Skip to main content
මානසික රෝග ඉතිහාසය ගැන කතා බහ කිරීමේදී ලෝකයේ පැරණිතම මානසික රෝග වර්ගීකරණය අපට මුණගැසෙන්නේ ආයුර්වේදයේ දේශීය වෛද්‍යා ක‍්‍රමයේ සහ බුදුදහමෙහිය. බුදු දහමේ එන ඩරිමුඛ ජාතකය, සල්ලේඛ සුත‍්‍රය වැනි සුත‍්‍රවල මනෝ රෝග කාරක පිළිබඳවත්, අංගුත්තර නිකායේ දුඛ නිපාතයේ රෝග සුත‍්‍රයෙහි මිනිසුන්ට මානසික රෝග වැළඳීමට ඇති අවදානම පිළිබඳවත්, දීර්ඝ වශයෙන් සාකච්ඡුා කර තිබේ. එමෙන්ම දුෂ්ඨාංග ආයුර්වේදයේ භූත විද්‍යාා තන්ත‍්‍රයේද මිනිසාට වැළඳෙන මනෝ රෝග පිළිබඳ සඳහන් කර ඇත. අපේම ගහ කොළවලින් පෝෂණය වන්නාවූ අපේම මුතුන් මිත්තන් ගේ දැනුමින් සංවර්ධනය වුණා වූ අපේම වෙදකමක් වන නීලම් මහර මානසික රෝග වර්ගීකරණයේ මිනිසාට වැළඳෙන මානසික රෝග 22 ක් පිළිබඳ සහ එම රෝගවලට බලපාන රෝග නිධාන පිළිබඳවත් දීර්ඝ කතිකාවක් තිබේ. මෙම කතිකාව තුළ ඉදිරිපත් වන මෙම වර්ගීකරණයේ කතා කරන මානසික රෝග වර්ගීකරණය සමග සංසන්දනය කිරීමේදී පවා පැහැදිලි වන්නේ මීට වසර ගණනාවකට ඉහත ඈත අතීතයේදී මානව චර්යාවන් අධ්‍යයනය කොට එම චර්යාවන්ගේ සාමාන්‍ය තත්ත්වයන්, අසාමාන්‍ය තත්ත්වයන්ට පත් වෙමින් ඇතිවන මෙම මානසික රෝග වර්ගීකරණය නූතන බටහිර වෛද්‍යා විද්‍යාවේ මානසික රෝග වර්ගිකරණය හා සායනිකව ඉතාම කිට්ටුවෙන් යන බවයි.
 
 මෙහිදී ප‍්‍රධාන වශයෙන් පුද්ගලයාට වැළඳෙන මානසික රෝග ප‍්‍රධාන කොටස් 2 ක් වන අතර එය දෝෂ උන්මාදය සහ භූත උන්මාදය වශයෙන් හැඳින්වේ.
 
 දෝෂ උන්මාදය වශයෙන් පුද්ගලයාගේ ශරීරයේ සමතුලිතතාව, සමබරතාව පවත්වාගෙන යෑම සඳහා උදවූ වන දෝෂ තත්ත්වයන් එම සමබර ක‍්‍රියාකාරිත්වයෙන් මිදී යම්කිසි වූ අසම්බරතාවන් ඇතිවී ඒ හරහා පුද්ගලයාගේ මානසික ක‍්‍රියාකාරිත්වයන් පාලනය කරන මානසික දෝෂ තත්ත්වයන් අසමතුලිත තත්ත්වයට පත් කිරීමෙන් හටගන්නා මානසික රෝග පිළිබඳ විග‍්‍රහකර තිබේ. එමගින් පුද්ගලයාගේ සිතුම් පැතුම් වල හැ`ගීම්වල සහ සංනිවේදනයේ ඇති වන වෙනස් වීම් පුද්ගලයාගේ හැසිරීමට බලපාන ආකාරයත් ඒ හරහා එම පුද්ගලයාගේ දෛනික ජීවිතයට එය බලපාන ආකාරයත් සඳහන් කර තිබේ.
 
 මෙම විග‍්‍රහ තුළ දැකිය හැකි ලාක්‍ෂණික ගුණාංගයක් හැටියට පුද්ගලයාගේ මානසික, කායික සම්බන්ධතාවය, පුද්ගලයාගේ සමස්ත සෞඛ්‍යයට අන්‍යොන්‍ය වශයෙන් බලපාන අයුරු සහ එම අන්‍යොන්‍ය සම්බන්ධතාව ආරක්ෂා කර ගත යුතු ආකාරය පිළිබඳ පැහැදිලි කර තිබේ.
 
