Skip to main content

අභීත දියණියට පසුබිම්වූ එදා කොරියාව




කොරියාවේ ජෝසෙන් රාජ වංශයේ සුක්ජෝන් රජු දැන් අපට අමුත්තෙකු නොවේ. වසර පන්සීයක් පුරාවට කොරියාවේ පැවති ජෝසෙන් අධිරාජ්‍යයේ දහනව වැනි රජු ලෙස සුක්ජෝන් රජු කිරුළ පැලැන්දේ 1674 දීය. එවකට දාහතර හැවිරිදි වියේ පසුවූ කඩවසම් කුමාරයකු වූ සුක්ජෝන් රජුගේ පියා වූයේ හයෙන්ජෝන්ග් රජුය. මියොන්ග්සොන්ග් රැජින ඔහුගේ ආදරණීය මව වූවාය. වැන්ග්ඩිගොක් මන්දිරයේදී 1661 අගෝස්තු 15 වැනිදා උපත ලද ඔහු ජෝසෙන් රජ පරපුරේ අතිශය බුද්ධිමතකු ලෙසද පිළිගැනෙයි. ඔහුගේ පාලනයට එරෙහිව කැරලි ගැසූ කණ්ඩායම් මතුවුවද ඒවා සාර්ථක ලෙස මැඩලීමට රජු සමත් විය. අසිපත් කණ්ඩායම ලෙස සංවිධානය වූ මධ්‍යම පාංතික පිරිස ඔහුට එරෙහිව නැගී සිටි තවත් කණ්ඩායමකි.

කෙසේ හෝ වේවා සියලූ සතුරන් මැඩගෙන තම රාජ්‍ය පාලන කටයුතු මොනවට ගෙනගිය රජුගේ අග බිසව වූයේ ඉන්ජියොන්ග් රැජිනයි.  ඉන්වොන්, ජියැන්ග් ක්ලෑන්, මියොන්ග්, යෙන්ග්, කිම් ග්විඉන්, යු සොයුයි සහ සෝයුසි ගයුබන් යන තවත් බිසවුන් ගණනාවකගේ ඇසුර හිමිවූ සුක්ජොන් රජුගේ රූප කාය කෙබඳුද යන්න වර්තමාන ලෝකයට ගැටළුවකි. 

එහෙත් මේ රජවරුන්ගේ රූපකාය පිළිබඳ සේවීම් බැලීම් කළ පුරාවිද්‍යාඥයන්ට අගනා චිත‍්‍ර සමූහයක් සොයාගත හැකිවිය. ඒ චිත‍්‍ර එකල රාජකීය චිත‍්‍ර ශිල්පීන් විසින් නිර්මාණය කරන ලද ඒවාය.

මේ චිත‍්‍රත් සමගම හෙලිදරව් වූයේ ඒ සා අතීතයේදී කොරියානු රජගෙදර සේවය කළ චිත‍්‍ර ශිල්පීන් පිළිබඳ අපූරු තොරතුරුය.
සුක්ජෝන් රජුගේ සහ දොංයිගේ චිත‍්‍ර සෙවූ පර්යේෂකයනට සොයාගත හැකිවූයේ ජෝසෙන් රජ පරපුරේ චිත‍්‍ර රාශියක්ම විනාශයට පත්ව ඇති බවය. විවිධ සටන් සහ ස්වභාවික ආපදා එම විනාශයට හේතු වී ඇති බවද පැවැසේ. සුක්ජෝන් රජුගේ චිත‍්‍ර සොයා ගිය මේ පර්යේෂකයන්ට අවසානයේ හමුවූයේ සුක්ජෝන් සහ දොංයිගේ පුතු වූ පසුව රජ පැමිණි යෙන්ජෝ ගේ සහ ඉන්පසු රජ පැමිණි රජවරුන්ගේ චිත‍්‍ර කිහිපයක් පමණි.

ජෝසෙන් රාජ වංශය පාලනය ගෙනගිය අවදියේදී රජවාසල චිත‍්‍ර ශිල්පීන් නම් පිරිසක් සේවය කර තිබේ. හිවාවොන් ලෙස හැඳින්වුණු මොවුන්ගේ රාජකාරිය වූයේ රජවරුන්ගේත් ඔටුන්න හිමි කුමාරවරුන්ගේත්, බිසෝවරු සහ රජ වාසලේ උසස් නිල තල දැරූවන්ගේත් චිත‍්‍ර නිර්මාණය කිරීමය. විවිධ ප‍්‍රමාණ වලින් විවිධ පැතිකඩ වලින් කෙරුණ මේ චිත‍්‍ර නිර්මාණ රජ මාලිගය තුළ ප‍්‍රදර්ශනය කෙරිණි.
එවක රජමාලිගය තුළ චිත‍්‍රශිල්පීන් වෙනුවෙන්ද වෙන්කළ කාමරයක් තිබිණි. ඩොවාසියෝ නම් වූ මේ කාමරය තුළ සේවය කළ මේ චිත‍්‍රශිල්පීන්ට ද විවිධ ශ්‍රේණි තිබිණි. ඉහළ ශ්‍රේණිවල චිත‍්‍රශිල්පීන්ගේ දක්ෂතා ද කුසලතාද ඉහළ ඒවා විය. මොවුන් අතින් ඉහළ මට්ටමේ නිර්මාණයක් කෙරුණු විට රජවාසල මගින් ඒවා අගය කෙරිණි. ඔවුනට කපු සහ සහල් වලින් තිළිණ ප‍්‍රදානය කිරීම්ද සිදුවිය.
මේ චිත‍්‍ර ශිල්පීන් පත්වූයේ චුන්මින් ලෙස නම් කෙරුණු මධ්‍යම පාංතිකයන් අතරිනි.
 
