මෙවැනි අවස්‌ථාවල දී අපට නිතර අසන්නට ලැබෙන පුවතක් වන්නේ DNA පරීක්ෂාවක් තුළින් අදාළ පුද්ගලයන් හඳුනාගැනීම පිළිබඳ ව ය. සියලු සජීවීන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය හෙවත් පෙර පරම්පරාවෙන් ලැබෙන තොරතුරු ඊළඟ පරම්පරාවට රැගෙන යන ද්‍රව්‍ය ලෙස ක්‍රියා කරන්නේ බොහෝ විට DNA (Deoxyribonucleic Acid) ය. සත්ත්ව, ශාක, බැක්‌ටීරියා හෝ වෙනත් ජීවීන්ගේ සෛලවල DNA අන්තර්ගත වන අතර සුන්‍යෂ්ටික ජීවීන්ගේ නම් සෛල පටලයට සමාන සංයුතියකින් සෑදුණ පටලයකින් වට වූ න්‍යෂ්ටිය නම් කොටස තුළ DNA පවතී.
දැනට අප දන්නා මූලික කරුණු අතර ප්‍රධාන තැනක් ගන්නේ, DNA (Deoxyribonucleic Acid) යනු න්‍යුක්‌ලියෝටයිඩ යන ඒක අවයවික විශාල ගණනක් ක්‍රමික ව එකකට පසු එකක් දම්වැල් පුරුක් සේ බැඳී සකස් වුණ විස්‌මයජනක යෝධ අණුවක් බව ය. එක් මානව සෛලයක් තුළ වර්ණදේහ හෙවත් ක්‍රෝමසෝම (DNA සහ ක්‍රොමටින් නම් විශේෂිත ප්‍රොaටීන් වර්ගයකින් නිර්මිත) ව්‍යqහ යුගල් 23ක් ඇත. ඒවා තුළ දම්වැලක, දම්වැල් පුරුක් විශාල ගණනක් එකතු වී සෑදී තිබෙන්නාක් මෙන් DNA අණුවක තැනුම් ඒකකය වන න්‍යුක්‌ලියෝටයිඩ මිලියන ගණනක් එකතු වී ද්විත්ව දාමයක් ලෙස DNA සැකසී තිබෙයි.
අපගේ එක් සෛලයක් තුළ ඇති න්‍යෂ්ටියේ අඩංගු DNA අණු සියල්ල හෙවත් මානව ගෙනෝමය සලකන කල එය න්‍යුක්‌ලියෝටයිඩ බිලියන 3.2කින් සමන්විත වේ. ඕනෑ ම DNA අණුවක/ඕනෑ ම ගෙනෝමයක පවතින එකිනෙකට වෙනස් න්‍යුක්‌ලියෝටයිඩ වර්ග ගණන හතරකි. ඒවා හැ`දින්වීමට ඉංග්‍රීසි හෝඩියේ A, G, C සහ T යන අක්ෂර, සංකේත ලෙස යොදා ගැනෙයි (රූපය 1). එනම් මෙකී සංකේත හතර භාවිතයෙන් අපගේ මුළු ගෙනෝමය ම විදහා දැක්‌විය හැකි ය.
