Skip to main content

මැද පෙරදිග ගෘහ සේවයේ ශෝකාන්තය



පසුගිය දිනක පුවත්පතක පළ වී තිබූ "පුංචි පුවතකට" මගේ ඇස යොමු විය. එම පුවතේ සිරස්‌තලය වූයේ "හයේ දුව කෙලෙසුවයි 38 හැවිරිදි පියා සැකපිට" යනුවෙනි.

පුවත මෙසේය.

"....හය හැවිරිදි දැරියක දූෂණය කළ බවට කියන ඇගේ පියා අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය කියයි. එම ළමා හා කාන්තා කාර්යාංශයට ලැබුණු තොරතුරක්‌ අනුව සැකකාර පියා ඉකුත් 9 දා සවස අත්අඩංගුවට ගෙන තිබූ අතර දැරිය පොලිස්‌ බාරයට ගෙන තිබේ.

තිස්‌ අට හැවිරිදි සැකකාර පියාට සිය දියණිය කලක සිට දූෂණය කිරීමට අනුබල දුන් මිතුරකුද ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.

දැරියගේ මව විදේශ රටක ගෘහ සේවයේ නියෑළෙන බවත් දැරිය ජීවත් වී ඇත්තේ පියා සමඟ බවත් පොලිසිය කියයි..."

ලෝකයේ වෙනත් ඕනෑම රටක මෙබඳු පුවතක්‌ පළවන්නේ මුල් පිටුවේය. එසේ වන්නේ මිනිසකු තිරිසනකු වීම ඉතා අස්‌වාභාවික සිද්ධියක්‌ නිසාය. එහෙත් පසුගිය තිස්‌ වසර තුළ මව විදේශගතවී පියා හෝ වැඩිහිටියකු හෝ විසින් දියණියක දූෂණය කිරීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ප්‍රවෘත්තියක්‌ වීම පුදුමයක්‌ නොවේ. එහෙත් මේ සිද්ධියේ දී එය වඩාත් බරපතළ වන්නේ දැරියගේ වයස යන්තම් හය වසරක්‌ වීමය.

මේ කියවීමෙන් ඇතිවූ සිත්වේදනාව තුනී වන්නටත් පෙර බ්‍රහස්‌පතින්දා "දිවයිනේ" අතිශයින අනුවේදනීය පුවතක්‌ 7 වැනි පිටුවෙන් කියෑවූයෙමි.

"ජීවිතය ජය ගන්න සෞදි ගිය වනිතාට වෙච්ච දෙයක්‌" යන මැයෙන් පළවූ ඒ පුවත 'දිවයින' පාඨකයන් කියෑවූ බව නිසැකය. එසේ වුවද එයින් උපුටා ගත් කොටසක්‌ යළි මතක්‌ කර දීම වැදගත්ය.

"..... කුඩා පැල්පතක තම මෑණියන් හා සොහොයුරු සොහොයුරියන් සමඟ ආර්ථික අපහසුතා මැද ජීවත් වූ වැලිකන්ද, මදුරංගල සුන්දර මූර්ති වනිතා (24) සෞදි අරාබියට ගෘහ සේවය සඳහා ගොස්‌ ඇත්තේ මීට දෙවසරකට උඩදීය. එහෙත්....

කාලය ගතවීමත් සමඟ වනිතා ලංකාවට එන දිනයට සති කිහිපයක්‌ තිබියදී මවුපියන් විසින් තම දියණියගේ රුව දැක ගැනීමට මහත් ආශාවෙන් සිටියත් ඒජන්සියෙන් ලද දැන්වීම වූයේ සති කිහිපයකින් ඇය ලංකාවට එන බවය.

සති කිහිපය ගෙවී ගිය තැන වනිතාට අත්වී ඇති ඉරණම වනිතාගේ මවට දැනගන්නට ලැබුණේ ඒජන්සියෙනි. වනිතාගේ බෙල්ලට ලණුවක්‌ දා සියදිවි නසාගෙන ඇති බවය. එහෙත් එය එසේ නොවීය. වනිතාගේ බෙල්ල කපා ඝාතනය කොට ඇති බව පොලිසියෙන් ලැබුණු තොරතුර විය.

