Skip to main content

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්



හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත.
‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ.
“මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත.
මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ රෂ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසකි.
“මොළයේ ක්‍රියාකාරීත්වයට සම්බන්ධ කරුණු ගොඩක් ගැන අද වනවිට අවධානය යොමු වී තිබෙනවා. ඒ වගේම හදවත් රෝග නිසා මොළයේ ක්‍රියාකාරීත්වය බලපාන කරුණු ගොඩක් ගැනත් දැන කතාබහක් ඇතිවෙලා. ඒ වගේ සිදුවීම් සහ කරුණු රැසක් අපේ අවධානයට ලක්වෙලා තිබෙනවා. අද වනවිට ආයු අපේක්ෂාව වැඩිවෙලා වගේම හදවත සම්බන්ධයෙන්  කෙරෙන දේවල් වැඩිවෙලා. සැත්කම් වගේම ලබාදෙන බෙහෙත් වගේම කරන ප්‍රතිකාරත් වැඩිවෙලා” යැයි අග්‍රවාල් සඳහන් කළාය. 
මීට පෙර ද හදවත් රෝග සහ මොළයේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පර්යේෂණ රැසක් සිදු කර තිබූ අතර ඒවායේ අවසන් ප්‍රතිඵල මිශ්‍ර ස්වභාවයක් ගත්තේය. ඒවායින් වැඩි අවධානයක් යොමු වූයේ ආඝාතය සහ මතකය අඩුවීම කෙරෙහිය. කෙසේ නමුත් නව අධ්‍යයනයෙන් හදවත් රෝග නිසා මොළයට සිදුවන දීර්ඝකාලීන බලපෑම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබේ. ආඝාතය රෝගී තත්ත්වය නොමැති වැඩිහිටියන් පිරිසක් යොදාගනිමින් සහ වසර 12ක මධ්‍යම අගයක් යොදාගනිමින් මෙම අධ්‍යයනය කර තිබේ. ඊට අමතරව හෘදයාබාධ හෝ පපුවේ අමාරුව (හදවතට රුධිරය ගලා යෑම අඩුවීම නිසා ඇතිවන පපුවේ අමාරුව) යන දෙකෙන් එකක් ලෙස රෝග විනිශ්චය කරන ලද වැඩිහිටියන් පිරිසක් ද මෙම අධ්‍යයනයට සම්බන්ධ කරගෙන තිබේ.
හෘදයාබාධ හා සලකා බැලීමේදී හෘදයාබාධවලට ගොදුරු වූ රෝගීන්ගේ මතක ශක්තිය වේගයෙන් අඩුවන බව අධ්‍යයනයේදී අනාවරණය කරගැනීමට පර්යේෂකයන් සමත්ව ඇත.
හෘදයාබාධ සහ හදවත් රෝග මොළයට බහුවිධ ආකාරවලින් බලපෑම් කරන බව විශේෂඥයෝ පවසති. හෘදයාබාධ සහ හදවත් රෝග නිසා මොළයේ කොටස්වලට ඔක්සින් ගලායෑමට බාධා එල්ල වන බවත් කුඩා රුධිර නාලවලට බලපාන බවත් පැවසේ.  පොදු අවදානම් සහගත තත්ත්ව වන ස්ථුලභාවය, දියවැඩියාව සහ අධිරුධිර පීඩනය යනාදියට මොළය සහ හදවත අතර සම්බන්ධයට බලපෑම් කරන බව ද අධ්‍යයනයෙන් අනාවරණය වී තිබේ.
“ඔබේ හදවතට හොඳ මොනවද එය ඔබේ ඔළුවටත් හොඳයි” යැයි වෛද්‍ය අග්‍රවාල් සඳහන් කළාය.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...