 එනම් තමන් එදිනෙදා ජීවිතයේදී කන බොන ආහාර පාන, නිසි ආකාරයට පරිහරණය නොකිරීම හේතුවෙන් මානසික රෝග සහ කායික රෝග ඇතිවන බව මෙම විග‍්‍රහ තුළ පෙන්වා දී තිබේ. එනිසාම මානසික රෝගවලට ප‍්‍රතිකාර කිරීමේදී පුද්ගලයාගේ ආහාර විහරණ රටාව නිසි ආකාරයට කළමනාකරණය කිරීමටත් එයට සමගාමීව ඔවුන්ගේ ඇවතුම් පැවතුම් ප‍්‍රශස්්ථ මට්ටමකට අවබෝධයක් ඇතිව කළමනාකරණය කිරීමේ ඇති වැදගත්කමත් මානසික සෞඛ්‍ය ආරක්ෂා කිරීමේදී වැදගත් වේ.
 
 වර්තමානයේ බොහෝ දෙනකුට වැළඳෙන මානසික රෝගවලට මූලික හේතුවක් හැටියට අප සායනිකව අත්විඳ තිබෙන්නේ ඔවුන්ගේ වැරදි ආහාර පාන විහරණ මෙන්ම සෞඛ්‍යයට නොගැළපෙන ක‍්‍රියා කලාපයයි.
 
 එනම් අවේලාවේ ආහාර ගැනීම, එකිනෙකට විරුද්ධ ආහාර ගැනීම, දුම්පානය, මත්පැන් පානය වැනි සාධක මෙම තත්ත්වයන් සඳහා බලපා ඇති බවයි.
 
 වෙන කිසිත් වෛද්‍යා ක‍්‍රමයක් තුළ ආහාර පාන සහ මානසික සෞඛ්‍ය අතර තිබෙන සම්බන්ධතාව කතිකාවට භාජනය වී නොතිබුණත් අප දේශීය පාරම්පරික මානසික රෝග චිකිත්සාවේ මෙම සාධකය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡුා කර තිබේ.
 
 මෙම ලිපිය කියවන ඔබට වුව හිතෙන්නට පුළුවන් ආහාර පාන සහ මොළය අතර සම්බන්ධය කුමක්දැයි යන කාරණාව, එසේ නම් මෙහෙම හිතන්න.
 
 ඔබ ඉදිරියේ විභාගයක් තිබෙන විට එසේත් නැතිනම් යම් අභියෝගයක් තිබෙන විට ඔබට ගැස්ට‍්‍රයිටීස් තිබේ නම් එම තත්ත්වය උත්සන්න වීම විටෙක ඔබ අත්විඳ තිබෙනවා නේද?
 
 එසේත් නැතිනම් ඔබ බිය වූ විට වැඩිදුර මළපහ වීමේ තත්ත්වය අත්විඳ තිබෙනවාද?
 
 ඔබට දුකක් ඇති වූ විට, කනගාටුවක් ඇති වූ විට, ඔබ කනස්සල්ලෙන් සිටින විට ඔබට ආහාර පාන සඳහා ඇති රුචිය අඩුවීම ඔබ අත්විඳ තිබෙනවාද?
 
 මෙන්න මේ කාරණාව තමයි දේශීය අප වෙදකමේ සාකච්ඡුා කරන මොළය සහ ආහාර ජීර්ණ පද්ධතිය අතර හොඳම උදාහරණය. මේ වන විට නූතන වෛද්‍යා විද්‍යාාවේ ආහාර ජීර්ණ පද්ධතිය 2 වැනි මොළය ලෙසට නම්කර තිබේ. එමෙන්ම මොළයේ ක‍්‍රියාකාරිත්වයට බලපාන එන්සයිම වර්ග, ආහාර ජීර්ණ පද්ධතිය තුළට නිෂ්පාදනය වන බව සොයාගෙන ඇති කරුණකි. නූතනයේ මෙම සොයා ගැනීම අතීතයේ අපේ මුතුන්මිත්තන් අත්විඳ අත්දැකපු තත්ත්වයන් නැවත තහවුරු කිරීමක් ලෙසට සඳහන් කළ හැකිය.
 
 එමෙන්ම දේශීය මානසික රෝග වර්ගීකරණයේදී ගර්භණී සමය සහ පශ්චාත් ගර්භණී සමය තුළ ඇතිවිය හැකි මානසික රෝග පිළිබඳවත් එම තත්ත්වයන් කළමනාකරණය පිළිබඳ ඖෂධීය ප‍්‍රතිකර්මත් සඳහන් කර තිබේ. නිරෝගී දරුවකු මෙලොවට බිහිකර ගැනීම සඳහා මව හැසිරිය යුතු පිළිවෙල, අනුගමනය කළ යුතු පිළිවෙත් පිළිබඳවද එහිදී අවධාරණය කරයි.
 