ඉපැරැණි කොරියාවේ රාජකීය චිත‍්‍ර
චිරාත් කාලයක් පවතිනු පිණිස නිර්මාණය කරන ලද මේ රාජකීය චිත‍්‍ර විවිධ ආක‍්‍රමණ, සටන්, ස්වභාවික ආපදා ආදිය හේතුවෙන් විනාශයට පත්වුවද ජෝසෙන් රාජවංශයේ රජවරු හතරදෙනෙකුගේ චිත‍්‍ර මේ වන විට සුරැුකිව තිබී හමුවී තිබේ. කි‍්‍ර.ව. 1392-1398 අතර රජකළ ටෙජෝ, ක‍්‍රි.ව. 1863-1907 අතර රජකළ හොජොන්ග්, ක‍්‍රි.ව. 1724-76 අතර රජකළ යෙංජියෝ හා ක‍්‍රි.ව. 1849-63 අතර රජකළ වොල්ජෝන්ග් රජවරු එම හතර දෙනාය.

සුක්ජෝන් රජුගේ චිත‍්‍ර හමුනොවුවත් ඔහුගේ සමයෙහි පිම් ජින් ගයු නම් චිත‍්‍රශිල්පියා රජවාසල චිත‍්‍රශිල්පියකු ලෙස පත්කළ බවට ලියැවුණු සටහන් ඉතිහාසයේ එයි.දැනට හමුවී ඇති පැරැණිම රාජකීය චිත‍්‍රය, ටේජෝ රජුගේය. අන් සියළු රජවරුනට වඩා චිත‍්‍ර විශාල සංඛ්‍යාවක් මෙම රජු වෙනුවෙන් ඇඳ තිබේ. විවිධ ඉරියව් වලින් නිර්මාණය කෙරුණ මෙම චිත‍්‍ර විශාල සංඛ්‍යාව හේතුවෙන් ඔහුගේ චිත‍්‍ර එකක් දෙකක් හෝ ඉතිරි වන්නට ඇතැයි සිතේ.
ටේජෝ රජුගේ හමුවී ඇති එක් චිත‍්‍රයක් ඉඳ සිටින ඉරියව්වෙන් නිර්මාණය කරන ලද්දකි. හැබැයි එම චිත‍්‍රය 1872 වසරේදී යළි අඳින ලද්දකි. එහි මුල් නිර්මාණය කිසියම් කරුණක් නිසා කල්තබා ගත නොහැකි වන්නට ඇති බැවින් මෙය යළි නිර්මාණය කරන්නට ඇත. මෙම චිත‍්‍රය ජෙයොන්ජු හි ගෙයෙන්ජිජියොන් ශාලාවේ ආරක්ෂිතව තබා තිබේ.
මෙම චිත‍්‍රයෙහි රජු ඇඳ සිටින්නේ ඉක්ෂියොන්ග් වෑන් නම් ඇඳුමකි. රජු ඉඳ සිටින පුටුව මකරකුගේ මෝස්තරයක් ගත්තකි. මෙම මකර මෝස්තරය එම යුගයේ අතිශය ජනප‍්‍රිය මෝස්තරයක්ව තිබිණි. සුක්ජෝන් රජ සමයට පසුව මේ මෝස්තරයේ චිත‍්‍ර ගණනාවක්ම නිර්මාණය කෙරී ඇත.
සුක් ජෝන් රජුගේත් දොංයි ගේත් පුතුවන යෙන්ජියෝ, ජෝසෙන් රාජවංශයේ විසිඑක් වැනි රජුය. එකී රාජවංශයේ වැඩිම කාලයක් රජකළ ඔහුගේ රාජ්‍ය සමය අඩ සියවසකටත් වසර දෙකක් වැඩිය. මේ පාලන කාලය තුළ ඔහු ස්වකීය චිත‍්‍රශිල්පීන්ට තම රුව රැුගත් චිත‍්‍ර විසිඑකක් අඳින ලෙස නියම කළේය.
ඉන් පළමුවැන්න ඇන්දේ ඔහුගේ වයස අවුරුදු 21 දී වන අතර අවසාන චිත‍්‍රය ඇන්දේ 51 වැනි වියේදීය.
මෙම චිත‍්‍ර වලින් වැඩිහරියක් විනාශයට පත්වූයේ 1950-53 අතර පැවැති කොරියානු යුද්ධයේදීය.
