Skip to main content

නියඟයෙන් බැට කන අපේ ජීවිත...!



මුළුමහත් මහී තලය ම පොහොණි කරවන්නා වූ ජලය යනු සොබාදම් මාතාවන් ගෙන් අප ලද කදිම ත්‍යාගයක්‌ බව නොරහසකි. ඒ මන්ද යත් ජීවයේ පැවැත්මට අදාළ සියලු ම සංවෘත්තිය හා පරිවෘත්තීය ක්‍රියාවන් සඳහා ජලය අත්‍යවශ්‍ය සාධකයක්‌ වන අතර ම ප්‍රමාණවත් තරම් ජලය නො ලැබී ගිය හොත් ජීවයේ පැවැත්ම ද නවතිනවා නොඅනුමාන ය. බිළිඳකු පිළිසිඳගත් මවක තම කුසේහි පොහොණි වන, තමා ප්‍රසූත කළ දරුවාට ආදරය කරන්නේ යම් සේ ද මේ අපූරු වූ සොබාදම් මාතාව ද අපට ඒ හා සමාන ව ආදරය කරයි. මේ නිසා ම ලෝ වැසියන්ට උරුම ව ඇති ගංගා, දිය ඇලි, ඇළදොළ, උල්පත් ආදි ජල මූලාශ්‍ර මෙන් ම වනාන්තර ප්‍රමාණය ද අති මහත් ය. මේ මහඟු වූ සම්පත්වලින් පොහොසත් වීම නිසා ම මේ පෘථිවිතලය සැම ප්‍රාණියකුට ම ජීවිතය දීමට සමත් ව ඇත.

මේ අතරිනුත් අප සිරිලක්‌ මාතාව, ජෛව විවිධත්වය අතින් සේ ම කෘෂිකර්මයට ඔබින සාධක අතින් ගත් කල ලොව අන් සැම රටකට ම නොදෙවැනි තැනක්‌ ගෙන ඇති බව අතීතය විමසන කල මොනවට පැහැදිලි වේ. එසේ ම ජල සුරක්ෂිතතාව මෙන් ම අනාගතය ගැන සිතූ අතීත රජ දරුවන් නියං කලට ප්‍රයෝජනයට ගනු වස්‌ ඉදි කළ දස දහස්‌ ගණනක්‌ වූ වාරි පද්ධතීන් ද අපට මහත් වූ අස්‌වැසිල්ලක්‌ ගෙන දෙන සම්පතක්‌ විය. ඒ සියල්ලෙහි ම ප්‍රතිඵලයක්‌ ලෙස 'ඉන්දියන් සාගරයේ මුතු ඇටය', 'පෙරදිග ධාන්‍යාගාරය' යන නාමයන් ගෙන් පතල වීමට හැකි වීම ද ශ්‍රී ලාංකිකයන් ලෙස අප සැම ලැබූ ජයග්‍රහණයක්‌ සේ ම මහත් ආඩම්බරයකි. කාලය ක්‍රමයෙන් ගෙවී ගොස්‌ හමාර ය. ජෛව විවිධත්වයෙන් අග තැන්පත් සේ ම කෘෂිකර්මාන්තයෙන් හිනි පෙතෙහි සිටි අප ලක්‌ මාතාවට අද කුමක්‌ සිදු වී ඇත් ද යන්න සිහි එළඹගන්නා කල නෙතට නැඟෙන කඳුළු නවත්වාගැනීම තරමක්‌ අසීරු ය. මේ සඳහා හේතු පාදක වූ කරුණු බොහොමයක්‌ පවතින නමුදු සිත් පිත් නැති ලෙස සිදු කරන්නා වූ පරිසර විනාශය මේ සඳහා Rජු ව ම බලපා ඇත. එක්‌සත් ජාතීන්ගේ දත්තයන්ට අනුව පරිසරය විනාශ කිරීමේ රටවල් ප්‍රමුඛතාගත කිරීමේ ලැයිස්‌තුවේ මුල් රටවල් කිහිපය අතරට අප ශ්‍රී ලංකා මාතාව ද එක්‌ වීම ජාතියක්‌ ලෙස අප වැටුණු මහා ඛේදනීය තත්ත්වයක්‌ බව ඉඳුරා ම කිව යුතු ය.

