියි.

දියවැලට විරුද්ධ දිශාවට පිහිනීමෙන් වෙහෙසට පත් වෙලා ශරීරය අප්‍රාණික විය හැකියි. පිහිනීම දන්න කෙනකුට දියවැලකට හසු වුණු ගමන් පා වීමෙන් දියවැලෙන් ඉවත් විය හැකියි. පිහිනීමට නොහැකි කෙනකු නම් මුහුදට බැසීම, රැල්ල පෑගීම කරන්න ඕන මුහුද ගැන දැනුවත් වීමෙන් පසුවයි. එහෙම නො කළොත් ඔබේ ජීවිතය මරුවැලක සැ`ගවී යා හැකියි.

ප්‍රශ්නය

පිහිනීමට නො දන්න කෙනකු දියවැලකට හසු වුණොත් ජීවිතය බේරාගැනීමට හැකියාවක්‌ නැත් ද?

පිළිතුර

පිහිනීමට නො දන්න කෙනකුට වුණත් දියවැලකට හසු වුණොත් නො මැරී බේරෙන්න පුළුවන්කම තියෙනවා. එහි දී වැදගත් ම දේ කලබල නො වීමයි. ඊළඟට දියවැල සම`ග මුහුද දෙසට ගිය පසු රැල්ල කැඩෙන තැනින් දියවැල ඉවත් වුණු වහා ම උඩට මතු වනවා. ඒ අවස්‌ථාවේ දී කළ යුතු හොඳ ම දේ අත් දෙක උස්‌සලා උදව් ඉල්ලීමයි.

යම් කෙනකු දියේ ගිලෙනවා නම් එම තැනැත්තා වහා ඇල්ලීමට යැම නො කළ යුතුයි. හේතුව ඔබ පුහුණුව ලත් ජීවිතාරක්‌ෂකයකු නො වන නිසා ඔබේ ජීවිතය ද අනතුරුදායක තත්ත්වයට පත් විය හැකි වීමයි. ඒ වෙනුවට එම තැනැත්තාට බාහිර දෙයක්‌ අල්ලාගැනීමට දීමට කටයුතු කිරීම වැදගත් වනවා.

බොහෝ දෙනා කරන්නේ දරුවෝ, සහෝදරයෝ, නෑදෑයෝ, යාළුවෝ ගිලෙන්න යනකොට ඔවුන් බේරාගැනීමට පැනීමයි. මෙයින් වන්නේ තවත් කිහිප දෙනෙකුගේ ජීවිත අනතුරට පත් වීමයි. ඔබ වතුරට බහිනවා නම් ඉනෙන් පහළ වතුර මට්‌ටමේ සිටීම හොඳ ම ක්‍රමයයි.

ප්‍රශ්නය

අවදානම් සහිත තැන්වල බොහෝ විට අනතුරු හැ`ගවීම් සඳහන් කර තිබෙනවා. එහෙම තිබියදීත් මිනිසුන් අනතුරුවලට ලක්‌ වනවා?

පිළිතුර

මුහුදු වෙරළේත්, අනතුරුදායක වෙනත් තැන්වලත් අවවාද පුවරු, අනතුරු හැ`ගවීමේ පුවරු සවි කර තියෙනවා. එනමුත් ඒවා කියවන අපේ රටේ මිනිස්‌සු එම අවවාද, අනතුරු හැ`ගවීම් ගණන් ගන්නේ නෑ. අවදානම් සහිත තැන්වල තමන්ගේ වීරත්වය පෙන්වන්න බොහෝ දෙනා කැමතියි. දියේ ගිලීම නිසා වැඩිපුර ම මරණ වාර්තා වන්නේ මිනිසුන්ගේ නොසැලිකිලිමත්කම නිසයි. ඒ වගේ ම පිහිනුම් තටාකවල පීනන එකයි, මුහුදේ පීනන එකයි අතර ලොකු වෙනසක්‌ තියෙනවා. ඒ නිසා හැම විට ම තමන්ගේ පරිස්‌සම වැදගත් වනවා.

