Skip to main content

වඩාත් නිරවුල් මනසකින් රැකියාව කරන්න ඔබ සූදානම්ද?

වඩාත් නිරවුල් මනසකින් රැකියාව කරන්න ඔබ සූදානම්ද?



 


මනස ලිහිල් කරන ශ්වසන අභ්‍යාස


ජීවිතයේ බොහෝ වටිනා අවස්ථා නිර්මාණය කරන්නේ අපේ ආර්ථිකයයි. ආර්ථිකය ගොඩනඟන්නේ රැුකියාවයි. මේ නිසා අකමැත්තෙන් වුව රැුකියාව වෙනුවෙන් බොහෝ කැප කිරීම් කරන්නට අපට සිදු වේ. මෙහිදී යන එන ගමන ද ඇතුළත්ව රැුකියාව වෙනුවෙන් දිනකට පැය 10 කටත් වැඩි කාලයක් කැප කරන්නට සිදු වේ. මෙමගින් කායික සහ මානසික අතින් ඕනෑම කෙනෙක් දැඩි වෙහෙසකර තත්ත්වයකට පත් කරයි. මනස වෙහෙස කරවන රැුකියාවක් කරන ඔබට රැුකියාව කරදරකාරී යැයි සිතෙන අවස්ථා ඕනෑතරම් තිබෙන්නට පුළුවන. එවන් අවස්ථාවට මනස යම් තරමකින් හෝ ලිහිල් කර ගනිමින් කටයුතු කරන්නට තිබෙනවා නම්..
මෙලෙස සිතුණ අවස්ථාවක දී පහසුවෙන් කළ හැකි මනස ලිහිල් කරන ශ්වසන අභ්‍යාස කිහිපයක් මෙම ලිපියෙන් හඳුනා ගනිමු.
ශ්වසනය යනු ජීවිත කාලය පුරා අඛණ්ඩව සිදු කරන කි‍්‍රයාවලියක් වුවත් එය ලිහිලන ක‍්‍රමවේදයක් ලෙස ප‍්‍රගුණ කිරීමෙන් ජීවිතයට අත් වන ප‍්‍රතිඵල දැකීමෙන් ඔබ පුදුමයට පත් වේවි. රැුකියා ස්ථානයේදී වැඩ අධික වූ අවස්ථාවලදී මෙම ශ්වසන අභ්‍යාස සිදු කිරීමෙන් වඩාත් නිරවුල් මනසක් ඇති කර ගැනීමේ අවස්ථාව ඔබට උදා වේ.



රැකියාව කරන අතරතුර මේ අභ්‍යාස කරන්න

මූලික ශ්වසනය අභ්‍යාසය



පියවර 01
බාධාවන්ගෙන් තොර නිස්කලංක ස්ථානයක පහසු ආකාරයෙන් අසුන් ගන්න. මෙහිදී ඔබේ ශරීරය ඍජුව පිහිටුවා තබා ගැනීම අවශ්‍ය වේ. දැන් සම්පූර්ණයෙන් හෝ අඩක් හෝ ඔබට පහසු පරිදි දෙඇස් වසා අභ්‍යාසය සඳහා සූදානම් වෙන්න.

පියවර 02
දැන් සාමාන්‍ය පරිදි ශ්වසනය කරමින් ඉහළ සිට පහළට ඔබේ හිස, බෙල්ල, බාහු, පපුව දෙඅත් ආදි වශයෙන් ඔබේ අවයව වෙත අවධානය යොමු කරන්න. ඉන් පසු ඔබේ ශරීරයෙන් බාහිරව ඔබට ස්පර්ශ වන දේ පිළිබඳ එනම් ඔබේ ආසනය, ඔබේ ශරීරයේ ස්පර්ශ වන වාතය ආදිය වෙත අවධානය යොමු කරමින් සංසුන්ව සාමාන්‍ය පරිදි නිරායාසව ශ්වසනය සිදු කරන්න. මෙලෙස විනාඩි දෙකක් හෝ තුනක් පමණ මෙම සාමාන්‍ය ශ්වසනය සිදු කරන්න.
මෙහිදී හුස්ම වෙත ඔබේ අවධානය යොමු වී පැවතීම අවශ්‍ය වුවත් අනවශ්‍ය ආයාසයකින් එම අවධානය ර`දවා තබා ගැනීමට කිසිදු විටක උත්සාහ නොකළ යුතුය. ඔබේ සිත වෙනත් අරමුණු වෙත ඇදී යයි නම් කළයුතු වන්නේ එය ඔබට දැනුණු පසු සෙමෙන් ඔබේ අවධානය ඔබ කරමින් සිටි කාර්යය වෙත නැවත යොමු කර ගැනීමයි.

