Skip to main content

Posts

ෂැංහායිහි ඉහළම ස්ථානයේ පිහිටි පොත් සාප්පුව

ෂැංහායිහි ඉහළම ස්ථානයේ පිහිටි පොත් සාප්පුව  2019 අගෝස්තු 14 වැනි බදදා   - 59     ෂැංහයි කුළුණේ 52 වන මහලේදී  ඩුයුන් පොත් සාප්පුව විවෘත කරනු ලැබීය.මීටර් 239 ක් උසින් පිහිටි එය නගරයේ ඉහළම ස්ථානයක පිහිටා ඇති පොත් සාප්පුව වෙයි. පොත් සාප්පුව වර්ග මීටර් 2,200කි.  එහි පොත් වර්ග 16,000 ක් විකිණීමට ඇත. මෙහි විවිධාකාර හැඩයන්ගෙන් යුත් පොත් රාක්ක එයට පැමිණෙන පාඨකයන්ගේ ආකාර්ශනය දිනාගෙන තිබේ. මෙම පොත් සාප්පුව දැන් චීන ජාතිකයන්ගෙත් චීනයට පැමිණෙන සංචාරකයන්ගේත් ආකර්ශනය දිනාගෙන ඇති අතර එයට ඇතුළුවීමට පැය තුනක පමණ කාලයක් තම වාරය පැමිණෙන තුරු පෝලිමේ රැඳී සිටිය යුතු වෙයි.

ෂැංහායිහි වර්ග කිලෝමීටර් 18ක පොත් සාප්පුවක් ඉදිකිරීමට යයි

ෂැංහායිහි වර්ග කිලෝමීටර් 18ක පොත් සාප්පුවක් ඉදිකිරීමට යයි  2019 අගෝස්තු 16 වැනි සිකුරාදා   - 101     වර්ග මීටර් 18,000 ක භූමි ප්‍රමාණයකින් යුත් විශාල පොත් සාප්පුවක් ෂැංහයි නගරයේ ඉදිකරන බව  බලධාරීහු පවසති.  දිස්ත්‍රික් රජය සහ සීමාසහිත ෂැංහයි සෙන්චරි ප්‍රකාශන (සමූහ) සමාගම අතර අත්සන් කරන ලද ගිවිසුමකට අනුව මෙම පොත් සාප්පුව ඉදිකරයි. එය 2021 වසරේ විවෘත කිරීමට නියමිතය. වේගයෙන් වර්ධනය වන ඊ-වාණිජ්‍ය සංකල්පය තුළ පවා මෑත වසරවලදී චීනයේ පොත් සාප්පු සංකීර්ණ වේගයෙන් ඉදිවෙමින් පවතී.  මේ සඳහා එක් හේතුවක් වී ඇත්තේ බොහෝ පළාත් පාලන ආයතන ආයතන පොත් සාප්පු සඳහා සහාය දැක්වීමට තීරණය කර තිබීමයි.

දුර්ලභ සීබ්‍රාවෙක් හමුවෙලා

දුර්ලභ සීබ්‍රාවෙක් හමුවෙලා  2019 සැප්තැම්බර් 24 වැනි අඟහරුවාදා   - 10     දුඹුරු හමේ සුදු පුල්ලි කෙන්යාවේ මසායි මාරා ජාතික රක්ෂිතයේදී ජාන විපර්යාසයක් හේතුවෙන් දුඹුරු පැහැ ගැන්වූ දුර්ලභ සීබ්‍රා පැටවකු හමුවී තිබේ. සාමාන්‍ය සීබ්‍රා සත්වයකුගේ සුදු සමේ කළු පැහැ ඉරි දක්නට ඇතත්, මෙම පැටවාගේ දුඹුරු පැහැ සමේ සුදු පැහැ වයිරම් සහ කඩ ඉරි වැටී තිබේ .  pseudomelanism  නම් දුර්ලභ ජාන විපර්යාසය හේතුවෙන් සීබ්‍රා පැටවාගේ පැහැය වෙනස්වී ඇතැයි හදුනාගෙන ඇත. කුඩා අශ්ව පැටවකු වැනි වූ මෙම දුර්ලභ සත්වයා ෆ්‍රෑන්ක් ලියූ නම් ඡායාරූප ශිල්පියාට අහම්බෙන් දක්නට ලැබී ඇත. “මම පළමු අවස්ථාවේ මේ සීබ්‍රාව දුටුවේ විශේෂ සත්ව වර්ග කිහිපයක් එකට එක් වුණාම දකින පින්තූරයක් වගෙයි.” නම  ‘ ටිරා ’ මෙම සත්වයාව පළමුව සොයාගත් මසායි රක්ෂිතයේ මාර්ගෝපදේශකයකු වන අන්තෝනි ටිරා, මෙම සත්වයාට ‘ටිරා’ යන නම යොදා තිබේ. සීබ්‍රා සත්වයින්ගේ ඉරි, ඇඟිලි සලකුණු මෙන් ඔවුන්ට ම අනන්‍ය ය. නමුත් ටිරාගේ වර්ණ විෂමතාවය මසායි මාරාහි වාර්තාගත පළමු සොයාගැනීම වනු ඇත. අප්‍රිකාවේ ඔකවන්ගෝ දිවයින...