DNA ඇඟිලි සලකුණු තාක්ෂණය
මානව ගෙනෝමයේ, පිළිවෙළට සකස් වූ න්‍යුක්‌ලියෝටයිඩ කොටස්‌වලින් සමන්විත, සිරුර තුළ ප්‍රොaටීන් නිපදවීමට අදාළ තොරතුරු රැස් කරගත් කොටස් ජාන ලෙස හැඳින්වෙන අතර, ගෙනෝමය තුළ ඇති න්‍යුක්‌ලියෝටයිඩ බිලියන 3.2ක එකතුවෙන් වැඩිපුර ම ප්‍රතිශතයක් සමනවිත වන්නේ ජාන නො වන කොටස්‌වලිනි. මෙලෙස ජාන නො වන DNA දාම කොටස් වර්ග විශාල ප්‍රමාණයක් අතරින් Variable Number Tandem Repeat (VNTR) සහ Short Tandam Repeat (STR) ලෙස හැඳින්වෙන DNA දාම කොටස් සමූහයක් අප සෛලවල අන්තර්ගත වේ. VNTR දාම Minisatellite යන නාමයෙන් ද, STR දාම Microsatellite යන නාමයෙන් ද ගෙනෝම ව්‍යවහාරයේ දී භාවිත වේ. මෙහි දී විශේෂත්වය වන්නේ ඉහත කී VNTR සහ STR යන DNA දාම කොටස් දෙවර්ගය ම සැදී තිබෙන්නේ යම් නිශ්චිත DNA දාම කොටසක් / පුනරාවර්තී ඒකක (repeat units) එනම්, නැවත නැවත අඛණ්‌ඩ ව, දාමයෙහි යම් දුරක් යන තෙක් යෙදී තිබෙන පුනරාවර්තී ඒකක ගණන වෙනස් වීම නිසා ය. රූපය 2හි දක්‌වා ඇති පරිදි VNTR දාම සහ STR දාම අතර ප්‍රධාන වෙනස්‌කමක් වන්නේ ඒවායේ DNA පුනරාවර්තී ඒකක (repeat units) සමන්විත වී ඇති න්‍යුක්‌ලියෝටයිඩ ප්‍රමාණය වෙනස් වීම ය. උදාහරණයක් ලෙස VNTR දාමවල repeat units එකක ප්‍රමාණය න්‍යුක්‌ලියෝටයිඩ 100ක් පමණ විය හැකි නමුත් STR දාමවල repeat units එකක ප්‍රමාණය න්‍යුක්‌ලියෝටයිඩ දෙකේ (02) සිට හය (06) දක්‌වා වැනි කුඩා අගයක් විය හැකි ය. (කෙසේ වෙතත් තවමත් ඉහත කී VNTR සහ STR ලෙස හඳුන්වන tandam repeat දාම මඟින් සිදු වන නිශ්චිත කාර්යයක් සොයාගෙන නැත.)
DNA ඇඟිලි සලකුණු තාක්ෂණය මඟින් පුද්ගලයන් හඳුනාගැනීමේ දී බොහෝ විට යොදාගන්නේ ඉහත සඳහන් කළ පුද්ගලයන් අතර වෙනස්‌කම් පවතින VNTR සහ STR DNA දාම භාවිතයයි. මේ ක්‍රමය භාවිතයෙන් අපරාධකරුවන් හඳුනාගැනීම දරුවන්ගේ පීතෘභාවය හෝ මාතෘභාවය හෝ හඳුනාගැනීම, ළඟ ම ඥතීන් යොදාගෙන අපරාධකරුවන් හඳුනාගැනීම වැනි බොහෝ හඳුනාගැනීමේ කාර්යයන් සාර්ථක ව සිදු කළ හැකි ය. එහි දී සිදු වන ක්‍රියාදාමය පියවර කිහිපයකින් සමන්විත වන අතර එම ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා සැලකිය යුතු කාලයක් ගත වේ. එම පියවරයන් පහත පරිදි වේ (රූපය 3).
1. ජීව සාම්පලවලින් DNA නිස්‌සාරණය කිරීම.
2. DNA සාම්පල සියල්ල යම් තෝරාගත් සීමාකාරී එන්සිමයක් භාවිතයෙන් කොටස්‌වලට කපාගැනීම.
3. VNTR සහ STRවලට විශේෂ වූ කුඩා DNA (DNA ඡරසපැරි) භාවිතයෙන් පොලිමරෙස් දාම ප්‍රතික්‍රියාව මඟින්, පෙර පියවරේ දී කොටස්‌වලට කපාගත් DNA ප්‍රමාණය වර්ධනය කරගැනීම.
