අද ලෝකයේ වැජඹී සිටින නූතන මානවයා වසර මිලියන ගණනක පරිණාමීය ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. වානරයාගේ සිට කෙමෙන් කෙමෙන් වෙනස්‌කම්වලට ලක් වෙමින්, නගර, ශිෂ්ටාචාර බිහි වෙමින් ගලා ආ මේ මානව වංශකතාව පිළිබඳ ව දළ අදහසක් අපට තිබෙනවා. එහෙත් එහි තවමත් අනාවරණය නො වුණු රහස් බොහොමයක් තිබෙනවා. පසුගිය කාලය තුළ සිදු වුණු ජාන විශ්ලේෂණ ක්‍රමවේදවල වේගවත් වර්ධනය මේ සැඟවුණු අතීතය දෙසට නව කවුළුවක් විවෘත කිරීමට සමත් වුණා. මෙහි දැක්‌වෙන්නේ එලෙස ජාන තාක්ෂණය හරහා මානව ඉතිහාසය පිළිබඳව හෙළිදරව් කරගැනුණු අපූරු කාරණා කිහිපයක්.
නියෑන්ඩතාල් මානවයන් සමඟ ආදර සබඳතා පැවැත්වූ අපේ මුතුන් මිත්තන්
ටිබෙටියානුවන්ට කඳුකරයේ ජීවත් වීමට උපකාර කළ මිශ්‍ර වීම
ආදි බ්‍රිතාන්‍යයන්ට තිබී ඇත්තේ කළු සමක්
එංගලන්තයේ Cheddar නම් ප්‍රදේශයේ ගුහාවක දී 1903 වර්ෂයේ පුරාණ මානව සැකිල්ලක් සොයාගනු ලැබූ අතර පසුව සොයාගැනුණේ එය වසර 9,000ක් පමණ පැරැණි එකක් බවයි. මෙය බ්‍රිතාන්‍යයෙන් සොයාගත් පැරැණි ම සම්පූර්ණ අස්‌ථි සැකිල්ල වන මෙය හඳුන්වන්නේ චෙඩර් මානවයා (Cheddar Man) නමින්. 2018 වසරේ දී මේ චෙඩර් මානවයාගේ ගෙනෝමය හඳුනාගනු ලැබූ අතර ඉන් පසු ව එම තොරතුරු හරහා විද්‍යාත්මක ක්‍රමවේදවලට අනුව ඔහුගේ ස්‌වරූපය, ප්‍රති නිර්මාණය කිරීමට විද්‍යාඥයන් කටයුතු කර තිබුණා. එහි දී හෙළිදරව් වුණේ මේ මානවයා කළු හෝ දුඹුරු හෝ සමක් මෙන් ම කළු හිස කෙස් සහිත නිල් පැහැති ඇස් ඇති අයකු බවයි. මේ අනුව පෙනී යන්නේ මේ යුගයේ දී යුරෝපයේ දඩයමෙන් ජීවත් වූ අය අතර කළු සම සාමාන්‍ය දෙයක් වූ බවයි.
යුරෝපයට සුදු සම ගෙන ආවේ සංක්‍රමණිකයන්
ක්ෂය රෝගයේ වරද
නො පැවරෙන කොලොම්බස්
විද්‍යාඥයන් මේ සොයාගැනීම කර ඇත්තේ පේරු ආශ්‍රිත ව සොයාගන්නා ලද මානව කොටස් විශ්ලේෂණය කිරීමෙනුයි. මේ මානවයන් අදින් වසර 1,000කට පෙර එනම් කොලම්බස්‌ගේ ආගමනයට වසර 500කට පමණ පෙර ජීවත් වූ අයයි. ඒවා තුළ ක්ෂය රෝගයේ රෝගකාරක සොයාගැනීමට ඔවුන් සමත් ව ඇති අතර ඒවා මුහුදු සිංහයන් හා සීල් සතුන් අතර බහුල ව පැතිර යන ක්ෂය රෝගයට සමාන බව හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව විද්‍යාඥයන් සැක පළ කරන්නේ මේ සතුන් තම සංචාරවල දී අප්‍රිකාවේ සිට නොදැනුවත් ව මේ රෝගය
රැගෙන එන්නට ඇති බවයි. එම සතුන් දඩයම් කර ආහාරයට ගත් පේරුවියානු වැසියන්ට එය වැළඳෙන්නට ඇතැයි සැලකෙනවා. කෙසේ නමුත් මේ හරහා කොලම්බස් මේ වරදට නිවැරැදිකරු ම යෑයි කියන්නට නො හැකියි. ක්ෂය රෝගකාරක ඇමෙරිකාව තුළ පෙර සිට ම පැවතුණත් ඒ වසංගතය පැතිර ගියේ කොලම්බස් ගෙනා රෝගකාරකවලින් වීමට ඉඩ නැත්තේ නැහැ.