වඩාත් නිරවුල් මනසකින් රැකියාව කරන්න ඔබ සූදානම්ද?

වඩාත් නිරවුල් මනසකින් රැකියාව කරන්න ඔබ සූදානම්ද?   10 සැත්තැම්බර් 2019 11:11 am   349 Views  Facebook    Twitter    Google+   මනස ලිහිල් කරන ශ්වසන අභ්‍යාස ජීවිතයේ බොහෝ වටිනා අවස්ථා නිර්මාණය කරන්නේ අපේ ආර්ථිකයයි. ආර්ථිකය ගොඩනඟන්නේ රැුකියාවයි. මේ නිසා අකමැත්තෙන් වුව රැුකියාව වෙනුවෙන් බොහෝ කැප කිරීම් කරන්නට අපට සිදු වේ. මෙහිදී යන එන ගමන ද ඇතුළත්ව රැුකියාව වෙනුවෙන් දිනකට පැය 10 කටත් වැඩි කාලයක් කැප කරන්නට සිදු වේ. මෙමගින් කායික සහ මානසික අතින් ඕනෑම කෙනෙක් දැඩි වෙහෙසකර තත්ත්වයකට පත් කරයි. මනස වෙහෙස කරවන රැුකියාවක් කරන ඔබට රැුකියාව කරදරකාරී යැයි සිතෙන අවස්ථා ඕනෑතරම් තිබෙන්නට පුළුවන. එවන් අවස්ථාවට මනස යම් තරමකින් හෝ ලිහිල් කර ගනිමින් කටයුතු කරන්නට තිබෙනවා නම්.. මෙලෙස සිතුණ අවස්ථාවක දී පහසුවෙන් කළ හැකි මනස ලිහිල් කරන ශ්වසන අභ්‍යාස කිහිපයක් මෙම ලිපියෙන් හඳුනා ගනිමු. ශ්වසනය යනු ජීවිත කාලය පුරා අඛණ්ඩව සිදු කරන කි‍්‍රයාවලියක් වුවත් එය ලිහිලන ක‍්‍රමවේදයක් ලෙස ප‍්‍රගුණ කිරීමෙන් ජීවිතයට අත් වන ප‍්‍රතිඵල දැකීමෙන් ඔබ පුදුමයට පත් වේවි. රැුක...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...

ඔලුව අවුල් කරන ඉලෙක්ට්‍රොනික උපාංග

ඔලුව අවුල් කරන ඉලෙක්ට්‍රොනික උපාංග   19 සැත්තැම්බර් 2019 02:43 pm   334 Views  Facebook    Twitter    Google+ ජංගම දුරකථනය, ටැබ් හා ලැප්ටොප් ඇතුළු පරිගණක නිසා අපට ඇති වාසි හා එහි වැදගත්කම කියා නිමකල නොහැකි තරම්ය. නමුත් මේ ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතය නිසාම ඇතිවූ බව පිළිගැනෙන සෞඛ්‍යමය, පාරිසරික, ආර්ථික හා සමාජ ගැටළු ද බොහොමයක් ඇත.‍ මේ සමාජ ගැටලු බොහොමයක්ම මතු වන්නේ තරුණ පිරිස අතරේ යැයි පැවසිය යුතුමය. ඊට හේතු වන්නේ මේ සියල්ලක්ම තරුණ පිරිස් භාවිතයට වැඩි නැඹුරුවක් වී ඇත්තේ රාත්‍රි කාලයේ නිදා ගන්නා කාලය තුළදී යැයි සමාජ පර්යේෂකයෝ කියා සිටිති. මේ ජංගම දුරකථන ඇතූළු උපාංග වලින් පිටවන චුම්භක ක්ෂේත්‍ර හා සන්නිවේදන කුලුනු වලින් පිටවන අධි සංඛ්‍යාත රේඩියෝ තරංග නිසා පුද්ගලයන්ට විවිධ මානසික හා කායික ගැටලු ආදිය ඇති වන බව ලොව පුරා විවිධ සෞඛ්‍ය බලධාරීහු තහවුරු කර ගෙන සිටිති. විශේෂයෙන්ම මේ උපාංග රාත්‍රි කාලයේ අඩ අඳාුරේ භාවිතා කිරීම තුළින් විවිධ ගැටලු ඇති වන අතර , විශේෂයෙන් අන්ධකාර සහිත ස්ථානයකදී මේ උපාංග භාවිතයේදී එම උපකරණ වලින් පිටවෙන නිල් පැහැති අලෝකය ව...