පියවර 03
දැන් ක‍්‍රමයෙන් ඔබේ සාමාන්‍ය ශ්වසනය රිද්මයානුකූලව ඉහළ පහළ යන ශ්වසනයක් බවට පත්කර ගන්න. එනම් මෙහිදී ඔබ කළ යුතු වන්නේ ඔබේ සාමාන්‍ය ශ්වසනය නිරායාසයෙන් රිද්මයානුකූලව ඉහළ පහළ යන ශ්වසනයක් බවට පත් කර ගැනීමයි. මෙහිදී ද අවශ්‍ය වන්නේ ආයාසයෙන් අවධානය ර`දවා ගැනීම නොව සිත නිදහස්ව හා සැහැල්ලූවෙන් පවත්වා ගැනීමයි. මෙම රිද්මයානුකූල ශ්වසනය ද විනාඩි දෙකක් හෝ තුනක් පමණ සිදු කළ හැකිය.

පියවර 04
දැන් නැවතත් සාමාන්‍ය පරිදි ශ්වසනය සිදු කරන්න. දැන් ඔබට දැනෙන කායික හා මානසික ප‍්‍රබෝධය සැහැල්ලූ බව මොහොතක් අත්විදිමින් සිට උද්යෝගිමත් සිතින් අභ්‍යාසය අවසානය කරන්න. මෙම අභ්‍යාසය උදෑසන දෛනික කාර්යයන් අතරතුර මෙන්ම රාත‍්‍රී නින්දට ප‍්‍රථම වුව ද කළ හැකිය. ආරම්භයේ දී මෙය විනාඩි 5 ක් හෝ 6 ක් පමණ කිරීම ප‍්‍රමාණවත් අතර අභ්‍යාසය ප‍්‍රගුණ වීමෙන් පසු ඔබට පසු පරිදි එම කාලය දීර්ඝ කරගත හැකිය.


ගැඹුරු ශ්වසන ලිහිලන අභ්‍යාසය

පියවර 01
මූලික ශ්වසන අභ්‍යාසයේ සඳහන් කළ 01 හා 02 පියවර අනුගමනය කරමින් අභ්‍යාසය සඳහා සූදානම් වන්න.

පියවර 02
දෑස් වසා ගෙන ඔබේ හුරු අත උදරය මත ද අනෙක් අත පපුව මත ද තබා ගෙන සාමාන්‍ය පරිදි විනාඩි කිහිපයක් ශ්වසනය සිදු කරන්න.

පියවර 03
දැන් ඔබේ උදරය හො`දින් පිරෙන ආකාරයෙන් හුස්ම ඇතුළට ගනිමින් සහ උදරය තුළ ඇති වාතය හොඳින් පිට වන ලෙස හුස්ම ඉහළ පහළ යවන්න. අප සාමාන්‍යයෙන් ශ්වසනය කරන්නේ අපගේ පපු ප‍්‍රදේශයෙන් වුවද ගැඹුරු ශ්වසන අභ්‍යාසයේ දී අප හුස්ම ඇතුළට ගන්නේ සහ පිට කරන්නේ උදරය හොඳින් පිරෙන සහ ඇකිලෙන ආකාරයෙනි. මේ ආකාරයට ශ්වසනය කරමින් විනාඩි 2 ක් 3 ක් පමණ මෙම අභ්‍යාසයේ නිරත වන්න.

පියවර 04
දැන් ඔබේ දෙඅත් පපු ප‍්‍රදේශයෙන් හා උදර ප‍්‍රදේශයෙන් ඉවත් කර පහසු ආකාරයෙන් තබා ගෙන සාමාන්‍ය පරිදි ස්වසනය කරමින් සිට අභ්‍යාසය අවසාන කරන්න.