ගංවතුර, නාය යැම්, නියං තත්ත්ව මෙයට දශක දෙකකට පමණ පෙර ශ්‍රී ලාංකිකයන් වන අපට එතරම් සමීප වචන නො වන බව අප සැම හොඳින් දන්නා කාරණයකි. වර්තමානය වන විට මුළු ලොව ම දේශගුණ විපර්යාසයන්ගේ ප්‍රතිඵලයන් ලෙස හටගන්නා ස්‌වාභාවික විපත්වලට හසු වෙමින් පැවතිය ද ජෛව විවිධත්වයෙන් හා ස්‌වාභාවික සෞන්දර්යයෙන් අග තැන්පත් අප සිරිලක මෙහි දරුණු ගොදුරක්‌ වීම අපගේ ම වැරැදි නිසා සිදු වී ඇති බව දැන් දැන් ඔප්පු වී හමාර ය. පරිසරය හා අධ්‍යයනයේ නියෑළෙන්නන් මෙන් ම පරිසරවේදීන්ට අනුව පරිසරයේ උෂ්ණත්වය පාලනය කරමින් ජීවීන්ට ජීවත් වීමට සුදුසු ප්‍රශස්‌ත පරිසරයක්‌ ගොඩනැඟීමට මේ සොබාදහමේ පවතින ප්‍රධානතම සම්පත අප වටා පවතින තුරුලතාවන් ය. එතකින් නො නැවතී අපට අවශ්‍ය ආහාරපාන, පිරිසිදු වාතය මෙන් ම ජීවිතය බැඳී පවතින ජල සම්පත සුරකිනුයේ ද අපූරු වූ මේ තුරුලතාවන් ය. එසේ ම දිනෙන් දින ලෝකයේ සැම රටක ම මෙන් ම අප ලක්‌ මාතාවන්ගේ ද ජනගහනය ඉහළ යන බව සෑබැවකි. මෙසේ ඉහළ යන ජනගහනයට ඉඩකඩම් අවශ්‍ය බව ද සැබෑවකි. එහෙත් අප අපගේ පරිසරයෙන් සම්පත් භුක්‌ති විඳිය යුත්තේ හෙට දවස ගැන ද සිතමිනි. පරිසරවේදීන්ට අනුව මානව ක්‍රියාකාරකම් නිසා පරිසරයට එකතු කරමින් පවතින කාබන්ඩයොක්‌සයිඩ් (CO2) වායුව හේතු කොටගෙන පරිසර උෂ්ණත්වය ඉහළ යමින් පවතින අතර එයට සමගාමී ව තුරුලතා ගහනය අඩු වීම ද මෙයට හේතුව වී ඇති බව අනාවරණය වෙයි. ඒ මන්ද යත් පරිසරයට එකතු වන Cධ2 අවශෝෂණය කරගැන්මට මෙන් ම ජලය සහ හිරු එළිය ආධාරයෙන් අපට අවශ්‍ය ආහාරපාන ලබා දිය හැකි මේ සොබාදහමේ පවතින එක ම සම්පත මේ තුරුලතාවන් බැවිනි. මීට වසර 40කට පමණ පෙර අප සිරිලකෙහි පැවැති මුළු භූමි ප්‍රමාණයෙන් 50%ක්‌ පමණ වනාන්තර වුව ද වර්තමානය වන විට අප සතු ව පවතින වනාන්තර ප්‍රමාණය 25%කට වඩා අඩු මට්‌ටමකට පහත වැටීම බියකරු හෙට දවසක සොහොන් ලකුණු සනිටුහන් කරවයි. කෘෂිකර්මාන්තයේ හිනිපෙතෙහි සිටි අප ලක්‌ මාතාව ඉතා බියකරු හෙටකට ගොදුරු වෙමින් පවතී. මේ සඳහා ද විවිධ වූ හේතු කාරණා සමුදායක්‌ පවතින නමුදු අපගේ ජල සම්පත විනාශ වෙමින් පැවතීම ඉන් ප්‍රමුඛ වේ. භූ විද්‍යාඥයන්ට අනුව පෘථිවි ගෝලයෙන් 70%ක්‌ පමණ ජලය පවතින අතර එයින් 97%ක්‌ කරදිය ජලය ද සියයට දෙකක්‌ (2%) අයිස්‌ කඳු හා ග්ලැසියර ද සියයට එකක්‌ (1%) මිරිදිය ජලය ද වේ. අපගේ එදිනෙදා අවශ්‍යතාවන්ට මෙන් ම කෘෂිකර්මාන්තය සඳහා ද අප යොදාගන්නේ සියයට එකක්‌ (1%) තරම් වූ මේ මිරිදිය ජලයයි. එම ජලයත්, අප පරිසරයට සිදු කරන්නා වූ වින කිරීම් නිසා සහ හරිත විප්ලවයේ ප්‍රතිඵලයන් ලෙස අසීමාන්තික ව වැළඳගත් පළිබෝධනාශක නිසා විනාශ වෙමින් පවතී. තත්ත්වය එසේ තිබිය දී පරිසරවේදීන්, වර්ෂ 2025 වන විට මිහිතලයෙන් අඩක්‌ පමණ කාන්තාරයක්‌ බවට පත් වන බවටත්, වර්ෂ 2050 වන විට පානීය ජල අවශ්‍යතාව උදෙසා පවතින තරගය හේතුවෙන් එක්‌ පුද්ගලයකු අනෙක්‌ පුද්ගලයා මරණයට පත් කරවීමට ඉඩ ඇති බවටත් අනතුරු හඟවා ඇත. දැන් දැන් එහි සොහොන් ලකුණු අපට ජීවමාන ව පිළිබිඹු කරමින් පැවතීම භයානක හෙට දවසක්‌ විදහා පායි.