උදේ පුවත්පත් කියෑවීමෙන් පසු දහවල් දොළහේ රූපවාහිනී පුවත් නැරඹීමි. තවත් ෙ€දජනක සිද්ධියක්‌ වාර්තා විය. ඒ පහළොස්‌ හැවිරිදි වියෙහි ළපටි යුවලක්‌ ප්‍රේම සම්බන්ධතාවක්‌ නිසා දැදුරුඔයට පැන දිවි නසා ගැනීමේ සංවේගදායක පුවතය.

මා සමඟ ටෙලිවිශනය නැරඹූ දෙතුන් දෙනාට මා "ඒ ළමයින්ගේ අම්මලාත් පිටරටද දන්නෙ නෑ" යෑයි කීවේ විහිළුවට මෙනි. එහෙත් පසුවදා දැනගන්නට ලැබුණේ කුමක්‌ද? මෙසේ ජලාශයට පැන මියගිය දැරියගේ මව විදේශ ගතවී සිටි අවධියේ ඇය ඥති නිවසක නවත්වා ගිය බවයි. දැරිය ඒ ගැටවරයා සමඟ පෙම් සබඳකමක්‌ ඇති කරගෙන අත්තේ ඒ කාලයේය.

1984 මදුරාසි ගුවන් තොටුපොළේ මහා ෙ€දවාචකයෙන් පසු මම මේ "කාන්තා අපනයනය" වහාම නවත්වා දැමිය යුතු යෑයි එදා රජයටද නිර්දේශ කරමින් පුවත් පත්වලටද ලිපි රාශියක්‌ ලියා එවීමි. ගුවන් තොටුපළේ සිද්ධිය වන දිනවල පවා කපටි ඒජන්සිකරුවන් විසින් බොම්බායට ගෙන ගොස්‌ අතරමං කරන ලද ශ්‍රී ලාංකික කාන්තාවන් බොම්බායේ හා මදුරාසියේ තානාපති කාර්යාලවල මැදිහත්වීමෙන් ආපසු සියරටට එවූ අන්දම විස්‌තර කළෙමි.

මේ ගෘහ සේවිකා අපනයනයේ ඉතිහාසය දෙසට හැරී බලමු. මැදපෙරදිග ඛනිජ තෙල් බහුල රටවල ධනවත් හා උසස්‌ මධ්‍යම පන්තියේ පවුල් ගෘහ සේවයට කාන්තාවන් බඳවා ගත්තේ දුප්පත් පවුල් වලිනි. ඛනිජ සම්පත, කළු රත්තරං (ඊක්‌ජන ඨදකා) බවට පත්වීමත් සමඟ දුගීභාවය ඒ රටවලින් තුරන් විය. ධනවත් පවුල්වලට පමණක්‌ නොව පහළ මධ්‍යම පන්තියේ රටවලටද ගෘහ සේවිකාවන් අවශ්‍ය විය. ඒජන්සිකරුවන්ගේ අවධානය මුලින්ම යොමු වූයේ ඉන්දීය උපමහාද්වීපයටය. එහෙත් ඉන්දියාව සිටියේ දැඩි ස්‌ථාවරයකය.

"අපේ රටේ කාන්තාවන් කොතරම් දුප්පත් කිව්වත් රටින් පිට ගෘහ සේවිකාවන් වශයෙන් යැමෙන් ඉන්දියානු කාන්තා අභිමානයට අවමානයක්‌ සිදු වීම වැළැක්‌විය නොහැකි නිසාත්, එසේ වීමේදී රටේ පවුල් සංස්‌ථාව බිඳ වැටෙන නිසාත් ගෘහ සේවිකාවන් වශයෙන් කාන්තාවන් පිටරට යෑවීම තහනම් කළ යුතුය."

ස්‌ථාවරය එසේ වුවද පුහුණු රැකියා සඳහා (ගුරුවරියන් හා සාත්තු සේවිකාවන් වැනි) රැකියාවලට යැම බාධාවක්‌ නොවන බව පෙන්වා දිය යුතුය.

පකිස්‌ථානයද ඉන්දියාවේ ස්‌ථාවරයම අනුගමනය කළේය. ඒජන්සිකරුවන්ගේ අවදානය ඊළඟට යොමු වුයේ ශ්‍රී ලංකාවටය. රටේ රැකියා ප්‍රශ්නනය විසඳීමටත් විදේශ විනිමය ලබාගැනීමටත් මෙය ස්‌වර්ණමය අවස්‌ථාවක්‌ බව විදේශ අගමැති ඒ. සී. එස්‌. හමීඩ් මහතා ප්‍රකාශ කළේ ප්‍රසිද්ධියේමය.