පියවර 05
අභ්‍යාසයේ නිරත වීමෙන් ඔබට දැනෙන කායික හා මානසික සැහැල්ලූබව හා ප‍්‍රබෝධය හො`දින් අත්විදිමින් සිට තවදුරටත් සිත නිදහස් කරන්න. මෙම අභ්‍යාසය ද ඔබට නිදහස් වීමක් අවශ්‍ය වූ දවසේ ඕනෑම වේලාවක සිදු කළ හැකිය.



වර්ණ ශ්වසන ලිහිලන අභ්‍යාසය

පියවර 01
මූලික ශ්වසන අභ්‍යාසයේ සඳහන් පියවර 01 හා 02 අනුගමනය කරමින් මෙම අභ්‍යාසය සඳහා සූදානම් වන්න. මෙම අභ්‍යාසය ඔබේ පහසුව පරිදි හි`ද ගෙන සිදු කළ හැක.

පියවර 02
ඔබේ ඇස් සම්පූර්ණයෙන් හෝ අර්ධව වසා ගෙන පහසු පරිදි සාමාන්‍ය ශ්වසනය ආරම්භ කරන්න. විනාඩි කිහිපයක් මෙලෙස සාමාන්‍ය ශ්වසනයේ නිරත වන්න.

පියවර 03
දැන් ඔබේ නාසයෙන් ඇතළු වන වාතය පිරිසුදු සුදු පැහැයෙන් ඇතුළු වන ආකාරයත් පිටවන වාතය අපිරිසුදු කලූ පැහැයෙන් ද පිටවන ආකාරයත් සිතින් දකින්න. මෙලෙස ඔබ ආශ්වාස කරන පිරිසුදු වාතය අපිරිසුදු ලෙස පිටවන්නේ ඔබේ ශරීරයේ හා සිතුවිලිවල රැු`දී ඇති සියලූ ආතතින් වේදනාවන්, අපහසුතාවන්, ලෙස සිතන්න. මෙලෙස සිතින් දකිමින් අඛණ්ඩව එලෙස ශ්වසනය සිදු කරන්න.

පියවර 04
දැන් ඔබේ ප‍්‍රශ්වාස වාතය ක‍්‍රමයෙන් අළු පැහැයට පත් වී, ළා අළු පැහැයට පත් වී ක‍්‍රමිකව සුදුපැහැයට පත්වන ආකාරය සිතින් දකිමින් ශ්වසනය සිදු කරන්න. එසේ ඔබ පිටකරන වායු ධාරාව පිරිසුදු වන්නේ ඔබේ කායික හා මානසික විඩාබර බව ඉවත් වී යාම නිසා බව සිතින් දකින්න. දැන් ඔබ ආශ්වාස කරන්නේත් ප‍්‍රශ්වාස කරන්නේත් ඉතා සුපිරිසුදු වායුධාරාවක් බව සිතින් දකිමින් කිහිප වරක් සාමාන්‍ය පරිදි ශ්වසනය සිදු කරමින් අභ්‍යාසය අවසන් කරන්න.

පියවර 05
දැන් ඔබට දැනෙන මානසික සැහැල්ලූ බව අත්වි`දිමින් තවදුරටත් නිදහස් වෙන්න. මෙම අභ්‍යාසය ද ඔබ මානසික විඩාබර බවට පත්ව ඇති හා ඉන් නිදහස් වීමක් අවශ්‍ය වූ ඕනෑම අවස්ථාවක සිදු කළ හැකිය. මේ අතරින් එක් ශ්වසන අභ්‍යාසයක් නොව කිහිපයක් වුවත් යම් යම් අවස්ථාවල දී සිත ලිහිල් කර ගැනීමට භාවිතා කළ හැක. යම් ප‍්‍රශ්නයකින් පීඩා වි`දින අවස්ථාවකදී වුවත් සිත නිදහස් කර ගනිමින් කටයුතු කරන්නට මෙම අභ්‍යාස උපකාරී වේ. ඒ සඳහා වැය වන කාලය ගැන නොසිතන්න. වැඩි කාර්යක්ෂමතාවයකින් යුතුව නැවත කටයුතු ආරම්භ කිරීමට මෙම අභ්‍යාස ඔබේ රැුකියා ජීවිතයට රුකුලක් කර ගන්න.


Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...