වැව් දහස්‌ ගණනක්‌ මනා ලෙස නඩත්තු වූ අප සිරිලකෙහි මේ මොහොත වන විට එම වැව් බොහොමයක්‌ සිඳී ගොස්‌ හමාර ය. ජලය මඳ වශයෙන් හෝ ඉතිරි ව ඇත්තේ මධ්‍ය වාරි හා මහා වාරි පද්ධතියට අයත් වැව් අතළොස්‌සක පමණි. ගෙවී ගිය මාස කිහිපයෙහි සිට මේ මොහොත දක්‌වා ඇතුගල් පුරවරයේ සහ රජරට පුරවරයේ වැව් බොහොමයක්‌ මේ ලේඛකයාගේ නෙත ගැටුණු අතර මේ වන විටත් ඒවා බොහොමයක්‌ හිස්‌ ක්‍රීඩා පිට්‌ටනි බවට පත් ව තිබීම නෙතට කඳුළැලි ගෙන දෙයි. තව ද බොහොමයක්‌ පෙදෙස්‌හි පැවැති භූගත ජලය, පානීය ජල ප්‍රභවයක්‌ ලෙස භාවිතය නුසුදුසු ලෙස නම් කර ඇත. එසේ ම හඳුනා නො ගත් වකුගඩු රෝගයෙන් ද එම පෙදෙස්‌ ගිලගෙන අවසන් ය. පරිසර උෂ්ණත්වය ඉහළ යැම නිසා ම භූගත ජලය ද පහළ ගොස්‌ ඇත. ඇතැම් පෙදෙස්‌ ගෙවුණු මාස හතක කාලය පුරාවට ම වැසි බිඳක පහස ලබා නැත. රාජ්‍යය, රාජ්‍යය නො වන සංවිධාන හා ප්‍රජා සංවිධාන මඟින් පානීය ජල අවශ්‍යතාව සැපයුව ද ගොවිතැන් කටයුතු සඳහා අවැසි ජලය නොමැති වීම හේතුවෙන් බොහොමයක්‌ ගොවීන් දැඩි අසරණ තත්ත්වයකට මුහුණ පා ඇත. මේ සියල්ල කෙරෙහි අවධානය යොමු කරන විට භයානක හෙට දවසක සේයාවක්‌ පෙන්නුම් කරන බව මොනවට පැහැදිලි වේ. අප සැම කෙනකු ම ජීවිතයේ සොයනුයේ සතුට බව ඒකාන්ත ය. එසේ නම් අපි අපගේ සොබාදම් මාතාව, මේ තුරුලතාවන් රැකගනිමු. අපගේ අවශ්‍යතාවන්ට තුරුලතාවන් අවශ්‍ය වුව ද එයට ඌන පූරණයක්‌ වශයෙන් අලුතින් පැළ සිටුවා ආදරයෙන් රැක බලාගැනීම අපගේ සදාතනික වගකීමකි. එසේ ම නියං සමයේ වුව ද කෘෂිකර්මාන්තයට පන්නරයක්‌ ලබා දුන්, දැනට බිඳ වැටී ඇති අපගේ වාරි පද්ධතිය යළි ගොඩ නඟාගනිමින් අප ගෙන් මේ ධරණි තලයට ඉටු විය යුතු සමාජීය හා පාරිසරික වගකීම නො පිරිහෙළා ඉටු කරමු. එසේ කිරීම මඟින් ම පමණක්‌ ඔබ අප බලාපොරොත්තු වන සදාතනික සතුට ළඟා වනු නොඅනුමාන ය. දරුණු ලෙස මියෑදෙමින් පවතින මේ සොබාදම් මාතාව බේරාගැනීම සඳහා තවමත් අප ප්‍රමාද නැත. දැන් දැන් සිදු වෙමින් පවතින මේ ව්‍යසනයන් නවතා ලීමට දිවි හිමියෙන් කැප වීම මත ම හෙට දවසේ අපගේ අනාගතය තීරණය වනු ඇත.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...