4. පියවර 3 දී සකසාගත් DNA සාම්පල, ජෙල විද්යුත් ආගමනය මඟින් කැපුණු DNA කොටස්‌වල දිග අනුව වෙන් කරගැනීම.
5. පියවර 4 දී වෙන් කරගත් DNA විශේෂ පටලයකට මාරු කිරීම.
6. VNTR සහ STR දාමවලට විශේෂ වූ විකිරණශීලී මූලද්‍රව්‍යවලින් හෝ ප්‍රතිදීප්තිය ලබා දෙන විශේෂ රසායනික ද්‍රව්‍යවලින් සලකුණු කළ DNA ඡරදඉe (DNA ඒෂණ) භාවිත කිරීමෙන් සීමාකාරී එන්සයිම ම`ගින් වෙන් වූ VNTR සහ STR දාම රටාව සටහන් කරගැනීම.
සාම්පල එකතු කිරීම, ගබඩා කිරීම සහ DNA නිස්‌සාරණය
එසේ ම DNA නිස්‌සාරණයට යොදාගන්නා සැම රසායනික ද්‍රව්‍යයක් ම ජීවාණුහරණ තත්ත්වයේ තිබිය යුතු ය. එම රසායනික ද්‍රව්‍ය ද වෙනත් අයගේ ජීව කොටස් සමඟ මිශ්‍ර නො වී තිබිය යුතු ය. ඉක්‌මනින් DNA නිස්‌සාරණය කිරීම සඳහා විශේෂණය කරන ලද නිස්‌සාරණ කට්‌ටලයන් මිල දී ගත හැකි බැවින් මෙහි දී සාම්ප්‍රදායික DNA නිස්‌සාරණ ක්‍රම අනුගමනය කළ යුතු නො වේ. DNA ඇඟිලි සලකුණු තාක්ෂණයේ දී භාවිත කිරීමට ලැබෙන ජීව සාම්පලවල ප්‍රමාණය ඇතැම් විට ඉතා කුඩා වේ. එම නිසා රුධිරය, කෙස් හෝ වෙනත් ඉතා කුඩා ජීව සාම්පලයකින් DNA නිස්‌සාරණය සඳහා විශේෂයෙන් සැකසූ නිස්‌සාරණ කට්‌ටල භාවිත කිරීමට ඇතැම් විට සිදු වේ.
DNA ඇඟිලි සලකුණු තාක්ෂණ ක්‍රමයෙන් ලැබෙන දත්ත විශ්ලේෂණයෙන් පුද්ගලයන් හඳුනාගැනීම
පහත රූපයේ පෙන්වා ඇති පරිදි යම් අපරාධයක් වූ ස්‌ථානයකින් අපරාධය සිදු කළ පුද්ගලයාගේ බවට විශ්වාස කෙරෙන ජීව සාම්පලයකින් වෙන් කරගත් DNA සහ අපරාධකරු බවට සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනකුගේ DNAවලින් ලබාගත් DNA ඇඟිලි සලකුණු, රූපය 6හි දී ඇති පරිදි සංසන්දනය කළ හැකි වේ. මේ උදාහරණයට අනුව නම් අපරාධය සිදු කර ඇත්තේ දෙවැනි සැකකරු ය. ඊට හේතුව ලැබුණු DNA ඇඟිලි සලකුණු දත්තවලට අනුව අපරාධකරුගේ හා දෙවැනි සැකකරුගේ ඒබාeප රුචැaඑ (VNTR හෝ STR) දාම සකස් වීම සමාන වීමයි. පළමු සැකකරුගේ දත්ත අපරාධකරුගේ දත්ත සමඟ නො සැසඳෙන්නේ පළමු සැකකරුගේ ඒබාeප රුචැaඑ සකස් වීම අපරාධකරුට හාත්පසින් ම වෙනස් නිසා ය.
