Skip to main content

නියඟයෙන් බැට කන අපේ ජීවිත...!



මුළුමහත් මහී තලය ම පොහොණි කරවන්නා වූ ජලය යනු සොබාදම් මාතාවන් ගෙන් අප ලද කදිම ත්‍යාගයක්‌ බව නොරහසකි. ඒ මන්ද යත් ජීවයේ පැවැත්මට අදාළ සියලු ම සංවෘත්තිය හා පරිවෘත්තීය ක්‍රියාවන් සඳහා ජලය අත්‍යවශ්‍ය සාධකයක්‌ වන අතර ම ප්‍රමාණවත් තරම් ජලය නො ලැබී ගිය හොත් ජීවයේ පැවැත්ම ද නවතිනවා නොඅනුමාන ය. බිළිඳකු පිළිසිඳගත් මවක තම කුසේහි පොහොණි වන, තමා ප්‍රසූත කළ දරුවාට ආදරය කරන්නේ යම් සේ ද මේ අපූරු වූ සොබාදම් මාතාව ද අපට ඒ හා සමාන ව ආදරය කරයි. මේ නිසා ම ලෝ වැසියන්ට උරුම ව ඇති ගංගා, දිය ඇලි, ඇළදොළ, උල්පත් ආදි ජල මූලාශ්‍ර මෙන් ම වනාන්තර ප්‍රමාණය ද අති මහත් ය. මේ මහඟු වූ සම්පත්වලින් පොහොසත් වීම නිසා ම මේ පෘථිවිතලය සැම ප්‍රාණියකුට ම ජීවිතය දීමට සමත් ව ඇත.

මේ අතරිනුත් අප සිරිලක්‌ මාතාව, ජෛව විවිධත්වය අතින් සේ ම කෘෂිකර්මයට ඔබින සාධක අතින් ගත් කල ලොව අන් සැම රටකට ම නොදෙවැනි තැනක්‌ ගෙන ඇති බව අතීතය විමසන කල මොනවට පැහැදිලි වේ. එසේ ම ජල සුරක්ෂිතතාව මෙන් ම අනාගතය ගැන සිතූ අතීත රජ දරුවන් නියං කලට ප්‍රයෝජනයට ගනු වස්‌ ඉදි කළ දස දහස්‌ ගණනක්‌ වූ වාරි පද්ධතීන් ද අපට මහත් වූ අස්‌වැසිල්ලක්‌ ගෙන දෙන සම්පතක්‌ විය. ඒ සියල්ලෙහි ම ප්‍රතිඵලයක්‌ ලෙස 'ඉන්දියන් සාගරයේ මුතු ඇටය', 'පෙරදිග ධාන්‍යාගාරය' යන නාමයන් ගෙන් පතල වීමට හැකි වීම ද ශ්‍රී ලාංකිකයන් ලෙස අප සැම ලැබූ ජයග්‍රහණයක්‌ සේ ම මහත් ආඩම්බරයකි. කාලය ක්‍රමයෙන් ගෙවී ගොස්‌ හමාර ය. ජෛව විවිධත්වයෙන් අග තැන්පත් සේ ම කෘෂිකර්මාන්තයෙන් හිනි පෙතෙහි සිටි අප ලක්‌ මාතාවට අද කුමක්‌ සිදු වී ඇත් ද යන්න සිහි එළඹගන්නා කල නෙතට නැඟෙන කඳුළු නවත්වාගැනීම තරමක්‌ අසීරු ය. මේ සඳහා හේතු පාදක වූ කරුණු බොහොමයක්‌ පවතින නමුදු සිත් පිත් නැති ලෙස සිදු කරන්නා වූ පරිසර විනාශය මේ සඳහා Rජු ව ම බලපා ඇත. එක්‌සත් ජාතීන්ගේ දත්තයන්ට අනුව පරිසරය විනාශ කිරීමේ රටවල් ප්‍රමුඛතාගත කිරීමේ ලැයිස්‌තුවේ මුල් රටවල් කිහිපය අතරට අප ශ්‍රී ලංකා මාතාව ද එක්‌ වීම ජාතියක්‌ ලෙස අප වැටුණු මහා ඛේදනීය තත්ත්වයක්‌ බව ඉඳුරා ම කිව යුතු ය.