"පෙරහැර" ඇරෑඹුණි. අද විදේශ රටවල ගෘහ සේවිකාවන් වශයෙන් සංක්‍රමණය වී ඇති ශ්‍රී ලාංකීක කාන්තාවන් සංඛ්‍යාව ලක්‍ෂ 7 ඉක්‌මවයි. මේ සියලු දෙනාම වයස අවුරුදු 18 ත් 50 ත් අතර අය වෙති.

පිලිපීන ගෘහ සේවිකාවක්‌ බාරෙන් හිදී තමාට ලිංගික අතවර කිරීමට තැත් කළ ස්‌වාමියාට පිහියකින් ඇන මරා දැමුවාය. මේ නිසා මහත් ආන්දොaලනයක්‌ පැන නැඟිණි. අන්තර්ජාතික රොයිටර් පුවත් සේවය මැදපෙරදිග ගෘහ සේවිකාවන් පිළිබඳ විශේෂ සමීක්‍ෂණ වාර්තාවක්‌ පළ කළේය. එහි කොටසක්‌ මෙසේය.

"මැදපෙරදිග නිවෙස්‌වල ගෘහ සේවිකාවන් වශයෙන් ආසියානු කාන්තාවන් විශාල සංඛ්‍යාවක්‌ සේවය කරති. පිලිපීන කාන්තාවෝ වැඩිපුරම සේවය කරන්නේ ධනවත් පංතියේ නිවෙස්‌වල ඉහළ වැටුප් තලයකය. ශ්‍රී ලාංකික කාන්තාවන් බොහෝ දෙනා සේවය කරන්නේ මධ්‍යම පන්තියේ නිවෙස්‌වල අඩු වැටුපකටය".

කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර ගැනද එම වාර්තාවේ සඳහන් වෙයි. පිලිපීන කාන්තාවෝ එක්‌කෝ 'ගනුදෙනු හෙට්‌ටුකර' කැමැත්ත පළකරති. නැතිනම් විරෝධය පාමින් අස්‌වී යති. ශ්‍රී ලාංකික කාන්තාවෝ බොහෝ දෙනා එබඳු අවස්‌ථාවලදී සේවා ස්‌ථානයෙන් පලාගොස්‌ තානාපති කාර්යාලයේ පිහිට පතතිá සමහරු යටත්වෙතිá කිහිප දෙනෙක්‌ දිවිනසාගෙන ඇත.

පසුගිය වසර 25 කට අධික කාලයක්‌ තිස්‌සේ කාන්තාවන්ගේ මළකඳන් කොපමණ සංඛ්‍යාවක්‌ ලංකාවට ගෙන එන ලද්දේද? කී දෙනෙක්‌ ගැබිනියන් වී සියරටට පැමිණියෝද?

මේ පිළිබඳ වරින්වර ජනතා විරෝධය හා උද්ඝෝෂණ ද මතුවී ඇත. සතිපතා පුවත් පතකින් සංවිධානය කරන ලද "කුවේට්‌ කඳුළු" එක්‌ අවස්‌ථාවකි.

මැද පෙරදිගට සංක්‍රමණය වූ කාන්තාවන් මෙසේ දහදුක්‌ විඳිමින් උපයන මුදල් තම පවුල්වලට එවූ පසු සිදුවන්නේ කුමක්‌ද? (එම මුදල්වලින් වක්‍රව අපේ ආනයනයන්ට ලැබෙන වාසිය අසීමිතය).

සිය බිරින්දැවරුන් විදේශගත වී සිටින කාලය තුළ අනියම් සබඳතා ඇතිකර ගන්නා සැමියෝ සංඛ්‍යාව සුළුපටු නොවෙති. එබන්දොa තම දරුවන්ට වඩා අනියම් බිරියන්ට හා මොවුනගේ දරුවන්ට සලකන අවස්‌ථාද විරල නොවේ.

පවුල් ජීවිත අවුල් වූයේ ක්‍රමයෙනි. උච්චම අවස්‌ථාව එළැබියේ තාත්තලා පමණක්‌ නොව, මාමලා, සීයලා වැනි වැඩිහිටියන්ද තම භාරයේ සිටි දැරියන් කෙලෙසන්නට පටන් ගැනීමත් සමඟය. ඊට අමතරව 'ඒඩ්ස්‌' වසංගතය 'අතුරුඵලයක්‌' වීය.