රූපය 3. DNA ඇඟිලි සලකුණු තාක්ෂණයේ මූලික පියවර
පැහැදිලි කිරීම 1
පොලිමරේස් දාම ප්‍රතික්‍රියාව
(PCR ප්‍රතික්‍රියාව)
DNA ඇඟිලි සලකුණු තාක්ෂණයේ දී VNTR හෝ STR, DNA දාමවලට විශේෂ වූ PCR primer ද ගනු ලබයි.
රූපය 4. PCR ප්‍රතික්‍රියාව සඳහා අවශ්‍ය වන සංඝටක, ක්‍රියාවලියේ උෂ්ණත්වය වෙනස් කිරීමට යොදාගන්නා යන්ත්‍රය
(Thermal Cycler නොහොත් PCR machine) සහ එක් PCR චක්‍රයක් අවසානයේ නළය තුළ DNA ප්‍රමාණය දෙගුණ වන ආකාරය.
පැහැදිලි කිරීම 2
ඇගරෝස් ජෙල විද්යුත්ගමනයේ දී සිදු කරනුයේ ඇගරෝස් නම් ජෙලයක් ලෙස සකස් කළ හැකි ඇල්ගාවලින් වෙන් කරගත් රසායනික ද්‍රව්‍ය උණු ජලය තුළ දිය කරගෙන විශේෂයෙන් සැකසූ දීසියකට එක් කර එයට ම ethidium bromide යන DNA සමඟ බැඳෙන ඩයි වර්ගයෙන් ඉතා සවල්පයක් එක් කර ජෙලයේ එක කොනක DNA සාම්පල ඇතුළු කළ හැකි කාණු වැනි සිදුරු සිටින සේ විශේෂයෙන් සැකසූ පනාවක් වැනි අංගයක් යොදා සකස් කිරීමයි. එසේ සකසා ඝන වූ පසු ජෙලයේ සැකසූ සිදුරුවලට DNA සාම්පල ඇතුළත් කර රූපය 5හි දැක්‌වෙන පරිදි ජෙලය යම් විද්යුත් විච්ඡේද්‍ය සංරක්ෂක ද්‍රාවණයක විශේෂයෙන් සැකසූ ටැංකියක් තුළට ඇතුළු කෙරෙයි. විද්යුතය ලබා දුන් පසු DNA සෘණ ආරෝපිත නිසා ධන අග්‍රය දෙසට ජෙලය තුළින් ගමන් කරයි. ජෙලයට මෙහි දී ethidium bromide යන DNA සමඟ බැඳෙන ඩයි වර්ගය එක් කර ඇති නිසා පාරජම්බුල කිරණවලට නිරාවරණය කළ විට DNA, සුදු පැහැයෙන් අපට දැකගත හැකි ය. අප ජෙල විද්යුත්ගමනය සිදු කරන්නේ කුඩා DNA කොටස් යොදාගනිමින් නම් දාමවල විශාලත්වය අනුව වෙන් වෙන් වූ පටි ලෙස ජෙලය තුළ DNA සකස් වීම සිදු වේ.
DNA ඇඟිලි සලකුණු තාක්ෂණය මඟින් පීතෘත්වය හඳුනාගැනීම
DNA ඇඟිලි සලකුණු තාක්ෂණය මඟින් අපරාධකරුවන් හඳුනාගැනීම සඳහා ඥතීන් යොදාගැනීම
මෙහි දී සිදු වන්නේ ඉහත පීතෘත්වය සොයාගැනීම සඳහා භාවිත වන ක්‍රමවේදය ම වේ. එහි දී අපරාධයක් කළ සැකකරුවකු හඳුනාගැනීම සඳහා සැකකරුගේ DNAවලට අමතර ව ඔහුගේ ළඟ ම ඥතීන් කිහිප දෙනකුගේ DNA යොදාගත හැකි ය.