වයිකින්වරුන් ගෙන් පැවත එන අවදානම
ඩෙන්මාර්කයේ වයිකින් යුගයේ වැසිකිළි පරීක්ෂා කිරීමෙන් වයිකින්වරුන් පණු රෝගවලින් දැඩි ව පීඩාවට පත් ව සිට ඇති බව පෙනී ගොස් තිබෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස වයිකින්වරුන් තුළ එම පණුවන්ට එරෙහි ව ප්‍රතිශක්‌තිකරණය දැක්‌විය හැකි පරිදි Alpha -1 -Antitrypsin (A1AT) නම් නිෂේධක ජානය වෙනස් වීමට ලක් වී තිබෙනවා. මිනිස් ශරීරය තුළ සෑදෙන ප්‍රබල එන්සයිම මඟින් අභ්‍යන්තර ඉන්ද්‍රියයන්වලට හානි වීම වැළැක්‌වීමට A1AT ඇතුළු මෙවැනි නිෂේධක ජාන අවශ්‍යයයි. වයිකින්වරුන් ගෙන් පැවත එන්නන් තුළ අද ද මේ වෙනස් වූ ජානය දැකිය හැකි අතර පණු රෝග සඳහා ඕනෑ තරම් ඖෂධ ඇති නිසා මෙලෙස වෙනස් වූ A1ATවලින් අද ප්‍රයෝජනයක් නැහැ. එහෙත් ඔවුන් තුළ ඉන්ද්‍රියයන් ආරක්ෂා කළ හැකි අන්දමේ සාමාන්‍ය A1AT අඩුකම නිසා ඉන්ද්‍රියන්ට හානි වී දුම්පානය කරන්නන්ට වැළඳෙන Emphysema වැනි රෝග වැළඳීමේ අවදානම ඉහළ ගොස් තිබෙනවා.
පැරැණි රෝමය බිඳ වැටීමට හේතු වූ මැලේරියාව
වරක් ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක් ව පැවැති රෝමානු අධිරාජ්‍යය, පසු ව යළි නො නැඟිය හැකි ලෙස බිඳ වැටී ගියා. යුදමය හා දේශපාලන අර්බුද ද මීට හේතු වුවත් පර්යේෂකයන් අනුමාන කර තිබුණේ මැලේරියා රෝගයේ පැතිර යැමත් මීට දායක වන්නට ඇති බවයි. කෙසේ වෙතත් මේ පිළිබඳ ව තහවුරු කළ හැකි සාක්ෂි ඔවුන් සතු ව තිබුණේ නැහැ. නමුත් 2011 වසරේ ඉතාලියේ භූමිදානය කර තිබූ ළමා සිරුරු 47ක ජාන විශ්ලේෂණය කිරීමෙන් මේ මතය තහවුරු කරගැනීමට විද්‍යාඥයන්ට හැකි වුණා. මේ දරුවන් සියලු දෙනා එක ම කාලයේ මිය ගිය අයවලුන් වන අතර, ඔවුන් දරුණු ව පැතිර ගිය මැලේරියා රෝගයකින් මිය ගොස් ඇති බවයි හෙළිදරව් වී තිබෙන්නේ. මේ වසංගතයෙන් දුර්වල වීම නිසා ගොවීන්ට තම වගාවන් කරගැනීමට නො හැකි වීම මෙන් ම හමුදාවන්ට ආක්‍රමණිකයන්ට විරුද්ධ ව සටන් කරගත නො හැකි වීම ආදි හේතූන් රෝමානු අධිරාජ්‍යයේ බිඳ වැටීමට ප්‍රබල දායකත්වයක් සපයන්නට ඇතැයි සැලකිය හැකියි.
Comments
Post a Comment