Skip to main content

හොඳම ඉඩමක නිවස සාදන්න

na8 1වාස්තු විද්‍යානුකූලව නිවසක් සෑදීම සඳහා ප‍්‍රථමයෙන් ඉඩමක් තෝරාගත යුතුය. ඒ සඳහා අවධානය යොමු කළ යුතු කරුණු කීපයක් තිබේ. මේ කරුණුවල පෙනෙන සාධක හා නොපෙනෙන සාධක යන දෙකම ඇත.
 
 ඔබ ඉඩමක් ගැනීමේදී පහත සඳහන් අභියෝග ඒ ඉඩමට තිබේ නම් ඒ ඉඩම අත්හරින්න.
 
 1. අකුණු වැදුණු ඉඩම්, ගල්කොරි සහිත ඉඩම් සොහොන් බිම්, සෑම තැනම හුඹස් බැඳ ඇති ඉඩම්, නිතර දිය සීරාව ඇති ඉඩම්, කොඩිවින හූනියම් කර ඇති බවට ස්ථිරවම දැනගැනීමට ඇති ඉඩම්, මැණික් ගැරීමෙන්, ගඩොල් කැපීමෙන්, වළවල් හා අගල් සහිතව නිතරම මඩ වන ඉඩම් ගැනීමෙන් වළකින්න.
 
 2. නෛතික වශයෙන් ගත් විට හවුල් ඉඩම්, ඉඩමේ ඉතිහාසය බැලූ විට අයිතිවාසිකම් පැහැදිලි නැති ඉඩම්, යාබද ඉඩම් කොටසට අදාළව අනාගතයේදී යෙදෙන වැඩසටහන අනුව පවරා ගැනීමට ලක්වන ඉඩම්
 
 ගැනීමෙන් වළකින්න.
 
 3 ඉඩමක් ගැනීමට පෙර ඒ ඉඩමට ඇති යටිතල පහසුකම් සොයා බලන්න. විශේෂයෙන්ම ගමනාගමන පහසුකම් තිබිය යුතුයි. කුමන හෝ ක‍්‍රමයකට ජලය තිබිය යුතුයි. විදුලිබල පහසුකම් තිබේද එය අත්‍යාවශ්‍යයි. පාසල්, රෝහල්, බැංකු, පූජනීය ස්ථාන වැනි පහසුකම් තිබිය යුතුයි. මීට පෙර පදිංචිව සිටි මිනිසුන්ට කිසිම දියුණුවක් සිදු නොවේ නම්, ආගන්තුක කරදර නිතර යෙදුණේ නම්, ඒ ඉඩම ගැනීමෙන් වළකින්න.
 
 4. මීට පෙර පදිංචි වූ අයට නිතර රෝග පීඩා ඇතිවූවා නම්, එහි පදිංචිව සිටි අය අකල් මරණවලට ලක් වූවානම් ඒ භූමිය ගැනීමෙන් වළකින්න.
 
 5. පූජනීය ස්ථානවලට අදාළ ඉඩම්, පුරාවස්තු සහිත ඉඩම්, යක්ෂ, භූත, පේ‍්‍රත, පිශාච, කුම්භාණ්ඩ බැල්ම ඇති බවට ස්ථිර සාධක ඇති ඉඩම් ගැනීමෙන් වළකින්න.
 
 6. සොහොන් පිටි, සත්ව ඝාතන ස්ථාන ආසන්නයේ ඇති ඉඩම් මීට පෙර භාවිත කළ වැසිකිළි සහිත ඉඩම්, කර්මාන්තශාලාවල අපද්‍රව්‍ය රැුස් කරන ඉඩම්, මිලදී
 
 ගැනීමෙන් වළකින්න.
 
 7. අධිබලැති විදුලි රැහැන් යට ඇති ඉඩම්, ගිනිගත් ගොඩනැඟිලි පිහිටි ඉඩම්, වරින් වර ජල ගැල්මට ලක්වන ඉඩම්, නාය යාම්වලට භාජන විය හැකි බවට වාර්තා ඇති ඉඩම් ගැනීමෙන් වළකින්න.
 
 8. ආරක්‍ෂක පුහුණු කඳවුරු අසල ඇති ඉඩම් ද සුදුසු නැත. එහි සඳහන් පාඨමාලා අනුව, රාති‍්‍ර කාලයේ වෙඩි පුහුණු පාඨමාලාවේ පිපිරීම් නිසා ඔබ මානසික පීඩාවට පත් වේ. ගම් මැද පිහිටි එවැනි කඳවුරු අවට භූමි සොයා බලන්න. දැනට අකුරම්බොඩ විදුහල කලක් ආරක්‍ෂක පුහුණු කඳවුරක්ව තිබුණේය. හොරණ ආසන්නයේ පිහිටි කුඹුක පුහුණු කඳවුර අදටත්
 
 ගම්මානයක් මැද ඇත. ඒ අවට ඉඩම්වල පදිංචිකරුවන්ට පුහුණු කටයුතුවල ස්වභාවය ජීවන ක‍්‍රමයට බාධාවක් වී ඇත. වෙඩි තලා අසලදී ඉලක්ක වැරදීම් අනුව අවට පදිංචි ඉඩම්වලට උණ්ඩ වැටෙන අවස්ථා ඇත. ඒවා මාරාන්තික නොවූවද තුවාල සිදු කිරීමට ප‍්‍රමාණවත්ය. කුඩා ළමයින්ට නම් තරමක් බරපතළ තුවාල වීමට ඉඩ ඇත.
 