උදාහරණයක් ලෙස සැකකරුගේ දරුවකු ගෙන් සහ සැකකරුගේ බිරිඳ ගෙන් ජීව සාම්පල ලබාගැනීමට හැකි නම් එම දරුවා සැකකරුගේ සහ බිරිඳගේ බව DNA ඇඟිලි සලකුණු තාක්ෂණයෙන් පෙන්විය හැකි නම් එම සැකකරු එම දරුවාගේ පියා ම බව තහවුරු කළ හැකි ය. ඊට අමතර ව එය තවදුරටත් තහවුරු කිරීමට අවශ්‍ය නම් සැකකරුගේ මව සහ පියාගේ DNA ලබාගෙන එම සැකකරු ඉහත කී ඔහුගේ මව සහ පියා ලෙස ඉදිරිපත් වන දෙදෙනාගේ පුතා බව තහවුරු කිරීමෙන් එම සැකකරුගේ අනන්‍යතාව හෙළි කරගත හැකි ය.
කෙසේ වෙතත් ජීව සාම්පලයක් ලබාගත හැක්‌කේ සැකකරුගේ සහෝදර සහෝදරියන් ගෙන් පමණක් නම් ඉහත සඳහන් කළ ක්‍රමයට ම සැකකරුගේ සහ ඔහුගේ සහෝදර සහෝදරියන්ගේ DNA ඒබාeප රුචැaඑ දාම සැකැස්‌ම සංසන්දනය කර වැඩි ම ප්‍රතිශතයකින් සැකකරු සමඟ සමානකම් දක්‌වන්නේ නම් එම සැකකරුගේ අනන්‍යතාව තහවුරු කළ හැකි ය.
කෙසේ වෙතත් මෙවැනි අවස්‌ථාවක පරීක්ෂණයේ නිරවද්‍යතාව ඉහළ නැංවීම සඳහා විවිධ මානව ඒබාeප රුචැaඑ දාම වර්ගවලට අදාළ ප්රනැරි ලෙස හඳුන්වන විශේෂිත DNA කොටස් යොදාගත හැකි ය. මෙම`ගින් ඇඟිලි සලකුණු ශිල්පක්‍රමය සිදු කර සංඛ්‍යානය මඟින් එම දත්ත විශ්ලේෂණය කර වැඩි ම ප්‍රතිශතයකින් DNA ඇඟිලි සලකුණු සමාන වන්නේ නම් සැකකරුගේ අනන්‍යතාව ඔහුගේ ළඟ ම ඥතීන් ලෙස සැලකූ පුද්ගලයන් සමඟ තහවුරු කරගත හැකි ය.
DNA ඇඟිලි සලකුණු තාක්ෂණයේ බහුල ව ම යොදාගන්නා ශිල්පක්‍රම කිහිපයක් පමණක් මෙහි දී සාකච්ඡා කළ අතර හඳුනාගැනීමේ හා සිදු වීමේ ස්‌වභාවය අනුව භාවිත කරන DNA ඇඟිලි සලකුණු තාක්ෂණික ක්‍රමය වෙනස් විය හැකි අය. සාම්පල ලබාගැනීම DNA නිස්‌සාරණය, යොදාගන්නා DNA වර්ගය වැනි බොහෝ දේ අවස්‌ථාව අනුව වෙනස් විය හැකි ය.
උදාහරණයක් ලෙස දිගු කාලයක් පරිසරයට නිරාවරණය වීම නිසා දැඩි ලෙස නරක් වූ ජීව සාම්පල මඟින් පුද්ගලයන් හඳුනාගැනීමට සිදු වන අවස්‌ථාවල දී එම සාම්පලවල DNA, හොඳ තත්ත්වයේ නො පවතින අතර ඒවා ජීර්ණය වී පවතී. එවැනි අවස්‌ථාවක විකල්පයක් ලෙස සෛල තුළ අඩංගු ඉක්‌මනින් හානි නො වන මයිටකොන්ඩි්‍රයම්වල ඇති DNA, ඇඟිලි සලකුණු තාක්ෂණය සඳහා යොදා ගනී.
Comments
Post a Comment