ගංවතුර, නාය යැම්, නියං තත්ත්ව මෙයට දශක දෙකකට පමණ පෙර ශ්‍රී ලාංකිකයන් වන අපට එතරම් සමීප වචන නො වන බව අප සැම හොඳින් දන්නා කාරණයකි. වර්තමානය වන විට මුළු ලොව ම දේශගුණ විපර්යාසයන්ගේ ප්‍රතිඵලයන් ලෙස හටගන්නා ස්‌වාභාවික විපත්වලට හසු වෙමින් පැවතිය ද ජෛව විවිධත්වයෙන් හා ස්‌වාභාවික සෞන්දර්යයෙන් අග තැන්පත් අප සිරිලක මෙහි දරුණු ගොදුරක්‌ වීම අපගේ ම වැරැදි නිසා සිදු වී ඇති බව දැන් දැන් ඔප්පු වී හමාර ය. පරිසරය හා අධ්‍යයනයේ නියෑළෙන්නන් මෙන් ම පරිසරවේදීන්ට අනුව පරිසරයේ උෂ්ණත්වය පාලනය කරමින් ජීවීන්ට ජීවත් වීමට සුදුසු ප්‍රශස්‌ත පරිසරයක්‌ ගොඩනැඟීමට මේ සොබාදහමේ පවතින ප්‍රධානතම සම්පත අප වටා පවතින තුරුලතාවන් ය. එතකින් නො නැවතී අපට අවශ්‍ය ආහාරපාන, පිරිසිදු වාතය මෙන් ම ජීවිතය බැඳී පවතින ජල සම්පත සුරකිනුයේ ද අපූරු වූ මේ තුරුලතාවන් ය. එසේ ම දිනෙන් දින ලෝකයේ සැම රටක ම මෙන් ම අප ලක්‌ මාතාවන්ගේ ද ජනගහනය ඉහළ යන බව සෑබැවකි. මෙසේ ඉහළ යන ජනගහනයට ඉඩකඩම් අවශ්‍ය බව ද සැබෑවකි. එහෙත් අප අපගේ පරිසරයෙන් සම්පත් භුක්‌ති විඳිය යුත්තේ හෙට දවස ගැන ද සිතමිනි. පරිසරවේදීන්ට අනුව මානව ක්‍රියාකාරකම් නිසා පරිසරයට එකතු කරමින් පවතින කාබන්ඩයොක්‌සයිඩ් (CO2) වායුව හේතු කොටගෙන පරිසර උෂ්ණත්වය ඉහළ යමින් පවතින අතර එයට සමගාමී ව තුරුලතා ගහනය අඩු වීම ද මෙයට හේතුව වී ඇති බව අනාවරණය වෙයි. ඒ මන්ද යත් පරිසරයට එකතු වන Cධ2 අවශෝෂණය කරගැන්මට මෙන් ම ජලය සහ හිරු එළිය ආධාරයෙන් අපට අවශ්‍ය ආහාරපාන ලබා දිය හැකි මේ සොබාදහමේ පවතින එක ම සම්පත මේ තුරුලතාවන් බැවිනි. මීට වසර 40කට පමණ පෙර අප සිරිලකෙහි පැවැති මුළු භූමි ප්‍රමාණයෙන් 50%ක්‌ පමණ වනාන්තර වුව ද වර්තමානය වන විට අප සතු ව පවතින වනාන්තර ප්‍රමාණය 25%කට වඩා අඩු මට්‌ටමකට පහත වැටීම බියකරු හෙට දවසක සොහොන් ලකුණු සනිටුහන් කරවයි. කෘෂිකර්මාන්තයේ හිනිපෙතෙහි සිටි අප ලක්‌ මාතාව ඉතා බියකරු හෙටකට ගොදුරු වෙමින් පවතී. මේ සඳහා ද විවිධ වූ හේතු කාරණා සමුදායක්‌ පවතින නමුදු අපගේ ජල සම්පත විනාශ වෙමින් පැවතීම ඉන් ප්‍රමුඛ වේ. භූ විද්‍යාඥයන්ට අනුව පෘථිවි ගෝලයෙන් 70%ක්‌ පමණ ජලය පවතින අතර එයින් 97%ක්‌ කරදිය ජලය ද සියයට දෙකක්‌ (2%) අයිස්‌ කඳු හා ග්ලැසියර ද සියයට එකක්‌ (1%) මිරිදිය ජලය ද වේ. අපගේ එදිනෙදා අවශ්‍යතාවන්ට මෙන් ම කෘෂිකර්මාන්තය සඳහා ද අප යොදාගන්නේ සියයට එකක්‌ (1%) තරම් වූ මේ මිරිදිය ජලයයි. එම ජලයත්, අප පරිසරයට සිදු කරන්නා වූ වින කිරීම් නිසා සහ හරිත විප්ලවයේ ප්‍රතිඵලයන් ලෙස අසීමාන්තික ව වැළඳගත් පළිබෝධනාශක නිසා විනාශ වෙමින් පවතී. තත්ත්වය එසේ තිබිය දී පරිසරවේදීන්, වර්ෂ 2025 වන විට මිහිතලයෙන් අඩක්‌ පමණ කාන්තාරයක්‌ බවට පත් වන බවටත්, වර්ෂ 2050 වන විට පානීය ජල අවශ්‍යතාව උදෙසා පවතින තරගය හේතුවෙන් එක්‌ පුද්ගලයකු අනෙක්‌ පුද්ගලයා මරණයට පත් කරවීමට ඉඩ ඇති බවටත් අනතුරු හඟවා ඇත. දැන් දැන් එහි සොහොන් ලකුණු අපට ජීවමාන ව පිළිබිඹු කරමින් පැවතීම භයානක හෙට දවසක්‌ විදහා පායි.