 9. විශාල ලෙස කළු ගල් පැතිරී ඇති බිම් මිලදී
 
 ගැනීමට සුදුසු නැත. ගමන් අපහසුව හා ජල අපහසුව සේම එම භූමියේ වගා කටයුතු කිරීම අපහසු නම් එම භූමිය මිලදී ගැනීම සුදුසු නැත.
 
 10. යම් යම් ප‍්‍රදේශවලට අනුව පර්ච්. 1 ක ස්ථාවර මිලක් ඇත. ප‍්‍රදේශයේ හැටියට පමණට වඩා ලාභ ඉඩම් ගැන අවධානයෙන් සිටින්න. ඉඩම ලාභ කිරීමට හේතුව අවදානමක් විය හැක.
 
 11. ගම් දෙකක් බෙදෙන තැන රජයේ බෙදීම් අනුව එම ගම් දෙකටම අයිති වන ඉඩම් සුදුසු නැත. ප‍්‍රසිද්ධ මාර්ග දෙකකට මායිම් වන ආකාරයට පිහිටි තීරු ඉඩම් පදිංචියට සුදුසු නැත. නාගයන්, ගැරඬින් වැනි සර්පයන් නිතර ගැවසෙන ඉඩම් සුදුසු නැත.
 
 12. ඉඩමේ ගවයෙක් බැඳීමෙන් ඒ ගවයා කුලප්පු වේ නම්, ඒ ඉඩම මිලදී ගැනීම සුදුසු නැත. අධිවේගී මාර්ගවලට අනාගතයේදී යටවන ඉඩම්, අධි ආරක්ෂිත කලාපවලට අයිති ඉඩම්, අතීතයේ යම් යම් සිද්ධීන් උඩ සාපයට ලක්වූ ඉඩම් මිලදී ගැනීමට සුදුසු නැත.
 
 13. ඇළදොළවල් ගලා ගෙන යන විට එහි ශබ්දය ඇසෙන සීමාවේ ඇති ඉඩම් පදිංචියට සුදුසු නැත. ජනප‍්‍රවාදයට අනුව උමං මාර්ග සහිත ඉඩම් මිලදී
 
 ගැනීමෙන් වළකින්න.
 
 14. මනුස්ස ඝාතනයට ලක්වූ ඉඩම්, නිතර වාහන අනතුරු සිදුවන ස්ථානයකට ආසන්නව ඇති ඉඩම් භූමියේ ඇති බොහෝ ගස්වල බෙන සහිත නම්, එම ඉඩම් පදිංචියට සුදුසු නැත. නිතර, නිතර සොරුන්ගේ අනර්ථයට ලක්වන ඉඩම්, පූජනීය ගස් වන බෝ, නුග, වැනි ගස් අයිති ඉඩම්, කපුටන්, වවුලන් හා වෙනත් කුරුල්ලන් වාසය කරන ඉඩම් පදිංචියට සුදුසු නැත.
 
 15. ඉඩමේ හැඩ තලය ගැන බලන්න. ති‍්‍රකෝණාකාර ඉඩම්, උල් හැඩයේ ඉඩම්, පදිංචියට සුදුසු නැත. ප‍්‍රයෝග සම්පත්තියෙන් ඒ ඉඩම්වලට සුදුසු හැඩතලයන් ගැනීමට හැකි දැයි බලන්න. එසේ ගැනීමට නොහැකි නම්, මිලදී ගැනීමෙන් වළකින්න. ප‍්‍රසිද්ධ නාන තොටුපළක් අසල ඇති ඉඩම් සහ දිගු කලක් තිස්සේ ඉඩම් නඩුවලට ලක්වූ ඉඩම් මිලදී ගැනීමෙන් වළකින්න.
 
 16. විෂම භාහු සහිත ඉඩම්, බ‍්‍රහත්මුක හැඩයේ ඉඩම්, ශකට හැඩයේ ඉඩම්, පොරෝ තලයේ හැඩය ඇති ඉඩම්, දුන්නක හැඩතල ගත් ඉඩම්, පනා බෙරයක හැඩය ගත් ඉඩම්, කුල්ලක හැඩය ගත් ඉඩම් මිලදී
 
 ගැනීමෙන් වළකින්න.
 
 17. භූමියේ ඇති ගස් කොළන් දෙස බලන්න. ඒවා නිසරු නම්, අතු කඩාවැටෙනවා නම් එම ඉඩම මිලදී ගැනීමෙන් වළකින්න.
 
 18. මැති ඇමැතිවරුන්ගේ නිවෙස් අසල ඉඩම් ද, සාමාන්‍ය මිනිසාට පදිංචි වීමට සුදුසු නැති බව කියා ඇත. මත්පැන් ශාලා ළඟ, රාති‍්‍ර සමාජශාලා ළඟ ඇති ඉඩම් ද මිලදී ගැනීමෙන් වළකින්න.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...