මේ රටේ යහපාලනය යථාර්ථයක්‌ වීමට නම් අපේ විදේශ රැකියා ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම වෙනස්‌ විය යුතුය. ප්‍රමුඛතාව හිමිවිය යුත්තේ පවුල් සංස්‌ථාව ආරක්‍ෂා කිරීමටය. කාන්තාවන් පිටරට ගියවිට පිරිමින් නොමඟ යැම පුදුමයක්‌ නොවේ. දරුවන් නන්නත්තාර වීමද එසේමය. ඒ අතරම සැමියා විදේශගත වූ විට (දීර්ඝකාලීනව) බිරියන්ට සිදුවන්නේ කුමක්‌ද? ඔවුන් පතිවත රැක්‌කද, සත්‍යයට වඩා ඕපදූපවලට මුල්තැන දෙන මේ රටේ කෙතරම් නින්දාවන්ට ඔවුන්ට මුහුණපාන්නට සිදුවන්නේද?

මේ සියල්ලට වඩා ජාතියට සිදුවන අවමානය?

2002 සැප්තැම්බර් මාසයේ ඔස්‌ටේ්‍රලියාවේ ටැමිල් ගාඩියන් (ඕපසක ඨ්‌රාස්‌බ) අන්තර් ජාලයේ පළවූ පුවතක්‌ සිඩ්නි නුවර වසන මගේ මිතුරෙක්‌ ලංකාවට වාර්තා කළේය. ඒ පුවත සැකෙවින් මෙසේය.

"ශ්‍රී ලංකාවේ ජනාධිපතිධුරය උසුලන්නේ කාන්තාවකි. එහෙත් ඒ රට මැදපෙරදිග හැඳින්වෙන්නේ 'ගෘහ සේවිකාවන්ගේ දේශය' වශයෙනි. දෙමළ කාන්තාවෝ අවි රැගෙන නිජබිම වෙනුවෙන් සටන් කරති. සිංහල කාන්තාවෝ ගෘහ සේවය සඳහා මැදපෙරදිගට සංක්‍රමණය වෙති...."

අපේ ගම් පෙදෙසේ එක්‌ කාන්තාවක දොaහා රටේ ගෘහ සේවිකා පත්වීමක්‌ ලබා ගියාය. ඇගේ වරලස දිගය. ගෙට ඇතුළු වූ විගස ගෘහණිය ඇයට පැවසුවේ "වහාම ඔය කොන්ඩෙ කපලා දාන්න ඕන..." යනුවෙනි.

ඉක්‌බිතිව ඇගේ ගමන් මල්ල පරීක්‍ෂා කළාය. එහි තිබූ සීනිසම්බල්, අග්ගලා සහ කළුදොදොල් වැනි දේ දුටු ගෘහණිය "මේවා වහාම බින් එකට දාන්න..." යෑයි නියෝග කළාය.

මේ අප දැනගත් එක අතවරයක්‌ පමණි.

විදේශ රැකියා සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන හා ඒ සඳහා විශේෂ අමාත්‍යාංශයක්‌ පිහිටා ඇති තවත් රටක්‌ ලෝකයේ ඇත්දැයි අපි නොදනිමු. සංවර්ධනයට යොමු වූ සෑම රටකම ප්‍රමුඛතාව දෙන්නේ මිනිස්‌ ශ්‍රමයටය. නිපුණතා අමාත්‍යාංශයක්‌ පිහිටුවා අපේ තරුණ තරුණියන් පුහුණු කරන්නේ මේ රටේ සංවර්ධනය සඳහාද? නැත්නම් දකුණු කොරියාවේ හෝ මැදපෙරදිග හෝ අවශ්‍යතාවන් ඉටු කිරීමටද?

රාජ්‍ය අනුග්‍රහයෙන් විදේශ රැකියා සඳහා දහස්‌ ගණනින් ස්‌ත්‍රී-පුරුෂයන් යෑවීම සහ මිනිස්‌ ජාවාරම්කරුවන් නීති විරෝධීව බෝට්‌ටුවලින් ඔස්‌ටේ්‍රලියාවට හෝ ඉතාලියට හෝ පටවාගෙන යැමද 'එකම කාසියේ දෙපැත්ත' යෑයි යමෙක්‌ කිවහොත් ඔහුට දොස්‌ පැවරිය හැකිද?

එස්‌. පියසේන මහතා පුවත්පතකට 2015 වසරේ ලියූවකි..

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...