මුහුදේ රළ වෙරළ සීමාව දක්‌වා ම එනව නම් එවැනි ස්‌ථානවල මුහුදු රළ ඉතා සැරයි. එවැනි ස්‌ථානවල රැල්ල පෑගීම අනතුරුදායකයි. ඒ වගේ ම මුහුදේ ඈතට වන්නට සුදු පාට පෙණ සහිත නම් එම මුහුදු ප්‍රදේශයනුත් ඉතා ම අනතුරුදායකයි.

ප්‍රශ්නය

ලංකාව වටේම මුහුද තියෙනවා. ඒ මුහුදේ ඕන තැනක නාන්න, රැල්ල පාගන්න සුදුසු ද?

පිළිතුර

අපේ රට වටේ ම මුහුද තිබුණත් හැම මුහුදු වෙරළක ම නාන්න රැල්ල පාගන්න බැහැ. ඊට සුදුසු තැන් වගේ ම නුසුදුසු තැනුත් තියෙනවා. මුහුදේ නාන්න, රැල්ල පාගන්න යද්දි විවෘත වෙරළ තීරයේ නම් ලොකු අවධානයකින්, කල්පනාවෙන් කටයුතු කළ යුතුයි. විශේෂයෙන් ම මාතර, ගල්කිස්‌ස, හම්බන්තොට, හලාවත, නිලාවැලි, පොතුවිල් වැනි විවෘත මුහුදු වෙරළවල අනතුරුදායක බව ඉතා ම වැඩියි. මෙවැනි ස්‌ථානවල නාන්න පුළුවන් වන්නේ මෝසම් සුළං නැති කාලවල දී පමණයි.

දකුණු මුහුදු තීරයේ මෝසම් සුළං නැති කාල වකවානුව වන්නේ නොවැම්බර් සිට මාර්තු දක්‌වායි. ඒ වගේ ම මැයි, ජූනි, ජූලි නැෙ`ගනහිර මුහුදු තීරයට මෝසම් සුළං අඩු වන කාලය ලෙස පෙන්වා දිය හැකියි.

පසුගිය දා මාරක දියවැලට හසු වූ පවුල මුහුදු රළ පෑගූ ස්‌ථානය අනාරක්‌ෂිත ස්‌ථානයක්‌. කිරින්ද හම්බන්තොට මුහුද මෝසම් සුළං තිබුණත් නැතත් ඉතා සැරයි. ප්‍රචණ්‌ඩයි. කිමිදුම්කරුවන් වත් එම ස්‌ථානවල මුහුදට බහින්නේ නෑ.

ඒ වගේ ම සැම විවෘත වෙරළ තීරයක ම දියවැල් තියෙනවා. දියවැල දවසේ වේලාව මුහුදේ රළ අනුව වෙනස්‌ වනවා. පොල්හේන, හික්‌කඩුව, උණවටුන වැනි ගොඩබිමෙන් වට වෙලා තියෙන ස්‌ථානවල රළ නැහැ. පැහැදිලි වතුර තියෙනවා. ගැඹුර අඩුයි. එවැනි ස්‌ථාන ආරක්‌ෂිතයි.

ප්‍රශ්නය

දියවැල් තියෙන්නේ මුහුදේ විතර ද? මිරිදිය ජලාශවල නැද්ද?

පිළිතුර

දියවැල්, දිය සුළි අනුරාධපුරය, පොළොන්නරුව පැත්තේ වගේ ම දකුණු පළාතේ තියෙන ඇළ දොළ ගංගාවලත් තියෙනවා. ඒ නිසා මුහුදේ පමණක්‌ නො වෙයි ගෙ`ග්, ඇළේ දොළේ නාන්න ගියත් පරිස්‌සම් වීම වැදගත්. ඒ වගේ ම මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කර ජලාශවලට බැසීම නො කළ යුතුයි. දියවැල් නැතත් මත්පැන් පාවිච්චි කළ අය දියේ ගිලීමට ඉඩ තියෙනවා.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...