 වර්තමාන සමාජය තුළ බහුලව දැකිය හැකි රෝගි තත්ත්වයක් වන මතකය අහිමි වීමේ රෝග තත්ත්වය දුබලකමින් වන උමතු රෝගී තත්ත්වයක් හැටියට පොත පතෙහි දක්වා තිබේ.
 
 මෙහිදී තමන්ගේ එදිනෙදා වැඩ කර ගැනීමේ නොහැකියාව, කේන්ති යෑම, නොසන්සුන් බව, නොරිස්සුම් ගතිය, තමාට තමාව පාලනය කර ගැනීමට නොහැකිවීම, තම ඥාතීන් පවා හඳුනා ගැනීමේ නොහැකියාව, උන්හිටි තැන් අමතක වීම, අනවබෝධය සහ ශරීර කෘත්‍ය තමාට පාලනය කිරීමට නොහැකිවීම යන රෝග ලක්ෂණ සමගින් මෙම රෝගය ඉදිරිපත් විය හැකිය.
 
 මෙය නවීන බටහිර මනෝ රෝග විශ්ලේෂණයේ ඩිමෙන්ෂියාව නමින් හඳුන්වන රෝගයට ඉතාම කිට්ටු සබඳතාවක් ඇති රෝගයක් හැටියට මෙම සායනික ලක්ෂණ සංසන්දනය කිරීමේදී පෙනී යයි.
 
 එමෙන්ම තමාට කැමැති දේ නොලැබීම, ප‍්‍රියයන්ගෙන් වෙන්වීම, බලාපොරොත්තු සුන්වීම නිසා ඇති වන මානසික වියවුල්තාවයන් පිළිබඳවත් මානසික රෝග වර්ගීකරණය තුළ සිත් පෙරළුම් උමතුව වශයෙන් (ශෝකය උමතුව* විස්තර කර තිබේ.
 
 සාමාන්‍ය පුද්ගලයකු එදිනෙදා ජීවිතයේදී අත්විඳින සතුට අත්විඳීමට නොහැකිවීම, දුක වැඩිපුර දැනීම, අසතුට වැඩිපුර දැනීම, ජීවිතයේ අසුබවාදී පාර්ශ්වය නිරන්තරයෙන් හුවා දැක්වීම, සියදිවි නසා ගැනිීමේ සිතුවිලි පහළවීම, ශාරීරික උදාසීනත්වය, කේන්තිය, නින්ද නොයෑම වැනි රෝග ලක්ෂණ මෙම රෝගයේ ලාක්‍ෂණික හැටියට විස්තර කර තිබේ.
 
 එමෙන්ම මනෝභාවයන්ගේ ඇති වන එක්තරා සුවිශේෂි වූ අන්තයන් 2 ක් පිළිබඳවත්, ඉහත අවසන්වරට සඳහන් කළ දුක වැඩිපුර දැනෙන මනෝභාවයේ අන්තය හැඬුම් අන්තය ලෙසටත් සතුට ප‍්‍රබෝධය ප‍්‍රීතිය, වැඩිපුර දැනෙන පුද්ගලයා අධි ක‍්‍රියාකාරි තත්ත්වයට පත් කරන මනෝභාවයේ අන්තය උන්මාදනීය අන්තය හැටියටත් සඳහන් කර තිබේ.
 
 උන්මාදනීය අන්තයේදී පුද්ගලයාට ඇතිවන මනෝ භ‍්‍රාන්තීන් එනම් කනට විවිධ ශබ්ද ඇසීම, තමාව කෙනකු මැරීමට තැත්කරන බව සිතීම, අස්ථාන බිය සැක, ඇතැම් විටෙක දී රෝග ලක්ෂණ ලෙසට ඉස්මතු වේ.
 
 මෙහිදී ඉදිරිපත් කරන ලද වර්ගීකරණයන්ට අදාළ රෝග කළමනාකරණය කිරීමේ සම්ප‍්‍රදායික ක‍්‍රමවේදයන් ලෙසට කසාය, හිස කුඩිච්චි, ඖෂධීය ධාර ප‍්‍රතිකාර, නස්නය, හිස ගැල්ම, විවිධ ඖෂධීය දුම්පාන, තෛල්‍ය අභ්‍යංග සමගින් ප‍්‍රතිකාර කළ යුතුව තිබේ.
 
 විශේෂය වන්නේ රෝග හඳුනාගෙන ප‍්‍රතිකාර කිරීම මෙන්ම රෝගීන් සඳහා මානුෂවාදී එළැඹුමකින් සැලකීමේ ඇති වැදගත්කමය, පවුලේ ඥාතීන්ද ඒ බව තේරුම් ගත යුතුය.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...