Skip to main content

ආහාර ගැනීමෙන් අනතුරුව නොකළ යුතු දේවල් 07ක්

•              ආහාර ගැනීමෙන් අනතුරුව පළතුරු කෑමෙන් වළකින්න.
ඔබ ගන්නා ලද ආහාර අනුව මෙය වෙනස් වේ. නමුත් ආහාර ගැනීමෙන් අනතුරුව පළතුරු ගැනීමෙන් සිදුවන්නේ යම් යම් ආබාධයන්ට(ආසාදන) ලක්වීමේ අවදානමක් ඇත.
එමනිසා හොදම දේ වන්නේ හැකිතාක් ආමාශය හිස්ව තිබෙනවිට (සාමාන්‍යයෙන් උදේවරුව) පලතුරු ආහාරට ගන්න.
•              බදපටිය ලිහිල් නොකරන්න
බඳපටිය ලිහිල් කිරීම තුලින් ඔබ වැඩිපුර ආහාර ගැනීමට පෙළඹේ. එමනිසා ගන්න ආහාර ප්‍රමාණය අඩුකර ගැනීමට බඳපටිය පැළඳ සිටින්න.
•              තේ බීමෙන් වළකින්න
තේවල අම්ලගතිය වැඩි නිසා ආහාර දිරවීමට බධා කරයි. ඔබට තේ බීමට අවශ්‍ය නම් ආහාරවේලට පැයකට කලින් තේ බීම වඩා යෝග්‍ය වේ.
•              ඇවිදින්න යන්න එපා
ආහාර ගැනීමෙන් අනතුරුව ඔබ ඇවිදින්න යන්නේ නම් ඔබ ගත් ආහාර දිරවීවේ ක්‍රියාවලියට බාධාවන් ඇතිවිය හැක. විනාඩි 30-45කට පසුව ඇවිදීමට යෑම වඩාත් සුදුසු වේ.
•              දුම්පානය කිරීමෙන් වළකින්න
කරන ලද පරියේෂණයකට අනුව ඔබ ආහාර ගැනීමෙන් අනතුරුව දුම්පානය කරන්නේනම් ඔබ බොන එක සිගරට් එකේ බලපෑම එවැනි සිගරට් 10ක බලපෑමකට සමානවන බව සොයාගෙන ඇත.
•              නිදාගැනීම නොකළ යුතුයි
අවශ්‍ය වෙලාවට නිදාගැනීම ශරීර සෞඛ්‍යට හිතකර දෙයක් වුවත් ආහාර ගැනීමෙන් අනතුරුව නිදාගැනීම නම් ඉතා අවධානම් තත්වයක් ඇති කරන දෙයක් වේ. ඔබ එසේ කරන්නේ නම් එය ආහාර ජීර්ණයට බලපෑමක් ඇති කරනවා සේම,  ආමාශයේ හා බඩවැලේ ගැටළුකාරී හා ආසාදන තත්වයන් ඇතිවිය හැකි.
•              නෑම නොකළ යුතුයි
අතේ, කකුලේ සහ ශරීරයේ ඉහළ කොටසේ රුධිර සංසරණය වේගවත්වේ. එම නිසා ආමාශ ප්‍රෙද්ශයේ රුධිර සංසරණය අඩුවේ. එම නිසා ආහාර දිරිවීමේ ක්‍රියාවලියට බාධා අති වෙන්න පුළුවන්. නෑමට සුදුසු කාලය වන්නේ ආහාර ගැනීමට පැය1-2 පෙර හෝ පැය1-2 පසුවයි.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...