මෙම චිත‍්‍රවලදී කුමාරයා ඇඳ සිටි ඇඳුමෙහි ගෙළ පෙදෙසෙහි කොළ පැහැති පටියක් වූ අතර පපුවෙහි සුදු පැහැති කඟවේනකුගේ රුවක් තිබිණි. දිගු අත් සහිත ඇඳුමක් වූ මෙහි වූ විසිතුරු බව නම් වචනයෙන් කිව නොහැකි තරම්ය. සේද රෙද්දෙන් නිමවන ලද කළු පැහැති තොප්පියක් සහ මුව සමෙන් කළ දිගු පාවහන් යුවලකින්ද ඔහුගේ ඇඳුම අංගසම්පූර්ණ විය. ජින්ජේ ගේ විසින් ක‍්‍රි.ව. 1714 දී පමණ අඳින ලද චිත‍්‍රයකි.
ජින් ජේ ගේ සුක්ජෝන් රජු විසින් රජවාසල ප‍්‍රධාන චිත‍්‍ර ශිල්පියකු ලෙස පත්කරන ලද්දේ 1713 දීය. එය රජුගේ 39 වැනි පාලන අවුරුද්ද ලෙස සැලකේ. යොන්ජියෝ රජුගේ අනෙක් චිත‍්‍රය 1900 වර්ෂයේදී යළි පිටපත් කරන ලද්දකි. එහි මුල් චිත‍්‍රය පිළිස්සී විනාශ වී තිබේ.
දකුණු දෙස බලා ඉන්නා රජුගේ රුවක් සහිත මෙම චිත‍්‍රයේ ඉක්ෂියොන්වැන් ඇඳුම ඔටුන්න රතු පාට ගොලියන්ග් පෝව ආදියෙන් සමන්විතය. මේ චිත‍්‍රය ටේජෝ රජුගේ චිත‍්‍රයටත් වඩා උසස් ගණයේ නිමැවුමකි.
වර්ෂ 1861 දී අඳින ලද චියොල්ජොන්ග් රජුගේ චිත‍්‍රයක් කොරියා ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ. ඔහු ජෝසෙන් රාජ වංශයේ 26 වැනි රජු මෙන්ම ප‍්‍රථම අධිරාජයාද වෙයි. යි හැන්චිගෙල් සහ යූ ෂුක් විසින් මේ චිත‍්‍රය නිර්මාණය කර තිබේ.
ජෝසෙන් අධිරාජ්‍ය සමයේදී රජවාසලේ චිත‍්‍ර ශිල්පීන් මෙන්ම චිත‍්‍රශිල්පිනියන්ද සේවය කර ඇත. ඔවුනට පැවරී තිබුණු රාජකාරිය වූයේ රාජකීයත්වය හා සම්බන්ධවූ කතුන්ගේ රූප චිත‍්‍රයට නැගීමය. දොංයි මෙන්ම රැජිණියන්ගේ චිත‍්‍ර ද එකල චිත‍්‍රයට නැගී තිබේ. එහෙත් එකී චිත‍්‍ර සටහන් රාශියක්ම විනාශයට පත්ව තිබේ. හමුවී ඇති චිත‍්‍ර අතරින් ප‍්‍රසිද්ධව ඇත්තේ ෂින් ජුක් බොන් විසින් අඳින ලද සුරූපිනියකගේ චිත‍්‍රයකි.
ෂින් යුක් බොන් යනු ජෝසෙන් කාල පරිච්ඡේදය තුළ අතිශය ජනප‍්‍රියත්වයට පත් චිත‍්‍ර ශිල්පියෙකි. ඇගේ පියාද රජ වාසලේ චිත‍්‍ර ශිල්පියෙකු ලෙස සේවය කළ අතර ඇගේ සොයුරාද සේවය කළේ එම අංශයේමය. මේ නිසාම ෂින්ටද චිත‍්‍ර ඇඳීමට හැකියාවද අවස්ථාවද ලැබිණි.
මේ චිත‍්‍ර හේතුවෙන් වර්තමාන පරපුරටද එදා රජ පරපුරේ ඇඳුම් පැළඳුම් සේම එදා රජවරුන්ගේ හැඩරුවද නිවැරැුදිවම දැනගැනීමට හැකියාව ලැබී තිබේ. එම නිසා එදා සිටි චංගුමීලා දොංයිලා පවා මෙදා පරපුරට නිවැරැදි ලෙසට සමීප කිරීමට ටෙලිනාට්‍ය නිර්මාණකරුවනට හැකි වී තිබේ.

ශාන්ත කුමාර විතාන


ඉපැරැණි කොරියාවේ රාජකීය චිත‍්‍ර

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...