වැව් දහස්‌ ගණනක්‌ මනා ලෙස නඩත්තු වූ අප සිරිලකෙහි මේ මොහොත වන විට එම වැව් බොහොමයක්‌ සිඳී ගොස්‌ හමාර ය. ජලය මඳ වශයෙන් හෝ ඉතිරි ව ඇත්තේ මධ්‍ය වාරි හා මහා වාරි පද්ධතියට අයත් වැව් අතළොස්‌සක පමණි. ගෙවී ගිය මාස කිහිපයෙහි සිට මේ මොහොත දක්‌වා ඇතුගල් පුරවරයේ සහ රජරට පුරවරයේ වැව් බොහොමයක්‌ මේ ලේඛකයාගේ නෙත ගැටුණු අතර මේ වන විටත් ඒවා බොහොමයක්‌ හිස්‌ ක්‍රීඩා පිට්‌ටනි බවට පත් ව තිබීම නෙතට කඳුළැලි ගෙන දෙයි. තව ද බොහොමයක්‌ පෙදෙස්‌හි පැවැති භූගත ජලය, පානීය ජල ප්‍රභවයක්‌ ලෙස භාවිතය නුසුදුසු ලෙස නම් කර ඇත. එසේ ම හඳුනා නො ගත් වකුගඩු රෝගයෙන් ද එම පෙදෙස්‌ ගිලගෙන අවසන් ය. පරිසර උෂ්ණත්වය ඉහළ යැම නිසා ම භූගත ජලය ද පහළ ගොස්‌ ඇත. ඇතැම් පෙදෙස්‌ ගෙවුණු මාස හතක කාලය පුරාවට ම වැසි බිඳක පහස ලබා නැත. රාජ්‍යය, රාජ්‍යය නො වන සංවිධාන හා ප්‍රජා සංවිධාන මඟින් පානීය ජල අවශ්‍යතාව සැපයුව ද ගොවිතැන් කටයුතු සඳහා අවැසි ජලය නොමැති වීම හේතුවෙන් බොහොමයක්‌ ගොවීන් දැඩි අසරණ තත්ත්වයකට මුහුණ පා ඇත. මේ සියල්ල කෙරෙහි අවධානය යොමු කරන විට භයානක හෙට දවසක සේයාවක්‌ පෙන්නුම් කරන බව මොනවට පැහැදිලි වේ. අප සැම කෙනකු ම ජීවිතයේ සොයනුයේ සතුට බව ඒකාන්ත ය. එසේ නම් අපි අපගේ සොබාදම් මාතාව, මේ තුරුලතාවන් රැකගනිමු. අපගේ අවශ්‍යතාවන්ට තුරුලතාවන් අවශ්‍ය වුව ද එයට ඌන පූරණයක්‌ වශයෙන් අලුතින් පැළ සිටුවා ආදරයෙන් රැක බලාගැනීම අපගේ සදාතනික වගකීමකි. එසේ ම නියං සමයේ වුව ද කෘෂිකර්මාන්තයට පන්නරයක්‌ ලබා දුන්, දැනට බිඳ වැටී ඇති අපගේ වාරි පද්ධතිය යළි ගොඩ නඟාගනිමින් අප ගෙන් මේ ධරණි තලයට ඉටු විය යුතු සමාජීය හා පාරිසරික වගකීම නො පිරිහෙළා ඉටු කරමු. එසේ කිරීම මඟින් ම පමණක්‌ ඔබ අප බලාපොරොත්තු වන සදාතනික සතුට ළඟා වනු නොඅනුමාන ය. දරුණු ලෙස මියෑදෙමින් පවතින මේ සොබාදම් මාතාව බේරාගැනීම සඳහා තවමත් අප ප්‍රමාද නැත. දැන් දැන් සිදු වෙමින් පවතින මේ ව්‍යසනයන් නවතා ලීමට දිවි හිමියෙන් කැප වීම මත ම හෙට දවසේ අපගේ අනාගතය තීරණය වනු ඇත.

Comments

Popular posts from this blog

7 Riveting Facts about the Kandos Man – Upali Wijewardene

Source:  abpic.co.uk  Written by – Ranuli at Omebiz Philip Upali Wijewardene, better known as Upali Wijewardene was one of the most flamboyant and prominent businessman with an empire that not only dominated the Sri Lankan business landscape but also went global. He was Sri Lanka’s first homegrown tycoon and the founder and Chairman of Upali Group, Sri Lanka’s first multi-national business. Upali Wijewardene kick-started his career as a management trainee at Lever Brothers (now known as  Unilever ) where he managed to lock down the job simply based on his basic dining etiquette. However, due to a disagreement with the Chairman of the company, Upali left his job at Lever Brothers. Following the death of his uncle, the Late Senator Sarath Chandradasa, Upali took over  Kandos  with the substantial shares that were allocated to him. The company struggled with the lack of sales, Upali modernized the production process boosting their sales off the charts. Kando...

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළ...

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...